සේවා පිවිසුම් ලක්ෂය (SAP)

විකිපීඩියා වෙතින්

සේවා පිවිසුම් ලක්ෂය යනු පැමිණෙන රාමුවක්(Frame) හැසුරුවීමට භාවිතා කල යුත්තේ කුමන ප්‍රොටොකොල් එක දැයි තීරණය කිරීමට භාවිත කරනු ලබන දත්ත ආකෘතියකි. SAP හඳුන්වා දෙනුයේ OSI ආකෘතියත් සමඟය. ජාලකරණ, පරිවහන හා සැසි ස්ථර අතර හෝ සප්ත ස්ථර ආකෘතිය තුල වූ වෙනත් ස්ථර අතර සංනිවේදන ක්‍රියාවලිය මෙමගින් අර්ථ දැක්වේ. නිදසුනක් ලෙස IEEE 802.15.4 හි PD SAP හෝ PLME-SAP හි මධ්‍ය පිවිසුම් පාලක (Media Access Controll(MAC)) ස්ථරය භෞතික ස්ථරයෙන් සේවා ඉල්ලා සිටීමේදී සිදුවන සංනිවේදන ක්‍රියාවලිය සැලකිය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=සේවා_පිවිසුම්_ලක්ෂය_(SAP)&oldid=251548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි