සහන (නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්දතිය)

විකිපීඩියා වෙතින්
Sahana
සංවර්ධක(යෝ)Lanka Software Foundation
ස්ථායි නිකුතුව
0.6.3 / 2010-0407
ක්‍රමලේඛන භාෂා(ව)PHP, Javascript, Perl, HTML
මෙහෙයුම් පද්ධතියCross-platform
පරිගණක වේදිකාවApache, MySQL
ලබාගත හැකි භාෂා ගණනEnglish - Language packs available for v.0.6.2.2 for Arabic, Bahasa Indonesian, Bengali, Burmese, Simplified Chinese, English/UK, English/US, German, Hindi, Portuguese & Portuguese/Brazil, Russian, Sinhala, Spanish, Spanish/Latin America, and Tamil.
වර්ගයDisaster Management System
බලපත්‍රයLGPL
වෙබ් අඩවියwww.sahanafoundation.org

ආරම්භය[සංස්කරණය]

"සහන" වැඩසටහන ආරම්භවුයේ 2004 දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ "සුනාමි" ඛේදවාචකයත් සමහයි. මේවන තෙක් නිසි ආපදා කළමණාකරන මෘදුකාංග පද්ධතියක් නොමැති බැවින් "සහන" වැඩසටහනේ අරමුණ වුයේ රට තුලට ගෙනන සහනාධාර සහ සහනසේවා නිසි පරිදි කළමනාකරණය කරගත හැකි මෘදුකාංග පද්දතියක් නිපදවීමයි.

"සහන" - නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්ධතිය[සංස්කරණය]

ශ්‍රීලාංකිය පරිඝණක ක්‍ෂේත්‍රයේ නියැලෙන නිලධාරීන්ගේ ස්වෙච්චා සේවය නිසා සති 2-3 පමණ කෙටි කාලයක් තුල "සහන" - නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්දතිය නිපදවිමට හැකිවිය. මෙම නිෂ්පාදනයෙහි පුරොගමිව කටයුතු කරනු ලැබුවේ පරිඝනක පරියෙෂණ කටයුතු වල නියැලෙන සහ ලාඟ අපේක්‌ෂා නොකරන ආයතනයක් වන "ලංකා මෘදුකාංග පදනම". මෙම මෘදුකාංග පද්ධතිය රජයේ සහය අැතිව ශ්‍රීලංකාවේ "සුනාමි" ආපදා කළමනාකරණ ක්‍රියා වලිය සඳහා භාවිතා විය.

මෙහි ප්‍රථිපලයක් ලෙස "සහන" මෘදුකාංග පද්ධතිය දැන් දෙවැනි අදියර සඳහා ලෙෝකයේ සිදුවන සියලු අපදාවන් කලමණාකරගත හැකි මෘදුකාංග පද්ධතියක් ලෙස නිපදවමින් පවති. දෙවැනි අදියරෙහි අරමුණු වන්නේ පරිපූර්ණ ආපදා කලමණාකරන පද්ධතියක් නිපදවීම, දැනට භාවිතාවන පද්ධතීන් ගෙන් දත්ත හුවමාරුව, ආපදා පෙරහුරුව, සහන සහ සේවා කටයුතුය.

සහන මෘදුකාංග පද්දතියේ බෙදාහැරීම සඳහා "GNU Lesser General Public License" බලපත්‍රය භාවිතාවේ.

භාවිතය[සංස්කරණය]

  • 2005දී ශ්‍රීලංකා රජයේ අනුග්‍රහය යටතේ ආසියානු "සුනාමි" ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය.
  • 2005දී පකිස්තානු රජයේ අනුග්‍රහය යටතේ ආසියානු භූමිකම්පා ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය.
  • 2006දී පිලිපීන රජයේ අනුග්‍රහය යටතේ නාය යෑමේ තර්ජනයට ලක්වු ප්‍රදේශවල ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය.
  • 2006දී "සර්වෝදය" අායතනයෙ ආපදා කලමණාකරන පද්දතිය සඳහා භාවිතා කෙරේ.

සම්මාන සහ අැගයීම්[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]