සිංහරාජ වනාන්තරය
| Sinharaja Forest Reserve* | |
|---|---|
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
| රට | |
| වර්ගය | ස්වාභාවික |
| වර්ගීකරණය | ix, x |
| යොමුව | 405 |
| කලාපය† | ආසියා පැසිෆික් |
| ලේඛනගත ඉතිහාසය | |
| ලේඛනගත වූ වර්ශය | 1988 (10වන Session) |
| * ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි. † යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට. |
|
| සිංහරාජ වන රක්ෂිතය | |
|---|---|
|
IUCN Category II (National Park)
|
|
| Location | සබරගමුව සහ දකුණ, ශ්‍රී ලංකාව |
| Area | 88.64 km² |
| Established | අප්‍රේල් (බක්), 1978 |
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධයම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැට්යේ උස 300-1170M සීමාවේ,හේක්ටයාර 11250 ක පැතිර පවතී. පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම් කොට ඇත.
ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වීමෙන් ආරක්ෂා විය. මෙය 1978 වසරේ දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද, 1988 වසරේ දී ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ.
රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.
පටුන |
සිංහරාජයට ආවේනික වූ සත්වයින් [සංස්කරණය]
ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආවේණික අතුරෙන්, වැසි වනාන්තර ඇසුරේ වාසය කරන විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා කැහි බෙල්ලා ඇතුළු සියලු ම විශේෂ මෙහි දී දැකගත හැකි වේ.
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.
|
ගොනුව:200px-200px-SL60butterfly.jpg
කොමන් බර්ඩ්වින්ග් සමනළයා
|
සිංහරාජයට ආවේණික වූ ශාක [සංස්කරණය]
මේ යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේණික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.
පිවිසුම් මාර්ග [සංස්කරණය]
- කුඩාව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩාව
- කොළබ -- ගාල්ල ---දෙනියාය--මෙදේරිපිටිය---- පිටදෙනිය
පින්තූර [සංස්කරණය]
ආශ්‍රිත ලිපි [සංස්කරණය]
අඩවියෙන් බැහැර පිටු [සංස්කරණය]
|
|||||||

