සිද්ධ යකඩ

විකිපීඩියා වෙතින්
අයිෆල් කුළුණ ගොඩනගා ඇත්තේ, සිද්ධ යකඩ වර්ගයක් වන ඇළලූ යකඩ භාවිතයෙනි

සිද්ධ යකඩ යනු, චීනචට්ටි වල කාබන් අන්තර්ගතයට (2.1% සිට 4%) හාත්පසින් වෙනස්, ඉතා අඩු කාබන් අන්තර්ගතයක් (0.04 සිට 0.08%) සහිත යකඩ මිශ්‍ර ලෝහයක් වන අතර, ලෝබොර නමින් හැඳින්වෙන තන්තුමය අන්තර්ගත බරෙන් 2% දක්වා එහි අඩංගු වෙයි. යකඩ සහ ලෝබොර අන්තර්ගතයන්ගේ අඩ-විලීන ස්කන්ධයක් වන එය, නිරේධනය කල විට හෝ විකල ලක්ෂ්‍යය දක්වා නැවූ විට හෝ, ලී වල දක්නට ලැබෙන වැනි "කණිකා" රටාවක් පෙන්නුම් කරයි. සිද්ධ යකඩ, දැඩි, ආහන්‍ය, තන්‍ය සහ පහසුවෙන් පෑස්සිය හැකි වෙයි. වානේ නිෂ්පාදනයෙහි කාර්යසාධක ක්‍රම ප්‍රවර්ධනය කිරීමට පෙර හා විශාල ප්‍රමාණයන්ගෙන් වානේ තොගයන් අත තිබීමට ප්‍රථම, වඩාත් සුලබ ආහන්‍ය යකඩ වර්ගය වූයේ සිද්ධ යකඩ වෙයි. වානේ බවට ප්‍රසාදනය කෙරුමට අමු ද්‍රව්‍යයක් ලෙසින් සිද්ධ යකඩ ප්‍රමාණවත් තරමක් භාවිතා කරන ලද අතර, එය ප්‍රධාන වශයෙන් භාවිතා කෙරුණේ කඩු, හැඳි ගෑරෙප්පු, නියන, පොරෝ සහ අනෙකුත් තියුණු මුවහතැති ආයුධ මෙන්ම දුනු සහ පීරී තැනීමටය. යකඩ-ආවරණිත යුද්ධනැව් සහ දුම්රිය මාර්ග භාවිතයට ගැනුමත් හා සමගම, සිද්ධ යකඩ සඳහා ඉල්ලුම කූටප්‍රපාප්ත වූයේ 1860 ගණන් වලදී වන අතර, මෘදු වානේ වල භංගූරභාවය වැනි තත්ත්වය පිළිබඳ ගැටළු විසඳාගෙන එහි මිල අඩුවී පුළුල් ලෙසින් සපයාගත හැකිවූ විට සිද්ධ යකඩ වල පරිහානිය ඇතිවිය.

ඒවා මෘදු වානේ වලින් තැනීම ඇරඹීමට පෙර, බොහෝ දේවල්, සිද්ධ යකඩ වලින් තැනුනු අතර, ඒවා අතර මිටියම්, ඇණ, කම්බි, දම්වැල්, පීලි, දුම්රිය ඈඳුම්, ජල සහ හුමාල නල, මුරිච්චි, පොට ඇණ, අශ්ව ලාඩම්, අත් වැල්, දැවමය පියසි රාමු සැකිලි සඳහා තහඩු සහ, විසිතුර යකඩ වැඩ වූහ.[1]

වාණිජ පරිමාණයෙන් සිද්ධ යකඩ තවදුරටත් නිපදවනු නොලැබේ. සිද්ධ යකඩ වලින් තැනී යැයි විස්තර කෙරෙන, නිරාපද පීලි, උද්‍යාන භාණ්ඩ[2] සහ ගේට්ටු වැනි නිෂ්පාදියන්, සදනු ලබන්නේ මෘදු වානේ වලිනි.[3] එම විස්තරය තවම ඒවා සඳහා භාවිතා කෙරෙන්නේ, ඒවා තැනීම සිද්ධ කෙරෙන්නේ (සාදන අන්දම) අතින් බැවිනි.[4]

නාමකරණය[සංස්කරණය]

"සිද්ධ" යන වචනය, "වැඩ කිරීම" වන ක්‍රියාපදයෙහි පුරාතන අතීත කාල කෘදන්තය වන අතර, එබැවින් "සිද්ධ යකඩ " යන්නෙහි වචනාර්ථය වන්නේ "වැඩ සිදුකල යකඩ" වෙයි. සිද්ධ යකඩ යනු, භාණ්ඩය සඳහා පොදු නාමයක් වන නමුදු, ලෝකුරුවෙකු හෝ අනෙකුත් ආචාරියෙකු විසින් නිපැයුනු, නිමාවට පත් යකඩ භාණ්ඩ සඳහාද භාවිතා වෙයි. සිද්ධ යකඩ මෙන් නොව, චීනචට්ටි, භංගූර වන අතර සහ උණු හෝ සිසිල් හෝ තත්ත්වයෙන් එය භාවිතයෙන් කර්මාන්ත කල නොහැක. මිටියකින් පහරදුනහොත් චීනචට්ටි බිඳී යෑ හැක.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ගෝර්ඩන්, රොබට් බී (1996), ඇමරිකන් අයන් 1607–1900, බැල්ටිමොර් සහ ලන්ඩනය: ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ISBN 0-8018-6816-5<Some but not all of these items mentioned.>{{citation}}: CS1 maint: postscript (link)
  2. "රොට් අයන්: අ පටියෝ ෆර්නිචර් ඩ්‍රීම්". cnet reviews. http://www.patioset.com/Wrought_Iron_Patio_Sets/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-29. 
  3. Daniel, Todd (May 3, 1997), ක්ලියරිං ද කන්ෆියුෂන් ඕවර් රොට් අයන්, http://www.artmetal.com/project/NOMMA/WROUGHT.HTM, ප්‍රතිෂ්ඨාපනය 2014-09-13 
  4. ඩැනියෙල්, ටොඩ් (මැයි 3, 1997), ක්ලියරිං ද කන්ෆියුෂන් ඕවර් රොට් අයන්, http://www.artmetal.com/project/NOMMA/WROUGHT.HTM සංරක්ෂණය කළ පිටපත 2012-07-18 at archive.today, සම්ප්‍රවේශය 2008-01-05

භාහිර සබැඳි[සංස්කරණය]

  • සිද්ධ යකඩ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධ_යකඩ&oldid=593758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි