සිකුරු සංක්‍රාන්තිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


The sun in orange, as seen from the visible spectrum, with Venus in the top left quadrant.
අඛණ්ඩව දර්ශනය වන වර්ණාවලිය .
2012 සිකුරු සංක්‍රාන්තියේ ව්‍යාජ වර්ණ පාරජම්බුල සහ දර්ශිත වර්ණාවලියේ නිරුපණයක්. නාසාහි සුර්ය ගති විද්‍යා ග්වේෂනාගාරයෙන් ලබාගත්තකි.


සිකුරු සංක්‍රාන්තියේදී සිදු වන්නේ සිකුරු ග්‍රහලෝකය සූර්යයා වටා පරිභ්‍රමණය වීමේදී සූර්යයා සහ පෘථිවිය(හෝ වෙනත් ග්‍රහලෝකයක්) අතරට එය පැමිණීමයි. මෙහිදී සුර්යාට එදිරිව සිකුරු පැමිණීම දැක ගත හැකි වේ. පරිභ්‍රමණය අතර තුළ හිරු තුළින් ගමන් කරන කුඩා කළු පැහැති තැටියක් ආකාරයට සිකුරු පෘථිවියට දර්ශනය වේ. සාමාන්‍යයෙන් සංක්‍රාන්ති කාල සීමාව මනිනු ලබන්නේ පැය වලිනි. (2012 සිදු වූ අවසන් සංක්‍රාන්තියට ගත වූ කාලය පැය හයයි මිනිත්තු හතලිහයි ). මෙම සංක්‍රාන්තිය චන්ද්‍රක්ග්‍රහනයකට සමානකම් දක්වයි. සිකුරුගේ විශ්කම්භය සඳ මෙන් තුන් ගුණයක් වුවද එය දිස් වන්නේ කුඩාවට වන අතර සූර්යා වටා ගමන් ගන්නේද සෙමිනි. එය පිහිටා තිබෙන්නේ පෘථිවියට සිට වඩා දුරින් වීම ඊට හේතුවයි.

සිකුරු සංක්‍රාන්ති සංසිද්ධිය තාරකා විද්‍යාවේ දුර්ලභ සිදුවීමකි. [1]මෙම සංසිද්ධිය සෑම අවුරුදු 243 කට වරක් යුගල වශයෙන් අවුරුදු අටක් වෙන් වෙන්ව අවුරුදු 121.5 සහ අවුරුදු 105.5 වැනි විශාල පරතරයක් ඇතිව සිදු වේ. මෙම ආවර්ථිතාව පෘතුවියේ සහ සිකුරුගේ කක්ෂ එකිනෙකට 8:13 සහ 243:395 ප්‍රමාණයකින් ආසන්න වීම හේතුවෙන් පිළිඹිබු වේ.[2] [3]

අවසන් වරට සිකුරු සංක්‍රාන්තියක් දැක ගත හැකි වූයේ 2012 ජූනි 5 හෝ 6 හෝ දිනදීය. එය විසි එක් වන සියවසේ අවසන් සංක්‍රාන්තියයි. ඊට ප්‍රථම සන්ක්‍රාන්තිය සිදු වූයේ 2004 ජුනි අට වනදාය. ඊටත් ප්‍රථම සංක්‍රාන්ති යුගල සිදු වී ඇත්තේ 1874 සහ 1882 දීය. මීලඟ සංක්‍රාන්තිය 2117 දෙසැම්බර් 10,11 හෝ 2125 දෙසැම්බර් මස හෝ දැක ගත හැකි වේ යයි අනුමාන කෙරෙයි. සිකුරු සංක්‍රාන්තිය ඓතිහාසික සහ ඉතා උසස් වැදගත් කමකින් හෙබියි.[4] [5][6]මන්දයත් සූර්ය පද්ධතියේ විශාලත්වය පිළිබඳ තාත්වික ඇස්තමේන්තුවක් සැකසීමට එය භාවිත කළ හැකිය. 2012 සංක්‍රාන්තිය විද්‍යාඥයන්ට බොහෝ ගවේෂණ අවස්ථා සඳහා මං පාදා ඇත. එමෙන්ම ප්‍රධාන වශයෙන් ප්‍රසාධන ක්‍රියාවලියේදී තාක්ෂණික ක්‍රම සොයා ගැන්මටද එය උදව් වේ.

සංගමනය[සංස්කරණය]

සිකුරු සංක්‍රාන්තියේ දළ රූ සටහනක් සහ සිකුරු සහ පෘතුවියේ කක්ෂ ආනතිය

සිකුරුගේ කක්ෂය පොළවට සාපේෂව අංශක 3.4 ක් ආනතය. සාමාන්‍යයෙන් අපට එය දිස් වන්නේ සිකුරු සූර්යයාට පහළින්(හෝ ඉහළින්) පහත් සංගමනයකදී[7] පසුකරන ආකාරයටයි. සංක්‍රාන්තිය සිදුවන්නේ සිකුරු ග්‍රහයා හිරු හෝ හිරු අවට ඇති වෙනත් ග්‍රහවස්තුවක් සමඟ සංගමනයකට ළඟා වීමෙනි. සිකුරු පෘතුවියේ කක්ෂය හරහා ගමන් කරන(කක්ෂ තලය )දිස් වන්නේ එක එල්ලේම හිරු හරහා යන ආකාරයටයි. එහෙත් මෙම ග්‍රහලෝකවල කක්ෂ අතර ආනතිය අංශක 3.4ක් පමණ වේ. සිකුරු හිරුගෙන් අංශක 9.6ක් ඈත් වන නමුත් පෘතුවියට දිස් වන්නේ එය පහළ සංගමනයේ ඇති විටය. [8]හිරුගේ කෝණික විෂ්කම්භය අංශකයකින් අඩක් පමණ වන නිසා සිකුරු හිරුට ඉහළින් හෝ පහළින් සූර්ය විෂ්කම්භ 18කට වඩා සාමාන්‍ය සංගමනයකදී ගමන් කරයි.[9]

නිරීක්ශණ ඉතිහාසය[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

Cuneiform clay tablet of observations
"අමිසදක්වල සිකුරු ඵලකයජෝතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබඳ පුර්ව අනාවැකි කිව හැකි මැටි ඵලකය

ආදිකාලීන ඉන්දීය, ග්‍රීක, ඊජිප්ත්තු, බැබේලියානු සහ චීන ගවේශකයන් සිකුරු ග්‍රහයා පිළිබද හැඳීන සිටි අතර එහි චලනයන් පිළිබදව වාර්ථා කර ඇත. අතීත ග්‍රීක තාරකා විද්‍යාඥයන් සිකුරු ග්‍රහයා නම් දෙකකින් හඳුන්වන ලදි. එනම් "හෙස්පරස් "ඉරබටු තරුව සහ "පොස්පරස්" පහන් තරුව ලෙසය.[10] මෙම දෙයාකාරයෙන්ම හඳුන්වනු ලබන්නේ සිකුරු ග්‍රහයාම බව සොයා ගැනීමේ ගෞරවය පයිතගරස්ට හිමි වේ. එමෙන්ම මොවුන් සිකුරු සංක්‍රාන්තිය පිළිබදව තොරතුරු දැන සිටි බවට සාක්ශි හමු වී නැත. සිකුරු ග්‍රහයාට ආදි ඇමෙරිකානු ශිශ්ඨාචාරයේදී වැදගත් තැනක් හිමි විය . මායාවරුන් "ක්නෝ එක්" නැතහොත් සිකුරු ග්‍රහයාට "ක්කුතුල්ගාල්" "නැමති දේවත්වය ආරූඪ කර ඇත. [11]මායා වරුන් සිකුරු ග්‍රහයා පූර්ණ වෘතයක් ලෙස කටු සටහන් කර තිබුණි.[12] මායාපන්හිදී සොයා ගත් මෙමඟින් 12 වන හෝ 13 වන ශත වර්ෂයේදී සිදු වූ සංක්‍රාන්තියක රූපමය නිරූපණයක් විදහා දැක්වේ.

1639 - පළමු විද්‍යාත්මක ගවේෂණය[සංස්කරණය]

ප්‍රධාන ලිපිය: සිකුරු සංක්‍රාන්තිය 1639

1927 දී ජොහැන්නස් කෙප්ලේර් විසින් පළමු වරට සිකුරු සංක්‍රාන්තිය පිළිබඳව අනාවැකි පල කර ඇත. නමුත් මෙය යුරෝපයට දර්ශනය වේද යන්න පිළිබඳව තීරණය කිරීමට ඔහුගේ ක්‍රමවේදය ප්‍රමාණවත් නොවිය. එලෙසම කිසිවෙක් ඔහුගේ අනාවැකි ඉදිරි නිරීක්ෂණ සඳහා යොදා ගත බවක් නොපෙනේ.[13]
වාර්ථාගත ප්‍රථම ගවේශනය සිදු කිරීමෙ ගෞරවය හිමි වන්නේ ජෙරෙමිය හොරොක්ස් ටය. ඔහු එය සිදු කරන ලද්දේ මච් හූලෙ ප්‍රදේශයේ පිහිටි කාර් හොර්ස්හි තම නිවසෙදීය. එය එංගලන්තයේ ප්රෙස්ටං නගරයට ආසන්නය. ඔහුගේ මිත්‍රයෙකු වන විලියම් ක්‍රබ්ට්‍රී මේ සම්බන්ධයෙන් මැන්චෙස්ටර් ප්‍රාන්තයට ආසන්න බ්රෝග්ටන් හිදී 1639 දෙසැම්බර් හතර වනදා ගවේශනයක් සිදු කරන ලදී. 1631 සහ 1761 දී සංක්‍රාන්ති සිදු වන බවට සහ 1639 සිදු නොවන බවට කෙප්ලර් විසින් අනාවැකි පල කර තිබුණි. හොරොක්ස් විසින් සිකුරුගේ කක්ෂය පිළිබඳ කෙප්ලර් සිදුකරන ලද ගණනය කිරීම් නිවැරදි කරන ලදී.එමෙන්ම සංක්‍රාන්තිය යුගල වශයෙන් අවුරුදු 8ක් වශයෙන් සිදුවිය හැකි බව හදුන්වා දෙන ලදී. 1639 සංක්‍රාන්තිය පිළිබදව අනාවැකි පළකෙරිණි. එමෙන්ම එහි නිවැරදි කාලය ප්‍රකාශ කිරිඉමට ඔහුට නොහැකි විය.

1769 සංක්‍රාන්යෙදී වාර්තාගත වූ ආකාරයට "කළු බින්දුවේ බලපෑම "
1882 සිකුරු සංක්‍රාන්තිය

1761 සහ 1769[සංස්කරණය]

වැඩිදුර තොරතුරු: 1769 තහිටි විසින් ගවේෂිත සිකුරු සංක්‍රාන්තිය

1663 දී ස්කොට්ලන් ජාතික ජේම්ස් ග්‍රෙගරි අගහරු ග්‍රහයාගේ සංක්‍රාන්තිය පිළිබද අදහසක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම පුළුල් පරතරයකින් පිහිටි පෘතුවිය මත ඇති සළකුණු මගින් සුර්ය අසම්පාතය ගණනය කළ හැකි අතර තවදුරටත් ත්‍රිකොණ්මිතියෙන් තාරකා විද්‍යාත්මක ඒකක සොයා ගත හැක. මෙම දැනුම භාවිතයෙන් තරුණ ඉමොන්ඩ් හොලී 1676 දී සෙන්ට් හෙලෙනා හි සිදු වූ එවන් සන්ක්‍රාන්තියක් ගැන පර්යේෂණ කරන ලදි. නමුත් එම බලාපොරොත්තුව සුන් වී අත්තේ එම සිද්ධිය සම්බන්ධව තවත් එක් පර්යේෂණයක් සොයා ගැන්මට නොහකි වීමෙනි. එම සන්සිදිධියේ සත්‍ය භාවය කුමක් වුවත් එමගින් සූර්‍ය අසම්පාතය "45" ප්‍රථිපල අනුව තහවුරු නොවුණි. 1691 දී ප්‍රසිද්ධ කරන ලද පත්‍රයක් අනුව එහිතවත් බොහෝ නිවැරදි කරන ලද ඒවා පැවතිණි. සිකුරු සන්ක්රන්තියේ මිනුම් දඬු මඟින් බොහෝ නිවැරදි ගණනයන් කළ හැකි බව යෝජනා කරන ලදී. තවද මීළඟ සංසිද්ධිය 1761 වන තුරුත් සිදු නොවුණි. [14]අවාසනාවකට 1742 දී හෝලි මිය යන ලදී.නමුත් 1761 වන විට විවිධ ගවේෂණ ලොව පුරා සිදු කරන ලදී. මෙම නිසි පර්යේෂණ හෝලි විසින් විස්තර කරන ලද ජාත්‍යන්තර විද්‍යා සහයොගීතාවයේ මුල් උදාහරණ අනුව ගණනය කිරීම් ගොඩ නැගීමට හැකි විය. බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා සහ ප්‍රංශ විද්‍යාඥයන් සහ ගවේශකයන් ලෝකයේ විවිධ ස්ථාන වල (සයිබිරියානු,නොර්වේ ඇතුළු ) සංචාරය කරමින් ප්‍රථම යුගල සංක්‍රාන්තිය පිළිබඳ ගවේෂණ කිරීමට ගත් උත්සාහයේදී වැඩි දෙනෙක් සිය ගවේෂණයන් සිදු හසුරා ඇත්තේ අවම වශයෙන් සංක්‍රාන්තිය පිළිබඳවයි.නමුත් සාර්ථක ගවේෂණයන් සිදු කර ඇත්තේ විශේෂයෙන්ම ජෙරෙමිය ඩික්සන් සහ චාර්ලස් මාසන් විසිනි.

1874 සහ 1882[සංස්කරණය]

වැඩි තොරතුරු: සිකුරු සංක්‍රාන්තිය 1874
1874 සහ 1882 සංක්‍රාන්ති පිළිබඳ ගවේෂණ තවදුරටත් සංශෝදනය කිරීමට අවසර ලැබුණි. විවිධ ගවේෂණයන් අතර 1874 ගවේෂණය සඳහා ක්ර්ගියුලෙන් ආර්කිපෙලර්ගෝ හට යවන ලදී. නුතන තාක්ෂණ ක්‍රමවේද අතර ඉඩකඩ විමසීමේ ගුවන්විදුලි දුරස්ථ ප්‍රභවයන්ගෙන් දත්ත සන්නිවේදන ක්‍රමවේදය සහ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සහ ග්‍රාහක අතර දුර ගණනය කරන මිනුම් වේ. තාරකා විද්‍යාවේ ඒකක සෑහෙන දුරට නිවැරදිව ගණනය කිරීමට අවසර ලැබී ඇත. ඒ සඳහා නියමිත ප්‍රමාණයට කිලෝමීටර 30ක් එකතු කිරිම හෝ අඩු කිරිම මඟීන් දෝෂ අඩු වේ.මෙම ගැටළු සහගත බව නිසා අසම්පාතය පිලිබඳ ගණනය කිරීම් සඳහා එම අවශ්‍යතාවය අවලංගු කර ඇත.[15]

2004 සහ 2012[සංස්කරණය]

වැඩිදුර තොරතුරු: සිකුරු සංක්‍රාන්තිය,2004 සහ සිකුරු සංක්‍රාන්තිය,2012
බොහෝ විද්‍යාත්මක සංවිධාන පාලනය කරනු ලබන්නේ දකුණු යුරෝපිය නිරීක්ෂණාගාරය(ඊ එස් ඕ )විසිනි. එමඟින් තාරකා විද්‍යාඥයන්ට සහ ශික්ෂයන්ට සූර්යාගේ සිට පෘතුවියට ඇති දුර සංක්‍රාන්ති කාලසීමාවේදී මැනීමට සංවිධානය කරන ලදී.[16]සහභාගී වන්නන්ගේ නිරීක්ෂණ තාරකා විද්‍යාත්මක ඒකක ගණනයට අවසර ලැබුණි. එනම් 0.007 ප්‍රතිශතයකින් බලාපොරොත්තු වන අගයන් වෙනස් වන ඒවාට පමණක් කිලෝමීටර් 149 608 708ක් පමණ එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කෙරිණි.

  • හඳුනාගත් තාරකාවක් චලනය වීමේදී ඇති වන දිප්තියේ අඩු වීම සෞරග්‍රහ මණ්ඩලයේ පිටත පවතින ග්‍රහලෝක සොයා ගැනීම සඳහා තාරකා විද්‍යාඥයන්ට උදව් වේ.
  • සිකුරු සංක්‍රාන්තියෙදී සිකුරු ග්‍රහයාගේ දෘශ්‍ය විෂ්කම්භය මැන එය දන්නා විෂ්කම්භයන් සමඟ සැසදීමෙන් තාරකා විද්‍යාඥයන්ට සෞග්‍රහමණ්ඩලයෙන් පිටත පවතින ග්‍රහලෝක වල ප්‍රමාණය පිළිබඳව දල අදහසක් ලබාදේ.
  • පෘතුවියේ පවතින දුරේක්ෂ මඟින් සමකාලින ලෙස සිකුරු ග්‍රහයාගේ වායුගෝලය පිළිබඳ ගන්නා නිරීක්ෂණ මඟින් තාරකා විද්‍යාඥයන්ට සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ අතරමැදි මට්ටම පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගත හැක. මේවා මඟින් එහි දේශගුණය පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගත හැක. මේවා මගින් එහි දේශගුණය පිලිබදව තවත් තොරතුරු ලබාගත හැකි වේ.
  • සිකුරු ග්‍රහයාගේ වායුගෝලයෙන් ලබාගන්නා වර්ණාවලි දත්ත මගින් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පවතින ග්‍රහලෝක වල දැනට නොදන්නා වායුගෝල සංසන්දනය කරනු ලබයි.
  • හිරු වෙත ඍජුව එල්ල කල නොහැකි නමුත් චන්ද්‍රයාගේ ආලෝකය කන්නාඩියක් ලෙස භාවිතා කරමින් හබල් දුරේක්ෂය මගින් සිකුරු ග්‍රහලෝකයේ වායුගෝල නිරීක්ෂණය කරනු ලැබේ. මෙම තාක්ෂනය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක වලද වායුගෝලය නිරීක්ෂණය සදහා යොදාගත හැක.

වර්ථමාන සහ අනාගත සංක්‍රාන්ති[සංස්කරණය]

සාමාන්‍යයෙන් සංක්‍රාන්තියක් සිදු වන්නේ ජුනි හෝ දෙසැම්බර් මාස වලදීය.එමෙන්ම මෙවැන්නක් දැකගත හැක්කේ කලාතුරකිනි.මෙම චක්ක්‍රයේදී සෑම අවුරුදු 243 කට වරක් දින දෙකක් පමණ මෙම සංසිද්ධිය දැකගත හැකිය.සංක්‍රාන්තිය සාමාන්‍යයෙන් සිදු වන්නේ යුගළ වශයෙනි.ආසන්න වශයෙන් එකම දිනයේදී හෝ වසර අටක පරතරයකදී එය සිදු වේ.උපරිම වශයෙන් පෘතුවි වර්ෂ 8ක් සිකුරු මත වසර 13ක් හා සමාන වීම එයට හේතුවයි. එනිසා සෑම අවුරුදු අටකට වරක් ග්‍රහලෝක දළ වශයෙන් සාපේක්ෂව මෙම පිහුටුමට අවතීර්ණ වේ. ආසන්න වශයෙන් වන සංගමන යුගල සන්ක්රාතියේ ප්‍රථිපලයක් වේ. නමුත් එය නිරවුල්ම නොවේ. අවසන් සංක්‍රාන්තිය 1396 දී දක්නට ලැබුණු යුගල සංක්‍රාන්තියේ කොටසක් විය නොහැක. වැඩිදුර තොරතුරු පහත වගුවේ දක්වා ඇත. [17]

සිකුරු ග්‍රහයාගේ අතීත සංක්‍රාන්ති
දිනය වේලාව විස්තර සංක්‍රාන්ති මාර්ගය
ආරම්භය මද්‍යය අවසානය
1396 නොවැම්බර් 23 15:45 19:27 23:09 යුගලයෙන් වෙන් නොවූ අවසන් සංක්‍රාන්තිය . [1]
1518 මැයි 25-26 22:46
මැයි 25
01:56
මැයි 26
05:07
මැයි 26
[2]
1526 මැයි 26 16:12 19:35 21:48 දුරදක්නය නිපදවීමට ප්‍රථම අවසන් සංක්‍රාන්තිය [3]
1631 දෙසැම්බර් 7 03:51 05:19 06:47 කෙප්ලර් විසින් අනාවැකි සැපයීම [4]
1639 දෙසැම්බර් 4 14:57 18:25 21:54 හොරොක්ස් සහ කබ්ට්‍රී විසින් ප්‍රථම සංක්‍රාන්තිය ගවේෂණය කිරීම [5]
1761 ජුනි 6 02:02 05:19 08:37 රුසියාවේ ලොමොන්සොව්,චපේ සහ අනෙක් අය ගවේෂණ කරන අතර මේසන් සහ දික්සන්ද ගවේෂණ අරඹන ලදී. [6]
1769 ජුනි 19:15
ජුනි 3
22:25
ජුනි 3
01:35
ජුනි 4
කූක් සංක්‍රාන්තිය පිලිබඳ ගවේෂණ කිරීමට තට්ටිට යවන ලදී. [7]
1874 දෙසැම්බර් 9 01:49 04:07 06:26 පිට්ට්‍රෝ ටක්නි ඉන්දියාවේ ගවේෂණ කිරීමට මඟ පෙන්වන ලදී.ප්‍රංශ ගවේෂණ නවසීලන්තය දක්වාත් බ්‍රිතාන්‍ය ගවේෂණ හවායි දක්වාත් වර්ධනය වී ඇත. [8]
1882 දෙසැම්බර් 6 13:57 17:06 20:15 ජෝන් පිලිප් සුසා සිකුරු සංක්‍රාන්තියේ ඉදිරි ගමන මැඩලන ලදී. [9]
2004 ජුනි 8 05:13 08:20 11:26 විවිධ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන සිකුරු සංක්‍රාන්තිය පිලිබඳ වීඩියෝවන් . [10]
2012 ජුනි 5,6 22:09
ජුනි 5
01:29
ජුනි 6
04:49
ජුනි 6
පුර්ණ සංක්‍රාන්තිය පසිෆික් සහ පෙරදිග ආසියාවට දර්ශනය වේ. එහි ආරම්භය උතුරු ඇමෙරිකාවට දර්ශනය වේ.එහි අවසානය යුරෝපයට දර්ශනය වේ. [11]


සිකුරු සංක්‍රාන්තියේ අනාගතය
දිනය
වේලාව(යූ.ටි.සී) සටහන්
ආරම්භය මද්‍යය අවසානය
2117 දෙසැම්බර් 10-11 23:58
දෙසැම්බර් 10
02:48
දෙසැම්බර් 11
05:38
දෙසැම්බර් 11
මුළු පෙරදිග චිනයට,ජපානයට,තායිවානයට,ඉන්දුනීසියාවට,ඔස්ට්‍රේලියාවට දර්ශනය වේ. ඇෆ්රිකාවේ බොහෝ ප්‍රදේශයකටද,ඉන්දියාවට සහ මැදපෙරදිගටද අර්ධ වශයෙන් දර්ශනය වේ.
2125 දෙසැම්බර් 8 13:15 16:01 18:48 දකුණු ඇමෙරිකාවට සහ පෙරදිග ඇමෙරිකාවට පුර්ණ වශයෙන්ද බටහිර ඇමෙරිකාවට,යුරෝපයට සහ ඇෆ්රිකවට අර්ධ වශයෙනි.
2247 ජුනි 11 08:42 11:33 14:25 ඇමෙරිකාවට,යුරෝපයට සහ මැද පෙරදිගට පුර්ණ වශයෙන් දර්ශනය වේ.පෙරදිග ආසියාවට,උතුරු සහ දකුණු ඇමෙරිකාවට සහ ඉන්දුනීසියාවට අර්ධ වශයෙනි.
2255 ජුනි 9 01:08 04:38 08:08 රුසියාවට ,ඉන්දියාවට ,චීනයට සහ බටහිර ඕස්ට්‍රේලියාවට පුර්ණ වශයෙන් දර්ශනය වේ. ඇෆ්රිකාවට,යුරෝපයට සහ බටහිර ඇමෙරිකාවට අර්ධ වශයෙන් දර්ශනය වේ.
2360 දෙසැම්බර් 12-13 22:32
දෙසැම්බර් 12
01:44
දෙසැම්බර් 13
04:56
දෙසැම්බර් 13
ඉන්දුන්සියාවේ බොහෝ ප්‍රදෙශයන්ටත් ඔස්ට්‍රේලියාවටත් පුරන් වශයෙන් දර්ශනය වේ. ආසියාවට, ඇෆ්රිකාවට සහ ඇමෙරිකාවේ බටහිර අර්ධයට අර්ධ වශයෙනි.
2368 දෙසැම්බර් 10 12:29 14:45 17:01 දකුණු ඇමෙරිකාවටත්, බටහිර ඇෆ්රිකාවටත්,පුර්ණ වශයෙන් දර්ශනය වේ. යුරෝපයට බටහිර ඇමෙරිකාවට සහ මද පෙරදිගට අරිධ වශයෙනි.
2490 ජුනි 12 11:39 14:17 16:55 ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශයක් හරහාද,බටහිර ඇෆ්රිකාව හා යුරෝපයටද පුඋර්න් වශයෙන් දර්ශනය වේ.පෙරදිග ඇෆ්රිකවටත්,මැදපෙරදිග සහ ආසියාවටත් අර්ධ වශයෙන් දර්ශනය වේ.
2498 ජුනි 10 03:48 07:25 11:02 යුරෝපයේ බොහෝ ප්‍රදේශයක් හරහා දර්ශනය වේ. ආසියාවටද, මැද පෙරදිගටද , සහ නැගෙනහිර අප්‍රිකාවටද එසේමය. නැගෙනහිර අමෙරිකාවටද,ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාවටද අර්ධ වශයෙන් දර්ශනය වේ.


සුළුවෙන් සිදුවන සහ සමකාලින සංක්‍රාන්ති[සංස්කරණය]

තවත් බැලිය හැකි[සංස්කරණය]

අඟහරු සංක්‍රාන්තිය

සටහන්[සංස්කරණය]

  1. එම් සී ක්ලූ,බ්රුස් (2012 මැයි 29 ), හැමදෙයම ඔබ දන ගැනීම අවශ්‍යය: සිකුරු සංක්‍රාන්තිය 5-6"
  2. ලන්ග්ෆෝර්ඩ්, පීටර් (1998 සැප්තැම්බර් )සිකුරු සංක්‍රාන්තිය ගුඑන්සෙහි චැනල් අයිලන්හි තාරක විද්‍යා සංසදය, සංශෝධනය (2012 මාර්තු 1 )
  3. ශෝර්ට්,ඩේවිඩ් (2012 මාර්තු 22 ) සිකුරු සංක්‍රාන්තිය පිළිබඳ තොරතුරු ස්වල්පයක් සහ තාරකා සංගමය සංශෝධනය(2012 මැයි 22 )
  4. වෙස්ට් ෆෝල්,ජෝන් (2003 නොවැම්බර් )2004 ජුනි 08:සිකුරු සංක්‍රාන්තිය ලේඛණාගාරය උත්පාදක මඟින්,සංශෝධනය 2006 සැප්තැම්බර් 25
  5. වෙස්ට් ෆෝල් (2004 ජුනි 08 )සිකුරු සංක්‍රාන්තිය (සංශෝධනය 2009-12-08 )
  6. ක්ලොම්ස්,ඉරෙන් (2012-06-06 )ග්‍රහලෝක වල වායුගෝලය අද්‍යය නයට සිකුරු සංක්‍රාන්තියෙන් උදා වන අවස්ථාවක් (ක්‍රිස්තියානි විද්‍යා උපදේශකත්වය. සංශෝදනය:2012-06-06 )
  7. සිකුරු පෘතුවිය සමඟ සංසන්දනය යුරෝපිය අභ්‍යවකාශ නියෝජිත මණ්ඩලය සංශෝදනය:2006 සැප්තැම්බර් 25
  8. ගීසෙන්,ජෝගන්(2003 )සංක්‍රාන්ති චලන ඇප්ලටය(2006-09-25 )
  9. http://www.esa.int/Our_Activities/Space_Science/Venus_Express/Venus_compared_to_Earth සිකුරු පෘතුවිය සමඟ සංසන්දනය] යුරෝපිය අභ්‍යවකාශ නියෝජිත මණ්ඩලය සංශෝදනය:2006 සැප්තැම්බර් 25
  10. රින්කොන්,පවුල් (2005 නොවැම්බර් 07 )සිකුරු ග්‍රහයා (බී.බී.සී )සංශෝධනය:2006 සැප්තැම්බර්
  11. මොලී,සියිල්වන්ස් (1994 )ඉපැරණි මායාවරුන් (5 වන සංශෝධනය )
  12. බෝට්,බොහුමිල්,බෝම්,ව්ලඩ්මියර් මායාවරුන්ගේ තාරකා විද්‍යාව,සංශෝදනය:2006 සැප්තැම්බර් 25
  13. වෑන් ගෙන්ට්,රොබර්ට් සිකුරු සංක්‍රාන්තිය ග්‍රන්ථ නාමාවලිය (සංශෝධනය:2009-09-11 )
  14. ටිම්ස් ඩි.ඒ (2003 )සිකුරු සංක්‍රාන්තිය සහ තාරකා විද්‍යාවේ ඒකක,ගණිතමය සඟරාව (76-335-348 )3654879
  15. පොජ්,මහාචාර්ය රිචර්ඩ් දේශනය 26 :හිරුට කොපමණ දුරද?සිකුරු සංක්‍රාන්තිය 1761 සහ 1769(සංශෝධනය 2006-09-25 )
  16. යුරෝපිය දකුණු පරීක්ෂණාගාරය,සිකුරු සංක්‍රාන්තිය 2004 (සංශෝදනය 2012-06-06 )
  17. බෙල් ස්ටීව් (2004 )සිකුරු සංක්‍රාන්තිය 1000 නාවික කාර්යාලය,සංශෝධනය 2006-09-25

වැඩිදුර කියවීම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සිකුරු_සංක්‍රාන්තිය&oldid=302063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි