සියැටල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මැතිතුමාගේ එකම ඡායාරූපය (1860 ගනන්වලදී)

සියැටල් (also Sealth, Seathl or See-ahth) (c. 1786 – June 7, 1866) was a leader of the Suquamish and Duwamish Native American tribes in what is now the U.S. state of Washington. A prominent figure among his people, he became a convert to Roman Catholicism and pursued a path of accommodation to white settlers, forming a personal relationship with David Swinson "Doc" Maynard. It was at Maynard's suggestion that Seattle, Washington was named after the Chief.

Chief Seattle is widely known for having supposedly given a speech in which he lamented the destructiveness of the white people. However, while he did give a speech in 1854, in which he thanked the U.S. president for buying his land, the widely circulated 'speech' which exists in various versions is a work of fiction written in 1971 by screenwriter and professor of film Ted Perry for the script of an ecological film Home, produced for the Southern Baptist Convention's Radio and Television Commission.[1]

ජීවන චරිතය[සංස්කරණය]

Chief Seattle was born around 1786 on Blake Island, Washington, and died June 7, 1866, on the Suquamish reservation at Port Madison, Washington (north of Bainbridge Island and east of Poulsbo). His father, Schweabe, was a leader of the Suquamish tribe, and his mother was Scholitza of the Duwamish.

Seattle earned his reputation at a young age as a leader and a warrior, ambushing and defeating groups of enemy raiders coming up the Green River from the Cascade foothills, and attacking the Chemakum and the S'Klallam, tribes living on the Olympic Peninsula. He was also a slave owner. He was very tall for a Puget Sound native at nearly six feet. He was also known as an orator, and his voice is said to have carried half a mile or more when he addressed an audience.

He married well, taking wives rom the village of Tola'ltu just southeast of Duwamish Head on Elliott Bay (now part of West Seattle). His first wife died after bearing a daughter. A second wife bore him sons and daughters. The most famous of his children was Princess Angeline. After the death of one of his sons, he sought and received baptism in the Roman Catholic Church, probably in 1848 near Olympia, Washington. His children were also baptized and raised in the faith, and his conversion marked his emergence as a leader seeking cooperation with incoming American settlers.[2]

ඒක්සත් ජනපද ජනපතිට යැවූ ලිපිය (1854)[සංස්කරණය]

(ඒක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරයා රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය වාර්තාව ගැන කළ ප්‍රකාශය)

වොෂින්ටන් නුවර ඉන්න මහ ලොක්කා අපේ ඉඩම් මිලයට ගන්න සතුටුයි කියල දන්නල එවල තියෙනව. ඒක බොහොම කරුණාවන්ත ක්‍රියාවක්. මන්දැයි ,අපේ යාළුකමෙන් උන්නැහේට වැඩක් නැති එක අප දන්න නිසා. ඒ වුණත් අපි ඔබේ යෝජනාව ගැන සලකා බලනවා. මොකද අපි අපේ ඉඩම් විකුණන්නෙ නැත්නම් , සුදු මිනිහ තුවක්කු අරගෙන ඇවිත් අපේ ඉඩම් ගන්න බව අපි දන්නවා.

අහස මහ පොළොවෙ උණුසුම මිලයට ගන්නෙවත් විකුණන්නෙවත් කොහොමද ? ඒක අපට නුහුරු අදහසක්. වාතයේ තියෙන නැවුම් ගතියත් ජලයෙ තියෙන දිදුලන ගතියත් අපට අයිති දේ නොවේ නම් ඒවා කොහොමද මිලයට තන්නෙ.

මේ මහ පොළොවෙ හැම කොටසක්ම මගේ ජනතාවට අති පාරිශුද්ධයි. මගේ ජනතාව හැම දිලිහෙන පයින්කූරක්ම, හැම වැලි වෙරලක්ම, අන්ධකාර වනාන්තරයේ හැම මීදුම් පටලයක්ම, හැම එලිමහනක් රූං රූං ගාගෙන එන හැම මැසි මදුරුවෙක්ම සිහිපත් කරන්නේ, අත්දැක තියෙන්නෙ අති පාරිශුද්ධ හැටියටයි. ගස් පුරා ගලා යන යුෂ මගින් ගෙනියන්නේ රතු මිනිහාගේ මතක සටහන්ය . සුදු මිනිහගෙ මළවුන් තරු අතර හැසිරෙන්න ගියාම උන්ට උන්ගෙ උපන් බිම අමතක වෙනව. මේ ලස්සන පොළොවෙ රතු මිනිහගෙ මාතාව නිසා අපේ මළවුන්ට ඒ පොළොව අමතක වෙන්නෙ නැහැ අපි පොළොවෙ කොටසක්. පොළොව අපේ කොටසක්. සුවද කැවුණු මල් අපේ සහෝදරියෝ. ගල්කුළු, තණ බිමේ යුෂ , අශ්ව නාම්බගේ ඇගේ උණුසුම, මිනිහ කෝකත් එකම පවුලටයි අයිති.

ඉතින් වොෂින්ටන් නුවර ඉන්න මහ ලොක්කා අපේ ඉඩම් මිලයට ගන්න කැමැත්තෙන් ඉන්නවයි කියල කියනකොට අපෙන් ඉල්ලන්නෙ දෙන්ඩ බැරි දෙයක්. මහ ලොක්කා දන්නල එවල තියෙනවා අපට සුව පහසු ඇතුව ජීවත් වෙන්න අපට වෙන් කරපු තැනක් දෙනවයි කියල. උන්නැහෙ අපට තාත්තෙක් වෙනවලු. අපි උන්නැහේගේ දරුවො වෙනවලු. ඒ හින්ද අපේ ඉඩම් මිලයට ගන්න කරපු යෝජනාව අපි සලකා බලමු. හැබැයි ලේසි පාසු වැඩක් වෙන්නෙ නැහැ. මොකෝ මේ භූමිය අපට ශුද්ධ භූමියක්.

ඇළ දොළ, ගංගාවල ගලා බහින ජලය නිකම්ම වතුර නෙමේ. අපේ මුතුන් මිත්තන්ගේ ලේ. අපි තමුන්නාන්සෙට ඉඩම් වික්කොත් ඒ ඉඩම් අති පාරිශුද්ධ කියන එක තමුන්නාන්සේ මතක තියා ගන්න ඕනෑ. ඒ වගේම තමුන්නාන්සේගේ දරුවන්ටත් උගන්නල දෙන්ඩ ඕනෑ ඒවා පාරිශුද්ධ බව. පැහැදිලි ජලයේ පිළිඹිඹු වී පෙනෙන හැම ඡායාවකින්ම කියාපාන්නෙ මගේ ජනතාවගේ ජීවිතයේ ඒ ඒ සිද්ධි හා මතක සටහන් බව. ජලය මුහුණන කොට ඇහෙන්නෙ මගේ අප්පච්චිගේත් අප්පච්චිගෙ කටහඩයි. . ගංගා අපේ සහෝදරයෝ. අපේ පිපාසය නිවන්නෙ ගංගා. ගංගා තමයි අපේ ඔරු ගෙනියන්නෙ. අපේ දරුවන්ට කන්න දෙන්නෙ අපි අපේ ඉඩම් තමුන්නාන්සෙට වික්කොත් තමුන්නාන්සෙ මතක තියාගන්ඩ ඕනෑ. ඒ වගේම තමුන්නාන්සෙගෙ දූ

දරුවන්ටත් උගන්නා  දෙන්ඩ ඕනෑ ගංගා අපෙත් තමුන්නාන්සෙලාගේත් සහෝදරයෝයි කියන එක එතැන් පටන් සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට දක්වන්න  ඕනෑ.

උදා හිරු ළගා වෙනකොට මීදුම පසු බහින විදියට රතු මිනිහත් හැම විටම සුදු මිනිහා ඉදිරියේ පසුබැස්සා. ඒත් අපේ මුතුන්මිත්තන්ගේ අළු අපට පාරිශුද්ධයි. ඒ ගොල්ලන්ගෙ සොහොන් ශුද්ධ භූමි. ඒ නිසා මේ කදු , මේ ගස් , මහ පොළොවේ මේ බිම් කොටස අපට කැප කෙරුණු දේ.

අපේ ගති පැවතුම් සුදු මිනිහා රාත්‍රියේ ඇවිත් තමන්ට ඕනෑ දේ පොළොවෙන් ලබා ගන්න ආගන්තුකයෙක් නිසා ඒ මිනිහට කොයි භූමියත් එකයි. පොළොව එයාගෙ සහෝදරයෙක් නෙමේ. සතුරෙක් එක තැනක ජයගත්තායින් පස්සෙ තවත් තැනකට යනව. එයා යන්නෙ එයාගෙ මුතුන් මිත්තන්ගෙ සොහොන් අත්හැර දමල. කිසිම කැක්කුමක් නැතුව එයා එයාගෙ දරුවන්ගෙන් පොළොව පැහැරගෙන යනව. එයා එයාගෙ මුතුන් මිත්තන්ගෙ සොහොන්, දරු මුණුබුරන්ගෙ ජන්ම උරුම අමතක කර දානව. එයා එයාගෙ මෑණියන් වහන්සේ වන මහපොළොවත් එයාගෙ සහෝදරයා වන ආකාසයත් සලකන්නෙ බැටළුවන් වගේ, එහෙමත් නැත්නම් දිලිහෙන පබළු වගේ සල්ලිවලට ගන්ඩත්, පැහැර ගන්ඩත්, විකුණන්ඩත් පුළුවන් දේ හැටියටයි. ඒ කෑදරකම මහපොළොව ගිලගෙන කාන්තාරයක් ඉතුරු කර දේවි. සරසර හඩ මම දන්නෙ නැහැ ,අපේ ගති සිරිත් තමුන්නාන්සේලා ගේ සිරිත්වලට වඩාවෙනස්. තමුන්නාන්සේලාගේ නගර දැක්ම රතු මිනිස්සුන්ගෙ ඇස්වලට කදුළු එනවා. සමහර විට රතු මිනිහා මිලේච්ඡයෙක් නිසා ඔය දේ නොතේරෙන නිසා වෙන්ඩ ඇති. සුදු මිනිහගෙ නගරවලට නිස්කලංක තැනක් නැහැ වසන්ත කාලෙ ගස්වල කොළ දිග ඇරෙන සද්දෙට පොඩි පොඩි සතුන්ගෙ සර සර සද්දෙට කන්දීගෙන ඉන්ඩ තැනක් නැහැ. මට මේක නොතේරෙන්නෙ සමහර විට, මම මිලේච්ඡයෙක් නිසා වෙන්ඩැති. ගෝසාව මට දැනෙන්නෙ කන් දෙකට නිග්‍රහ කරන්නා වගේ.

උලලේනියගේ වැළසුම් හඩක්වත්, විල වටා නැගෙන ගෙම්බන්ගෙ වාද විවාද වලටත් රෑ කාලෙ ඇහුම්කන් දෙන්ඩ බැරි මිනිහගෙ ජීවිතයෙන් ඇති පලේ මොකක්ද? මම රතු මිනිහෙක්, මට තේරෙන්නෙ නැහැ. විල් ජලය පිසගෙන හමන සුළගේ නාදෙටත්, දහවල් වැස්සෙන් පිරිසිදු වුණු එසේත් නැත්නම්, පයිනොන් පයින් සුවදින් සුවදවත් වුණු ඒ සුළගේ සුවදටත් රතු ඉන්දියානු මිනිහා ප්රිඒය කරනව. රතු මිනිහට වාතය බොහොම වටිනව මන්දැයි කීවොත්, හැමදෙයක්ම ගහකොල, වන මෘඝ, මනුෂ්‍ය හැමෝම හුස්ම ගන්නෙ එකම වාතය ගැන සුදු මිනිහට දැනුමක් වත් නැතුවා වගෙයි. දවස් ගණනක් තිස්සේ පණ අදින මිනිහෙක් වගේ එයාට ගද සුවද දැනෙන්නෙ නැහැ.

හැබැයි අපි අපේ ඉඩම් තමුන්නාන්සෙට වික්කොත්, වාතය අපි බොහොම අගේ කරන දෙයක් බවත්, ඒකෙන් පණ රැක දෙන හැම දෙයක් එක්කම ඒ ජීව වායුව බෙදාගෙන තියෙන බවත් අමතක නොකරන්ඩ ඕනෑ. අපේ මුත්තාට මුලින්ම හුස්ම දුන්න සුලග තමයි උන්දෑගෙ අන්තිම හුස්ම භාර ගන්නෙත්. අපේ දරුවන්ටත් ඒ ජීව වායුව සුළගෙන් ලැබෙන්ඩ ඕනෙ. ඒ වගේම, අපේ ඉඩම් තමුන්නාන්සේට අපි වික්කොත්, ඒව වෙන් කරල ශුද්ධ භූමි හැටියට, තණ බිමේ මල් වලින් සුවද වුණු පවන් සුවද විදින්නට සුදු මිනිහටත් ගිය හැකි තැන් හැටියට, තියාගන්ඩ ඕනෑ.

ඉතින් අපේ ඉඩම් මිලයට ගන්ඩ කරපු ඉල්ලීම අපි සලකල බලන්නම් ඒ ඉල්ලීම පිළිගන්ඩ අප තීරණය කළොත්, එක කොන්දේසියක් පනවන්ඩ තියෙනවා. සුදු මිනිහා මේ භූමියේ ඉන්න සත්තු තමන්ගේ සහෝදරයෝ හැටියට සලකන්ඩ ඕනෑ මම මිලේච්ඡයෙක් ඒ නිසා, මට ඕක වෙන විදියකට තේරෙන්නෙ නැහැ. කෝච්චියක යන ගමන් සුදු මිනිහ වෙඩි තියල මරලාදාපු දහස් ගණන් මීමුන්ගේ කුණු වුණු මළ සිරුරු මම තණබිම්වල දැකල තියෙනවා. අපට ජීවත් වෙන්ඩ වුවමනා නිසාම විතරක් අපි මරණ මීමුන්ට වැඩියෙ ඔය දුම්දාන යකඩ අශ්වයා වැදගත් වෙන්නෙ කොහොමද කියන එක මිලේච්ඡ මට නම් තේරෙන්නෙ නැහැ. අපි අපේ දරුවන්ට ඉගැන්නුවා වගේ තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ දරුවන්ට උගන්නන්ඩ ඕනෑ. පොළොව අපේ මෑණියන් වහන්සේ බව. පොළොවට යමක් සිද්ධ වුණොත් පොළොවේ පුතුන්ටත් ඒකම සිද්ධ වෙනව. පොළොවට කෙළ ගහන මිනිස්සු තමන්ටමයි කෙළ ගහ ගන්නෙ. මේ දේ අපි දන්නව. පොළොව මිනිහට අයිති නැහැ. මිනිහ පොළොවට අයිතියි. මේක අපි දන්නව. හැමදෙයක්ම එකිනෙකට සම්බන්ධයි. හරියට ලේ බැම්මෙන් බැදුණු පවුලක් වගේ හැමදෙයක්ම එකිනෙකට සම්බන්ධයි. පොළොවට යමක් වුණොත් පොළොවෙ පුතුන්ටත් ඒකම වෙනව. ජීවිතයයි කියන දැල විව්වෙ මිනිහ නෙමේ. මිනිහ ඒ දැලේ එක නූල් පටක් විතරයි. මිනිහ දැලට කරන දේ තමාටම කර ගන්න දෙයක්. අයිතිය ඒ කොහොම වුණත් මගේ ජනතාවට තමුන්නාන්සේ වෙන් කර තියෙනවයි කියන වාස භූමියට යන්ඩ කියල කරන ඉල්ලීම අපි සලකා බලනව. අපි වෙන්වී සාමයෙන් ජීවත් වෙන්නම්. අපේ ඉතිරි කාලෙ කොහේ ගත කෙරුවත් වෙනසක් නැහැ. තමන්ගෙ අප්පච්චිල පරාජයෙන් දණ ඇණ හිටි විදිහ අපේ දරුවො

දැකල තියෙනවා අපේ රණසූරයෝ ලජ්ජා විදල තියෙනව. පැරදුනායින් පස්සෙ, දැන් ඒ උදවිය දවස් ගෙවන්නෙ කාලෙ කකා , රස කෑම වලිනුත් සැර බීමවලිනුත් ශරීර බාල්දු කරගෙන. අපේ ඉතුරු දවස් ටික කොහේ ගත කෙරුවත් දැන් කාරියක් නැහැ. ඒක ඒ තරම් කාලෙකුත් නෙමේ. තව පැය කීපයක්, හේමන්ත ඍතු කිහිපයක් ගත වේවි. ඊට පස්සෙ, තමුන්නාන්සේලා වගේම බලවත් තමුන්නාන්සේලාට වගේම බලාපොරොත්තු තිබුණු ජනතාවකගේ සොහොන් මත වැළපෙන්ඩ මේ පොළොව කලක් සැරිසැරූ ඒ මහා ගෝත්‍රවල දරුවෝ, අදත් තවම වන රොදවල සැරිසරන පොඩිපොඩි කණ්ඩායම් වල දරුවෝ කිසිකෙනෙක් නොඉදීවි. එක දෙයක් අපි දන්නව. කවද හරි සුදු මිනිහට ඒක හෙලි කරගන්ඩ ලැබේවි. අපේ දෙවියන්වහන්සේත් ඒ දෙවියන්වහන්සේමයි. අපේ ඉඩකඩම් අයිති කරගන්ඩ දැන් කැමැත්තක් දක්වනව වගේම ඒ දෙවියන් වහන්සේත් තමුන්නාන්සේලාට අයිති කියල දැන් හිතෙනවඇති. නමුත් ඒක කරන්ඩ ලැබෙන්නෙ නැහැ උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ දෙවියන් වහන්සේයි. උන්වහන්සේගේ කරුණාව රතු මිනිහාටත් සුදු මිනිහටත් එක වගෙයි.

Footnotes[සංස්කරණය]

තවදුරටත්[සංස්කරණය]

References[සංස්කරණය]

  • Murray Morgan, Skid Road, 1951, 1960, and other reprints, ISBN 0-295-95846-4
  • William C. ("Bill") Speidel, Doc Maynard, The Man Who Invented Seattle, Nettle Creek Publishing Company, Seattle, 1978.
  • Chief Seattle's Speech, HistoryLink.org, introduction by Walt Crowley, June 28, 1999, revised by Greg Lange and Priscilla Long, January 12, 2001, accessed July 21, 2005.
"http://si.wikipedia.org/w/index.php?title=සියැටල්&oldid=248068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි