සිංහරාජ

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
Sinharaja Forest Reserve*
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
රට Flag of Sri Lanka [[Sri Lanka|]]
වර්ගය ස්වාභාවික
වර්ගීකරණය ix, x
යොමුව 405
කලාපය ආසියා පැසිෆික්
ලේඛනගත ඉතිහාසය
ලේඛනගත වූ වර්ශය 1988  (10වන Session)
* ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි.
යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට.
සිංහරාජ වන රක්ෂිතය
IUCN ඛාන්ඩය II (ජාතික උද්‍යානය)
සිංහරාජ වනය හරහා ගලා යන දොල පාරක්
සිංහරාජ වනය හරහා ගලා යන දොල පාරක්
පිහිටීම සබරගමුව සහ දකුණ, ශ්‍රී ලංකාව
භූමි ප්‍රමානය 88.64 km²
පිහිටුවීම අප්‍රේල් (බක්), 1978

පටුන

[සංස්කරණය] සිංහරාජ වන රක්ෂිතය

විකිපීඩියා, විවෘත විශ්ව කෝශය

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහිපවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක්වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම්කොට ඇත.

ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන්නාවු ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාවය හේතුවෙන් වාණිජකරණයට ලක්වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේදී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙසද, 1988 වස‌‍රේදී ‍ලෝක උරුමයක් ‍ලෙසද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍ෙය් “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුවද ඵය ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

සිංහරාජයේ ඝන ශාක වැස්ම

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහිදී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහිදී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලවම දැකිය හැකි විශාලතම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීමයි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙසද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිතය.


[සංස්කරණය] සිංහරාජයට ආවේනික වූ සත්වයින්

ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ආවේණික පක්ෂී ‌විශේෂ 26ක් අතු‌‍රෙන්, වැසි වනාන්තර ඇසු‌‌‍රේ වාසය කරන ‌විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියළුම ‌විශේෂ මෙහිදී දැකගත හැකි‌වේ.

උරඟයින් වශයෙන් ආවේනික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක්ද පවතී. මෙහිදී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘශ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.

කොමන් බර්ඩ්වින්ග් සමනළයා
ශ්‍රී ලංකා අළු වඳුරා

[සංස්කරණය] සිංහරාජයට ආවේනික වූ ශාක

යෝධ මීවන

මේ යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේනික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.


[සංස්කරණය] පිවිසුම් මාර්ග

  • කුඩාව හරහා පිවිසුම:කොළඹ -->කළවාන -->කුඩාව

[සංස්කරණය] පින්තූර

සිංහරාජය-යටිෙරා්පණය
කැහි ෙබල්ලන් වාසය කරන පරිසරයක්...

[සංස්කරණය] මේ අඩවිත් බලන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

"http://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2" වෙතින් නැවත ලබාගන්නා ලදි