සිංහල අලුත් අවුරුද්ද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිංහල අළුත් අවුරුද්ද
නිල නාමය අළුත් අවුරුද්ද
සමරනු ලබන්නේ ලොව පුරා සිංහල ජනයා
වර්ගය සංස්කෘතික උත්සව
උත්සවාංග ක්‍රීඩා, පවුලේ සැම එක්වීම, එක්ව ආහාර අනුභවය, නෑගම් යෑම, යැදුම්
ව්‍රතයන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ නැකත
අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම
දිනය බක් මස ඇති නක්ෂත්‍ර දිනයකි.
2014 දිනය අප්‍රියල් 14
2015 දිනය අප්‍රියල් 14
පැවතුම් කාලය එක් දිනක් පමණි
නිසැදිය වාර්ෂික
ආශ්‍රිත වන්නේ සොංක්‍රන්, තිංග්යන්, පොහෙල බොයිශක්, දෙමළ අලුත් අවුරුද්ද


සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත.[1] එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.

සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ.

නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්[සංස්කරණය]

  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිසෙහි තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පවත්වීමද

සිංහල සහ දමිළ ජනතාව අතර ආහාර වර්ගවල, සිරිත්වල සුලු සුලු වෙනස්කම් තිබුණත් බොහෝ කලක සිට ජාතීන් දෙක එකට අලුත් අවුරුද්ද සමරා තිබේ.

2015 වසරට අදාළ අලුත් අවුරුදු නැකත්[සංස්කරණය]

නව සඳ බැලීම[සංස්කරණය]

වර්ෂ 2015 ක් වූ අප්‍රේල් මස 22 හා 23 වන දිනවල නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය[සංස්කරණය]

අප්‍රේල් මස 13 වන දින දිවුල් පත්‍ර මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව[සංස්කරණය]

අප්‍රේල් මස 14 වන දින අපරභාග 1.47 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය[සංස්කරණය]

අප්‍රේල් මස 14 වන දින පූර්වභාග 7.23 සිට අපරභාග 8.11 දක්වා පුණ්‍ය කාලය වන බැවින් එදින පූර්වභාග 7.23 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම[සංස්කරණය]

අප්‍රේල් මස 14 වන දින අපරභාග 2.05 ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප බැඳ ගිනි මොලවා, දීකිරි හා උක් හකුරු මිශ්‍ර රතු කැකුළු කිරි බතක්ද විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගනු මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය[සංස්කරණය]

අප්‍රේල් මස 14 වන දින අපරභාග 2.42 ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම[සංස්කරණය]

අප්‍රේල් මස 15 වන දින පූර්වභාග 9.06 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා තෙල් හා කොහොඹ පත් මිශ්‍ර නානු ද ගා හිස තෙල් ගෑම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම[සංස්කරණය]

අප්‍රේල් මස 22 වන දින පූර්වභාග 6.02 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු හා තල මිශ්‍ර කිරිබතක් ද කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Range, Irangika. "වෝටර්-ස්ප්ලෑශින් නිව් ඉයර් ඉන් තායිලන්ඩ්". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 26 අප්‍රියල් 2012. 
"http://si.wikipedia.org/w/index.php?title=සිංහල_අලුත්_අවුරුද්ද&oldid=332830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි