ස්වාභාවික දර්ශනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලන්දේසි සිතුවම්කරු ෆ්‍රෙඩ්රික් ද විට් (Frederik De Wit) විසින් අඳින ලද 17වෙනි සියවසෙහි ආකාශ සිතුවමක්.

ස්වාභාවික දර්ශනය හෝ ස්වභාවධර්මය පිළිබඳ දර්ශනය (ලතින් බසින් ෆිලෝසොෆියා නැචුරාලිස්), නූතන විද්‍යාවට පෙර පැවති ස්වභාවධර්මය හා භෞතික ලෝකය පිළිබඳ අධ්‍යයනය හැඳින්වීම සඳහා යොදා ගනී. එය භෞතික විද්‍යාව වැනි ස්වභාවික විද්‍යාවන්හි පුරෝගාමියා ලෙස සැලකේ.

විද්‍යාවේ විවිධ ආකාර ඓතිහාසිකව වර්ධනය වූයේ දර්ශනයෙන් හෝ වඩාත් නිවැරදිව පවසනවානම් ස්වාභාවික දර්ශනයෙනි. පුරාණ විශ්ව විද්‍යාල තුල සංස්ථාපිත ස්වාභාවික දර්ශනය පිළිබඳ පදවි මේ කාලයේ හොබවනු ලබන්නේ ප්‍රධාන වශයෙන් භෞතික විද්‍යා මහාචාර්යවරුන් මගිනි. විද්‍යාව හා විද්‍යාඥයින් පිළිබඳ සංකල්පනාව විහිදී යන්නේ දහනමවන සියවස දක්වා පමණි (වෙබ්ස්ටර්ගේ නමවැනි විද්‍යාලයීය ශබ්දකෝෂය "විද්‍යාඥයා" වදනේ මූලාරම්භය 1834 ලෙස දක්වයි). ඊට පෙර "විද්‍යාව" යන වදන හුදෙක් දැනුම යන අර්ථය සඳහා භාවිතා කෙරුණු අතර විද්‍යාඥයා යනුවෙන් වදනක් භාවිතයේ නොතිබිණි. 1687 එළි දක්වන ලද අයිසැක් නිව්ටන්ගේ විද්‍යාත්මක ග්‍රන්ථය හැඳින්වූයේ ස්වාභාවික දර්ශනයේ ගණිතමය මූලධර්ම (The Mathematical Principles of Natural Philosophy) යනුවෙනි.

වදනේ ආරම්භය හා පරිණාමය[සංස්කරණය]

ස්වාභාවික දර්ශනය, අප වර්තමානයේ ව්‍යවහාර කරන ස්වාභාවික විද්‍යා (ලතින් බසින් "දැනුම" යනුවෙන් අරුත දෙන සයන්ෂියා-scientia යන්නෙන්) යන වදනටත් පෙර සිට භාවිතා වූ අධ්‍යයන ක්ෂේත්‍රයක් හැඳින්වීමට භාවිතා කල වදනයි. එවිට එය "ස්වභාවධර්මයේ ක්‍රියාකාරීත්වය" පිළිබඳ දැනුම හෝ අධ්‍යනය පිළිබඳව වූවක් විය. ස්වාභාවික දර්ශනය, ස්වභාවධර්මය වටහා ගැනීමට හෝ විස්තර කිරීමට සිදු කරන, පොදු අනුභූතීන් හා විතර්කණ වල විශ්ලේෂණ හා සංශ්ලේෂණ කාර්යයන් වලට අදාල වන අතර, විද්‍යාව යන වදන දහසය වන ශත වර්ශයේදීත් ඊට ඉහතදීත් අනන්‍ය වශයෙන්ම භාවිත වූයේ දැනුම හෝ අධ්‍යයනය යන්නට පර්යාය පදයක් ලෙසිනි. "ස්වාභාවික විද්‍යාව" වදනෙහි භාවිත වන අයුරින් "විද්‍යාව" යන්න, නූතනයේදී විද්‍යාව නැමැති අර්ථය අත්කර ගත් අතර, විද්‍යාත්මක ක්‍රමය මගින් පාලනය කරනු ලබන පර්යේෂණ (විශේෂ අනුභූතීන්) තුලින් දැනුම අත්කර ගැනුම එයටම විශේෂ වූ, ස්වාභාවික දර්ශනයට වඩා ඉහලින් පිහිටි අධ්‍යයන කොටසක් බවට පත් විණි. පාදුවා සරසවියේ ස්වාභාවික දර්ශනයේ මහාචාර්ය ලෙස පත් වූ පළමු පුද්ගලයා වන්නේ ජැකෝපෝ සැබරෙල්ලා (Jacopo Zabarella) ය.

14වන හා 15වන ශතවර්ෂ වලදී, ස්වාභාවික දර්ශනය දැන් භෞතීය විද්‍යාව නමින් හැඳින්වෙන දේ හැඳින්වීමට යොදා ගන්නා ලදී. 19වන ශතවර්ශයේ මැද භාගයේ සිට, විද්‍යාඥයින්ට භෞතික විද්‍යාවටත් රසායනික විද්‍යාවට එකවර දායක වීමට අපහසු වූ විට එය භෞතික විද්‍යාව ලෙස පමණක් හැඳින්වුණ අතර ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධි නාමයන් සඳහා තවමත් ඒ ආකාරයෙන්ම භාවිතා වේ. ස්වාභාවික දර්ශනය, නූතන විද්‍යාවේ අනෙකුත් පුරෝගාමියා වූ ස්වාභාවික ඉතිහාසයෙන් වෙනස් වූයේ, එහි ඇතුලත්ව තිබූ තර්කණය හා ස්වභාවධර්මය පිළිබඳ පැහැදිලි කිරීම් (හා ගැලීලියෝට පසු ප්‍රමාණාත්මක තර්කණය) හා අදාලවය. ස්වාභාවික ඉතිහාසය ඉඳුරාම ගුණාත්මක හා විස්තරාත්මක විය.

ස්වාභාවික දර්ශනයේ විෂය පථය[සංස්කරණය]

ප්ලේටෝගේ පැරණිතම සංවාදයක් ලෙස විශ්වාස කරන ලියැවිල්ලක(Charmides) විද්‍යාවන් නැතහොත් ද්‍රව්‍යාත්මක ප්‍රථිපල නිපදවන දැනුම් සම්භාරයන් හා එසේ නොවන ‍දේ අතර බෙදා වෙන්කිරීමක් දක්නට ලැබේ. ස්වාභාවික දර්ශනය, දර්ශනවාදයන්හි ප්‍රායෝගික අංගයකට වඩා න්‍යායාත්මක අංගයක් ලෙස වර්ගීකරණය වී ඇත (ආචාර විද්‍යාව හා සමානවම). ස්වාභාවය පිළිබඳ වූ දර්ශනවාදී දැනුම උපයෝගී කරගන්නා හා ශාස්ත්‍රයන් සඳහා මග පෙන්වන විද්‍යාවන් ප්‍රායෝගික ප්‍රථිපල නිපදවන නමුත් මෙම අතිරේක විද්‍යාවන් (උදා: ගෘහ නිර්මාණ ශිල්පය හෝ වෛද්‍ය විද්‍යාව) ස්වාභාවික දර්ශනයන් ඉක්මවා යන බව සැලකේ.

ස්වාභාවික දර්ශන අධ්‍යයනය විසින් විපර්යාසය යථාර්තය ලෙස පූර්වකල්පනය කරයි. මෙය පැහැදිලිව පසක් වන ලෙස පෙනුනත් විපර්යාසය සිදුවෙන බව ප්‍රතික්ෂේප කර ඇති දර්ශනවාදීන් සිට ඇත. ප්ලේටෝගේ ගුරුවරයෙකු වන පාමනයිඩීස්, ග්‍රීක දර්ශනවාදියෙකු වන සෙක්ස්ටස් එම්පිරිකස් හා ඇතැම් පෙරදිග දර්ශනවාදීන් මෙම කාණ්ඩයට අයත් වේ. "අඥෙයවාදය හා තිරස්චීන ඇදහිල්ල" (Scepticism and Animal Faith) යන ග්‍රන්ථයේ ‍ජෝජ් සන්තානයා විසින් විපර්යාසයේ යථාර්තය ඔප්පු කිරීමට නොහැකි බව පෙන්වා දීමට උත්සහ කර ඇත. ඔහුගේ තර්කණය ස්ථිරසාර නම්, භෞතික විද්‍යාඥයෙකු වීමට යමෙකු විසින් තමාගේ ඉන්ද්‍රියයන් විශ්වාස කල යුතු තරමට තමාගේ සැක සහිත බව මැඩ පවත්වා ගත යුතුය. නැතහොත් ප්‍රති-යථාර්තවාදය මත විශ්වාසය තැබිය යුතුය.

ෂෙලින්ග්ගේ සිට ස්වාභාවික විද්‍යාව තුල අධ්‍යයනයට ලක්වෙන විපර්යාස ආකාරය පරිණාමය වෙනුවට ප්‍රවර්ධනය බවට පත් වී ඇත. ප්‍රවර්ධනය යනු කලින් පැවසිය හැකි දිශානතික විපර්යාසයයි. පරිණාමය යනු වෙනස් කල නොහැකි ලෙස ඓතිහාසිකව මැදහත් තොරතුරු රාශීභූත වීමයි.

රෙනේ ඩෙකාට්ගේ ද්වෛතවාදී පාරභෞතික පද්ධතිය තුල පදාර්ථ හා මනස යනුවෙන් ද්‍රව්‍යය වර්ග දෙකක් පවතී. මෙම පද්ධතියට අනුව "පදාර්ථ" වන සියලු ද්‍රව්‍යය නිර්ණායන හා ස්වාභාවික —එම නිසා ස්වාභාවික දර්ශනයට අයිති වන—වන අතර "මනස" වන සියලු ද්‍රව්‍යය චේතනාත්මක හා අස්වාභාවිකය. එය දර්ශනයේ විෂය පරාසයෙන් පිටතට අයත් වේ.

ස්වාභාවික දර්ශනයේ අංග හා විෂය කාරණාව[සංස්කරණය]

ස්වාභාවික දර්ශනයේ ප්‍රධාන අංග ලෙස තාරකා විද්‍යාව හා අජටාකාශ විද්‍යාව, ස්වභාවධර්මය මහා පරිමාණයෙන් අධ්‍යයනය කිරීම;හේතු විද්‍යාව, (නෛසර්ගික හා සමහර අවස්ථා වලදී පරායත්ත) හේතූන්; ආකස්මිකය, සම්භාවිතාව හා සසම්භාවිතාව අධ්‍යයනය; මූල ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය; අපරිමිතය හා (තථ්‍ය හා අතථ්‍ය) අසීමිතය පිළිබඳ අධ්‍යයනය; පදාර්ථය පිළිබඳ අධ්‍යයනය; යාන්ත්‍ර විද්‍යාව, චලනයේ හා විපර්යාසයේ පරිවර්තනය පිළිබඳ අධ්‍යයනය; ස්වභාවධර්මය හෝ විවිධ ක්‍රියා ප්‍රභව පිළිබඳ අධ්‍යයනය; ස්වාභාවික ගුණාංග පිළිබඳ අධ්‍යයනය; භෞතික රාශීන් පිළිබඳ අධ්‍යයනය; භෞතික වස්තූනි අතර සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය; සහ කාලය හා අවකාශය පිළිබඳ දර්ශනය ගෙන හැර දැක්විය හැක. (ඇඩ්ලර්, 1993)

ස්වාභාවික දර්ශනයේ ඉතිහාසය[සංස්කරණය]

17වෙනි ශත වර්ෂයට පෙර ස්වාභාවික දර්ශනයේ ඉතිහාසය සඳහා භෞතික විද්‍යාවේ ඉතිහාසය, රසායන විද්‍යාවේ ඉතිහාසය හා තාරකා විද්‍යාවේ ඉතිහාසය වෙත යොමු වන්න.

ස්වාභාවික දර්ශනය තුල විශේෂ පුද්ගලයින්[සංස්කරණය]

අල්zසන් ගේ දෘෂ්ටි විද්‍යාව පිළිබඳ ග්‍රන්ථය තුලින් හා ස්වභාවධර්මය අධ්‍යයනය කිරීමට වඩා ප්‍රායෝගික හා 'ප්‍රශ්න කිරීමට ලක්වීමට ලැදි' මාර්ගයක් සඳහා යෝජනා ෆ්‍රැන්සිස් බේකන් ඉදිරිපත් කිරීම මගින් විද්‍යාත්මක ක්‍රමය බිහි වීම අතරතුර, රොබට් බොයිල්, ස්වභාවධර්මය හා පාරභෞතිකය අතර වෙනස පිළිබඳව උත්පාදක කර්තව්‍යයක් ලෙස සැලකෙන ස්වභාවධර්මය පිළිබඳ ග්‍රාම්‍ය සංකල්පනය තුලට ස්වාධීන විමසුමක් (A Free Enquiry into the Vulgarly Received Notion of Nature)යන ග්‍රන්ථය ලියා පළ කරන ලදී. 1686 දී රචනා කරන ලද මෙම ග්‍රන්ථය ස්වාභාවික දර්ශනය, විද්‍යාව බවට පරිවර්තනය වීම සඳහා චිත්‍රය සැකසීම පිළිඹිබු කලේය. එය, මධ්‍යතන යුගයන්හි ගුරුකුලවාදය වෙතින් විප්ලවීය වෙන්වීමක් නිරූපණය කලේය. පූර්වගයා තුල පැවති කුලවාදී ආයිත්තම් කිහිපයක් ස්වාභාවික දර්ශනයේ අංග විසින් රඳවා තබා ගත් නමුත්, ස්වාභාවික දර්ශනය තර්කානුකූල වශයෙන්ම ඉන්ද්‍රියානුභවික විය. ස්වභාවධර්මය විස්තර කිරීමට ඉන් පෙර සිදූ වූ ප්‍රයත්නයන් එසේ නොවීය. විද්‍යාව හා ස්වාභාවික දර්ශනය අතර වැදගත් ප්‍රභේදක ලක්ෂණයක් වන්නේ ස්වාභාවික දර්ශනවාදීන් පොදුවේ තමන්ගේ අදහස් ප්‍රායෝගික ආකාරයට අත්හදා බැලීමට නොසිතීමයි. ඒ වෙනුවට ඔවුහු ප්‍රපංච නිරීක්ෂණය මගින් 'දාර්ශනික' සිද්ධාන්ත වලට එළඹ ගත්හ.

මෙවැනි මාර්ගයක් ඔහුගේ සම්පරීක්ෂණාත්මක උත්සහයන්හිදීත් ඔහුගේ රචනා තුලදීත් භාවිතා කල පළමුවැන්නා වන බොයිල් සහ බේකන් (සහ මෙවැනි කාරණා වලදී බොයිල් හා බේකන් හට අනුප්‍රාණයක් වූ ගැලීලියෝ), ස්වභාව ධර්මය පිළිබඳ සතුටුදායක අවබෝධයක් ලබා ගත හැකි වන්නේ, හුදෙක් විචාරශීලී මාර්ගයක් වෙත හෝ ලබා ගන්නා ලද අධිකාරියක් වෙත කරනු ලබන අනන්‍ය ආශ්‍රේයයන් වලට වඩා, ප්‍රායෝගික සම්පරීක්ෂණාත්මක නිරීක්ෂණ තුලින් බවට නිශ්චයකට එළඹ සිටියෝය.

ගැලීලියෝගේ 'ස්වාභාවික දර්ශනය' ඉතා සුළු වශයෙන් විද්‍යවෙන් වෙනස් වූවත්, ඔහුගේ පර්යේෂණ හා ලියැවිලි අතර සම්බන්ධය, බොයිල් පසුව අවධානය කල ආකාරයට සුපරීක්ෂාකාරීව වාර්තාගත කරනු ලබන ප්‍රායෝගික විද්‍යාත්මක පර්යේෂණාත්මක නිරීක්ෂණ දත්ත සමඟ අපිළිවෙල වීමට වඩා, ආවේණිකව දාර්ශනික වේ.

ඔහුගේ භාවිතය 'ස්වාභාවික දර්ශනය' ලෙස බොයිල් හැඳින්වූවත්, ඔහු හඳුන්වා දුන් නව්‍යකරණයන් මූල-විද්‍යාවෙන් විද්‍යාවට සංක්‍රමණය වීම නිරූපණය කරන්නන් ලෙස දැකිය හැක. මෙම නව්‍යකරණයන් අතර, පර්යේෂණාත්මක ප්‍රථිපල, අසාර්ථක වූ පර්යේෂණ වල පවා, ප්‍රකාශනයට බල කිරීමකුත්, නිරීක්ෂණාත්මක ප්‍රකාශයන් තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ ප්‍රතිගුණනය කිරීමේ අවශ්‍යතාවයකුත් දක්නට ඇත.

'ස්වාභාවික දර්ශනය' හා 'විද්‍යාව' වදන් අතර විලක්ෂණය ඇති වූයේ බොයිල් මිය ගිය පසු බැවින්, ඔහුගේ කර්තව්‍යයන් සඳහා 'ස්වාභාවික දර්ශනය' යන වදනේ භාවිතය, පෙර මූල-විද්‍යාවන් සමඟ කාල විරෝධී ඒකාබද්ධ වීමක් ලෙස සැලකිය හැක.

ඒ ආකාරයෙන් බොයිල් ඔහුගේ කර්තව්‍යයන් 'ස්වාභාවික දර්ශනය' ලෙස හඳුන්වන විට අප ඒවා 'විද්‍යාව' ලෙස හඳුන්වයි. එසේ උවත් බොයිල්ගේ භාවිතය ඔහුගේ කාලයට නිවැරදිය. කෙසේ උවත්, වදන් ද්විත්වයේ නූතන විලක්ෂණය හැඩ ගැස්වූ පුද්ගලයා ලෙස බොයිල් හැඳින්විය හැක.

ඇරිස්ටෝටල්ගේ ඕගනුම් (Organum) තුල අපෝහනය කෙරෙහි තිබූ පුරාණ අවධාරණය නිරුපණය වී තිබෙනු දක්නට ඇත. ෆ්‍රැන්සිස් බේකන්ගේ නෝවුම් ඕගනුම් (Novum Organum) නැමැති නිබන්ධනය තුල අභ්‍යහනය හා පර්යේෂණ වෙත තිබෙන නවීන අවධාරණය නිරූපණය වී තිබෙනු දක්නට ඇත.


ආශ්‍රේය[සංස්කරණය]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ස්වාභාවික_දර්ශනය&oldid=252721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි