සීමිත ඕවර් ක්‍රිකට්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
The Melbourne Cricket Ground hosts an ODI match between Australia and India. The two players in yellow are the batsmen and those in blue are the fielding team.
A day match at Bellerive Oval

සීමිත ඕවර් ක්‍රිකට් එක් දින ක්‍රිකට් ලෙසද හඳුන්වන අතර ඉතා සුළු වෙනසකින් පමණක් එය ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් වේ. ටෙස්ට් සහ පළමු පන්තියේ ක්‍රිකට් තරඟ සඳහා දින පහක් පමණ ගත වේ. නමින් සඳහන් වන පරිදිම එක් කණ්ඩායමකට බෝලය පිරිනමනු ලබන්නේ සීමිත පන්දු වාර ගණනකි. කෙටි හෝ දීර්ඝ වශයෙන් එය ක්‍රීඩා කිරීමේදී පන්දු වාර ගණන 20 ත් 50 ත් අතර වේ. වැදගත් එක්දින තරඟ අන්තර්ජාතික සහ ගෘහස්ථ ක්‍රිකට් දින 2 ක් පවත්වයි. දෙවන දින අමතර දිනයක් වන අතර එදින තරඟ වාරය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙනුයේ පළමු දින ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිවුව හොත්ය.

ඉතිහාසය[සංස්කරණය]

එක් දින ක්‍රිකට් 1962 මාර්තු දෙවන දින ඉංග්‍රීසි රටවල කණ්ඩායම් අතර ආරම්භ විය. ‘ලෙසෙස්ටෂයර්’ , කණ්ඩායම විසින් ‘ඩ’ බිෂයර් කණ්ඩායම පරාජය කොට ම්ඩ්ලන්ඩ් නොක් අවුට් කප් තරගයේදී පන්දු වාර 65 දී ‘නෝර්දැම්ප්ටන්ෂයර්’ කණ්ඩායම විසින් නොටිගේ ‘හැම්ෂයර්’ කණ්ඩායම පරාජය කොට, ඉන්පසු ‘නෝර්දැම්ප්ටන්ෂයර්’ කණ්ඩායම විසින් සතියකට පසුව ජයග්‍රහණය කරන ලදී. ඊළඟ අවුරුද්දේදී මුල් පන්තියේ කණ්ඩායම් අතර ප්‍රථම පූර්ණ පරිමාණ එක්දින තරගය පැවැත්වුණ අතර නොක් අවුට් ජිලට් කුසලානය ‘සසෙක්ස්’ කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදී. 1969 දී ක්‍රීඩක ජෝන් ‘සන්ඩේ ලීග්’ ආරම්භ කරමින් ලීග් එක් දින ක්‍රිකට් එංගලන්තයේදී ආරම්භ විය. අනුග්‍රාහකත්වය මාරුවුවත් මෙම තරග දෙකම මූලාරම්භයේ සිට සෑම තරග වාරයක්ම නොනවත්වා පවත්වා ඇත‍. ‘ නොක් අවුට් කුසලානය දැන් ‘ෆෙන්ඩිස් ප්‍රෝවිඩන්ඩ්’ කුසලානය ලෙස හැඳින්වේ. ලීග් තරගය ඉරිදා දිනවලට පමණක් සීමා වී නොමැති අතර පන්දු වාර 40 ට වැඩි තරගයක් වන මෙය වර්තමානයේදී ‘නැටිවෙස්ට් ප්‍රෝ 40’ ලෙස හඳුන්වනු ලැබේ.

පළමුවන සීමිත පන්දුවාර ජාත්‍යන්තර තරගය (LOI) හෝ එක්දින ජාත්‍යන්තර තරගය (ODI) 1971 දී මෙල්බර්න් හිදී පවත්වන ලද අතර සිවු වාර්ෂික ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 1975 දී ආරම්භ විය. ලෝක ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයක් ලෙස වර්ණවත් ඇඳුම් වැනි බොහො‍් නව්‍යකරණයන් එකතු විය. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යවසායක කෙරී පැකර් විසින් ක්‍රිකට් සංස්ථාවෙන් පිටත “rebel” ශ්‍රේණියක් ද පවත්වන ලදී. වැඩි විස්තර සඳහා ‘ක්‍රිකට් ඉතිහාසය බලන්න. ‘Twenty 20’ ලෙස හැඳින්වෙන එක් කණ්ඩායමකට පන්දුවාර 20 බැගින් ලැබෙන එක් දින ක්‍රිකට් තරගාවලිය ප්‍රථම වරට 2003 වර්ෂයේදී එංගලන්තයේදී පවත්වන ලදී. එය බොහෝ සෙයින් ජනප්‍රිය වූ අතර, ‘Twenty 20’ තරග කිහිපයක්ම ජාතික කණ්ඩායම් අතර පවත්වන ලදී.මෙය සාමාන්‍යය ක්‍රිකට් නීති රීතිවලට වෙනස්කම් කීපයක්ම සිදු කොට ඇත. ඒ අතර සමාන ලකුණු ලැබූ තරගවල ප්‍රථිඵල තීරණය කිරීම සඳහා එකතු කළ ‘බෝල් අවුට්’ නීතිය (පාපන්දු ක්‍රීඩාවේ දඬුවම් පහරට සමාන වේ) දැක්විය හැක.

"http://si.wikipedia.org/w/index.php?title=සීමිත_ඕවර්_ක්‍රිකට්&oldid=249519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි