සෘජු ප්‍රජාතන්ත්‍රවාදය

විකිපීඩියා වෙතින්
A ලෝන්ග්ස්ගමන්ඩ්, නැතිනම් ග්ලාරුස් කැන්ටන්හී රැස්වීම, 2006 මැයි 07 වෙනිදා, ස්විට්සර්ලන්තය.


සෘජු ප්‍රජාතන්ත්‍රවාදය[1] යනු, ජනතාව නියෝජිතයන් පත්කීරිමට ජන්දය ලබාදී, ඔවුන් විසින් ප්‍රතිපත්ති තීරණ ගනු ලැබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්, ප්‍රතිපත්ති තීරණ[2], මිනිසුන් විසින් සෘජුවම ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකි. භාවිතා වෙන සම්ප්‍රධායට අනුව, විධායක තීරණ සම්මත කර ගැනීම, තේරීම්, නීති තැනීම, සෘජුවම නිලධාරින් පත්කෙරීම හෝ ඉවත්කිරීම සහ නඩු විභාග පැවැත්වීම වැනි දෑ එයට තුලත් විය හැකියි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම ආකෘති දෙකනම් සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය සහ විචාරණ ප්‍රජාතන්ත්‍රවාදයයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බොහෝ රටවල, සීමිත සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් සලස්වා දෙන, ජනමත විචාරණය, ප්‍රාරම්භනය, සහ පුනරාවර්තනය වශයෙන් ආකාර තුනක දේශපාලන ක්‍රියා සදහා අවකාශ ලබා දෙනු ලැබෙනු ලැබෙනවා. කිසියම් නීතියක් පිළිගත යුතුද නැත්ද යන වග පිළිබද, පිළිගත් ජන්දයක් ලබාදීමේ හැකියාව ජනමත විචාරණයක ඇතුලත් වන අතර මෙමගින් තෝරා ගත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරගත් නීති නිශේධ කිරීමේ බලය පලදායි ලෙස මහජනයාට ලබා දෙනු ලැබෙනවා. (ස්විට්සර්ලන්තය මෙය භාවිතා කරන රටකි) ප්‍රාරම්භනය, සාමාන්‍යෙන් තෝරාගත් නිජෝජිතයන්ගේ අනුමතියන් තොරව, ඇතැම්විට ඔවුන්ගේ ප්‍රකාශිත විරෝධතාවලට පවා එරෙහිව යමින්, නීති සලකා බැලිය යුතුයි බලකෙරෙන (බොහෝවිට ජනමත විචාරණයකට හේතුවන) පොදු ජනතාව විසින් ඉදිරිපත් කෙරෙනු ලැබෙන යෝජනායි. නවීන ප්‍රජානත්‍රවාදී රටවල ඉතාම දුර්ලභ වූවත්, පුනරාවර්තනය, ඔවුන්ගේ කාලසීමාව අවසන් වීමට පෙර තෝරා පත් කරගත් නිලධාරින් නිලයෙන් පහකිරීමට මහජනයාට බලය ලබා දෙනු ලබනවා[3]. අරාජිකවාදී ලේඛකයන්, තීරණ ගැනීමේ බලය පැවතිය හැක්කේ මහජනතාව හෝ මධ්‍යම අධිකාරියක්[4] යන දෙකෙන් එක් මට්ටමක පමණක් බැවින් ශක්තිමත් මධ්‍යම රජ්‍යට සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිවිරුද්ධ යයි යෝජනා කරනවා. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පයෙන් අනුග්‍රය ලත් වඩාත්ම වැදගත් නවීන චින්තකයන් නම් කොරනීලියෝස් කස්තොරියාඩිස්(Cornelius Castoriadis), හැනා ඇරන්ට් (Hannah Arendt) සහ පියෙර් ක්ලස්ටර්(Pierre Clastres) යි.

ඉතිහාසය[සංස්කරණය]

බලන්න: ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය

කාන්තාවන්, විදේශිකයන් සහ වහලුන් එයින් බැහැර කොට තිබුනද, සියල්ලන් ඇතුලත් වූ ප්‍රජාතන්ත්‍රවාදයක් නොවුවත්, ලොව වඩාත්ම පැරණි සෘජු ප්‍රජාතන්ත්‍රවාදය, ක්‍රි. පූ පස්වෙනි සියවසේ පවතී ඇතිනියානු ප්‍රජාතන්ත්‍රවාදය බවයි පැවසෙන්නේ. පෞරාණික ඇතිනියානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංග නම්, පිරිමි පුරවැසියන්ගෙන් සැදුම්ලත් මන්ත්‍රණ සභාව, පුරවැසියන් 500කගෙන් සැදුම් ලත් බූල්(boulê) සහ වීනිශ්‍යකරුවන් රහිත ජූරිසභිකයන් විශාල ගනනිකින් සැදුම් ලත් අධිකරණ යි. පිරිමි පුරවැසියන් සිටියේ 30000ක් පමණ වුවත්, ඔවුන් බොහෝ දෙනෙක් නිරතුරුවත්, දහස් ගණනක් සෑම වසරකමත් දේශපාලනමය වශයෙන් ක්‍රියාකාරී වුනා. ඇතිනියානු ප්‍රජාතන්ත්‍රවාදය සෘජු යැයි සැලකෙන්නේ, එක්රැස් වූ මහජනයා විසින් තීරණ ගනු ලැබුවා යන කරුණ නිසා පමණක් නොව, මන්ත්‍රණ සභාව තුලින් ජනතාවත්, බූල් සහ අධිකරනත්, සමස්ත දේශපාලන ක්‍රියාවලියම පාලනය කල නිසාත්, පුරවැසියන්ගෙන් විශාල කොටසක් නිරන්තරයෙන් පොදු කටයුතුවලට[5] සම්භන්ධ වී සිටි නිසාත්ය. නවීන ප්‍රජාතන්ත්‍රවාදයන් ඇතිනියානු සම්ප්‍රදායට සමානකම් දක්වන්නේ නැහැ.

පෞරාණික රෝමය, විශේෂයෙන්ම ක්‍රි පූ 509[6] ආසනයේ ඇරඹුණු රෝමානු ජනරජයද මෙයට අදාළ ඉතිහාසයක්. පෞරාණික රෝම ජනරජයේද, පුරවැසියන් නීති සම්පාදනය කරන, නැතිනම් පුරවැසියන් නීති කෙටුම්පත් කර සම්මත කරන, සහ ව්‍යවස්ථාදායකයෙන් තැනුන නීති නිශේධ කිරීමේ පුරවැසි බලය සහිත ක්‍රමයක් තිබුනා. ජනරජය අවසන් වූයේ ක්‍රි පූ 43 නොවැම්බර් 27[7] වෙනිදා, ලෙක්ස් ටිටියා නම් නීතිය සම්මත කිරීමත් සමග බව බොහෝ ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. එහෙත් සෘජු මෙන්ම වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ බොහෝ සලකුණු රෝම රාජාණ්ඩුවේ සිට රෝම අධිරාජ්‍යයේ බිද වැටීම දක්වාම රෝමයෙ දකින්න ලැබුනා. සැබවින්ම, නගරයේ මුල්කාලයේදීම පිහිටුවන ලද සෙනෙට් සභාව, රාජධානි, ජනරජ, සහ අධිරාජ්‍ය යුග පුරාත්, බටහිර රෝමයේ පරිහානි යුගයේදීත් දිගටම පැවතී අතර එහි ව්‍යුහය සහ විධිවිධාන ලෝකය පුරා වස්තාදායකයන්ට නිරන්තරයෙන් අභාෂය ලබා දුන්නා.

නවීන යුගයේ පුරවැසි නීති තැනීම ඇරඹුණේ 13 වෙනි සියවසේ ස්විට්සර්ලන්ත නගර වලයි. 1847දී, ස්විට්සර්ලන්තය, “ජනමත විචාරණ පනත” ඔවුන්ගේ ජාතික ව්‍යවස්ථාවට එක් කළා. ඔවුන් කෙටිකලෙකින් තේරුම් ගත්තේ, පාර්ලිමේන්තුවේ නීති නිශේධ කිරීමේ බලය පමණක් ප්‍රමාණවත් නොවෙන බවයි. 1891දී, ඔවූන් “ව්‍යවස්ථා සංශෝධන ප්‍රාරම්භනය”ත් එයට එක් කළා. 1891 සිට ස්විස් දේශපාලනය, ජාතික මට්ටමේ ව්‍යවස්ථා සංශෝධන ප්‍රාරම්භනය[8] සම්භන්ධයෙන් ලෝකයට වටිනා අත්දැකීමක් ලබා දී තිබෙනවා. පසුගිය වසර 120 තුල, ප්‍රාරම්භන 120 කට වඩා ජනමත විචාරණය සදහා ඉතිරිපත් කර තිබෙනවා. එම ප්‍රාරම්භනවලින් 10% පමණක් අනුමත කරමින්, මහජනයා මධ්‍යස්තව කටයුතු කර තිබෙනවා. එමෙන්ම, ඔවුන් බොහෝවිට රජය විසින් ලියන ලද ප්‍රාරම්භන සංකරණවලින් එකක් තෝරාගෙන තිබෙනවා. (පහල ස්විට්සර්ලන්ත සෘජු ප්‍රජාතන්ත්‍රවාදය බලන්න) සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතින ෆෙඩරල් ජනරජයක් වී තිබියදීත් ෆෙඩරල් මට්ටමේදී, ප්‍රාන්තවලින් බාගයක් පමණම (සහ බොහෝ ස්ථානවල) පුරවැසි-පුරස්කාර චන්ද ප්‍රාරම්භනසදහා අවස්තාව ලබා දෙන ( “ඡන්ද ක්‍රියාමාර්ග නැතිනම් ඡන්ද පැන ලෙසින්ද හැදින්වේ) එසේම ප්‍රාන්තවලින් අති මහත් බහුතරයක ප්‍රාරම්භනය සහ/හෝ ජනමත විචාරණය භාවිතා වෙන, (පහල එක්සත් ජනපදයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය බලන්න) එක්සත් ජනපදය තවත් උදාහරණයක්

අන්තර්ජාලය සහ වෙනස් සන්නිවේදන මාධ්‍ය හාවිතා කරමින් සෘජු ප්‍රජාතාන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවෙන ඇතම් ගැටළු ඊ- ඩිමොක්‍රසි පහත විද්‍යුත් ප්‍රප්‍රජාතන්ත්‍රවාදය යන පදය යටතේ සලකා බලා ඇත තිබෙනවා. වඩා කෙටියෙන්, විවෘත්ත මූල පරිපාලනය, ජනතාව පාලනය කිරීම සදහා , විශාල වශෙයන් හෝ සුළු වශයෙන්, ඔවුන්ට කැමති ප්‍රමානවලින් ප්‍රජාපාලනයට සෘජුව සහභාගී වීමට සමස්ත ජනතාවටම අවස්තාව ලබා දෙමින් නිදහස් මෘදුකානග ව්‍යාපාරයේ මුලධර්ම යොදා ගැනෙනවා.

උදාහරණ[සංස්කරණය]

පෞරාණික ඇතන්ස්[සංස්කරණය]

ප්‍රධාන ලිපිය : ඇතිනියානු ප්‍රජාතන්ත්‍රවාදය

ක්‍රී පූ 500 පමණ, ඇතිනියානු ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගුනේ, ඇතන්ස් නගරය සහ ඇටිකාහී භූමි ප්‍රදේශය ඇතුලත් ඇතන්ස්හී ග්‍රීක පුර - රාජ්‍ය තුලයි. ඇතන්ස් යනු ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්ගෙන් එකෙකි. වෙනත් ග්‍රීක නගර තුලත් ප්‍රජාතන්ත්‍රවාදය පිහිටෙව්වද, ඒ බොහෝ ඒවා ඇතිනියානු ආකෘතිය අනුගමනය කලද, ඒ කිසිවක්, ඇතන්ස් මෙන් බලවත්, ස්ථාවර සහ හොදින් වාර්තාගතාකළ ඒවා වුනේ නැහැ . ඇතන්ස්හී සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තුල, පුරවැසියන්, නීති අණ පනත් සදහා ඔවුන් වෙනුවෙන් ඡන්දය දීමට (එක්සත් ජනපදයේ මෙන්) නියෝජිතයන් පත් කරනු වෙනුවට ඔවුන් තනි තනිව ජන්දය ලබා දුන්නා. සහභාගීවීම කිසි සේත්ම නිදහස් නොවුනත්, සහභාගී වූවන්තේරීමේදී ආර්ථික මට්ටම් අදාළවුයේ නැති අතර ඔවුන් මහා පරිමාණයෙන් සහභාගී වූවා. නාට්‍යශලාවල කාව්‍ය කරුවන්ගේ දේශපාලන හාස්‍ය රචනා ඡන්ද දායකයන්ගේ ජන මතයට බලපෑවා.[9]

සෝලන් (ක්‍රී පූ 594), ක්වයිස්තනීස් (ක්‍රී පූ 508-7 ), සහ එෆියල්ටිස් (ක්‍රී පූ 462) ඇතිනියානු ප්‍රජාතන්ට්‍රවාදයේ වර්ධනයට දායක වූවා. ඔවුන්ගෙන් කවරෙක් කවර සම්ප්‍රධායට ඉදිරිපත් කලේද යන්න ගැන සහ ඔවුන්ගෙන් කවරෙක් සත්‍ය වශයෙන්ම ප්‍රජාත්නත්‍රවාදී ක්‍රියාවලියක් වෙනුවෙන් වඩාත්ම පෙනීසිටියේද යන්න ගැන ඉතිහාසඥයන් විවිධ මත පල කරනවා. එෆියල්ටිස් ක්වයිස්තනීස් පාලන ක්‍රමය සාමකාමිව සංශෝධනයකරත්දී, සෝලන්හී ආණ්ඩුක්‍රමය බිද වැටී ඒ වෙනුවට පිසිස්ට්‍රැටෝස්ගේ දුෂ්ඨ පාලනය ආදේශ වූ නිසා, අද දක්වාම වඩාත්ම ප්‍රයෝජනවත් ඇතිනියානු ප්‍රජාතන්ත්‍රවාදය දක්නට ලැබුනේ ක්වයිස්තනීස්වලයි. කෘර පාලක හිපායස්ගේ සහෝදර හිපාකස්ව පසුව ඇතිනියානුවන් විසින් ඇතිනියානු නිදහස ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් බුහුමන් කරනු ලැබූ හර්මොඩියස් සහ අරිතෝජීතොන් විසින් මරා දැමනු ලැබුනා

ශ්‍රේෂ්ඨතම සහ වැඩිම කාලයක් සිටි ප්‍රජාතනත්‍රවාදී නායකයා නම් පෙරික්ලීස් වන අතර ඔහුගේ මරණයෙන් පසු, ඇතිනියානු ප්‍රජාතන්ත්‍රවාදයට දෙවරක් රදළ ආණ්ඩු විප්ලව මගින් කෙටි කාල සීමාවලදී පෙලපොනිසියානු යුද්ධයේ අවසාන භාගයේදී බාධා ඇති වූවා. එයුක්ලෙඩියස් යටතේ ප්‍රතිෂ්ඨාපනය කල විට තරමක් සංශ්ධනය වූ අතර පැරක්ලීයානු ක්‍රමයව වඩා, වඩාත්ම විස්තරාත්මක තොරතුරු වාර්තා වී ඇත්තේ, මේ සතරවන ශතවර්ෂයේ සංශෝධනය පිළිබදවයි. ක්‍රී පූ 322දී මැසඩෝනියන්වරු විසින් එය මර්ධනය කරනු ලැබුවා. ඇතිනියානු පසුව නැවත පිහිටුවනු ලැබු නමුත් එහි ප්‍රජාතන්ත්‍රවාදය කොපමණ දුරකට තිබුණාදැයි යන්න අවිනිශ්හිතයි.[10]

ස්විට්සර්ලන්තය[සංස්කරණය]

එක්සත් ජනපදය[සංස්කරණය]

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ත්‍රිකෝටිකය[සංස්කරණය]

විද්‍යුත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය[සංස්කරණය]

වෙනත් ව්‍යාපාරවලට සන්සංසදානාත්මකව[සංස්කරණය]

ගුරුකුලයන්[සංස්කරණය]

සමකාලීන ව්‍යාපාර[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. A. Democracy in World Book Encyclopedia, World Book Inc., 2006. B. Pure democracy entry in Merriam-Webster Dictionary. C. Pure democracy entry in American Heritage Dictionary"
  2. Budge, Ian (2001). "Direct democracy". In Clarke, Paul A.B. & Foweraker, Joe. Encyclopedia of Political Thought. Taylor & Francis. ISBN 9780415193962.
  3. Fishkin 2011, Chapters 2 & 3.
  4. Ross[permanent dead link] 2011, Chapter 3
  5. Raaflaub, Ober & Wallace 2007, p. 5
  6. Cary & Scullard 1967
  7. Cary & Scullard 1967
  8. Kobach 1993
  9. Henderson, J. (1993) Comic Hero versus Political Elite pp.307-19 in Sommerstein, A.H.; S. Halliwell, J. Henderson, B. Zimmerman, ed. (1993). Tragedy, Comedy and the Polis. Bari: Levante Editori.
  10. Elster 1998, pp. 1–3