සාකච්ඡාව:අංගම්පොර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
විකිපීඩියා:හොඳම ලිපි තෝරාගැනීම/2011#ලිපිය - අංගම්පොර අනුව අංගම්පොර ලිපිය සිංහල විකිපිඩියාවේ විශේෂාංග ලිපියක් ලෙස තොරාගෙන ඇත.


බොරු අදහස්[සංස්කරණය]

ඉතිහාසයේ රාවණා යුගයක් තිබුණේ නැත. ඒක බොරු කතාවක්. ඉන්දියාවේ හින්දු භක්තිකයින් තමන් උසස් බවක් පෙන්වීම සඳහා සාදා ගත් කාව්‍යයකි මහාභාරතය. එයින් උපුටා ගත් රාවණ චරිතය සැබැවින්ම ජීවත් වූ එකක් නොවේ. එය දැන් කාලයේ රූපවාහිනියේ පෙන්වන විවිධ කතාවලට සමාන එකක් පමණයි. ඉතිං කොහොමද අංගම්පොර රාවණා යුගයේ හැදුනේ? විකිපීඩියාව බොරු කතාවලින් නොපිරවිය යුතුය.--ෆාහිම් (talk) 04:18, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

රාවණා යුගයක් නොතිබූ බවට ප්‍රත්‍යක්ෂ වශයෙන් සපථ කරන්නේ කොහොමද? මම අසා තිබෙනවා රාවණ සම්බන්ධ ශිලා ලිපියක් රජගලතැන්නේ ඇති බව. නමුත් තහවුරු නැහැ. කෙසේ වූවත් සීතා හා රාවණ සම්බන්ධ වූ ස්ථාන කිහිපයක් ලංකාවේ ජනප්‍රවාදයේ පැවතෙනවා. එම නිසා මතයක් එක්වරම බැහැර කල නොහැකියි--L Manju (talk) 04:25, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

රාවණා යුගයක් තිබූ බවට කිසිම සාධකයක් නොමැත. ජනප්‍රවාදය යනු කට කතා හැර වෙන කිසිවක් නොවේ. සීතා හා රාවණා සම්බන්‍ධ ස්ථාන යැයි කට කතා ඇති කරගෙන තිබේ. සැබැවින් එවැනි දෙයක් තිබූ බවට සාධක නැත.--ෆාහිම් (talk) 04:27, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

මෙවැනි දෙයක් පවසන විට එයට විද්‍යාව තුළින් හෝ ඉතිහාසඥයින් විසින් සාධක ලබා දිය යුතුය. එසේ නොවන යම් දෙයක් පිළිගත නොහැක. සැමෝම තම තමන්ගේ මතය හා අදහස් ඇතුළත් කිරීමට විකිපීඩියාව යොදා ගත නොහැක. විශ්වකෝෂයක් යනු අධ්‍යාපනික ව්‍යාපෘතියකි.--ෆාහිම් (talk) 04:31, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

සැමෝම තම තමන්ගේ මතය හා අදහස් ඇතුළත් කිරීමට විකිපීඩියාව යොදා ගත නොහැක යන කතාවනම් නිවැරදියි. [සාධක ලැබුණෙ නැති පලියට රාවණ හිටියෙ නෑ කියන්න බෑ] නමින් අැති මේ ලිපිය තරමක් වැදගත් වේවි.--L Manju (talk) 04:38, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

පිළිගත හැකි සාධක නොදී මෙවැනි බොරු කතන්දර රාශියකින් යුත් ලිපියක් විශේෂ ලිපියක් කොට තිබීම අසතුටුදායකයි. රාවණා නමින් රජෙක් සිටි බවටත් රාම-රාවණා යුද්ධයත් කිසිම සාධකයක් නොමැති කතන්දර වෙති. ඒවා ප්‍රධාන කරුණු කොට ඉතිහාසයක් මවා තිබීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළ යුතු දෙයකි. සාධක නොමැති ඉතිහාස කතා සත්‍ය යැයි පිළිගත හැකි නම්, ඕනෑම කෙනෙකුට ඕනෑම කතන්දරයක් එක් කර ගෙන ඒවා ඉතිහාස යැයි තර්ක කළ හැක. මෙය කිසිසේත්ම විකිපීඩියා වැනි විශ්වකෝෂයක් මඟින් අරමුණු වන අධ්‍යාපනයට යම් ප්‍රයෝජන දෙන්නේ නැත. අධ්‍යාපන ව්‍යාපෘතිවලට විකිපීඩියා තුළින් සාධක පෙන්වීමට කිසිම විශ්වවිද්‍යාලයකින් පිළිගැනීමක් නොමැති වීම මෙවැනි කරුණු හේතුවෙන් බව සැලකිය යුතුයි.--ෆාහිම් (talk) 06:44, 7 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

@ෆාහිම් මට පෙනෙන හැටියට නම් රාවණා මතය ඇත්තක් ද නැත්තක් ද යන්න ගැන විවාද කිරීමේ අවශ්‍යතාවයක් නො පවතී. මෙහි අංගම්පොර සම්භවය රාවණ සමය දක්වා දිවෙන බවත් ඒ හා බැදුණු අනෙක් කරුණුත් දක්වා ඇත්තේ ජනප්‍රවාදයකට අනුව යැයි පවසමිනි. විශ්වකෝෂයක් යනු කිසියම් විෂයක් සම්බන්ධයෙන් සමාජය සතු දැනුම සංග්‍රහ කර දක්වන්නකි. ජනකතා, දේව-කතා, මිත්‍යා කතා, ඇදහිලි වැනි දෑද සමාජය සතු දැනුම යන්නට අයත් වෙයි. ඒවා සත්‍යය ද අසත්‍යය ද යන්න වැදගත් නැත. එවැනි ජනප්‍රවාදයක් ඇති බව දැනගැනීම කෙනකුට වැදගත් ය. ඓතිහාසිකව සත්‍ය නොවිය හැකි වුවත් මෙවැනි ජනප්‍රවාද ගැන අධ්‍යයනය කරන හෝ ඒ ආශ්‍රිත සාහිත්‍යයමය නිර්මාණයකට කරුණු සොයන්නියකට ඒ වැදගත් විය හැකි ය. එවැනි සංස්කෘතික කාරණා (ජනවිශ්වාස ගැන තොරතුරු) විකිපීඩියාවෙන් බැහැර කළොත් විශ්වකෝෂයක් ලෙස මෙහි වැදගත්කම හීන විය හැක. එවිට ඔබ ඔය කියන අධ්‍යාපන අරමුණ ද ඉටු නොවිය හැක. අනෙක් අතට විකිපීඩියාව අපක්ෂපාතී නොඹුරු දෘෂ්ටිකෝණයක් අනුගමනය කරයි. එනම්;
විකිපීඩියා ලිපි රචනා කිරීමේ දී නිශ්චිත එක් මතවාදයක් පමණක් නිවැරදි ලෙස දැක්වීමෙන් තොර ව කිසියම් කරුණක් පිලිබද ව ඇති සෑම මතවාදයක් ම, ආකල්පයක් ම ඉදිරිපත් කළ යුතු ය. අපගේ අරමුණ විනිශ්චය කිරීම නොව තොරතුරු ඉදිරිපත් කිරීමයි.
(විකිපීඩියා:නිබන්ධනය - සිතෙහි තබා ගන්න වෙතින්)
ඔවැනි අදහසක් ඉදිරිපත් වීමට හේතුව නිරවද්‍යතාවය යන අවශ්‍යතාවය වරදවා වටහා ගැනීම යැයි සිතමි. සත්‍යය සහ නිරවද්‍යතාවය යනු දෙකකි. බලන්න: verifiability is not truth විකිපීඩියා මූලධර්මවල නිරවද්‍යතාවය යනු එවැනි මතයක්/කරුණක් කිසියම් ප්‍රාමාණිකයකු/මූලාශ්‍රයක පවසා ඇති බව තහවුරු කිරීම ය. මෙතැන දී නම් මෙවැනි ජනප්‍රවාදයක් ඇති බව පිළිගත් මූලාශ්‍රයක් දක්වමින් තහවුරු කිරීම ය. ජනප්‍රවාදය සත්‍ය බව තහවුරු කිරීම නොවේ.
අංගම්පොර පමණක් නොව වේද ග්‍රන්ථ, මනුස්මෘතිය, කුරානය, බයිබලය, ආයුර්වේදය වැනි බොහෝ දේ වල උපත බැදී ඇත්තේ පිළිගත් විද්‍යාවේ මත, ලෝක ඉතිහාසය පිළිබද මතයන්ට ගැටෙන කාල/යුග, අධිස්වාභාවිත බලවේග ආදිය සමග ය. ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරුන් ගැන විශ්වාසය ද මිනිස් ශිෂ්ටාචාරයේ වයස පිළිබද පිළිගත් මතයන් සමග ගැටේ. නමුත් එම විෂයන් ගැන ලිවීමේ දී ඒ ගැන ලෝකයා පිළිගෙන ඇති විශ්වාසය අප ඉදිරිපත් කරනවා නොවේ ද? ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇති ලිපි පවා මීට සාක්කි ය.
මෙහි උක්ත කරුණ ජනප්‍රවාදයක් බව නොකියා එකම හා භෞතික ව තහුවුරු කෙරුණු මතයක් ලෙස දක්වා තිබුණි නම් ඔබ කියන ආකාරයේ නොමග යෑමක් සිදුවන බව මම ද පිළිගනිමි. ඇවැසි නම් රාවණ යුගය බහුතර ඉතිහාසඥයන් ප්‍රතික්ෂේප කරන/පුරාවිද්‍යාත්මක සාධක ඇතැ යි දැනට පිළිගෙන නොමැති බව උක්ත වැකිය සමග ම පැවසිය හැකි ය. එවිට එවැනි නොමග යාමක් නො සිදුවනු ඇති. Sasithmadu (talk) 01:52, 11 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]

ලිපියේ මධ්‍යස්ථතාව[සංස්කරණය]

මෙම ලිපියේ මධ්‍යස්ථතාව මතභේදයට ලක්ව ඇත යන්න දැක්වෙන සැකිල්ල:POV යොදා තිබුණද එසේ, ලිපියේ මධ්‍යස්ථතාව පිළිබඳ ගැටළුකාරී ස්ථානයක් දැකිය නොහැක. එම පණිවුඩය ලිපියේ විශේෂාංග තත්ත්වය කෙරෙහි බලපෑමක් ඇති කරන බැවින්, අනෙකුත් පරිශීලකවරුන්ගේ ද අදහස් මෙහි දක්වා එය ඉවත් කිරීමට හෝ එම පණිවුඩය ඉවත් නොකිරීමට තරම් මතභේදකාරී ලෙස ලිපියේ මධ්‍යස්ථතාව උල්ලංඝණය වී ඇත්තේ කවර ස්ථානයක ද යන්න පෙන්වා දෙන ලෙසත් ඉල්ලා සිටිමි.----Randeer (talk) 12:44, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ඉතිහාසයේ කිසිම අවස්ථාවක නොසිටි රාවණා නම් චරිතයක් පිළිබඳ ද එවැනි කාලයක් නොතිබූ නමුත් එවන් පැරණි යැයි අසභ්‍ය අදහස් ලබා දී ව්‍යාජ ඉතිහාසයක් සකසා පාඨකයින් නොමඟ යෑමට උත්සාහ කිරීමක් ලෙස මෙය පෙනේ. එසේ සාධක නොමැති විස්තර හේතුවෙන් මිනිසුන් මුලා කොට මෙම අංගම්පොර පිළිබඳ වැරදි මතයක් ඇති කළ හැක. එසේ නොව විද්‍යාව තුළින් හෝ පිළිගත් ඉතිහාසඥයින්ගෙන් සාධක ලබා දිය යුතුය.--ෆාහිම් (talk) 14:09, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

එවැනි හේතුවක් සඳහා, පිටුවේ ආරම්භයේදී ම සැකිල්ල:POV යෙදීමට වඩා, අදාළ ඡේදය අසළ සැකිල්ල:මූලාශ්‍ර රහිත ඡේදය යෙදීම වඩාත් සුදුසු යැයි සිතමි. මේ නිසා දැනට පවතින සැකිල්ල:POV ඉවත් කිරීමට බාධාවක් ඇති බවක් නොපෙනේ.----Randeer (talk) 15:10, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

හොඳයි.--ෆාහිම් (talk) 15:15, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අංගම්පොර&oldid=442137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි