සාකච්ඡාව:සමභීතිකාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සමභීතිකාව යන්න භාවිතා වන්නේ කොහිද? සමාන බවට බියක් යන්න එහි අරුත වෙයි. ඉංග්‍රීසියෙන් homo කී විට සමලිංගිකයන් අරුත් දැනවුනද සිංහලයෙන් සම කී විට skin, equal යන්න අරුත් දෙයි. homosexual කීමට සිංහලයෙන් සමලිංගික යැයි කිය යුතුමය. --- ශ්වෙත (talk) 14:00, 8 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

As far as I know Homo = සම, Homo sexuality = සමලිංගික.
Singhalawap (talk) 14:17, 8 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
ඔබගේ තර්කය ඔබව ගෙන යන්නේ තුමන තැනකටද? ඔබ කියන පරිදී Homo = සම සහ Homo sexuality = සමලිංගික (පොඩ්ඩක් වැරදි; Homo sexuality = සමලිංගිකත්වය; Homo sexual = සමලිංගික) විය හැකි වුවත් සැමවිටම සම = Homo වන්නේ නැහැ. සමචත්‍රරස්‍රය = square, සමගාමී = simultaneous, සම කණ්ඩායම = Peer group, සමකාලීන = contemporary, සමස්ථානිකය = isotope ආදි වශයෙන්. සමහරවිට සම = Homo වෙනවා. සමජාතීය=homogeneous, සමප්‍රභවනය= homologise, සමප්ලාස්මය = homoplasm ආදි වශයෙන්. මේ තැන්වල සම යන්නෙන් සමලිංගිකත්වය අදහස් වන්නේ නැහැ. අදහස් වන්නේ සමාන හෝ සම-සම යන්නයි. ඔබ විසින් Homophobia යන්න සමභීතිකාව යැයි සෘජු පරිවර්තනය කල විට ඉන් අදහස් වන්නේ සම බවට බිය යන්නයි. එතන සමලිංගික බවට බිය යන්නක් අදහස් වන්නේ නැහැ. ඉංග්‍රීසියේදී Homo යන පදය සමලිංගික යන්න වෙනුවෙන් යොදනවා විය හැකියි. ඒත් සිංහලයේදී සම යන පදය සමලිංගික බව අදහස් කිරීමට යොදන්නේ නැහැ. මෙම ගෙන යෑම ඔබ කරද්දී ඔබ දැමු සටහනේහි තිබුණේ භාවිතා වන පදය යන්නයි. අනෙක් හැම තර්කයටම වඩා එම භාවිතා වන පදය යන්න යෙදීම ඔබ විසින් රැකිය යුතු වෙනවා. කොහිද සමභීතිකාව භාවිතා වන්නේ? -- ශ්වෙත (talk) 16:16, 8 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
සමභීතිකාව is the word I have come across at trainings on HIV/AIDS. I do not have any online document to show you this. As you know this topic is not openly discussed in Sinhala language & publications are minimal. I have nothing to tell about this heading other than this. Singhalawap (talk) 17:44, 8 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
විකිපීඩියාව සත්‍යෝක්ෂ්‍යතාවය verifiability මත යැපෙන බව ඔබ දන්නවා විය යුතුයි. ඔබ හට සැබෑ බව ඔප්පු නොකල හැක්කක් විකිපීඩියාවේ භාවිතා කරන්නේ කෙසේද? ඔබ මෙම පුහුණුවේදී ලද පත්‍රිකාවක් හෝ ස්කෑන් කර ඉදිරිපත් කරන්න. ඔබ හට මෙම වචනය මෙසේ තදින්ම ස්මරණය වී ඇත්නම් එය ඔබ විසින් නිතර භාවිතා කල එකක් විය යුතුයි හෝ ඔබගේ අනෙකුත් වෘත්තික සහෝදරයන් භාවිතා කරන්නක් විය යුතුයි හෝ අදාල සටහන් ඔබ වෙත තිබිය යුතුයි. ---ශ්වෙත (talk) 21:27, 8 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
ස්මරණයවී ඇතත් පත්‍රිකාවක් මා අත නැත. verifiability is not easy in Sinhala wikipedia for less commonly used topics especially with what is online. I don t have verification details for either සමභීතිකාව or සමලිංගිකභීතිකාව. My වෘත්තික සහෝදරයන් are using the English word I dont think they care much about what is the Sinhala word. Singhalawap (talk) 17:44, 10 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
අප තව ටිකක් සොයමු. මෙම මාතෘකාව ශ්‍රී ලංකාව තුල සාකච්ඡා වී ඇති නිසා මොකක් හරි කොණක් හොයා ගන්න හැකි වෙයි. ඔබ කියන පුහුණු සැසිය පැවැත්වුනු කාල වකවානුව මතකද (දළ වශයෙන්)? ලැබුණු සහතිකයක් එහෙම ඇති. --ශ්වෙත (talk) 00:36, 11 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
I will try ශ්වෙත. Unfortunately almost all trainings materiel (and certificates if issued) in our field is in english though they use sinhala terms here & there.
Singhalawap (talk) 05:56, 18 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සමභීතිකාව&oldid=207897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි