සාකච්ඡාව:වැදි ජනයා
වැදි ජනයා ලංකාවේ වෙසෙන ස්වදේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්‌ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රමයෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය වෙමින් පවතියි.
පටුන |
[සංස්කරණය] සම්භවය
වැද්දන්ද සිංහලයින් මෙන්ම ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එයි.
සාහිත්‍ය සහ මඛ පරම්පරාගත කථාවලට අනුව සිංහල ජාතියේ ආරම්භයේ දී, ලංකාවට පැමිණි විජය කුමරු හා කුවේනි නම් හෙල යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ලෙස ජනප්‍රවාදයේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කුවෙණියගේ දරුවන් දෙදෙනා සමනොල අඩවියට පලා ගොස් ආරක්ෂිතව ජීවති විය. පසුකාලීනව මොවුන් 'පුලින්ද'යන නාමයෙන් ව්‍යවහාර වූ බව පෙනේ:
මහා වංශයේ සඳහන් වන පරිදි, විජය කුමරුවා කුවේණිය හා දරුවන් අතහැර දමා, විවහාය සඳහා රාජ කන්‍යවක් ඉන්දියාවෙන් ගෙනෙන ලදි. එහි දී කුවේණිය නැවත ලංකාපුරයෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව වෙත හරවා යවන අතර, එහි දී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණි ය. ඇයගේ බාල සොහොයුරා පැමිණ දරුවන් හට පලා යමට පවසයි.
[සංස්කරණය] වැදි සමාජ සංවිධානය
වැදිසමාජය තුළ කැපී පෙනෙන ධුරාවලියක් දක්නට නැති තරම් ය. බොහෝ විට වැදි රැළක් වැදිනායකයකු යටතේ පාලනය විය. ආදිවාසි ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාරයේ, ගෝත්‍ර අතර වෛරයක් හෝ ගෝත්‍ර සටන් දක්නට නොමැත.
[සංස්කරණය] වරුග බෙදීම
වැද්දන් අතර වරුග බෙදීමක් දක්නට ඇති අතර, එය කෙසේ ආරම්භ වූයේ ද, එහි ප්‍රයෝජ්‍යතාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එහෙත් ඔවුන් තමුන් හැඳුන්වා ගැනීමේ දී, මෙකී වරුග බෙදීම 'පෙළපතක්' වශයෙන් භාවිතා කරනු පෙනේ. සී. ජී. සෙල්ග්මාන්ට අනුව වැද්දන්ගේ වරිග බෙදීම ප්‍රධාන වශයෙන් ස්වකීය ගෝත්‍රයෙන් පිට විවහා වීම හෙවත් බහිර්‌වෛවාහික සහ මාතෘ පාර්ෂව මූලීක, ඌරා සහ මොනරා ආශ්‍රීත ගෝත්‍ර විහ්න ආශ්‍රයෙන් ගොඩ නැගුනක් බව ය (C. G. Seligmann, The Vaddas, 1911, p.30).
[සංස්කරණය] අභිචාරවිධි
ජිවිත චක්‍රය අළලා බැඳුණු අභිචාර විධි පහත දක්වනු ලැබේ:
| අභිචාර විධි | අදාළ වැදි ඇදහිලි | අරමුණ |
|---|---|---|
| කිරිකොරහ | කන්‌දේයකා/බිළිඳියකා/නෑයක්කු | දඩයම්, මීපැණි සහ අස්වනු සඳහා |
| ඊතලේ නැටුම | ඊතලේයකා/කන්‌දේයකා | ආරක්ෂාව සඳහා |
| මස්යහන | කන්‌දේයකා | දඩයම්, පැණි, සහ පුජොපහාර වශයෙන් |
| හැත්‌මේ නැටුම | ඇලේ/ගලේ යක්කු | දරුවන් ලබා ගැනීමට/සශ්‍රිකත්වය |
[සංස්කරණය] වැදි ජනයාගේ සාහිත්‍යය
[සංස්කරණය] වැඩිදුරට කියවීම සඳහා
- මීගස්කුඹුර, පී.බී., සිරිලක වැදිජන පුරාණය. කොට්‌ටේ:පිනිදිය ප්‍රකාශකයෝ, 1995.
- ද සිල්වා, එම්. ඩබ්. සුගතපාල, දඹානේ වැදි බස කොළඹ: සරසවි ප්‍රකාශයෝ, 1964.
[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු
A great deal of information on Veddas can be found at Vedda.org