සාකච්ඡාව:නෂ්‍ය මතකය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පරිශීලක සිංහලවැප් මහතා,
මා විසින් සංස්කරණය කරන ලද නෂ්‍ය මතකය නම් ලිපිය රැම් ලෙසින් මාතෘකාවකට ගෙන යන ලද බව දුටිමි. රෑම් යන පදය සිංහල පුවත් පතක, සඟරාවක, පොතක, හෝ වෙනයම් ලේඛනයක ඔබ දැක තිබේද?---ශ්වෙත (talk) 02:48, 29 ජනවාරි 2013 (යූටීසී)[reply]

ශ්වෙත
රෑම් යන පදය බොහෝ ස්ථානවල දැක ඇත. නෂ්‍ය මතකය වදන දැක ඇතිබවට මතකයක් නැත.
ඹන් ලයින් සබැඳි කීපයක් පහත දක්වමි.
Singhalawap (talk) 16:05, 29 ජනවාරි 2013 (යූටීසී)[reply]
ඔබ ඉදිරිපත් කර ඇති සබැඳි සියල්ල බ්ලොගයන්ය. ඒවා විශ්වකෝෂීය හා විශ්වසනීය මූලාශ්‍ර නොවේ. -- ශ්වෙත (talk) 17:03, 29 ජනවාරි 2013 (යූටීසී)[reply]
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහලය. එම රාජ්‍ය භාෂාව පිළිබඳ කටයුතු සඳහා රජය විසින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පත් කර ඇත. සිංහලය ගැන එම දෙපාර්තමේන්තුව දෙන අර්ථ කථන විශ්වසනීය විය යුතුයි. මෙය පරිදී Volatile Memory සඳහා සිංහල පදය නෂ්‍ය මතකය වෙයි.--ශ්වෙත (talk) 17:12, 29 ජනවාරි 2013 (යූටීසී)[reply]
ඔබට අවැසිනම් මෙම ලිපිය නැවත නෂ්‍ය මතකය වෙත ගෙනයන්න.
නමුත් විකිපීඩියා ලිපි ශීර්ෂ සහ ශ්‍රී ලංකාව නම් රටේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අතර එතරම් සඔදතාවක් නැති බව මතක්කරමි.
Singhalawap (talk) 01:52, 30 ජනවාරි 2013 (යූටීසී)[reply]
කිසිවකු නොවිමසා, මට ඇවැසි දෙය විකිය තුල සිදුකිරීම මගේ ප්‍රතිපත්තිය වූයේ නම් ඔබ යෝජනා කරන පරිදි මෙම ලිපිය නැවත නෂ්‍ය මතකය වෙත ගෙනයෑම මට කල හැකිව තිබුනේ ආරම්භයේදීමය. සම්මුතියක් කරා යෑමට උත්සාහ කරද්දී එයට පයින් ගැසීමට යත්න දැරීම ගැන කණගාටු වෙමි. රටේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මෙහිදී සම්බන්ධ වන්නේ ලිපි මාතෘකාව තෝරා ගැනීමේදී විශ්වසනීය මූලාශ්‍ර පරිශීලනය කල යුතු වීම නිසාය. රැම් ලෙසින් මෙම ලිපි මාතෘකාව තිබිය යුතු බවට ඔබ තවමත් සිතන බව පෙනේ. මෙම මතයේ එල්බගෙන සිටීමේදී ඔබ විශ්වසනීය මූලාශ්‍රයක් මත පදනම්ව සිටියේද? මම සිතන්නේ එසේ නොවේ කියාය. මම හිතන්නේ ඔබ සිතන දෙයම කිරීමේ ප්‍රතිපත්තියක එල්බ ගෙන සිටින බවයි. එයට හේතුව මෙයයි. මෙම ලිපිය සඳහා රැම් යැයි ඔබ යෙදූ නාමය රැන්ඩම් ඇක්සස් මෙමරි Random Access Memory යන ඉංග්‍රීසි වචනයේ කෙටි යෙදුමකි. මෙහි අර්ථය නම් ඕනෑම ආකාරයකට (ඕනෑම පිළිවෙලකට) මෙම මතකයට ලිවීමට හෝ මතකය කියවීමට හෝ හැකි බවයි. එය තවත් ලෙසකින් පවසතොත් ලිවීම හෝ කියවීම කරද්දී මුලින් හෝ අගින් හෝ නිශ්චිත තැනෙකින් හෝ අරඹන්නේ නොමැතිව එසේ කරන බවකි. එබැවින් ලිපීම හෝ කියවීමට ගත වන පමාව (latency) ඉතා අල්ප වන බැවින් මතකය වේගවත් වන බවකි. මෙයට ප්‍රතිවිරුද්ධ මතක වර්ගය Sequential Access Memory වෙයි. Random Access Memory යන්නට සිංහල පදය වන්නේ සසම්භාවී-ප්‍රවේශ මතකය යන්නයි. මෙහි අර්ථය වන්නේ පෙරදීද පැවසුනු පරිදී මතකයට පිවිසීම (කියවීම හෝ ලිවීම හෝ සඳහා) සසම්භාවී ලෙසින් එනම් අහුඹු ලෙසින් සිදු කල හැකි බවයි. Sequential Access Memory යනු අනුක්‍රමික-ප්‍රවේශ මතකය යන්නයි. මෙහි අර්ථය නම් මතකයට පිවීසීම යම් තැනෙත සිට පිළිවෙලින් කල යුතු බවයි. ලිවීමට තැනක් හෝ කියවිය යුතු දෙය ඇති තැන හෝ පිළිවෙලින් සොයා යා යුතු බැවින් පමාව (latency) විශාල වෙයි; මතකය මන්දගාමී වෙයි. එනමුදු මෙම ලිපිය සාකච්ඡා කරන්නේ මතකයන්හී Random Access හෝ Sequential Access හෝ ගුණය නොවේ. මතකයන්හී ගබඩා කර ඇති දත්ත හා තොරතුරු, විදුලිබල ජව සැපයුම විසන්ධි කල/වූ විටෙක නැසී යන්නේද (නෂ්‍ය) නැසී නොයන්නේද (අනෂ්‍ය) යන බව එනම් volatile හෝ non-volatile බව මෙහිදී සාකච්ඡා වෙයි. මතකයක් volatile වීම හා random access වීම අතර සෘජු (එකට එක) සම්බන්ධයක් නැත. අප භාවිතා කරන Memory stick හෝ Pen යන මතක වර්ගය random access වුවද volatile නොවේ. එබැවින් volatile වූ පමණින් random access නොවේ. එබැවින් volatile මතකය සඳහා random access හෝ රැම් යැයි යෙදීම වැරදිය. ---ශ්වෙත (talk) 03:41, 30 ජනවාරි 2013 (යූටීසී)[reply]
රැම් යනු volatile memory නොවන බව පිලිගනිමි. Singhalawap (talk) 04:02, 30 ජනවාරි 2013 (යූටීසී)[reply]
ස්තුතියි. ---ශ්වෙත (talk) 04:10, 30 ජනවාරි 2013 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:නෂ්‍ය_මතකය&oldid=243513" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි