ස්වර්ණා මල්ලවආරච්චි

විකිපීඩියා වෙතින්
ස්වර්ණා මල්ලවආරච්චි
ස්වර්ණා මල්ලවආරච්චි (වම)
උපත1948 August 01 (age 75)
රැකියාවචිත්‍රපට නිළියක
සක්‍රීය වසර1966–වර්තමානය

ස්වර්ණා මල්ලවආරච්චි (උපත 1948)[තහවුරු කර නොමැත] සිංහල සිනමාවේ සම්මානනීය නිළියකි. කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී උපන් ස්වර්ණා මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් විජයබා විදුහලෙන් හා බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයෙනි.

චරිතාපදානය[සංස්කරණය]

1973 දී ස්වර්ණා විදේශගත වූවාය. එංගලන්තයේත් ඕස්ට්‍රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණ ඇය ආපසු ලංකාවට පැමිණියේ 1978 ටේදීය. ඒ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රඟපෑම සඳහා එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්‍රමයන්ගෙන් ලද ඇරියුමක් පරිදිය. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය.

චිත්‍රපට[සංස්කරණය]

වසර චිත්‍රපටය අධ්‍යක්‍ෂණය චරිතය වෙනත්
1966 සත් සමුදුර සිරි ගුණසිංහ
1967 හන්තානේ කතාව
මල්දෙණියේ සිමියොන් ගුණවතී
අංජනා
සිංහබාහු
හංස විලක්
1982 රිදී නිම්නය
යහළු යෙහෙලි සුමිත්‍රා පීරිස් ජිනාදරී
බිත්ති හතර
1984 දඩයම වසන්ත ඔබේසේකර
මායා සුමිත්‍රා පීරිස්
1985 සුද්දිලගේ කතාව
1988 කැඩපතක ඡායා වසන්ත ඔබේසේකර
සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා සුමිත්‍රා පීරිස් සරසවිය, සිග්නිස් හොඳම නිළිය සම්මාන
අයෝමා
මදාරා පරසතු
මී හරකා
1997 භව දුක
1998 භව කර්ම (1998)
චන්න කින්නරී
2001 අනන්ත රාත්‍රිය
2016 ඇගේ ඇස අග අශෝක හඳගම

ලබාගත් සම්මාන[සංස්කරණය]

  • 1981 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - හංස විලක්
  • 1982 OCIC සම්මාන - හොඳම නිළිය - රිදී නිම්නය/බිත්ති හතර/යහළු යෙහෙලි
  • 1983 සරසවිය සම්මාන - හොඳම නිළිය - දඩයම
  • 1983 OCIC සම්මාන - හොඳම නිළිය - දඩයම
  • 1984 OCIC සම්මාන - හොඳම නිළිය - මායා
  • 1985 OCIC සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
  • 1985 සරසවිය සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
  • 1986 ජනාධිපති සම්මාන - හොඳම නිළිය
  • 1988 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
  • 1988 සරසවිය සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
  • 1988 OCIC සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
  • 1998 OCIC සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
  • 1989 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
  • 1989 OCIC සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
  • 1997 OCIC සම්මාන - හොඳම නිළිය - බව දුක
  • 1997 සරසවිය සම්මාන - හොඳම නිළිය - භව දුක
  • 1997 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - භව දුක
  • 1998 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
  • 1998 සරසවිය සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
  • 2001 OCIC සම්මාන - හොඳම නිළිය - අනන්ත රාත්‍රිය
  • රණ තිසර යාව ජීව කර්තව්‍යය සම්මානය
  • Bangladesh Film Development Board Award
  • Zonta Woman of the Year Award
  • Sanpac Felicitation Award[1]

මූලාශ‍්‍ර[සංස්කරණය]

  1. Tucker, Neely (14 January 2005). "Off-Screen Activist". Washington Post. සම්ප්‍රවේශය 24 May 2010.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්වර්ණා_මල්ලවආරච්චි&oldid=657011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි