ස්කොට්ලන්ත සාහිත්‍යය‍

විකිපීඩියා වෙතින්
මෙම රූප සටහනේ දැක්වෙනුයේ Aneirin යන කෘතියෙන් පිටුවකි. 6th century.

රෝමානු සාහිත්‍යය[සංස්කරණය]

13 වන ශත වර්ෂයේදී ප්‍රංශ භාෂාව සාහිත්‍යමය භාෂාවයක් ලෙස විශාල දියුණුවක් ලැබීය. ස්කෝට්ලන්තයේ සිට පැමිණි සෙල්ටික නොවන පළමු ස්වභාෂා සාහිත්‍ය නිර්මාණය Romanstv Fergus ය. මීට අමතරව ආතුරීයන් චක්‍රයේ ප්‍රංශ භාෂාවෙන් රචිත හා ස්කොට්ලන්තයෙන් පිටත පමණක් සංරක්ෂිත කෘතාන්තයන් ඇතැම් අධ්‍යාපනඥයන් විසින් (DDR ඕවන්) ස්කොට් ලන්තයේ රචිත කෘතීන් ලෙස උගන්වනු ලැබෙයි.

ප්‍රංශ භාෂාවට අමතරව ලතින් භාෂාව ද සාහිත්‍යමය භාෂාවකි. ප්‍රසිද්ධ උදාහරණයන් වන්නේ Imchcolm atiphoner හා Carmen de morte sumerledi එය ගැස්ලෝ ජනතාවගේ Somailre Mac gilla brigte ට එරෙහිව ලැබු විජයග්‍රහණයෙන් පිනායමින් රචිත කාව්‍යයන් ය. ස්කොට්ලන්තයේ මධ්‍යතන යුගයේ වැදගත්ම නිර්මාණය වන්නේ වීටා කොලොම්බේ වන අතර එය ද ලතින් භාෂාවෙන් රචනා කොට ඇත.

දාහත්වන ශතවර්ෂයේ සිට දහනවන වන ශතවර්ෂයේ මුල් භාගය දක්වා[සංස්කරණය]

ඇලන් රැම්සේ (1686-1758), පැරණි ස්කොට්ලන්ත සාහිත්‍යය පුනරැදය හා ගැමි කාව්‍ය සදහා පැවති නව ප්‍රවනතාවය පිලිබද පදනමක් ස්ථාපිත කලේය. කාව්‍ය ස්වරෑපයක් ලෙස එය හර්බ් ස්ටැන්ක් විසින් වැඩි දියුණු කරන ලදි.

1760 දී ජේම්ස් මැක්ෆිර්සන්, ඔසියා විසින් රචිත කාව්‍යන් සදහා අයිතිය කියා පැහ. ඔහු ජනතාව අතර ඇති ජනප්‍රියත්වය ආශ්‍රයෙන් ලබා ගත් පරිවර්ථන එළිදැක්වු අතර ඒවා කෙල්වින් ආදේශක ලෙස ප්‍රසිද්ධ කරන ලද සම්භාව්‍ය ආචාර ධර්ම වේ. 1762 දි ලියන ලද, ෆිලංග්ල්ස් යුරෝපියානු භාෂා බොහෝමයකට වේගයෙන් පරිවර්තනය කරන ලදී. එහි ගැඹුරින් අගය කරන ලද ස්වභාව සෞන්දර්යය සිහ පෞරාණික පුරාවෘත්තයන්ගේ අනුකම්පා සහගත කරැණාව යුරෝපයේ රොමෑන්තික සංගමය ඉහලට ගෙන ඒමට වෙන කිසිවකට වඩා උපකාර විය. විශේෂයෙන්ම ජර්මනියේ සාහිත්‍යය ආභාශයෙන් හෙඩර් හා ගොන් යන අය උදව් විය. බොහෝ ස්කොටියානු රචකයන් අතර පෙළඹවිමක් ඇති වු අතර වෝල්ටර් ස්කොට් ඒ අතර විය. නමුත් අවසානයේ දී කාව්‍යයන් ඍජු ගැලික් පරිවර්ථනයක් නොවන බව පැහැදිලි වු අතර ප්‍රේක්ෂකයන්‍ගේ සෞන්දර්යමය බලාපොරො‍ත්තු විසිතුරු අනුවර්ථනයන්ට බොහෝ සෙයින් සමාන විය. (ඩෙරික්ගේ 'ද ගැලික් සෝස් ඔ‍ෆ් මැක්ෆිර්සන්ස් ඔයිසන් එයට ආදර්ශයකි)

ස්කොටියානු රචකයන් අතර ප්‍රසිද්ධ රචකයන් දෙදෙනෙකු වු රොබට් බර්න්ස් හා වෝට්ලර් ස්කොට් යන අය රොමැන්තික සමයේ විශේෂයෙන් ඇසුරැ කරන ලද රචකයන් දෙදෙනෙකි. ස්කොටියානුවන්ගේ රචනයන් ස්කොට්ලන්තයේ විශේෂ සැලකල්ලට බදුන් විය. නමුත් නුතන ස්කොටියානු සාහිත්‍යයේ ඒකාකාරි ස්වභාවය ගොඩනැගීමට එංගලන්තයේ හා වෙනත් විදේශ රටවල ජනප්‍රියත්වය ඉවහල් විය. ස්කොට්ලන්තයේ ජාතික කවියා ලෙස හැදින්වෙන බර්න්ස්ගේ කවි ඔවුන්ගේ විෂය කරුණු මෙනෙහි කිරිමේ අදහසින් සංස්කරණය කරන ලදී. ඔහු වික්ටෝරියානු සමයේ සිටි නිවාරකයෙකි.

ස්කොට් විසින් රැස් කරන ලද ස්කොට්ලන්තිය මුද්‍රානාටකයක් වන ' ද එන්ට්‍රල්ස් ඔෆ් ද ස්කොට්ෂ් බෝඩර්' 1814 වේවර්ලි සමග නවකථා- රචක වෘත්තිය එලිදැක්වීමට පෙර, ප්‍රථම ඓතිහාසික නවකතාව ලෙස හැදින්විය. දේශප්‍රේමියෙක් ලෙස ඔහුගේ ප්‍රතිරෑපයට දායක වු 'රොබ් රෝයි' ස්කොට් විසින් රචනා කළ වෙනත් නවකථාවකි. හිස්ට්‍රි ඔෆ් ස්කොට්ලනඩ් ද ඔහු විසින් ලියන ලද්දකි. ඒම කාලයේ වැඩිම මුදලක් ඉපයු හා ජනප්‍රියම රචකයා ඔහු විය.

වෝල්ටර් ස්කොට් විසින් දිර්මත් කරන ලද ජේම්ස් හොග් යන රචකයා, ස්කොට්ලන්තිය ආගමික පසුබිමේ නිර්මානාත්මක භාවය ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කළ ඔහුගේ විශිෂ්ඨ ද ප්‍රයිවට් මෙමොරිස් ඇන්ඩ් කන්ප්‍රේසන් ඔෆ් ද පස්ට්ෆයිඩ් සිනර්, ඩොපොලේ ගැන්ගර් තේමාව හදුන්වා දෙමින් පසුකාලින ශතවර්ස වල ද ස්‍ට්‍රේන්ජ් කේස් ඔෆ් ඩොක්ටර් ජැකලී ඇන්ඩ් හියිඩ් මගින් ඉදිරියට ගෙන ගිය බව පෙනේ. ගොග් ඔහුගේ සාහිත්‍යයට ගුරැ අරැත කෝ-චොයිස්වෙ යන ගැලික් ගැමි සංස්කෘතියේ සංකල්පයන් ඇදා ගත් බව සිතිය හැකිය.

දහනව වන ශතවර්ෂය හා විසිවන ශතවර්ෂයේ මුල් භාගය[සංස්කරණය]

දහනව වන ශතවර්ෂයේ අග භාගයේ දී ස්කොට්ලන්තයේ ජනගහනය සීග්‍රයෙන් නාගරීකරණය හා කාර්මීකරණයට ලක් විය. කෙසේ වෙතත් පාඨකයාගේ කියවීමට ඇති කැමැත්ත වැඩි කරලීමට ටෝල්ටර් ස්කොට් උත්සාහ දැරීය. මිත්‍යා වලින් පිරි සීමාවක් නොමැති ස්කොටියානු භූමි දර්ශනයන්ගේ වික්‍රමාන්විත දස්කම් පිළිබඳ ලියැවුණු නවකථා දිරිමත් කලද, ජීවිත යථාර්තය නිරූපනය කරන තවත් නවකථා තිබිණ.


ස්කොටියානු බුද්ධිමය සංස්කෘතියේ, ආපස්සට යෑමේ දී අවසාන වශයෙන් හමුවන ඩේවිඩ් හම් යන දාර්ශනිකයාගේ රචනයන්, සර් ආතර් කෝනර් ලොයිඩ්ගේ ශර්ලොක් හෝම්ස් නමින් රචනා කළ පොත් වලට සමාන බවක් පෙන්වයි. නමුත් දැන් ශර්ලොක් හෝම්ස් යන්න ශ්‍රේෂ්ඨ ලන්ඩනයේ කොටසකි. මෙම පොත් වල ත්‍රාස්‍ය රසයට ජීවය ලබා දි තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා ස්කොට්ලන්තීය භාෂා‍වෙනි. රොබට් ලොයිඩ් ස්ටීවන්ගේ ප්‍රසිද්ධ කෘතී තවමත් ජනප්‍රිය අතර බොහෝ චිත්‍රපට හා නාට්‍යයන්ගේ හැඩය ද ජනප්‍රියය. කෙටි නවකතාවක් වන ස්ට්‍රේන්ජ් කේස් ඔෆ් ඩොක්ටර් ජැකලී හා මිස්ටර් හයිඩ් (1886), හොඳ හා නරක වෙන් කිරීමේ බලාපොරොත්තුවෙන් සෑදු මත්ද්‍රව්‍යයකින් මනෝව්‍යාධි රාක්ෂයෙක් බවට පත් වූ කරුණාවන්ත හා බුද්ධිමත් වෛද්‍යවරයෙකු පිළිබඳව වචනයෙන් විස්තර කර දක්වයි. කිඩ්නැප්ඩ් යන නවකතාව, ඓතිහාසික නවකතාවක් ලෙස පත් වුයේ හතලිස් පහේ ජැකෝබික් රයිසින් හා ට්‍රෙෂර් අයිලන්ඩ් සම්භාව්‍ය ග්‍රන්ථ චෞරයාගේ ත්‍රාසජනක විපාකයෙන් පසුවය.


මෙම ව්‍යාපාරය හැඳින්වුයේ කයිල්යාඩ් සංස්කෘතිය නමින් වන අතර දාහත්වන ශතවර්ෂය අවසානයේ විලාසිතාවන් සඳහා විජ්ජාව හා ජනප්‍රවාද අංගයන් ඇතුලත් කරන ලදී. නවීනභාවය හා කාන්සාව (nostalgia) යන ඒවායේ මිශ්‍රයෙන්ම, උදාහරණයන් වන්නේ ‍ ජේ. ඇම්. බැරී ස්කොට්ලන්තීය සාහිත්‍යයේ ප්‍රබල වැටීම් ලෙස මෙම සම්ප්‍රදාය පෙනෙන අතර, එය පරමාදර්ශයක් සේ සැලකීම, ගොපළු ස්කොට්ලන්ත සාහිත්‍යය චිත්‍ර යන ඒවා ඉතා සීග්‍රයෙන් ස්කොට්ලන්ත ජීවිතයන්ගෙන් මෙම කාලය තුල දී ඉවත්ව ගියේ ය. මෙම සම්ප්‍රදාය ජෝර්ජ් ඩග්ලස් කතුවරයා විසින් රචිත ද හවුස් විත් ද ග්‍රීන් ශටර් නව කථාවේ උපහාරයට ලක් කර ඇත. ස්කොට්ලන්ත සාහිත්‍යය අදත් මෙම සම්ප්‍රදායේ දෝංකාරයෙන් දුක් විඳින බවට තර්ක කල හැක. තම කාර්යයන් ප්‍රසිද්ධ වු තවත් එක් ස්කොට්ලන්ත කතුවරයෙක් වන්නේ ජෝර්ජ් මැක්ඩොනල්ය. පශ්චාත් යුධ සමයේ ගත වූ වසර කිහිපය තුළ නව ලේඛකයෝ නව ස්වරූපයන් විදහා දැක්වූහ. ඇලෙක්සැන්ඩර් ට්‍රොචි (1950 දීද) කෙනෙත් වයිට් (1960 දීද), ස්කොට්ලන්තය අතහැර වාසය පිණිසත් තමන්ගේ වැඩ කටයුතු කිරීමටත් ප්‍රංශය බලා ගියහ. යුරෝපීය භාෂාවන් බොහෝ ගණනකින් කරන ලද කෘතීන් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඔව්හු ප්‍රසිද්ධියට පත් වුහ.

තවද එඩ්වින් මෝර්ගන් ‘ජාතික කවියා’ විරුදාවලිය ලත් එමෙන්ම නිල වශයෙන් පත්වීම් ලැබු කවියාද විය. ඔහු ලෝක සාහිත්‍ය කෘතින් පරිවර්තනය කළේය. ඔහුගේ කවිවලට වර්තමාන සිදුවීම් මෙන්ම දේශපාලනික ප්‍රශ්නද විෂය විය.


විසිවන ශතවර්ෂයේ ආරම්භයේ පුනරුදයේ මිටියාවත් ලෙස හියු මැක්ඩගව්ඩ්ගේ වාචික අංගයන් භාවිතා විය. අනෙක් සමකාලීනයන් ඒ.ජේ.ක්‍රොනින්, එරික් ලින්ක්ලාටර්, නයෝමි විචිසන්, ජේම්ස් බ්‍රයිඩ්, රොබට් ගෙරියොක්, රොබට් මැක්ලෙලන්, නැත්ශෙපඩ්, විලියම් සුටර්, ඩග්ලස් යං සහ සිඩ්නි ගුඩ්සර්ස්වින් විය. කෙසේ වෙතත් අනෙක් සාහිත්‍යය පුබුදුව ඉතා විශාල වශයෙන් සීමා විය. 1930 දී ස්කොට්ලන්ත ජාතික සොලී මැ ක්ලීන් නවීන සාහිත්‍යයට නව වටිනාකමක් ලබා දුන්නේය. එඩ්වින් මුවර් නීතිවේදියා ඉංග්‍රීසි සාහිත්‍යයට, භාෂාවට වෙනසක් සහ අවධානයක් ලබා දු‍න්නේය.


හිල් චැඩ් ගර්ඩ් හා ලුවිස් ග්‍රැසික් ගිබ්ස් නවකථාකරුවා මෙම කාලය තුලදී ස්කොට්ලන්ත ජීවිතය තුල ඇති වු භාෂාමය ගැටළු අවධාරණය කළේ පිළිවෙලින් සිල්ව ඩාලිංස් හා ස්කොට් කොයර් වශයෙනි. ප්‍රධානීන්ගේ භාෂාව ඉංග්‍රීසි පන්නයෙන් වර්ධනය වීමත් සමඟ ඔවුන් කාර්මික ජවින ක්‍රමයට හුරුවිය. ඇලෙක්සැන්ඩර් මැකෝල්, ඇලන්වොර්නර් සහ ග්ලාස්ගෝහි සිටිමින් නවකථා රචනය කළ සුහායිල් සාදි යනාදිහු 21 වෙනි ශත වර්ෂයේ කැපි පෙනෙන ශාස්ත්‍රීය සේවාවන්වලට දායක වූහ.

නව ලේඛකයින් සහ කවියන් ධෛර්යමත් කළ An Leabhar Mòr සහ Ùr Sgeal කාණ්ඩ ප්‍රකාශයට පත් කිරීමත් සමග ස්කොට්ලන්ත ගේලික් සාහිත්‍ය ග්‍රන්ථ පළ කිරීමේ පුනර්ජීවයක් දැනට දක්නට ඇත.

ස්කොට්ලන්ත සාහිත්‍ය සම්ප්‍රදාය ගැහැණු කර්තෘවරුන්ගේ අදහස් වලටද දොරටු විවෘත කළේය. මෙහි පරමාර්ථය වුයේ අතීතයේ සිට මේ දක්වා ගැහැණුන් විසින් රචනා කරන ලද කෘතින් නැවත සළකා බැලීම තුළින් ඔවුන් ධෛර්යමත් කිරීමයි.

පසු ගිය අවුරුදු කිහිපය තුළ සිට ‘කැනන්ගේට් හවුස්’ ප්‍රකාශන ආයතනය ක්‍රම ක්‍රමයෙන් දියුණු තත්වයට පත් වෙමින් තිබේ. එම ආයතනය විසින් සෑම යුගයකටම අයත් ස්කොට්ලන්ත සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත් කරමින් නව සාහිත්‍යකරුවන් උනන්දු කරනු ලබමින් සිටි.

ඉංග්‍රීසි - ස්කොට් සාහිත්‍යය[සංස්කරණය]

මුල්ම මධ්‍යම ඉංග්‍රීසි හෝ මුල් ස්කොට් සාහිත්‍යයට ‍ජෝන් බාවර් Brus අයත් වේ. තවද Wyntoun ‍ගේ kronykil හා Blind Harry ගේ Wallase (15 වන සියවස) ද අයත් වේ. 15 වන සියවසේ සිට බොහෝ මධ්‍යම ස්කොට් සාහිත්‍යය ලියවී ඇත්තේ එඩින්බර්ග් රජවාසල හා ශාන්ත ඇන්ඩෲ විශ්ව විද්‍යාලය පාද කර ගත් රචකයන් මගිනි. ඇලෙක්සැන්ඩර් මොන්ටෙගෝමර් යන 16 වන සියවසේ කිවිදානෝ 6 වන ජේම්ස් රජු යටතේ සේවය කළෝය. ස්කොට්ලන්තයේ පළවන ජේම්ස් රජුගේ අණ පරිදි The king is Quart යන කෘතිය රචනා කළේය. ස්කොට්ලන්තයේ 5 වන ජේම්ස් රජු ගේ අණ පරිදි ජෝන් බෙලෙන්ඩෙන් විසින් හෙක්ටර් බෝමේගේ Hiotoria Genths Scotorum as chroniklis of Scotlnt (1536) කෘතිය පරිවර්තනය කළේය. එමෙන්ම ඔහු ලිවිගේ පළමු පොත් පහ ද පරිවර්තනය කළේය. මේවා ස්කොට්ලන්ත‍ සාහිත්‍යයේ ඉතුරැව පවතින මුල්ම සාහිත්‍ය කෘති වේ.


මෙයට අමතරව ප්‍රසිද්ධ ප්‍රේමවෘතාන්ත ද ගොඩනගන ලදී. උදාහරණ Launcelot of the Laik සහ The Buik o Alexander

16 වන සියවසේ දී Aeneid හි ස්කොට් පරිවර්තවනයක් ලියුවේය. නැවත ගොඩනැගීමක් වන තෙක් ප්‍රංශ සාහිත්‍ය භාෂාවක් වන Chaucerian ස්කොට් භාෂාව කෙරෙහි බලපෑම් එල්ල කළේය. 16 හා 15 වන සියවස් වල දී රොබට් හෙන්රිස්න්, විලියම් ඩන්ඩා හා ඩේවිඩ් ලින්ඩ්සේ ස‍්කොට් සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මෙහෙය වුහ. ජොර්ජ් බැනටයින් විසින් මධ්‍යම ස්කොට් සමයේ බොහෝ කවි එක් රැස් කරන ලදී.

ස්කොට්ෂ් බැලේ සංස්කෘතිය 17 වන සියවස තෙක් විහිද පවති. මේවාට උදාහරණ ලෙස ෆැන්සින් හේම්ස් චයිල්ඩ් ගේ Compilation හා The English and scottish popular Ballads (1882-1898) දැක්විය හැක. මේවාගේ අන්තර්ගත කවි ලෙස The Elfin Knight Lord Randal (මුල් මුද්‍රණය ක්‍රි.ව 1610) හා Lord Randal දැක්විය හැක.

17 වන සියවස ඉක්මයත්ම ස්කොට්ලන්තයේ ඇංග්ලිසියානුත්වය හිස ඔසවන්නට විය. මේ සමයේ බොහෝ වාචික බැලේ කෘති ලේඛන ගත කරන ලදී. (මේවා ඊසාන දිග දේශසීමාවලින් සොයා ගන්නා ලදී) මේ සමයේ රචකයන් ලෙස රොබර් සෙම්පිල් (ක්‍රි.ව 1595- 1655) හා lady Wadlaw හා Lady Girizel Bailie දැක්විය හැක.

ස්කොට් නවකතාව ටෝබියස් ස්මොලට් වැනි 18 වැනි සියවසේ රචකයන් මගින් ගොඩනගන ලදී.

ස්කොට්ලන්තය හා බැඳුණු සාහිත්‍ය කෘතින්[සංස්කරණය]

උතුරු බ්‍රිතාන්‍ය ජනවාසීහු සෙල්ටික් (Celtic) භාෂාවක් භාවිතා කළහ. ආදිතම වේල්සියානූ සාහිත්‍යය සැබවින්ම ලියැවී ඇත්තේ ස්කොට්ලන්තය තුළ හෝ ඒ ආසන්නයේදීය. බ්‍රයිනොනික් භාෂාව වේල්සයට හෝ කෝන්වෝලයටම පමණක් සිමා නොවීම එයට‍ හේතුවයි.

බොහෝ නූතන සාහිත්‍යවේදීන් පවසන අන්දමට පික්ට්සයින් (Picts) බ්‍රයිනොනික් භාෂාව භාවිතා කළද, (පවතින ස්ථානවල නාමයන්, පුද්ගලික නාමයන් හා ඓතිහාසික සාක්ෂි පදනම් කොට) ඔවුන්ගේ සාහිත්‍යමය කෘතින් සුරැකිව නොමැත

ස්කොට්ලන්තයේ ලියැවුනු ආදිතම සාහිත්‍ය කෘති වනුයේ,

  • බ්‍රයිනොනික් (ආදී වේලිසායනූ බස)

Gododin - 6 වැනි සියවස - The battel of the Gwen ystrad 6 වන සියවස (Taliesin ට අයත් වන ) (A neirin අයත්වන) මුල්භාගය

  • ගේලික් Elegy for st. columba වැලන් ෆෝ‍ගේල් 597 වන සියවස
  • In praise of st. coloumba රම් හි බෙකන් මැකි ලුයිගේක් 677 වන සියවස
  • ලතින් Prayer for protection (St. Mygint ට අවසන්) 6 වන සියවස මැද භාගය
  • Altus Prosotor (The High creator'st. Columbaට අයත්) 597 වන සියවස
  • පැරණි ඉංග්‍රීසි The Dream of Rood 700 වන සියවස (දැනට සුරක්ෂිතව පවතින එකම නෝතුම්බ්‍රියානූ පැරණි ඉංග්‍රිසි කෘතිය)

Reference[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Romance_literature