සෘජු සාධනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගණිතයේ දී හා තර්ක ශාස්ත්‍රයේ දී සෘජු සාධනය යනු සෘජු සනාථ කරන ලද කරුණු සමූහයකින් දෙන ලද ප්‍රකාශනයක සත්‍ය හෝ අසත්‍යතාව පෙන්වීමේ ක්‍රමයකි. එනම් කිසිදු වැඩිපුර උපකල්පන සිදු නොකර පවතින උප සාධ්‍යය හා නියමයන් මගින් එය සිදු කිරීමයි. p නම් එවිට q, ආකාරයේ අවස්ථික ප්‍රකාශනයක් සෘජුවම සනාථ කිරීම සදහා p ප්‍රකාශනය සත්‍ය වන අවස්ථා පමණක් සැලකීම ප්‍රමාණවත් වේ. උපකල්පන සිට නිගමනයන් දක්වා හේතු දැක්වීමට තර්කානුකූල අපෝහණයක් යොදනු ලබයි. යොදනු ලබන තර්ක බොහෝ විට අවිචල්‍ය පළමු ගණයේ තර්ක වන අතර සියල්ල සදහා හා එහි පවත්නා , පරිච්ඡේදක යොදනු ලබයි. අස්ති ප්‍රකාරය හා සර්වත්‍ර අන්‍යෝන්‍යතාව පොදුවේ භාවිත සාධන නියමයන්ය.

ඊට වෙනස් වූ වක්‍ර සාධනයක් කල්පිත තත්වයන් සමග ආරම්භ වන අතර ඉන්පසුව නිගමනයක් ලැබෙන තුරු එක් එක් තත්වවල අවිනිශ්චිතතා ඉවත් කිරීම සිදු කරයි. නිදසුනක් ලෙස p q ලෙස සෘජුව පෙන්වනවා වෙනුවට එහි පර්ස්ථාපී ~q ⇒ ~p (~q ලෙස උපකල්පනය කර ~p එය එළඹේ) යන්න සනාථ කරයි. p q හා q  p අධිස්ථාපන මූලධර්මයෙන් තුල්‍ය වන බැවින් p q යන්න වක්‍රව සාධනය වේ. මෙවන් සෘජු නොවන සාධන ක්‍රමවලට පරස්පරතාවයෙන් සාධනය , නිරවශේෂණය මගින් සාධනය , අපරිමිත අවරෝහණයෙන් සාධනය හා අභ්‍යුහනයෙන් සාධනය ඇතුළත් වේ.

"http://si.wikipedia.org/w/index.php?title=සෘජු_සාධනය&oldid=249318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි