සමාජ සුභසාධන ව්‍යවසායකත්වය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමාජ ව්‍යවසායකත්වය යනු[සංස්කරණය]

සමාජ ව්‍යාවස්ථායකයාගේ කාර්ය භාරයයි. සමාජ ව්‍යවසායකයා යනු සමාජයේ ප්‍රශ්න හදුනාගෙන ඒවා ව්‍යවසායක මුලධර්ම භාවිතයෙන් විසඳන හා කළමනාකරණය කරන පුද්ගලයෙකි. මොහු සමාජයේ සැබෑ ධනාත්මක වෙනසක් ඇති කරයි. ව්‍යාපාර ව්‍යවසායකයා සාර්ථකත්වය , ලාභය හා ප්‍රතිලාභ මගින්ද සමාජ ව්‍යවසායකයා සාර්ථතක්වය සමාජ ව්‍යවසායකයෝ බොහෝ විට පුණ්‍ය ආයතන, සමාජ කණ්ඩායම්වලද බෙහොමයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලද සේවය කරයි.

ඉතිහාසය

1960-1970 අතර කාල පරිච්ඡේදයේ සිදුවු සාමජිය වෙනසත් සමග "සමාජ ව්‍යවසායකයා " හා "සමාජ ව්‍යවසායකත්වය " යන පදයන් සාහිත්‍යයේ මුලවරට යෙදුනි. Ashoke හි ආරම්භකරු වන bill Drevton හා Chaorles Lecdbeter වැන්නන් නිසා මෙම පදය 1982-1992 කාලයේදි වඩා පුළුල්ව භාවිත වන්නට විය. 1950-1990 කාලයේ වඩා ක්‍රියාකාරි සමාජ ව්‍යවසායකයා වුයේ Miched youngය Horword විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Donile bell විසින් Miched young ව සමාජිය ආයතන වල සාර්ථකත්වය වන්නේ සමාජිය ව්‍යවසායකයා ලෙස හඳුන්වාදී ඇත. මෙලෙස හැඳින්වුයේ එංගලන්තයේ සමාජ ව්‍යවසායකත්වය පිළිබද පාසල් අතුළු ආයතන 60 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඔහු දැක්වු දායකත්වය නිසාය. මෙම පදයන් අළුත් වුවත් සමජ ව්‍යාවසායකත්වය හා සමාජ ව්‍යවාසායකයෝ ගැන ඉතිහාසයේ උදාහරණ ඇත. (උදා ලෙස පලමු හෙද පාසල ආරම්භ කර වාර්ථමා හේද(Nurse) සේවයේ නිර්මාතෘ (Florence Nightnglae) දැක්විය හැකිය.

එතෙම සමුපකාර ව්‍යාපාරය හඳුන්වාදුන් Robet owen ඉන්දියාවේ ඉඩම් පර්ත්‍යාග ක්‍රමය ඇරඹු Vinoba Bhaove ද උදාහරණයක් ලෙස ගත හැකිය. 19 හා 20 වැනි සියවස්වල සාර්ථක සමාජ ව්‍යවසායකයෝ, ප්‍රජාව රාජ්‍ය හා ව්‍යාපාරයන් අතර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සමාජ සුභ සාධක කටයුතු පාසල් හා සෞඛ්‍යයන්ට සේවය කිරිමට මහජන සේවයනට අනුබල ලබා දුනි.

සමාජ සුභසාධක ව්‍යවසායකත්වය[සංස්කරණය]

සමාජ සුභසාධක ව්‍යවසායකයකුගේ වැඩ පිළිවෙල සමාජ සුභසාධක ව්‍යවසායකත්වය ලෙස හැඳින්වේ. සමාජයේ ඇති ගැටලූ හඳුනාගෙන, ඒවා නිවැරදි කිරීම සඳහා ව්‍යවසායකත්ව මූලධර්ම මත පදනම්ව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා සමාජ සුභසාධක ව්‍යවසායකයෙකු ලෙස හැඳින්වේ. සමාජ සුභසාධක ව්‍යවසායකයෙකු සිය ව්‍යපාරයේ සාර්කත්වය මනිනුයේ ව්‍යාපාරය තුළින් සමාජය තුළ ඇති කරන වෙන බලපෑම පදනම් කරගෙන වුවත් මුදල් ඉපයීම අරමුණු කරගත් වාණිජමය ව්‍යවසායකයන් සිය ව්‍යාපාරයේ සාර්කත්වය මනිනුයේ තමන්ට ලැබෙන ලාභය මෙන්ම අනෙකුත් වාසිද සළකා බලාය. සමාජ සුභසාධක ව්‍යවසායකයෙකු බොහෝ විට ක්‍රියාත්මක වනුයේ ලාභ නොලබන සංවිධාන සහ පුරවැසි කමිටු හරහා වන අතර ඔවුන් පුද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ සේවය කරති.


යටගියාව

සමාජ සුභසාධක ව්‍යවසායකයා සහ සමාජ සුභසාධක ව්‍යවසායකත්වය යන පද මුලින්ම සමාජගත වූයේ 1960 සහ 1970 දශකවලය. 1980 සහ 1990 දශකවලදී එය පුළුල් ලෙස භාවිතා විය. මෙයට මූලික වූයේ අශෝක සංවිධානයේ නිර්මාතෘ බිල් ඩ්‍රෝටන් සහ චාර්ල්ස් ලීඞ් බීටර් ආදීන්ගේ අනුග්‍රහයයි. 1950 සහ 1990 අතරතුර සිටි ප්‍රමුඛ සහ සාර්ථක සමාජ සුබ සාධක ව්‍යවසායකයෙකු ලෙස හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙල් බෙල් විසින් 1980 දී මයිකල් යංග්ව හඳුන්වා දෙනු ලැබිණි. ඔහු එංගලන්තයේ සමාජ සුභසාධක ව්‍යවසායකයන් වෙනුවෙන් ඇති කරන ලද පාසල් පෙලද ඇතුළුව ලොව වටා සංවිධාන 60 කට අධික ප්‍රමාණයක් ඇති කරන ලදී. අදාළ කොන්දේසි නවමු වුවත් ඉතිහාසය පුරාම සමාජ සුභසාධක ව්‍යවසායකයන් සහ සමාජ සුභසාධක ව්‍යවසායකත්වය දකින්නට ලැබේ. ඓතිහාසික වශයෙන් පිළිගැනීමට පාත්‍රවූ සමාජ සුභසාධක ව්‍යවසායකයන් අතර පළමු සාත්තුසේවා විදුහල සහ සාත්තුසේවය පිහිටවූ ෆ්ලොරෙන්ස් නයිටිංගේල්, සමුපකාර සේවාව ආරම්භ කළ රොබට් ඔවන් සහ ඉන්දියාවේ ඉඩම් බෙදාදීමේ ව්‍යාපාරයේ නිර්මාතෘ විනෝබා භාවේ ද ප්‍රමුඛත්වයක් ගනී. 19 වන සහ 20 වැනි ශතවර්ෂ වලදී බොහෝ සාර්ථක සමාජ සුභසාධක ව්‍යවසායකයන් එතෙක් රාජ්‍ය අංශයෙන් ඉටුවූ සමාජ සුභසාධන සේවා, පාසල් සංවර්ධනය සහ සෞඛ්‍ය සේවය කෙරෙහි රාජ්‍ය සහ ව්‍යාපාරිකයන් යොමුකිරීමට මැදිහත්ව කටයුතු කළහ.


සටහන්[සංස්කරණය]

Social_entrepreneurship