සාකච්ඡාව:ප්‍රභාසංශ්ලේෂණය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සංස්කෘත භාෂාවෙන් ප්‍රභාසංශ්ලේෂණයට යෙදෙක්නේ ප්‍රභාසංශ්ලේෂණය මැයි සිතුමතයට විකිපීඩියා ලිපි වල යෙදීම වැරදිය. නියම සංස්කෘත වචනය प्रभासंयोगह् ප්‍රභාසම්යෝග වෙයි. මෙයද බලන්න. ---ශ්වෙත (talk) 11:33, 9 ජූලි 2012 (යූටීසී)[reply]

ප්‍රභාසංශ්ලේෂණයට කියන සංස්කෘත වචනය මා නොදනිමි. ඒ ගැන මා පවසාද නැත. මා කියා ඇත්තේ ප්‍රභාසංශ්ලේෂණය නම් සිංහල තාක්‍ෂණික වදනට මුල් වී ඇත්තේ ප්‍රභා සහ සංශ්ලේෂණ යන සංස්කෘත වදන් බව පමණි. එය තරමක් දුරට Photosynthesis යන ඉංග්‍රීසි තාක්‍ෂණික වදනට photo සහ synthesis යන ග්‍රීක වදන් මුල්කරගත්තා වැනිය.
20 වන සියවසේදී බටහිර විද්‍යාව සිංහලයට පෙරලීමේදී හෙල වදන් නොයොදා සංස්කෘත හෝ පාලි වදන් යෙදීම සිදුකෙරුනු බව නොරහසකි.
මම සිතුමතයට මෙය නොකී අතර ISBN 955-8892-29-7 අංක දරණ පුවසති අලගියවන්නගේ සංස්කෘත - සිංහල ශබ්දකෝශයේ 2004 සංස්කරණයේ 535 පිටුවෙන් සහ 829 පිටු පරිශීලනයෙන් තහවුරු කරගෙන ලීවෙමි.
Singhalawap (talk) 13:58, 9 ජූලි 2012 (යූටීසී)[reply]
පුවසති අලගියවන්නයන්ගේ කලදීද ප්‍රභාසංශ්ලේශණය ව්‍යවහාර වූ බව දැනගැනීම සතුටට කරුණකි. ---ශ්වෙත (talk) 14:46, 9 ජූලි 2012 (යූටීසී)[reply]
අහා ඔහු අලගියවන්න මුකවෙටියන්ගෙන් පැවතෙන්නෙක් මිස මුකවෙටි නොවන බව නොදැන සිටිමි. මොහු ඉපිද ඇත්තේ 1925දී බැවින් මොහු විසින්ම මෙම වචනය තැනුවා විය හැක. මම නොදන්න නිසා අහන්නේ පුවසති යනු පර්යාය නාමයක්ද? එහි අරුත කුමක්ද? ---ශ්වෙත (talk) 17:06, 9 ජූලි 2012 (යූටීසී)[reply]
සමහරවිට පුණ්‍ය ර්ධන මර තිලක යැයි මුලකුරු ගෙන විය යුතුයි. --ශ්වෙත (talk) 17:10, 9 ජූලි 2012 (යූටීසී)[reply]
එතුමාගැන මා කියවා ඇතිදේ යොදා (වෙසෙසින් ඔබ වෙනුවෙන්ම) තනමින් පවතින ලිපිය කියවන්න. Singhalawap (talk) 17:15, 9 ජූලි 2012 (යූටීසී)[reply]
වෙසෙසින්ම මා වෙනුවෙන් මේ ප්‍රාඥයා ගැන ඔබ ලියන ලිපියෙහි ඉංග්‍රීසි අකුරු/පද තිබීමට ඔහුට නිගරුවක් බැවින් එය නිදොස් කරමි. ---ශ්වෙත (talk) 17:19, 9 ජූලි 2012 (යූටීසී)[reply]
පිං Singhalawap (talk) 17:24, 9 ජූලි 2012 (යූටීසී)[reply]