සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්තිය

විකිපීඩියා වෙතින්
1894 මාර්තු 22 දින සිදුවූ බුද සංක්‍රාන්තිය ස්ටෙලාරියම් වෙතින් විඩම්බනය කොට

සූර්ය මණ්ඩලය හරහා සිදුවන හා සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්තියක් සිදු වන්නේ, සූර්යයා සහ සිකුරු අතරින් බුද ග්‍රහයා සෘජු ලෙසින් ගමන් කරමින්, සිකුරු ග්‍රහයා මත සිටින නිරීක්ෂකයෙකුට සූර්ය මණ්ඩලයෙහි කුඩා කොටසක් සඟවන විටදීය. සංක්‍රාන්තියක් සිදුවන විට, සිකුරු මත සිට බුද දිස්වන්නේ සූර්ය පෘෂ්ඨය මත ගමන් කරන කුඩා කළු පැහැ කවයක් ලෙසිනි. මධ්‍යය හරහා සිදුවන සංක්‍රාන්තියක් පැය 8 ක් පුරා පැවතිය හැකි වුවද, වර්තමානයේ සිදුවන සංක්‍රාන්තීන් පැය 7 ක් ඉක්වන්නේ කලාතුරකිනි (අවසන් වරට එය සිදු වූයේ 1899 දී වන අතර, ඊළඟට සිදුවන්නේ 2064 වසරෙහිදීය).

සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්තීන් සිදුවන්නේ අක්‍රමවත් ආකාරයෙනි: සමහරවිට දශකයකට කිහිපයක් සිදුවන අතර, අනෙකුත් අවස්ථා වලදී විශාල පරතරයන් දක්නට ලැබේ. සමස්ත වාර ගණන පෘථිවිය සිට දිස්වන බුද සංක්‍රාන්තියේ වාර ගණනට වඩා අඩු වෙයි.[1]

විය යුතු ලෙසින්ම, සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්තියක් කිසිවකු විසින් කිසි කළෙක දැක නැත.

බුද-සිකුරු සංගම කාලාවර්තය දින 144.5662 කි. 1/(1/P-1/Q) යන සූත්‍රය භාවිතයෙන් එය ගණනය කළ හැකි අතර, මෙහි P යනු බුද ග්‍රහයාගේ කක්ෂීය කාලාවර්තය (දින 87.968435) වන අතර Q යනු සිකුරු ග්‍රහයාගේ කක්ෂීය කාලාවර්තය (දින 224.695434) වෙයි.

සිකුරු ග්‍රහයාගේ කක්ෂ තලයට සාපේක්ෂව බුද ග්‍රහයාගේ කක්ෂයේ ආනතිය 4.33° වන අතර, පෘථිවියෙහි කක්ෂතලයට සාපේක්ෂ එහි අගය වන 7.00° ට වඩා එය අඩු වෙයි.

1894, මාර්තු 22 දිනදී සිදුවුනු සංක්‍රාන්තිය, විශේෂ වැදගත් කමක් උසුලනුයේ, 21 දිනදී එය ඇරඹෙන විට, සෙනසුරු සිට දිස්වන සිකුරු සහ බුද සංක්‍රාන්තීන්ද දර්ශනය වෙමින් පැවැති නිසාය. කෙසේවෙතත්, සංක්‍රාන්තීන් තුන අතර උපරිපතනයක් සිදුනොවීය.

ආස්පර්ශ සංක්‍රාන්ති[සංස්කරණය]

සමහරවිට සංක්‍රාන්තියකදී බුද විසින් සූර්යයා විෂයයෙහි ආස්පර්ශයක් පමණක් සිදු කරයි. මෙම අවස්ථාවෙහිදී සිකුරු ග්‍රහයා මත සමහර ප්‍රදේශ වලදී සම්පූර්ණ සංක්‍රාන්තියක් නැරඹීමටද අනෙකුත් ප්‍රදේශ වලදී අර්ධ සංක්‍රාන්තියක් නැරඹීමටද හැකිවනු ඇත (දෙවන හෝ තෙවන ස්පර්ශවීම් නොමැත). 1344 ඔක්තොම්බර් 25 දින සිදුවූ සංක්‍රාන්තිය එවැන්නකි. ඊළඟ එවැනි සංක්‍රාන්තිය සිදුවන්නේ 2387, ජනවාරි 1 දිනදීය.

සිතුරු ග්‍රහයා මත සමහර කොටස් වලදී බුද සංක්‍රාන්තිය අර්ධ සංක්‍රාන්තියක් ලෙසින්ද, අනෙකුත් කොටස් වලදී බුද විසින් සූර්යයා අතහැරෙන ලෙසින්ද සිදු විය හැක. එවැනි සංක්‍රාන්තියක් අවසන් වරට සිදුවූයේ 1027, මැයි 21 දිනදීය. ඊළඟ එවැනි සංක්‍රාන්තිය සිදුවන්නේ 3168, අප්‍රේල් 30 දිනදීය.

අතීත සහ අනාගත සංක්‍රාන්ති[සංස්කරණය]

සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්ති
1971, ජූනි 11
1976, දෙසැම්බර් 25
2005, නොවැම්බර් 17
2007, ජූනි 4
2011, ජූනි 3[2]
2012, දෙසැම්බර් 18
2016, දෙසැම්බර් 17
2022, ජූලි 2
2028, ජනවාරි 16
2033, අගෝස්තු 1
2058, ජූනි 24
2062, ජූනි 24
2064, ජනවාරි 9
2068, ජනවාරි 8
2069, ජූලි 25
2073, ජූලි 23
2079, පෙබරවාරි 6
2084, අගෝස්තු 22

මෙයද බලන්න[සංස්කරණය]


ආශ්‍රිත[සංස්කරණය]

  1. වෝකර්, ජෝන්. "ක්වාටර් මිලියන් ඉයර් කැනන් ඔෆ් සෝලර් සිස්ටම් ට්‍රාන්සිට්ස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2011.
  2. "ට්‍රාන්සිට් ඔෆ් ද සන් බයි මර්කරි ෆ්‍රොම් ද සෙන්ටර් ඔෆ් වීනස්". ජේපීඑල් සෝලර් සිස්ටම් සිමියුලේටර්. 2011-ජූනි-03 08:37 UT (SOT=0.192). සම්ප්‍රවේශය 2008-06-09. {{cite web}}: Check date values in: |date= (help); External link in |publisher= (help) (සංක්‍රාන්තියේ කෙළවර)

බාහිර සබැඳි[සංස්කරණය]