සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය
|
|||||||||||||||||||||||||||||||||||||||||
පටුන |
ආරම්භය [සංස්කරණය]
පළමුවෙන් ආරම්භ කළේ වික්‍රම භාමන්ත නම් 6 වැනි විජයබාහුගේ පුත්‍රයායි. ඔහුගේ පුතුන් විසින් 1492 දී විජය බාහු ඝාතනය කරන ලදී. මෙම සිද්ධියෙන් පසු රට කොටස් 4 කට බෙදුනි. සීතාවක රාජධානිය මායාදුන්නේ විසින් ද කොට්ටේ 6 වැනි පරාක්‍රම බාහු විසින්ද රයිගම රාජ්‍යය රයිගම් බණ්ඩාර විසින් ද නුවර රාජධානිය වික්‍රම සමන්ත විසින්ද ස්ථාපිත කරනු ලැබීය.
පෘතුගීසි යුගය [සංස්කරණය]
1505 දී පෘතුගීසිහු කෝට්ටේ රාජධානිය අයත් ලංකාවේ බටහිර වෙරළට ගොඩ බැස්සාහ. සිතාවක රජු හමුදාවක් සංවිධානය කර ගෙන කෝට්ටේ රාජ්‍යයට පහර දුන් අවස්ථාවේ පෘතුගිසිහු කොට්ටේ රජ වු 6 වැනි පරාක්‍රම බාහුට සහයෝගය දුන්හ. කොට්ටේ රජු පෘතුගිසින්ගේ උදවු බලාපොරෝත්තු වු විට කුලි හේවායින් වශයෙන් ඉදිරිපත් වීමට ඔවුහු කැමති වූහ. මායාදුන්නේ මරණයෙන් පසු ඔහුගේ පුත් රාජසිංහ සීතාවක රජු බවට පත් විය. රජ පවුල් අතර නොකඩවා අභ්‍යන්තර අර්බුද කෙරීගෙන යන අතර වාරයේ කොට්ටේ සහ මහනුවර රාජ්‍යයන් පරාජය කිරීමට අන්තිමේදි රාජසිංහ රජුට හැකි විය. නව රජතුමා ඔහුගේ පාලන කටයුතු සදහා අගනුවර ලෙස මහනුවර තෝරා ගත්තේය. ඔහුට වස දීම නිසා ඔහුගේ රාජ්‍ය කාලය කෙටි එකක් විය. කරලියද්දේ බණ්ඩාර මහනුවර රාජධානියේ නිළ බලය ඇතිව රජු බවට පත්වු පළමු තැනැත්තාය. පසුව ඔහු 1 වැනි විමළධර්ම සුරිය බවට පත්විය. හෙතෙම මහනුවර රාජධානියේ දෙවැනි යුගයේ ආරම්භකයා විය. මෙම රාජධානියේ දෙවැනි යුගය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1739 දී මිය යන තෙක් පැවතුනේය.
පරිපාලන කලාප [සංස්කරණය]
සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රට ලෙසත් හැඳින්වුනි.
දිසාවනි [සංස්කරණය]
මේවායේ පාලන ප්‍රධානී දිසාව නම් විය.
- තුන්කෝරලේ
- හතරකෝරලේ
- හත්කෝරලේ
- ඌව
- වලපනේ
- උඩපළාත
- නුවරකලාවිය
- මාතලේ
- වෙල්ලස්ස
- සබරගමුව
- බින්තැන්න
- තමන්කඩුව
රට [සංස්කරණය]
මේවායේ පරිපාලන ප්‍රධානී රටේ මහත්තයා නම් විය.
- උඩුනුවර
- යටිනුවර
- හේවාහැට
- කොත්මලේ
- තුම්පනේ
- හාරිස්පත්තුව
- දුම්බර
- උඩ බුලත්ගම
- පාත බුලත්ගම
මහනුවර රාජාවලිය [සංස්කරණය]
පළවන විමලධර්මසුරිය රජු ගේ සිට මහනුවර රාජධානියේ රජවරු මහනුවර රාජධානිය යටතේ පාලනය කිරීමට පටන් ගත්තේය.
- සේනාසම්මත වික්‍රමබාහු රජු ( 1473–1511 )
- ජයවීර අස්ථාන රජු ( 1511–1551 )
- කරලියැද්දේ බංඩාර රජු ( 1551–1581 )
- දෝන කැතරිනා රැජිණ ( 1581–1581 )
- I වන රාජසිංහ රජු ( 1581–1593 )
- යමසිංහ බංඩාර රජු ( වර්ෂයක් )
- I වන විමලධර්මසූරිය රජු ( 1590–1604 )
- සෙනරත් රජු ( 1604–1635 )
- II වන රාජසිංහ රජු ( 1635–1687 )
- II වන විමලධර්මසූරිය රජු ( 1687–1707 )
- ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ( 1707–1739 )
- විජයරාජසිංහ රජු ( 1739–1747 )
- කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( 1747–1782 )
- රාජාධි රාජසිංහ රජු ( 1782–1798 )
- ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ( 1798–1815 )