සුගතපාල ද සිල්වා

විකිපීඩියා වෙතින්
සුගතපාල ද සිල්වා
උපත
Avalikkara Gallappattige Sugathapala De Silva

අගෝස්තු 4, 1928(1928-08-04)
මියගිය දිනයOctober 28, 2002(2002-10-28) (වයස 74)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
වෙනත් නම්සොඳුරු ආඥාදායකයා
කලත්‍රයා(යන්)ශීලා ද සිල්වා
දරුවන්Dimuthu Prasada Gallappatti , Vanamali Kaushalya Gallappatti , Sudesh Prabudda Gallappatti , Harindra Pragathi Gallappatti

සුගතපාල ද සිල්වා ( 1928 අගෝස්තු 04 – 2002 ඔක්තෝම්බර් 28 ) සුවිශිෂ්ට ශ්‍රී ලාංකීය නාට්‍ය කරුවෙකු හා නවකතාකරුවෙකි.

සුගතපාල ද සිල්වා 1928 අගෝස්තු 04 වන දා ශ්‍රී ලංකාවේ [[වැලිගම]මිදිගම දේනුවල දී] උපත ලද්දේ කුඩා වෙළෙන්දෙකුගේ පුතෙක් ලෙසටය. ඔහු එහි සිංහල, දෙමළ හා මුස්ලිම් වෙළෙන්දන් අතර හැදී වැඩුණි. ඔහුගේ මෙම මුල් කාලීන ජීවිත අත්දැකීම් බිත්ති හතර ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ හා එසේ වී නම් මිනිසුනේ මෙය අසවු නවකතා ලිවීමට මගපාද‍න්නට ඇත.

ද සිල්වා 1960 ගණන් වලදී කොළඹට පැමිණි අතර එම කාලයේදී තිබූ දේශපාලනික හා සංස්කෘතික ව්‍යාපාරවල නිරත වීමට පටන් ගත්තේය. සොඳුරු ආඥාදායකයා ලෙස සුරත්ල් නමකින් හැඳින්වූ ඔහු අපේ කට්ටිය ලෙස හැඳින්වූ නාට්‍යය කණ්ඩායමක් තනා ටිනීස් විලියම්ගේ හා පිරැන්ඩෙලෝගේ Cat on a Hot tin roof හා Six Characters in Search of an Author වැනි නාට්‍යය පරිවර්තනය කර රඟ දැක්වීම සිදු කරන ලදී. මෙම නාට්‍යය සමගම ඔහු තට්ටු ගෙවල් හා බෝඩිං කාරයෝ වැනි එම කාලයේ මධ්‍යම පාන්තිකයන්ගේ ආකාරය ග්‍ර​හණය කරගත් නාට්‍යය ද ඉදිරිපත් කරන ලදී ඔහු‍ගේ අනෙකුත් නිර්මාණ අතර එකවල්ලෙ පොල් , හරිම බඩු හයක් , මුතු කුමාරි, ඇසළ සඳ හා මරාසාද් වේ.

ද සිල්වාගේ හොඳම නාට්‍යය ලෙස බොහෝ දෙනෙක් සලකණු ලබන්නේ දුන්න දුනු ගමුවේ වන අතර එය ශ්‍රී ලංකාවේත් 1971 කැරැල්ල අවසාන වනවාත් සමගම ලියන ලද්දකි. වෙළඳ ගැටුමක් මත පදනම් වුවත් එය තාක්ෂණික ක්‍රම මගින් දේශපාලනය හා කලාව දක්ෂ ලෙස​ එකට මිශ්‍රකර යූ ආරියවිමල් හා ඩබ්ලිව් ජයසිරි ගේ සුවිශිෂ්ඨ රංගනය සමග වූ සම්මිශ්‍රණයක් විය.එම දශකය අවසානයේ ඇති වූ දැඩි දේශපාලනික නාට්‍යය කරණයේ ආරම්භකයා වූයේ මොවුන් දෙදෙනාය.

ද සිල්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයා ලෙස බොහෝ කාලයක් කටයුතු කළ අතර 1960 දශකයේ අග භාගයේදී සතිපතා වන රේඩියෝ නාට්‍යයවල හා කෙටි නාට්‍යය වැඩසටහන්වල ප්‍රධානියා වීය. වර්තමානයේ ඉතා ජනප්‍රිය ලේකකයන්ගේ හා නාට්‍යය කරුවන්ගේ ප්‍රථම නාමකරණ භූමිය වූයේ මෙයයි.

1997 සිට ද සිල්වා ගේ ජීවිතය ඇඳට පමණක් සීමා වූ අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2002 ඔක්තෝම්බර් 28 වන දින අභාවප්‍රාප්ත විය.

"https://si.wikipedia.org/w/index.php?title=සුගතපාල_ද_සිල්වා&oldid=504944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි