සාකච්ඡාව:රසදිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතෘකාව[සංස්කරණය]

මෙහි සිංහල නම රසදිය බැවින් මෙය රසදිය වෙත ගෙන යා යුතු යැයි සිතමි. --PHEONIXTER 06:31, 10 මැයි 2013 (යූටීසී)[reply]

ඕනෑම පරිශීලකයෙකු රසදිය යන නම දමා අන්තර්ජාල ගවේෂණය කලහොත් මෙය හසුවුනු ඇත්තේ ලිපිය සදන විටම රසදිය යන්න මෙය වෙත ගෙන ආ බැවිනි. එබැවින් මෙය නැවත රසදිය වෙත ගෙන යෑම අවශ්‍ය නොවේ. -- ශ්වෙත (talk) 06:35, 10 මැයි 2013 (යූටීසී)[reply]
විකිපිඩියාවෙහි ලිපි නම් තීරණය කරන්නේ අන්තර්ජාල ගවේෂණයෙන් සොයාගත හැකිද යන්නෙන් නොවේ. WP:COMMONNAME අනුව වඩාත් භාවිත වන නාමය ලෙස රසදිය යෙදිය යුතුය. අනෙත් අතින් සිංහල නමක් පවතින ලිපියකට ඉංග්‍රිසි නමක් යෙදිම සුදුසු නැත.--PHEONIXTER 06:44, 10 මැයි 2013 (යූටීසී)[reply]
රසායනික මූලද්‍රව්‍යය සහ සංයෝග වලට සිංහල නම් තිබෙන නමුත් ඒවා සැමවිටම ලිපි වල මාතෘකා හැටියට දැමිය යුතුද? මහජන භාවිතයේ නොමැති නම් එසේ භාවිතා කළ යුතු යැයි නොසිතමි. නිදසුනක් වශයෙන් ජීවාන්තක (නයිට්‍රජන්), අම්ලකර (ඔක්සිජන්), අංගාරිකාම්ල (කාබන්ඩයොක්සයිඩ්), පල්මාණික්කම් (කොපර් සල්ෆේට්), කොන්ඩිස් (පොටෑසියම් පර්මැංගනේට්), ගෙන්දගම් (සල්ෆර්), යනාදිය දැක්විය හැකිය. රසායන විද්‍යා මහාචාර්යවරුන්, උපාධි අපේක්ෂකයන්, පැසැල් සිසුන්, ගත් කතුවරුන් හා මහජනයා මෙම මූලද්‍රව්‍යයට සිංහලෙන් භාවිතා කරන්නේ කුමන නමද? -- ශ්වෙත (talk) 07:11, 10 මැයි 2013 (යූටීසී)[reply]
රසායන විද්‍යා මහාචාර්යවරුන්, උපාධි අපේක්ෂකයන්, පැසැල් සිසුන්, ගත් කතුවරුන් කෙසේ වෙතත් මහජනයා සල්ෆර්, පොටෑසියම් පර්මැංගනේට් වැනි නම් භාවිත නොකරයි. විකිපිඩියාවෙහි ලිපි එම දේ ගැන දැනටමත් දන්නා අය වෙනුවෙන් ලියැවේද? --PHEONIXTER 13:03, 10 මැයි 2013 (යූටීසී)[reply]
ඔබ දන්නා පමණින් විකිපීඩියාවේ ලිපි ලියැවෙන්නේ ඇයි? -- ශ්වෙත (talk) 13:17, 10 මැයි 2013 (යූටීසී)[reply]
පරිශීලක:ශ්වෙත සමඟ සංවාද ඵල රහිත බව පෙර අත්දැකීමෙන් දන්නා බැවින් වෙනත් අයෙක් අදහස් දක්වනතුරු මෙහි නැවත කාලය නාස්ති නොකරමි. --PHEONIXTER 17:32, 10 මැයි 2013 (යූටීසී)[reply]
බෙහෙවින් අත්දැකීම් ඇති බව නම් පැහැදිලිවම පෙනේ. මගේ කාලයද ඉතිරි කර දීම ගැන තුති. -- ශ්වෙත (talk) 17:41, 10 මැයි 2013 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රසදිය&oldid=354305" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි