සිලෝන්

විකිපීඩියා වෙතින්

සිංහල බසෙහි වදනක් නොවේ. නමුත් සිංහලයාට මෙන්ම සියළු ලාංකිකයන්ටම ඉතා වැදගත් වදනකි.
1815 මාර්තු මසදී එතෙක් සිංහලේ නම්වූ රාජ්‍ය්‍ය එක්සත් රාජධානියේ කොටසක් බවට පත්කරගන්නා ලදී. යටත් විජිතයේ එකම නිල බස ඉංග්‍රීසි වූ අතර රටේ නිල නාමය "බ්‍රිට්ශ් සිලෝන්" නම්විය. සිලෝන් යන්න සිංහලේ යන වදන ඉංග්‍රීස් උරුවට යොදාගනුලැබූවක් විය.
1948දී බ්‍රිට්ශ් සිලෝන් යටත්විජිතය එක්සත් රාජධානියෙන් පූර්ණ නිදහස ලබා ස්වෛරීය රාජ්‍යයක් බවට පත්විය. එනමුත් රාජ්‍යයේ එකම නිල බස තවදුරටත් ඉංග්‍රීසි පමනක්ම වූ අතර රටේ නිල නාමය "සිලෝන්" නම්විය. නිල නොවන ලෙස ලංකා වදන සිංහලයන් අතර භාවිතා වන්නට විය. මෙම තත්වය 1956 දක්වා පැවති අතර 1956 දී පනතක් මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වූ අතර රටේ නිල නාමය ලංකා බවට පත්විය. එනමුත් ඉංග්‍රීසි බස කථාකරන්නන් දිගටම සිලෝන් වදන භාවිතා කරන ලදී.
1972 දී ජනරජ ව්‍යවස්ථාවෙන් රටෙහි නම ශ්‍රී ලංකා ලෙස වෙනස්කරන ලදී.

ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න

"https://si.wikipedia.org/w/index.php?title=සිලෝන්&oldid=587875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි