සීනි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙම ලිපිය​ ආහාරයට මුසුකරන, පැණි රස සීනි නම් වූ ද්‍රව්‍යය පිළිබඳව වේ. සුක්‍රෝස් සංයෝගය සඳහා සුක්‍රෝස් යන්න බලන්න​. අනෙකුත් පාවිචීන් සඳහා සීනි (වක්‍රෝත්තිහරණය) බලන්න.

(ප්‍රසාදනය නොකල​, ශුද්ධ නොකල) සීනිවල සමීප දසුනක්.
ප්‍රසාදිත සීනි
Nutritional value per 100 g (සැකිල්ල:Convert/oz)
Energy සැකිල්ල:Convert/kJ
Carbohydrates 99.98 g
- Sugars 99.91 g
- Dietary fiber 0 g
Fat 0 g
Protein 0 g
Riboflavin (vit. B2) 0.019 mg (2%)
Calcium 1 mg (0%)
Iron 0.01 mg (0%)
Potassium 2 mg (0%)
Percentages are relative to
US recommendations for adults.
Source: USDA Nutrient Database
දුඹුරු සීනි
Nutritional value per 100 g (සැකිල්ල:Convert/oz)
Energy සැකිල්ල:Convert/kJ
Carbohydrates 97.33 g
- Sugars 96.21 g
- Dietary fiber 0 g
Fat 0 g
Protein 0 g
Water 1.77 g
Thiamine (vit. B1) 0.008 mg (1%)
Riboflavin (vit. B2) 0.007 mg (1%)
Niacin (vit. B3) 0.082 mg (1%)
Vitamin B6 0.026 mg (2%)
Folate (vit. B9) 1 μg (0%)
Calcium 85 mg (9%)
Iron 1.91 mg (15%)
Magnesium 29 mg (8%)
Phosphorus 22 mg (3%)
Potassium 133 mg (3%)
Sodium 39 mg (3%)
Zinc 0.18 mg (2%)
Percentages are relative to
US recommendations for adults.
Source: USDA Nutrient Database

සීනි යනු රසායනික, පැණි රස ගණයට අයත්, බොහෝවිට ආහාර සඳහා යොදාගනු ලබන ද්‍රව්‍යකට භාවිතා කරන පොදු නමකි. එය කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් සැඳුම් ලත් කාබෝහයිඩ්‍රේට ය. විවිධ මූලාශ්‍ර වලින් ලැබෙන විවිධ වර්ගයේ සීනි ඇත. සාමාන්‍ය සීනි මොනොසැක්‍රයිඩ නමින් හඳුන්වන අතර එහි ග්ලූකෝස් (ඩෙක්ස්ට්‍රෝස් නමින්ඳ මෙය හඳුන්වයි), ෆෲක්ටෝස් සහ ග්ලැක්ටෝස් අඩංගු වේ. ආහාරයන් සඳහා සිරිත් පරිදි/චාරිත්‍රානුකූලව යොදා ගන්නා මදක් කැටිගැසුණු හෝ රළු සීනි බෝහෝ විට සුක්‍රෝස්, එනම් ඩයිසැකරයිඩය (ශරීරය තුලදී සුක්‍රෝස්, ෆෲක්ටෝස් සහ ග්ලුකෝස් බවට විච්ඡේදනය වේ). අනෙකුත් ඩයිසැකරයිඩ වර්ග මෝල්ටෝස් හා ලැක්ටෝස් වේ. රසායනික අතින් වෙනස් පැණි රස ද්‍රව්‍යය තිබුන ද, ඒවා සීනි යන නාමය යටතේ වර්ගීකරණය නොකෙරේ. කෘතිම රසකාරකවල විස්තර කර ඇති පරිදි ඉන් සමහරක් සීනි ආදේශකයක් ලෙස අඩු කැලරි සහිත ආහාර සඳහා භාවිතා කෙරේ.

සීනි, බෝහෝ ශාක පටක වල සොයාගැනීමට තිබුනද, කාර්ය​ක්ශමව නිස්සාරණයට ප්‍රමාණවත් සාන්ද්‍රයක් සහිතව සොයාගත හැක්කේ උක් ගසෙන් සහ ශුගර් බීට් නැමති සීනි බහුලව පවතින අල වර්ගයකිනි. උක් ගස යනු ඈත අතීතයේ සිටම නිවර්තන දේශගුණයේ වගා කරනු ලබන විශාල තෘණ වර්ගයකි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල හා ඇමෙරිකාවේ සීනි වගාවට අවශ්‍ය වට​පිටාව​ සැකසීමත් සමඟ 18 වන සියවසේදී එහි නිෂ්පාදනයේ විශාල ප්‍රසාරණයක් ඇති විය. මෙය ආහාර පැණි රස කිරීම සඳහා පෙරාතුව පැණි යොදාගත් සාමාන්‍ය ජනතාවට සීනි ප්‍රයෝජනයට ගැනීමට හැකියාව​ ලැබුණු ප්‍රථම අවස්ථාවයි. අල බෝගයක් වන ශුගර් බීට් යන්න ශීත දේශගුණයේ වගා කල අතර 19 වන සියවසේ සීනි ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය බවට පත් විය. සීනි නිෂ්පාදනයේ සහ වෙළදාමේ පියවර මිනිස් ඉතිහාසයේ විවිධ වශයෙන් වෙනස්කම් වලට භාජනය වී ඇත. එය ජනපද බිහිවීම, වහල්භාවය, ගිවිසුමකට බැඳී සිටින ශ්‍රමයට පරිවර්තනය, පුද්ගල සංක්‍රමන, 19 වන සියවසේ සීනි වෙළදාම පාලනය කරන රටවල් අතර ගැටුම් සහ නව ලෝකයේ ජන වාර්ගික සංයුතිය හා දේශපාලන ව්‍යුහය බලපෑම් ඇති කරන ලදී.

2011 වසරේදී ලෝකයේ සීනි නිශ්පාදනය ටොන් මිලියන 168 කි. සාමාන්‍ය මිනිසෙකුගේ වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 24 (කාර්මික රටවල කිලෝග්‍රෑම් 33.1) කි. එය එක් මිනිසෙක් සඳහා එක් දවසකට කැලරි 260 ට වැඩි ආහාර ප්‍රමාණයකට සමාන වේ. සීනි වලින් ජවයක් ලැබෙන අතර ඉන් කැලරි හෝ පෝෂණයක් නොලැබේ.

විසිවන සියවසේ අග භාගයේ සිට සීනි අධික ආහාර, විශේෂයෙන්ම ශෝධිත සීනි ශරීර සුවතාවය සඳහා නරකද යන්න පිලිබඳව සැකයක් පැවතිණි. සීනි භාවිතය තරබාරුකමට හා දියවැඩියාව ඇතිවීමේ සැකය සමඟ, හර්ද රෝග, ඩිමෙන්ශියාව, ඇස් නොපෙනී යාම සහ දත් දිරා යාම හා සම්බන්ධ වී පවතී. මේ තත්වය පැහැදිලි කර ගැනීමට බොහෝ විචාර කර ඇති නමුත් එහි ප්‍රතිථල විශාල වශයෙන් නොපැහැදිලි තත්වයක පවතී. පාලකයක් ලෙස, සීනි භවිතා නොකරන ජනතාව සොයා ගැනීමට හැකි වීම මෙසේ වීමට ප්‍රධාන හේතුවකි.

නිරුක්තිශාස්ත්‍රය​[සංස්කරණය]

සීනි කන කුහුඹුවෙක්.

නිරුක්තිශාස්‍ත්‍රය පෙන්වනුයේ ද්‍රව්‍යයක පැතිරීමයි. ඉංග්‍රීසි වචනයක් වන “ශුගර්” යන්නට මුල් වී ඇත්තේ පර්සියානු شکر shekar වලින් ඇති වී තිබෙන අරාබි වචනයක් වන شکر shekar යන්නයි. شکر shekar යන්න शर्करा śarkarā යන සංස්කෘත වචනයෙන් සෑදී ඇත. එය එංගලන්තයට, ඉතාලි වෙළඳුන්ගෙන් එන ලද්දක් ලෙස සිතිය හැක. සමකාලීන ඉතාලි වචනයක් වන zucchero, ස්පාඤ්ඤ සහ පෘතුග්‍රීසි වචන azúcar සහ açúcar, අරාබි මග අනුගමනය කරමින් ගමන් කර ඇත. පැරණි ප්‍රංශ වචනයක් වන zuchre යන්නට සමකාලීන ප්‍රංශ වචනය sucre ය. පැරණිම සහතික කෙරූ ග්‍රීක වචනය σάκχαρις (sákkʰaris) වේ. සතුටුදායක වංශාවලියක විස්තර කරන පරිදි, මෙම වචනයේ පැතිරීම තව දුරටත් සිදුවීමට ඇති බවයි. ඉංග්‍රීසි පදයක් වන jaggery (හකුරු) යන්න, උක් යුෂවලින් හෝ රට ඉඳි යුෂවලින් සෑදූ දුඹුරු පැහැති රළු සීනි වලටද මේ සමාන නිරුක්තිශාස්ත්‍රීය මූලෝප්පත්තියක් ඇත. පෘතුග්‍රීසි xagara හෝ jagara, සංස්කෘත śarkarā වලින් ආ මලයාලි cakkarā වල මූලාරම්භ​යයි.

ඉතිහාසය[සංස්කරණය]

අතීත කාලය සහ මැදි යුගය[සංස්කරණය]

උක් ගස් වගාවක්.

දුර අතීතයේ සිටම ඉන්දියා උප මහද්වීපයේ සීනි වගාව සිදු කෙරුණි. මුල් කාලයේදී එම සීනි ප්‍රමාණය මිල අධික වීම හා බහුලව නොපවතීම නිසා ලෝකයේ බොහෝ කොටස් වල පැණි රස කාරකයක් ලෙස පැණි යොදා ගන්නා ලදී. සාමාන්‍යයෙන් මිනිසුන් උක් ගස පැණි රස ලබා ගැනීමට එසේ සපනු ලැබයි. එම උක් ගස් දකුණු ආසියාවේ නිවර්තන කලාපීය ස්වදේශික තෘණ වර්ගයකි. වෙනත් පැවත එන වර්ගයන් ලෙස ඉන්දියාවේ සක්කරම් බාර්බෙරි (Saccharum barberi) සහ නිව්ගිනියාවේ S. edule හා S. officinarum හැඳින්විය හැක.

ඈතම අතීතයේ උක් හා සම්බන්ධ පෞරාණික සටහනක් ඇති පරිදි බු.ව. 8 වෙනි සියවසේ චීන පිටපතක උක් ගසේ උප්පත්තිය ඉන්දියාවේ සිදු වී ඇති බව පැවසේ. එය මතු වූයේ බු.ව. 500 දී පමණය. වර්තමාන ඉන්දියානු වාසින් උක් දඩු ප්‍රවාහනය වෙනුවට සීනි දියර සාදා ඒවා ලොකු භාජන වල දමා ශීත වෙන්නට ඉඩ හැර තැන්පත් කිරීමට හා ප්‍රවාහනයට පහසු වන පරිදි සීනි කැට සකසයි. දේශීය ඉන්දියානු භාශාවේ මෙම කැට, “කැන්ඩි” යන වචනයේ මූලාශ්‍රය වන khanda(Devanagari:खण्ड,Khaṇḍa ) ලෙස හඳුන්වයි.

රළු සීනි කැට පහසුවෙන් ගබඩාකිරීමට හා ප්‍රවාහනයට පහසු පරිදි උක් යුෂ සෑදීමේ ක්‍රමවේදයක් ඉන්දියානුවන් විසින් සොයා ගන්නා තුරු සීනි නොවැදගත් දෙයක් ලෙස පැවතිණි. කැට කල සීනි AD 5 වෙනි සියවසේ පමණ ගුප්ථ අධිරාජ්‍යාගේ කාලයේදී සොයා ගෙන ඇත. සැපයුම් ලෙස පැහැදිලි ගිතෙල් සහ සීනි රැගෙන ගිය ඉන්දියානු නාවිකයන් තමාගේ වෙළඳ මාර්ග වල ගමනාගමනයේදී සීනි පිලිබඳ දැනුමක් සපයන ලදී. බෞද්ධ භික්‍ෂූන්, ඔවුන් ගමන් කරන විට සීනි මනීහකරණය(ක්‍රිස්ටලයිසේෂන්) කිරීමේ ක්‍රමවේදය චීනයටද හඳුන්වා දෙන ලද්දේය. දකුණු ඉන්දියානු හර්ෂ අධිරාජ්‍යාගේ රජ සමයේ චීනයේ සිටි ඉන්දියානු දූතයෙක්, තයිසෝං ඔෆ් තෑඞ් අධිරාජ්‍යගේ සීනි සඳහා ඇති අභිරුචිය හේතුවෙන් උක් වගාකිරීමේ ක්‍රමයක් උගන්වන ලදී. ඉන් පසු චීනය තම පළවෙනි උක් වගාව 7 වන සියවසේ අරඹන ලදී. චීන ලේඛනවල අඩුම වශයෙන් ඉන්දියාවට දෙවාරයක්වත් දූත ගමන් සිදු වූ බවට සඳහන්ය. 647 AD දී උක් ශුද්ධ කිරීමේ තාක්‍ෂණය ලබාගැනීට යාමෙන් මෙම ආරම්භය වී ඇත. දකුණු ආසියාවේ, මැද පෙරදිග හා චිනයේ සීනි, ඉවුම් පිහුම් හා අතුරුපස සඳහා මූලික ද්‍රව්‍යයක් බවට පත් වී තිබේ.

ශ්‍රේෂ්‍ඨ ඇලෙක්සැන්ඩර් අදිරාජ්‍යගේ ඉදිරියට ජයගෙන යාම ඉන්ඳු නදියේ වෙරළ අසලින් නැවතුනේ ඔහුගේ යුද්ධ භටයෝ තවදුරත් පෙරදිගට යාම ප්‍රතික්‍ෂේප කල නිසාය. ඔවුන් ඉන්දියාවේ උප මහද්වීපවල වෙසෙන ජනයා උක් වගා කරන ආකාරය සහ දේශීය ශක්‍ර ලෙස හඳුන්වන හා සක්කුරුම් ලෙස ශබ්ද කරන ලුනු වැනි පැනි රස කුඩු වර්ගයක් වන සීනි සාදන ආකාරය දකින ලදී. ඔවුන්ගේ ආපසු එන ගමනේදී යුද්ධ භටයෝ පැණි පවතින දඬු නිවෙස් බලා රැගෙන ගියෝය. සහස්‍රවර්‍ෂයක කාලයක් පමන යුරෝපයේ සීනි දුර්ලභ ද්‍රව්‍යයක් සහ වටිනා දෙයක් ලෙස පැවති අතර උක් පිලිබඳව තිබී ඇත්තේ අල්ප මාත්‍ර දැනීමකි.

ශුද්ධ භූමියේ සංග්‍රාමයෙන් පසු යුද්ධ භටයන් තම නිවෙස් කරා සීනි රැගෙන පමිණියෝය. ඔවුන් 12 වෙනි සියවසේ මුල් භාගයේ වැනීසිය විසින් ට්‍රෙයි ආශ්‍රිත ග්‍රාමයක් අත්පත් කරගෙන එහි යුරෝපය සඳහා සීනි අපනයනය කිරීමට, සීනි නිෂ්පාදන වතු යායක් සකස් කර ගත්තෝය. එය පැණි රස කිරීම සඳහා පෙරදී යොදා ගත් එකම ද්‍රව්‍ය වන පැණි සපයූ ස්ථානයකි. කුරුස යුද්ධයේ වාර්තාකරුවෙකු වන ට්‍රෙයිහි විලියම්, 12 වන සියවසේ අග ලියන ලද්දක සීනි “මිනිස් වර්ගයාට ප්‍රයෝජනයට සහ සෞඛ්‍යයට ඉතාමත් අවශ්‍යය” යන්න සඳහන් කර ඇත. 15 වන සියවසේදී වැනීසිය, යුරෝපයේ ප්‍රධාන සීනි ප්‍රසාධන හා බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත් වුණි.

නූතන අවධිය[සංස්කරණය]

ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1942 අගෝස්තු මාසයේ කැනේරි දූපත්වල ලා ගොමේරාහි වයින් හා වතුර ලබාගැනීමට නැවතුනේ දවස් හතරක් එහි නතර වීමේ අරමුණෙනි. ඔහු එම දූපතේ පාලිකාව වන බියට්‍රිස් දි බොබඩිල්ලා වයි ඔසෝරිඕ සමඟ ආදර පටලැවිල්ලක් ඇති වී මාසයක් එහි නතර විය. අවසානයේ ඔහු යාත්‍රා කරන විට, ඇය කපන ලද උක් දඬු ඔහුට ලබා දුන්නාය.

18 වන සියවසේ පූර්ව භාගයේදී සීනි බහුලව පැවති සුඛෝපභෝගී ද්‍රව්‍යයක් විය. ඉන් පසුව එය ප්‍රසිද්ධියට පත් වී 19 වන සියවස වන විට අත්‍යාවශ්‍යය අංගයක් බවට පත් විය. සීනිවලට අත්‍යාවශ්‍යය ආහාර රසකාරකයක් වශයෙන් ඇති වූ ඉල්ලුම සහ කැමැත්තේ විකාශනය ප්‍රධාන ආර්ථික හා සමාජීය වෙනස්කම් වලට හේතු පාදක විය. උක් වගාකිරීමෙන් හා සීනි නිපදවීමෙන් දියුණු වන, ඒ සඳහා ශ්‍රමය භාවිතා කරන රටවල් හා දූපත් ආදී ජනපද පිහිටුවීමට එය ඉවහල් විය. මිලෙන් අඩු, කීකරු සහ විශාල ප්‍රමාණයේ වැඩ කල හැකි ශ්‍රමය සඳහා විශාල ඉල්ලුමක් ඇති විය. අප්‍රිකාවෙන් හා දකුණු ඉන්දියාවෙන් වහල් ශ්‍රමය මේ සඳහා ගෙනවන ලද අතර මිලියන ප්‍රමාණයක වහලුන් සහ ගිවිසුමට බැඳී සිටින ශ්‍රමිකයින් කැරබියන් දූපත්, ඉන්දියාව, පැසිෆික් දූපත්, නැගෙනහිර අප්‍රිකාව, නටල්, දකුණු ඇමරිකාවේ උතුරු හා නැගෙනහිර කොටස් සහ දකුණු ආසියාවට ගෙන එන ලදී. පසුගිය ශතවර්‍ෂ දෙක ඇතුලත බෝහෝ රටවල නූතන ජනවාර්ගික මිශ්‍රණයට සීනි වලින් දැඩි බලපාමක් ඇති වී තිබේ.

සීනි, වර්තමාන කොලනි කාර්මීකරණය සඳහාද දායක විය. උදාහරණයක් ලෙස බෙන්ගල් ආයතනයේ ලුතිනන් ජේ. පැටර්සොන්, දකුණු ඉන්දියානු දූපත් වලට වඩා ඉන්දියාවේ උක් වගාකරීමේ වියදම අඩු හා වාසිදායක බව බ්‍රිතාන්‍යය​ රජයට ඒත්තු ගැන්වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර ඉන්දියාවේ බිහාර් හි සීනි කම්හල් කිහිපයක් ඇරඹුණි.

නැපෝලියොනික් යුධ සමයේ, යුරෝපා මහද්වීපයේ සීනි අල නිෂ්පාදනය වැඩි විය. සීනි ආනයනය අසීරු කටයුත්තක් වූයේ නාවික කටයුතු අවහිර කර තිබීමයි. 1880 වන විටත්, එක්සත් රාජ්‍යය සීනි යුරෝපයේ කොලනිවලින් දිගටම ආනයනය කලද, යුරෝපයේ සීනි ලබාගැනේමේ ප්‍රධාන මූලාශ්‍රය සීනි අල ලෙස තවදුරටත් පැවතිණි.

19 වන සියවසේ අග භාගය වන තුරුම සීනි කැට වශයෙන් මිලදී ගෙන ඇති අතර ඒවා "නිප්ස්" නමින් හඳුන්වන ආයුධය භාවිතයෙන් කපා ගැනීම කල යුතු විය. පසුව "සීනි මළු" යන්න භාවිතයේ සුපුරුදු විය.

සීනි කැට සෑදීමේ ක්‍රියාවලියේ පළමු නිමවුම්කරු වූයේ මොරවියන් ජේකබ් ක්‍රිස්ටෝෆ් රැඩ් (Moravian Jakub Kryštof Rad) ය. ඔහු ඩේසීස් (Dačice) නම් වූ සීනි ආයතනයේ කලමනාකරු වූ අතර සීනි කැට නිෂ්පාදනය සොයාගැනීම වෙනුවෙන් අවුරුදු පහක පේටන්ට් බලපත්‍රයක්, 1843 ජනවාරි මස 23 වන දින ලබාගන්නා ලදී. ටේට් ඇන්ඩ් ලයිල් (Tate & Lyle) හි හෙන්රි ටේට්‍ (Henry Tate) යනු තවත් සීනි කැට සෑදීමේ මුල් නිෂ්පාදකයෙකි. ඔහු ලන්ඩන්වල ලිවර්පූල් හි පිහිටි ඔහුගේ ශෝධනාගාරයේ මෙය සිදු කර ඇත. ටේට්‍ සීනි කැත නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ 1872 දී, සීනි කැට සඳහා විවිධ පිරිසැකසුම් සොයගත් ජර්මන් ජාතික එයුගෙන් ලන්ගෙන්‍ (Eugen Langen) ගෙනි.

රසායනික සංයුතිය[සංස්කරණය]

සුක්‍රෝස්: ග්ලූකෝස් හි ඩයිසැකරයිඩය​ (වම​) සහ​ ෆෲක්ටෝස් (දකුණ), ශරීරයේ ඇති වැදගත් අණු.

විද්‍යානුකූලව, සීනි යනු මොනොසැක්‍රයිඩ, ඩයිසැකරයිඩ හෝ ඔලිගොසැක්‍රයිඩ වැනි කාබෝහයිඩ්‍රේට කිහිපයකටය. මොනොසැක්‍රයිඩ “සාමාන්‍ය සීනි” ලෙසද හදුන්වන අතර එය ග්ලූකෝස් සදහා වුවමනාය. සෑම සීනි වර්ගයක් සදහාම වාගේ CnH2nOn (n 3 ත් 7 ත් අතරය) සූත්‍රය තිබේ. ග්ලූකෝස්හි අණුක සූත්‍රය C6H12O6 වේ. ඉංග්‍රීසි භාශාවෙන් ලියන විට සීනි යන වචනයේ අග කොටස "glucose", "dextrose", හා "fructose" වල පරිදි "-ose" වලින් අවසන් වේ. සමහර අවස්ථාවලදී ජලයේ දිය කල හැකි කාබෝහයිඩ්‍රේට සදහාද මෙවැනි යෙදුම් භාවිතා කෙරේ. acyclic mono හා disaccharide (ඩයිසැක්‍රයිඩ) වල aldehyde සමූහ හෝ ketone (කීටෝන) සමූහ පවතී. මෙම කාබන්-ඔක්සිජව් ද්විත්ව් බන්ධන ප්‍රතික්‍රියක මධ්‍ය​ස්ථාන වේ. glycosidic බන්ධන වලින් එකතු වී ඇති දෙකක් හෝ ඊට වැඩි මොනොසැක්‍රයිඩ වල ප්‍රතිඵලයක් ලෙස එක දාමයකට වඩා වැඩි සෑම saccharides (සැකරයිඩ) ම ප්‍රතිඵලය ලෙස එක බන්ධනයකට ජල අණුවක් (H2O) නැති වී යයි.


විශාල කර ඇති ප්‍රසාදිත සුක්‍රෝස්, බහුලව පවතින සාමාන්‍ය සීනි.

වැසුනු දාමයක හැඩය ගන්නා මොනොසැක්‍රයිඩ (Monosaccharides) වලට ග්ලයිකොසයිඩ හා අනෙකුත් මොනොසැක්‍රයිඩ සමග එකතු වී ඩයිසැක්‍රයිඩ (disaccharides ) (සුක්‍රෝස් වැනි) හා පොලිසැකරයිඩ (polysaccharides) (පිෂ්ඨය වැනි) සෑදිය හැක. එන්සයිම ජල විච්ජේදනය කල යුතු වන අතර එසේ නොවුන හොත් සංයෝග පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීමට පෙර ග්ලයිකොසයිඩ බන්ධන බිදී යයි. ආහාර ගැනීමෙන් හා උරා ගැනීමෙන් පසු ප්‍රධාන ලේ වල හා අභ‍යන්තර පටක වල ඇති වන ප්‍රධාන මොනොසැක්‍රයිඩ වල ග්ලූකෝස්, ෆෲක්ටෝස් සහ ග්ලැක්ටෝස් අඩංගුය. බොහෝ පෙන්ටෝස් හා හෙක්සෝස්වලට දාමයක ව්‍යුවහය සාදා ගත හැක. මෙම වැසුනු දාම ආකෲතියේදී ඇල්ඩිහයිඩ හෝ කීටෝන් සමූහ තවදුතරටත් නොනිදහස්ව පවතී. මෙම සමූහ සදහා නියම ප්‍රතික්‍රියා බොහෝමයක් සිදු විය නොහැක. ග්ලූකෝස් දාම ආකෲතියේදී බොහෝ විට එහි සමතුලිතයේ පවතින අතර විවෘත දාමයේදී එයට වඩා 0.1% අඩුවෙන් පිහිටයි.

සීනිවල ස්වභාවික බහුඅවයවක[සංස්කරණය]

සීනිවල ජෛවත්වය​ (Biopolymers) ස්වභාවධර්මයේ පොදු දෙයකි. ප්‍රභාසංශ්ලේෂණය උපයෝගී කරගෙන ශාක C6H12O6 සුත්‍රය ඇති ග්ලූකෝස් නිපදවා ඒවා පිෂ්ඨධාතු නැතහොත් සුක්‍රෝස් වැනි කාබෝහයිඩ්‍රේට (රසායනික සුත්‍රය C12H22O11) අමතර ශක්ති සංචිතයක් ලෙස ගබඩා කිරීමට පරිවර්තනය කරයි. එකිනෙකට වෙනස් බහුඅවයවක දෙකකින් සමන්විත වන ග්ලූකෝස්වල පිෂ්ඨධාතු අතර සෛල මඟින් ගබඩා කර ඇති ඉක්මනින් හායනය වන ශක්ති ස්වරූපයක් ඇති රසායනික ශක්තියකි. තවද වෙනත් ස්වරූපයේ ශක්තීන් සදහා පහසුවෙන් පරිවර්තනය කල හැකි වේ. සෙලියුලෝස් යනු ග්ලූකෝස් වල තවත් බහුඅවයවයකි. එය ග්ලූකෝස් ඒකක සිය ගනණකින් හෝ දහස් ගනණකින් සෑදුණු රේඛීය දාමයකි. තවද එය ශාක විසින් ඔවුන්ගේ සෛල බිත්තිවල ව්‍යුහාත්මක අංගයක් ලෙස භාවිතා කරයි. මිනිසුන්ට සෙලියුලෝස් දිරවීමේ හැකියාව ඇත්තේ ස්වල්ප වශයෙනි. වමාරා කන සත්වයින්ට ඔවුන්ගේ බඩවැල්වල ඇති බැක්ටීරියා ආධාරයෙන් මෙය සිදු කල හැක. මොනොසැක්‍රයිඩ් ඩී.එන්.ඒ. (DNA) හා ආර්.එන්.ඒ. (RNA ) සෑදී ඇත්තේ පිලිවෙලින් deoxyribose හා ribose වලිනි. deoxyribose සූත්‍රය C5H10O4 වන අතර ribose සූත්‍රය C5H10O5 වේ.

සීනි වර්ග[සංස්කරණය]

මොනොසැක්‍රයිඩ[සංස්කරණය]

ග්ලූකෝස්, ෆෲක්ටෝස් සහ ග්ලැක්ටෝස් යන සෑම එකක්ම සාමාන්‍යය සීනිය. මෙම මොනොසැක්‍රයිඩ සැමගේම පොදු සූත්‍රය C6H12O6 ය. ඒ සෑම එකකටම හයිඩ්‍රොක්සියල් සංයෝග හා කාබන් සංයෝග පහක් ඇති අතර ජලයේ දිය කල විට චක්‍රීය වේ. ඒ සෑම එකක්ම සමාවයවිකතා කිහිපයක දක්‍ෂිණාවර්තව හා වාමාවර්තව භ්‍රමණයවන ආකාරයෙන් දකුණට හා වමට ප්‍රසාරණය වීමට හැකි පරිදි ආලෝකය ධ්‍රැවිත කිරීමට හේතු වේ.

ග්ලූකෝස්, ඩෙක්ස්ට්‍රෝස් හෝ මිදි යුෂ ස්වාභාවිකවම පලතුරු හා ශාක යුෂවල ඇති වන අතර එය ප්‍රභාසංස්ලේෂණයේ පළමු නිෂ්පාදිතයයි. උකහා ගත් බොහෝ කාබෝහයිඩ්ඩ්‍රේට, ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීමක් ආහාර දිරවීමේ ක්‍රියාවලියේදී සිදුවේ. ඉන්පසු එය සීනි ස්වරූපයෙන් සතුන්ගේ ලේ මඟින් ශරීරය පුරා ගමන් කරයි. අම්ලාකාරක ඇතිවීම හෝ එන්සයිම වැඩිවීම තුලින් පිෂ්ඨධාතුවල මේවා නිෂ්පාදනය විය හැක. ග්ලූකෝස් සිරප් යනු ග්ලූකෝස් සෑදෙන දියරය වන අතර බොහෝ විට ආහාර වර්ග නිෂ්පාදනයට බහුලව යොදා ගැනේ. එන්සයිම තුලින් පිෂ්ඨධාතූන්වල මේවා නිෂ්පාදනය විය හැක.

ෆෲක්ටෝස් හෝ පලතුරු සීනි ස්වාභාවිකවම පලතුරු හා සමහර එළවළුවල ඇති වේ. උක් දඬු හා පැණි මේවා අතරින් පැණි රස වැඩිම වර්ගයන්‍ ය. එය සුක්‍රෝස් හෝ මේස සීනිවල එක් අංගයකි. ඉරිඟු සිරප් ලබා ගැනීමට ක්‍රියාකරන ද්‍රවීකරණය කරන ලද ඉරිඟු පිෂ්ඨධාතු සමඟ එන්සයිම එකතු කර ග්ලූකෝස්වල කොටසක් ෆෲක්ටෝස් සිරප් නිෂ්පාදනය කිරීමට යොදා ගැනේ.

ග්ලැක්ටෝස් සාමාන්‍යයෙන් ස්වාභාවික තත්වයන් යටතේ ඇති නොවන නමුත්, ඩයිසැකරයිඩ ලැක්ටෝස් හෝ සීනි කිරිවල ඇති ග්ලූකෝස් සමඟ සම්බන්ධ වේ. එය ග්ලූකෝස්වලට වඩා පැණි රසින් අඩුය. එය ලේ වර්ගය හඳුනාගැනීමට උපකාරී වන රතු රුධිරාණු සෛලවල මතුපිට හමුවන ප්‍රතිදේහකවල කොටසකි.

ඩයිසැකරයිඩ[සංස්කරණය]

සුක්‍රෝස්, මෝල්ටෝස් සහ ලැක්ටෝස් යන සෑම එකක්ම සංයුක්ත/මිශ්‍රිත සීනිය. මෙම ඩයිසැකරයිඩවල පොදු සූත්‍රය වේ. ඒවා සැකසෙනුයේ මොනොසැක්‍රයිඩ අණු දෙකක ජල අණු බහිෂ්කරණය වී එකට එකතු වේමෙනි.

සුක්‍රෝස් උක් දඬුවල හෝ ශුගර් බීට්වල මුල්වල සොයාගැනීමට ඇත. තවද එය ස්වාභාවිකවම අනෙකුත් ශාකවල ෆෲක්ටෝස් හා ග්ලූකෝස් සමඟ පැත්තකින් ඇතිවේ. බොහෝ විට පලතුරු හා කැරට් වැනි මුල් ජාතිවල මෙසේ සිදු වේ. මෙම ආහාරවල සොයාගැනීමට ලැබෙන විවිධ සීනි ප්‍රමාණවලින් ඒවා ආහාරයට ගැනීමේදී අත්දැකීමට ලැබෙන පැණි රස තත්වයන් නිර්ණය වේ. ග්ලූකෝස් අණුවක් හා ෆෲක්ටෝස් අණුවක් එකතු වීමෙන් සුක්‍රෝස් අණුව සැදේ. ආහාර ගැනීමෙන් පසු සුක්‍රෝස්, සුක්‍රේස් නැමති එන්සයිමය සමඟ දිරවීමේදී එහි සංගටක කොටස්වලට ඛණ්ඩනය වේ.

මෝල්ටෝස් සෑදෙන්නේ ධාන්‍ය වර්ග ප්‍රරෝහණයේදීය. මෝල්ට් බවට පත්කරන බාර්ලි (සීනි වර්ගයේ මූලාශ්‍රයේ නම) මේ සඳහා දැන්විය හැක. ග්ලූකෝස් අණු දෙකක් එකතු වී මෝල්ටෝස් අණුව සෑදේ. ග්ලූකෝස්, ෆෲක්ටෝස් හෝ සුක්‍රෝස්වලට වඩා පැණි රසින් අඩුය. ඇමිලේස් නම් එන්සයිමය මඟින් පිෂ්ඨධාතු දිරවන අවස්ථාවේදී ශරීරය තුල නිපද වී, එය විසින්ම මෝල්ටෝස් එන්සයිම මඟින් ජීරණය වන විට ඛණ්ඩනය වේ.

ලැක්ටෝස් ස්වාභාවික කිරි වල සොයාගැනීමට ලැබෙන සීනිවල පවතී. ග්ලැක්ටෝස් අණුවක් සමඟ ග්ලූකෝස් අණුවක් සම්බන්ධ වීමෙන්, ලැක්ටෝස් අණුවක් සෑදේ. එය දිරවීමේදී ලැක්ටෝස් එන්සයිමය මඟින් සංඝඨක කොටස්වලට බෙදී යයි. දරුවන් තුල මේ එන්සයිමය තිබෙන නමුත් වැඩිහිටියන්ගේ මෙම එන්සයිම නිපදවීම සිදු නොවේ. එම හේතුවෙන් ඔවුනට ලැක්ටෝස් දිරවීමට නොහැකි වේ.

නිෂ්පාදනය[සංස්කරණය]

ශුගර් බීට් ​[සංස්කරණය]

ශුගර් බීට්වලින් සාදන ලද සීනි අඩංගු ඇසුරුමක්.

ශුගර් බීට් යනු තම්පලා පවුලට අයත් වර්ෂයකට වරක් වැවෙන ශාකයකි. අල සහිත එහි මුලෙහි විශාල ප්‍රමාණයෙන් සුක්‍රෝස් අඩංගු වේ. එය ප්‍රමාණවත් හා වුවමනා කරන සාරවත් පස් අඩංගු, සෞම්‍යය ප්‍රදේශවල වගා කරනු ලැබේ. සිසිර ඎතුවේදී මෙම භෝගය යාන්ත්‍රිකව නෙලාගනු ලැබන අතර අග්ගිස්සේ ඇති කොළ හා වැඩිපුර පස් අයින් කර දැමේ. මුල් ඉක්මණින් දිරාපත් නොවන අතර, ඒවා සැකසීම සිදු කරන කර්මාන්තශාලාවට ගෙන යන තෙක් සති කිහිපයක් එහිම තබයි. මෙහිදී භෝගය සෝදා පෙති ගසා අපවියලනය මඟින් සීනි ලබා ගනී. කිරිහුණු ද මෙම පිළියෙල කල මි‍ශ්‍රණයට එකතු කර එය ශුද්ධ කිරීම සඳහා පියවර කිහිපයකින් කාබනේටභවනය සිදු කරයි. රික්තකයක් යොදාගෙන සිරපය උතුරා නටන තෙක් රත්කර එහි ජලය වාශ්ප කෙරේ. ඉන්පසු සිරපය කූල් කර සීනි කැට සාදයි. කැටවුණ සුදු සීනි වෙන්කර කේද්‍රාපසාරණය කර වේලයි. ඒ සඳහා තවදුරටත් ප්‍රසාදනය අවශ්‍යය වේ.

උක් දඬු[සංස්කරණය]

උක් දඬු (සක්කරම්) යනු පොඒසියා යන පවුලට අයත් බහු වාර් ෂිකව වැවෙන ශාකයකි. ඒවාහි දඬුවල පවතින සුක්‍රෝස් ලබා ගැනීමට නිවර්තන හා නිවර්තන නොවන කලාපවල වගා කෙරේ. පැළය වැඩෙන සමයේදී එහි උපරිම වැඩීම ලබාගැනීමට, ප්‍රමාණවත් වැස්සක් හා හිම නොමැති කාලගුණයක් අවශ්‍යය. මෙම භෝගය යාන්ත්‍රිකමය වශයෙන් හෝ අතින් වගා කෙරේ. යම් දිග ප්‍රමාණයක කැබලිවලට කපා කර්මාන්තශාලාවට ගෙනයාමත හැකි පරිදි කපාගනී. එහිදී එය අඹරා, වතුර සමඟ යුෂ ගැනීම හා අපවියලනය කර සීනි ලබාගනී. මෙම යුෂ ඉන්පසු හුණුවලින් පිරිසිඳු කර, එන්සයිම නැති කිරීමට රත් කරනු ලැබේ. එහි ප්‍රතිථලයක් ලෙස ලැබෙන තුනී සිරපය වැකුම් බඳුන් මඟින් වාශ්පීකරණ කිහිපයකට භාජනය කොට තවදුරටත් එහි ජලය ඉවත් කෙරේ. එමඟින් ලැබෙන අතිසංතෘප්ත ප්‍රතිඵලය සීනි කැට බවට පත්කර, ද්‍රවවලින් වෙන් කොට වියලා ගනී. අතුරු නිෂ්පාදනයක් ලෙස උක් පැණි ලැබේ. කඳේ තන්තු, සීනි උකහා ගැනීමේ ක්‍රියාවලියේදී ඉන්ධන යොදා ලෙස ගනී. මෙයින් ලැබෙන සීනි දුඹුරු පැහැයක් ගන්නා අතර, ඒවා ඒ ආකාරයෙන්ම හෝ සල්ෆර් ඩයොක්සයිඩ දමා සුදුකර හෝ කාබනේටභවනය කර සුදු කර ගත හැක.

ප්‍රසාදනය[සංස්කරණය]

සීනි වර්ග​; උඩ වම්පස සිට දෂිණාවර්තව  :
ශෝධිත සුදු, ප්‍රසාදනය නොකල​,
දුඹුරු, පිළිවෙල නොකළ දඬු සීනි.

පාරිභෝගිකයන්ට අවශ්‍යය උක් දඬුවලින් ලැබෙන සීනි, සුදු පැහැති මේස සීනි බවට පත් කිරීමට තවදුරටත් පිළියෙල කිරීමක් අවශ්‍යය වේ. සීනි සමහර විට තොග වශයෙන් වෙනත් රටකට ප්‍රවාහනය කර එහිදී ප්‍රසාදන කටයුතු කිරීමද සිදුවේ. පළමු පියවර ඇෆපීකරණය නම් වන අතර එහිදී සීනි කැට, සාරමය සිරපයක ගිල්වා ඒවා දිය නොකර මෘදු කිරීම හා ඇලෙන සුළු දුඹුරු වැස්ම ඉවත් කෙරේ. ප්‍රතිඵලයක් ලෙස ලැබෙන සිරපය කාබනේටභවනය හෝ පෝස්පේෂන් ක්‍රියාවලියට භාජනය කරයි. මෙම ක්‍රම දෙකෙන්ම සිරපයේ ඇති, තුනී ද්‍රව්‍යය අවක්‍ෂේපනය කර වෙන්කර ගනී. එසේ කරන විටදී බොහෝ අපවිත්‍ර දෑ ද එම වේලේම ඉවත් වේ. වර්ණ ඉවත් කිරීම සක්‍රීය කාබන් කැටිති හෝ අයන් හුවමාරු රේසින් යොදාගෙන කල හැක. සීනි සිරපය රත් කර සමාහෘත කර ඉන්පසු සීත කර සීනි කැට සාදයි. කේන්ද්‍රාප්‍රසාරණය මඟින් දියර වර්ග ඉවත්කර, වේලා, පාවිච්චි කිරීමට අවශ්‍යය පරිදි අසුරයි. වැඩිපුර දියර පැණි බවට පත් කෙරේ. සීනි විශ්ලේශණය කිරීමේ පොදු ක්‍රමවේද පිළිබඳ ජාත්‍යන්තර කොමිසම, ප්‍රසාදිත සීනිවල ශුද්ධ බව මැනීමට සම්මත සාදා ඇති අතර ඒවා ICUMSA නොම්මර ලෙස හඳුන්වයි. අඩු අගයන්, ශුද්ධ බව වැඩි තත්වයේ ප්‍රසාදිත සීනිවලට ලැබේ.

නිෂ්පාදන රටවල්[සංස්කරණය]

2011 වසරේ සීනි සපයන ප්‍රධාන රටවල් 5 වූයේ බ්‍රසීලය, ඉන්දියාව, යුරෝපා සංවිධානය, චීනය හා තායිලන්තයයි. මෙම වසරේම වැඩිම සීනි අපනයනකරු බ්‍රසීලය වන අතර ඉන්පසු පිලිවළින් තායිලන්තය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාවය. විශාලතම ආනයනකරුවන් යුරෝපා සංවිධානය, ඇමරිකාව හා ඉන්දුනීසියාවයි. දැනට, වැඩිම ඒක පුද්ගල සීනි පරිභෝජනය බ්‍රසීලය වන අතර ඉන්පසු ස්ථානවල ඕස්ට්‍රේලියාව, තායිලන්තය හා යුරෝපා සංවිධානය පසුවේ.

ලෝක සීනි නිශ්පාදනය (මෙට්‍රික් ටොන් 1000)
රට​ 2007/08 2008/09 2009/10 2010/11 2011/12
බ්‍රසීලය​ 31,600 31,850 36,400 38,350 35,750
ඉන්දියාව​ 28,630 15,950 20,637 26,650 28,300
යුරෝපා සංගමය​ 15,614 14,014 16,687 15,090 16,740
චීනය 15,898 13,317 11,429 11,199 11,840
තායිලන්තය​ 7,820 7,200 6,930 9,663 10,170
ඇමෙරිකාව​ 7,396 6,833 7,224 7,110 7,153
මෙක්සිකෝව 5,852 5,260 5,115 5,495 5,650
රුසියාව 3,200 3,481 3,444 2,996 4,800
පාකිස්ථානය 4,163 3,512 3,420 3,920 4,220
ඕස්ට්‍රේලියාව​ 4,939 4,814 4,700 3,700 4,150
අනෙකුත් 38,424 37,913 37,701 37,264 39,474
එකතුව​ 163,536 144,144 153,687 161,437 168,247

විවිධ හැඩ හා ප්‍රයෝජන[සංස්කරණය]

ස්ඵටිකීකරණය කල සූකිරි.

කැටකළ සීනි ප්‍රයෝජනයට ගනුයේ මේසය මත තබන ආහාරවලට ඉසීමට හා උණු පානයන් පැණිරස කිරීමට හා ගෙදරදීම ආහාර පිසින විට හා පුළුස්සන විට රසවත් කිරීමටය. ජෑම්, මාර්මලේඩ් හා පලතුරු දෝසි වැනි ආහාරවල ක්‍ෂුද්‍ර ජීවීන්ගෙන් නරක් වීම වැලැක්වීමටද යොදනු ලැබේ.

ඇඹරූ සීනි යනු කුඩු කරන ලද සිනිඳු පවුඩරයකි. ඒවා අයිසින් සීනි, කෑමට ඉසීමට, බේක් කිරීමට හා රස කැවිලි වෙළඳාමේදී යොදා ගැනේ.

පෙනේර සීනි යනු ධාන්‍යවල ප්‍රමාණයට වෙන්කරන ලද ස්ඵටිකරූපී නිෂ්පාදිතය. මේවා අලංකාර මේස සීනි ලෙසද, බේක් කිරීමේදී හා රසකැවිලි සෑදීමේදී මිශ්‍ර කිරීමට යොදා ගනී.

දුඹුරු සීනි යනු ආලෝකය, කළුවර ලැබීමට ධාන්‍ය වැස්මක් ඇති කැටකල සීනි ය. මේවා බේක් කෙරූ ආහාර, කැවිලි සහ ටොෆි සඳහා යොදා ගනී.

සීනි කියුබ යනු සුදු හෝ දුඹුරු පැහැති කැටකල කොටුවක ස්වරූපයට සෑදූ සීනි වර්ගයකි. පානයන් පැණිරස කිරීමට යොදයි.

දියර සීනි යනු ඉතා තියුණු සිරපයකි. මෙය 67%ක් කැටිකල සීනි වතුරේ දියකර සාදයි. ඒවා බීම වර්ග, අයිස් ක්‍රීම් හා ජෑම් වැනි ආහාර නිපදවීමට යොදා ගනී.

අපවර්තිත සීනි හා සිරප්, විවිධ වට්ටෝරු නිෂ්පාදනයට හා පාන්, කේක්, පානයන් වල, පැණිරස සැකසීමට, තෙතමනය රඳවා ගැනීමට හා සීනිවල මහීකරණය නැති කිරීමට එකට මිශ්‍ර කරයි.

සිරප හා පැණි යනු ආවේනික වට්ටෝරු සෑසීමට රත්කරන ලද ද්‍රාවික අපවර්තිත සීනි වේ. පැණිවල මණ්ඩි අඩංගු වේ. ඒවා විවිධ වර්ගයේ බේක් කෙරූ ආහාර, ටොෆි හා වැල්මී වැනි රස කැවිලිවල අඩංගු වේ.

අඩු කැලරි සහිත සීනි හා පැණි රසකාරක, පැණි රසකාරක එකතු කල මෝල්ටොඩෙක්ස්ට්‍රින් වලින් සාදයි. මෝල්ටොඩෙක්ස්ට්‍රින් යනු පහසුවෙන් දිරවිය හැකි කෘතිම පොලිසැකරයිඩයි. එය කුඩා ග්ලූකෝස් අණු සහිත දාම හා පිෂ්ඨධාතුවල අසම්පූර්ණ ජලවිච්ජේදනය මඟින් සමන්විතය. ඇස්පාට්මේ, සැකරින්, ස්ටේවියා හෝ සුක්‍රෝස් මෙහි අඩංගු කරන පැණි රසකාරකය.

පොලිලෝස් යනු සීනි ඇල්කොහොල්‍ ය. ඒවා පැණි රස දිගු කාලයක් මුවේ රඳවා තැබීමට අවශ්‍යය වන චුයින්ගම් වාගේ ද්‍රව්‍යයවල අඩංගු කරයි.

වයින් සෑදීමේදී පලතුරු යුෂ, ඇල්කොහොල් බවට පරිවර්තනය කරන්නේ පැසවීමේ ක්‍රියාවලියෙනි. අඩු සීනි නොපැසුණ පලතුරු ගෙන වැඩිපුර සීනි එකතු කර ඇල්කොහොල් ප්‍රමාණය වැඩිකර වයින් සාදයි. මෙම ක්‍රියාවලිය චැප්ටලයිසේශන් නම් වේ. සෞම්‍ය වයින් සෑදීමේදී අවශේෂ සීනිද අඩු කරමින් පැසවීමේ කාලය අඩුකල යුතුය.

පරිභෝජනය[සංස්කරණය]

ලෝකයේ බොහෝ කොටස්වල , මිනිසුන්ගේ ආහාර වේලේ ප්‍රධාන දෙයක් ලෙස සීනි හැඳින්විය හැක. එමඟින් ආහාර ප්‍රියතාවය වැඩිකර ශක්තියක් ලබා දේ. ධාන්‍ය හා එළවළු තෙල් වලට පසු, උක් දඬු හා අලවලින් ලැබෙන සීනි, එක පුද්ගලයෙකුගේ එක් දිනක සාමාන්‍යය කැලරි ප්‍රමාණය අනෙකුත් ආහාර ඛාණ්ඩවලට වඩා වැඩියෙන් සපයයි. ආහාර හා ​කෘෂිකර්ම සංවිධානයට අනුව (FAO), සාමාන්‍යයෙන් සීනි කි.ග්‍රෑ.24 (එල්.බී.531) ක්, දිනකට කැලරි 260ට වඩා වැඩි ආහාරවලට සමාන වේ. මෙය 1999 වසරේ සෑම වයසකම වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය විය. වැඩි වන ජනගහනයත් සමඟම, සීනි පරිභෝජනය ද කි.ග්‍රෑ.25.1 (එල්.බී.551) දක්වා 2015 වන විට වැඩි වේ යැයි අපේක්‍ෂිතය.

ලෝකය පුරා කරන ලද සමීක්‍ෂණවලින් ලැබුණු දත්ත අනුව 1999 හා 2008 අතර සීනිවල පරිභෝජනය සෑම වයසකම, වර්ගයේම හා ආදායම් මට්ටමකම කාණ්ඩවල 23.4% කින් අඩු වී ඇත.

ලෝක සීනි පරිභෝජනය​ (මෙට්‍රික් ටොන් 1000)
රට​ 2007/08 2008/09 2009/10 2010/11 2011/12 2012/13
ඉන්දියාව 22,021 23,500 22,500 23,500 25,500 26,500
යුරෝපා සංගමය​ 16,496 16,760 17,400 17,800 17,800 17,800
චීනය 14,250 14,500 14,300 14,000 14,400 14,900
බ්‍රසීලය 11,400 11,650 11,800 12,000 11,500 11,700
ඇමෙරිකාව 9,590 9,473 9,861 10,086 10,251 10,364
අනෙකුත් 77,098 76,604 77,915 78,717 80,751 81,750
එකතුව 150,855 152,487 153,776 156,103 160,202 163,014

කැට කල සීනිවල ඒක පුද්ගල පරිභෝජනය, ඇමරිකාවේ කි.ග්‍රෑ.27 හා 46 (එල්.බී.60 හා 100) අතර පසුගිය අවුරුදු 40 තුලදී වෙනස් වී ඇත. 2008 දී වාර්ෂික ඒක පුද්ගල මුළු සීනි පරිභෝජනය කි.ග්‍රෑ.61.9 (එල්.බී.136) වලට සමාන විය. මෙය ප්‍රසාදිත සීනි කි.ග්‍රෑ.29,65 (එල්.බී.65.4) හා ධාන්‍යවලින් ලද පැණි රස කි.ග්‍රෑ.31 (එල්.බී.68.31) වලින් සමන්විත විය.

සෞඛ්‍යය බලපෑම්[සංස්කරණය]

සීනිවලින් ඇතිවන සෞඛ්‍යය බලපෑම් පිළිබඳව කර ඇති සමහර අධ්‍යයනයන් ප්‍රතිඵල අතින් අවිනිශ්චිතය. ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් සෘජුවම ශෝධිත හා ශෝධිත නොකළ සීනිවලින් ඇති වන බලපෑම අධ්‍යයනයක් කර ඇත. මෙම අධ්‍යයන සඳහා සීනි භාවිතා කරන පුද්ගලයින් ඇතුලත් නොවන බැවින් පාද රේඛාව දෝෂ සහිතය. "පාරිභෝගික සෞඛ්‍යය පිළිබඳ වර්තා" වැනි ලිපිවල 2008 දැක්වෙන පරිදි "සීනි හා සම්බන්ධ බලාපොරොත්තු වූ ආහාරමය ගැටළු" වැඩි වී ඇත. බොහෝ අධ්‍යයන, අධි ආම්ලිකතාවය පිළිබඳ බොරු හෙලිදරව් කරයි. මෙය නොසලකා මෙම ලිපියේ දිගින් දිගටම සීනිවලින් ශරීරයට ඇතිවන බලපෑම ඉදිරිපත් කරයි. අනෙකුත් ලිපි හා අධ්‍යයන මෙයට විරුද්ධ ආකාඅරයට අදහස් දක්වයි. ලෝක සෞඛ්‍යය සංවිධාන හා ආහාර හා කෘෂිකර්ම සංවිධාන අධ්‍යයන පවසන ආකාරයට මෙවැනි අවිනිශ්චිත ප්‍රතිඵල, නිවැරදිව නොවිමසා හා පාලනයකින් තොරව කරන අධ්‍යයනවලින් බලාපොරොත්තු විය හැක.

ලේවල ග්ලූකෝස් මට්ටම[සංස්කරණය]

සීනි ශරීරයේ ලේවල ග්ලූකෝස් මට්ටම, පිෂ්ඨයට වඩා ඉතා ඉක්මණින් ඉහළ නංවන බවට මතයක් පවතී. එසේ වන්නේ එහි සරල රසායනික ව්‍යුවහයයි. මෙම මතය දැන් ප්‍රතික්‍ෂේප කර ඇති අතර, තවදුරටත් දියවැඩියාව සඳහා ග්ලූකෝස් මට්ටම පාලනයේදී මෙම ද්‍රව්‍යයන් වෙන් කිරීමට හේතුවක් නොමැති බව සොයාගෙන ඇත. මේ හේතුවෙන් දියවැඩියාව ඇති පුද්ගලයින් තම ආහාරය සැකසීමේදී, කාබෝහයිඩ්‍රේට ගණනයක් සිදු කරයි. කෙසේ හෝ අධ්‍යයනවලින් සීනි හා කාබෝහයිඩ්‍රේට පරිභෝජනයන් මුඛ සෞඛ්‍යයට වන බලපෑම වෙනස් බව පෙන්වා දී ඇත. පිෂ්ඨමය ආහාර හා පලතුරු මඟින් දත් දිරා යාමට ඇතිවන බලපෑම අඩු ය.

තරබාරුකම හා දියවැඩියාව[සංස්කරණය]

සීනි හා දියවැඩියාව අතර සම්බන්ධ අධ්‍යයන අවිනිෂ්චිත වී ඇත්තේ සමහර පුද්ගලයින් වැඩිපුර ප්‍රමාණයක් සීනි ආහාරයට ගැනීමෙන් දියවැඩියාව ඇති වීමේ අවධානමක් ඇති නොවන බව පැවසීමෙනි. වැඩිපුර සීනි පරිභෝජනයෙන් වැඩිවන කැලරිවලින් ස්ථූලබවට පත් වී එයින් පරිවෘත්තීය රෝග හට ගනී. තවත් අධ්‍යයන ශෝධිත සීනි පරිභෝජනත හා දියවැඩියාව වැළඳීම අතර සම්බන්ධතාව සහ තන්තු ආහාරයට ගැනීමේ ප්‍රතිවිරුද්ධ බලපෑම පෙන්වයි. මෙයට 2010හේ අධ්‍යයන 11ක දත්ත අයත් වන අතර 310,819ක සහභාගිකරුවන් හා 2වන වර්ගයේ දියවැඩියා තත්ව 15,043ක් ඇතුලත්‍ ය. මෙයින් සීනි දැමූ පානයන්, පරිවෘත්තීය රෝග ලක්‍ෂණ හා 2වන වර්ගයේ දියවැඩියා ඇතිවීමේ අවධානම වැඩි බව සොයා ගෙන ඇත. මෙය තරබාරු බව වැඩි වීමට පමණක් නොව, ආහාර දිරවීමේ කාලය වැඩි වී, ඉන්සියුලින් අඩු වී, සෛල නිවැරදි පරිදි ක්‍රියා නොකිරීම හා දවිල්ල හා ඉඳිමුමට හේතු වේ. නිදන්ගත රෝග හා තරබාරුකමට හේතුවන පරිභෝජනයන් පිළිබඳ දළ විශ්ලේෂණයන්ට අදාළව ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිදහස් පශ්ච අධ්‍යයන, සීනි නොමැති (මොනොසැකරයිඩ හා ඩයිසැකරයිඩ දමා නිශ්පාදනය කරන, උයන හෝ පරිභෝජනය කරන, ස්වාභාවිකවම පැණිවල ඇති සීනි , සිරප හා පලතුරු යුෂ) හා සීනි ඇති ආහාර පිළිබඳ පැහැදිලිව දක්වා ඇත. 2000 වසරේ මුල් කාලයේ වාර්තා, සීනි නොමැති ආහාර සඳහා තිබිය යුතු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය 10%ක් ලෙස සීමා ඇති කලේය (ස්කන්ධය නොසලකා ශක්තිය පමණක් සලකමින්). 2002 සිට එය මුළු ජනගහනයෙන් 10%කට පැතිරවීම මෙහි අරමුණ විය. උපදේශණ කරක සභාව මෙහි අරමුණ මතභේදකාරී බව හඳුනාගත්තේ ය. කෙසේ හෝ උපදේශන සභාවේ අධ්‍යයන පෙන්වන පරිදි සීනි නොමැත්තන්ගේ බර ඉක්මවා යෑමේ බලපෑමක් නොමැති බව සැලකේ.

කන්තුක වාහිනී ආබාධ[සංස්කරණය]

සතුන් මත කරන ලද අධ්‍යයන කිහිපයක් පවසන පරිදි බොහෝ කාලයක් ශෝධිත සීනි පරිභෝජනය කිරීමෙන් පරිවෘත්තීය රෝග හා කන්තුක වාහිනී ආබාධ ඇතිවේ. සමහර විද්වතුන් පවසන පරිදි ශෝධිත ෆෲක්ටෝස්, ශෝදිත ග්ලූකෝස්වලට වඩා කන්තුක වාහිනී රෝග සඳහා බලපායි. හෘදයේ ක්‍රියාවලියට, කාබෝහයිඩ්‍රේට හා තන්තු සහිත ආහාරයකින් කාබෝහයිඩ්‍රේට සහිත ආහාරයකට මාරු වූ විට බාධා ඇති වේ. සන්තෘප්ත තෙල්වලින්, කාබෝහයිඩ්‍රේට වැඩි ආහාරවලින් අඩු වන අතර, වැඩි කාබෝහයිඩ්‍රේට ඇති ආහාරවලින් අඩු වීමක් සිදු නොවේ. මෙයින් පැවසෙන්නේ වැඩි ග්ලයිසමින් ප්‍රමාණයක් ඇති ආහාර පරිභෝජනයෙන් කිරීටක හෘද රෝග වැඩි වීමේ අවධානමක් ඇති බවයි.

සීනිවල එකතු කල පරිභෝජනය සහ යෞවනයන්ගේ හා වැඩිහිටියන්ගේ කන්තුක වාහිනී ආබාධ වැඩිවීම අතර ධනාත්මක සම්බන්ධයක් ඇත. අධ්‍යයනවලින් පවසන පරිදි ප්‍රසාදිත කබෝහයිඩ්‍රේට හෝ වැඩි ග්ලයිසමික් ප්‍රමාණයක් ඇති කබෝහයිඩ්‍රේට, කන්තුක වාහිනී ආබාධ සඳහා සන්තෘප්ත මේදයට වඩා වැඩි බලපෑමක් ඇති කරයි. වැඩිපුර සීනි ගැනීමෙන් ද (සුක්‍රෝස් හෝ ඩයිසැකරයිඩ) සැලකිය යුතු තරමින් කන්තුක වාහිනී හා හෘද රෝග වැඩි කරයි. ස්වීඩනයේ ලුන්ඩ් විශ්වවිද්‍යාල හා මැලමෝ විශ්වවිද්‍යල විසින් 4031ක පිරිසක් සහභාගි කරගෙන සිදුකරන ලද අධ්‍යයනයක් අනුව, සීනිවලින් ලේ තුල අනවශ්‍යය පරිදි වැඩි ලිපිඩ ප්‍රමාණයක්, සුළු හා මධ්‍යම අඩු ඝනත්ව ලිපොප්‍රෝටීනය වැඩි කිරීමට හා වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන අඩු කිරීමට සමත් වේ. එයට වෙනස්ව ආහාරයට ගත් මේදය, ලේවල මේද ප්‍රමාණයට බලපෑම් නොකරයි. සීමිත පරිමාණයක ඇල්කොහොල් හා ප්‍රෝටීන එකතු වීමෙන්, වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීනය සහිත මේද ප්‍රමාණය වැඩිකිරීමට හේතු වේ.

අල්ට්ස්හයිම රෝගය[සංස්කරණය]

අල්ට්ස්හයිම රෝගයට, අපරදිග ආහාර සමඟ සම්බන්ධතාවක් ඇති බව පවසේ. එම රෝග තත්ත්වය වැඩිපුර රතු මස්, සීනි ආහාර, වැඩිපුර මේද සහිත ආහාර හා ප්‍රසාදිත ධාන්‍ය ගැනීමෙන් ඇති වේ. ඩිමෙන්‍ෂියාව රෝගය සමහර විටමින් හා බෙහෙත් වර්ග ගැනීමෙන් සුව කල හැකි බවට මතයක් තිබුනද, සමහර අධ්‍යයන එයින් සතුටුදායක ප්‍රතිඵල නොලැබෙන බව පෙන්වා දේ.

ආහාර චක්‍රයේ රටා අධ්‍යයනයදී, සෑම ආහාර ගැනීමේ රටාවක්ම, අල්ට්ස්හයිම රෝගය ඇති මිනිසුන්ගේ හා නීරෝගී පුද්ගලයින්ගේ ප්‍රධාන ආහාර රටා සසඳමින් සිඳු කරයි. මෙම අධ්‍යයනය පෙන්වන්නේ අල්ට්ස්හයිම රෝගය ඇති වන්නේ විශාල ප්‍රමාණයෙන් මස්, බටර්, මේද වැඩි කිරි නිෂ්පාදන, ​බිත්තර හා ප්‍රසාදිත සීනි පරිභෝජනයෙන් බවයි. මෙයට සාපේක්‍ෂව එම රෝගය නොමැති පුද්ගලයින් වැඩිපුර ධාන්‍ය වර්ග හා එලවළු ආහාරයට ගනී.

එක් පරීක්‍ෂණයක් සාමාන්‍ය ආහාර වේලක් (ප්‍රෝටීන් 19%, මේද 5%, කාබෝහයිඩ්‍රේට 60%), ජලය 10%ක් හා අනෙකට සුක්‍රෝස් 10%ක් දමා පරීක්‍ෂා කළ විට, සීනි පරිභෝජනය අල්ට්ස්හයිම රෝගය සෑදීමට බලපෑම් කරන බව පැහැදිලි විය.

ඇසේ කහ ලපය විනාශ වීම​[සංස්කරණය]

මහලු වියේ සීනි පරිභෝජනය හා ඇසේ කහ ලපය විනාශ වීම අතර සම්බන්ධතාවක් පවතී.

දත් දිරායාම[සංස්කරණය]

දත් දිරායාමේ රෝගයට පිළියමක් ලෙස සීනි පරිභෝජනය, උපරිමය 10%ක් හා අවමය 0%ක් වන පරිදි ගන්නා ලෙස නියම කර ඇත. සාමාන්‍ය සීනි හා දත් දිරායාම අතර සම්බන්ධතාවය බැලීමට මිනිස් මැදිහත්වීමෙන් කර ඇති ඒත්තු ගැන්විය හැකි අධ්‍යයන, වසංගත රෝග පිළිබඳ අධ්‍යයන, සත්ත්ව අධ්‍යයන හා ප්‍රායෝගික අධ්‍යයන කර ඇත. අනෙකුත් සීනි (සංයුක්ත කාබෝහයිඩ්‍රේට) පරිභෝජනයෙන් සාමාන්‍යයෙන් ඇතිවන දත් දිරා යාමේ අවධානම අඩු බවත් පැවසේ. පාරම්පරිකව ෆෲක්ටෝස් අසහනය ඇති පුද්ගලයින් අතර දත් දිරා යාමේ රෝගය අඩුවෙන් දැමීමට ලැබේ.

මිනුම්[සංස්කරණය]

විවිධ වර්ගයේ සීනි වර්ග, අණුවල විවිධ ප්‍රමාණයන් හා අඩංගු තෙතමනයේ ප්‍රමාණය අනුව විවිධ ඝනත්වයන් ගනී..

ඩොමිනෝ සීනි ආයතනය පහත බර පරිවර්තනය සඳහා පහත ධාරිතා පිහිටුවා ඇත​.:

  • දුඹුරු සීනි කෝප්ප 1 = තේ හැඳි 48 ~ ග්‍රෑම් 195 = 6.88 oz
  • කැටිති සීනි කෝප්ප 1 = තේ හැඳි 48 ~ ග්‍රෑම් 200 = 7.06 oz
  • කුඩුකල සීනි කෝප්ප 1 = තේ හැඳි 48 ~ ග්‍රෑම් 120 = 4.23 oz

තොග ඝනත්වය​

  • ඩෙක්ස්ට්‍රෝස් සීනි 0.62 ග්‍රෑම්/මිලි ග්‍රෑම් ( = 620 කි.ග්‍රෑ  kg/m^3)
  • කැටිති සීනි 0.70 ග්‍රෑම්/මිලි ග්‍රෑම්
  • කුඩුකල සීනි 0.56 ග්‍රෑම්/මිලි ග්‍රෑම්
  • බීට් සීනි 0.80 ග්‍රෑම්/මිලි ග්‍රෑම්

මූලාශ්‍ර​[සංස්කරණය]

ඉංග්‍රීසි විකිපීඩියා විශ්වකෝෂය: ​ [Sugar]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සීනි&oldid=258639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි