සහන (නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්දතිය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Sahana
විකාශකය(න්) Lanka Software Foundation
ස්ථාවර නිකුතුව 0.6.3 / 2010-0407
ලියන ලද්දේ PHP, Javascript, Perl, HTML
මෙහෙයුම් පද්ධතිය Cross-platform
කරළිය Apache, MySQL
ලැබිය හැකියි English - Language packs available for v.0.6.2.2 for Arabic, Bahasa Indonesian, Bengali, Burmese, Simplified Chinese, English/UK, English/US, German, Hindi, Portuguese & Portuguese/Brazil, Russian, Sinhala, Spanish, Spanish/Latin America, and Tamil.
වර්ගය Disaster Management System
බලපත්‍රය LGPL
වෙබ් අඩවිය www.sahanafoundation.org

පටුන

[සංස්කරණය] ආරම්භය

"සහන" වැඩසටහන ආරම්භවුයේ 2004 දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ "සුනාමි" ඛේදවාචකයත් සමහයි. මේවන තෙක් නිසි ආපදා කළමණාකරන මෘදුකාංග පද්ධතියක් නොමැති බැවින් "සහන" වැඩසටහනේ අරමුණ වුයේ රට තුලට ගෙනන සහනාධාර සහ සහනසේවා නිසි පරිදි කළමනාකරණය කරගත හැකි මෘදුකාංග පද්දතියක් නිපදවීමයි.

[සංස්කරණය] "සහන" - නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්ධතිය

ශ්‍රීලාංකිය පරිඝණක ක්‍ෂේත්‍රයේ නියැලෙන නිලධාරීන්ගේ ස්වෙච්චා සේවය නිසා සති 2-3 පමණ කෙටි කාලයක් තුල "සහන" - නිදහස් හා විවෘත ආපදා කළමනාකරණ මෘදුකාංග පද්දතිය නිපදවිමට හැකිවිය. මෙම නිෂ්පාදනයෙහි පුරොගමිව කටයුතු කරනු ලැබුවේ පරිඝනක පරියෙෂණ කටයුතු වල නියැලෙන සහ ලාඟ අපේක්‌ෂා නොකරන ආයතනයක් වන "ලංකා මෘදුකාංග පදනම". මෙම මෘදුකාංග පද්ධතිය රජයේ සහය අැතිව ශ්‍රීලංකාවේ "සුනාමි" ආපදා කළමනාකරණ ක්‍රියා වලිය සඳහා භාවිතා විය.

මෙහි ප්‍රථිපලයක් ලෙස "සහන" මෘදුකාංග පද්ධතිය දැන් දෙවැනි අදියර සඳහා ලෙෝකයේ සිදුවන සියලු අපදාවන් කලමණාකරගත හැකි මෘදුකාංග පද්ධතියක් ලෙස නිපදවමින් පවති. දෙවැනි අදියරෙහි අරමුණු වන්නේ පරිපූර්ණ ආපදා කලමණාකරන පද්ධතියක් නිපදවීම, දැනට භාවිතාවන පද්ධතීන් ගෙන් දත්ත හුවමාරුව, ආපදා පෙරහුරුව, සහන සහ සේවා කටයුතුය.

සහන මෘදුකාංග පද්දතියේ බෙදාහැරීම සඳහා "GNU Lesser General Public License" බලපත්‍රය භාවිතාවේ.

[සංස්කරණය] භාවිතය

  • 2005දී ශ්‍රීලංකා රජයේ අනුග්‍රහය යටතේ ආසියානු "සුනාමි" ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය.
  • 2005දී පකිස්තානු රජයේ අනුග්‍රහය යටතේ ආසියානු භූමිකම්පා ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය.
  • 2006දී පිලිපීන රජයේ අනුග්‍රහය යටතේ නාය යෑමේ තර්ජනයට ලක්වු ප්‍රදේශවල ආපදා කලමණාකරනය සඳහා භාවිතා විය.
  • 2006දී "සර්වෝදය" අායතනයෙ ආපදා කලමණාකරන පද්දතිය සඳහා භාවිතා කෙරේ.

[සංස්කරණය] සම්මාන සහ අැගයීම්

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්