සමාජවාදය කරා යෑමේ බුරුම ක්‍රමය

විකිපීඩියා වෙතින්

සමාජවාදය කරා යෑමේ බුරුම ක්‍රමය (බුරුම: မြန်မာ့နည်းမြန်မာ့ဟန် ဆိုရှယ်လစ်စနစ်; සමාජවාදය කරා යෑමේ බුරුම මග ලෙසින්ද හැඳින්වෙයි) යනුවෙන් හැඳින්වෙන්නේ, නේ වින් සහ හමුදාව විසින් නායකත්වය සැපයුනු 1962 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය විසින් යූ නූ බලයෙන් නෙරපීමෙන් පසුව, 1962 සිට 1988 දක්වා බුරුමයේ සමාජවාදී රජයේ මතවාදයයි. වඩාත් විශේෂිතව පවසතොත්, සමාජවාදය කරා යෑමේ බුරුම ක්‍රමය යනු, බුරුමය තුල විදේශ ආභාෂය අවම කරවන සහ හමුදාවේ භූමිකාව ඉහළ නංවන ආර්ථික සංවර්ධන සැලැස්මක පිටපතක් ලෙසින් විප්ලවීය මණ්ඩලය විසින්, කුමන්ත්‍රණයෙන් මද කලකට පසුව 1962 අප්‍රේල් මස ලියන ලද ආර්ථික නිබන්ධයකි. [1] සමාජවාදය කරා යෑමේ බුරුම ක්‍රමය විද්වතුන් විසින් විස්තර කෙරුණේ, ආසියාවේ වරෙක මහත් සෞභාග්‍යයෙන් වැජඹුනු රටක් ලොව දූගීතම රටක් බවට පෙරළු, විදේශභීතික, මිථ්‍යා විශ්වාසී සහ "දුක්ඛිත ආසමර්ථයක්" ලෙසිනි. [2] කෙසේවෙතත්, රටෙහි අභ්‍යන්තර ස්ථාවරත්වය ඉහළ නැංවීමටද, අනෙකුත් අග්නිදිග ජාතීන් වෙත බලපෑම් ඇතිකල සීතල යුද්ධ අරගලයන්හී, රටක් වශයෙන් බුරුමය පැටලවීම වැලක්වීමට මෙය මෙහෙවර ඉටු කලා විය හැක.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 හෝම්ස්, රොබට් ඒ. (1967). "බර්මීස් ඩොමස්ටික් පොලිසි: ද පොලිටික්ස් ඔෆ් බර්මනයිසේෂන්". ඒෂියන් සර්වේ. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 7 (3): 188–197. doi:10.1525/as.1967.7.3.01p0257y. JSTOR 2642237.
  2. මැක්ගවන්, විලියම් (1993). "බර්මීස් හෙල්". වර්ල්ඩ් පොලිසි ජර්නල්. දි එම්අයිටී ප්‍රෙස් සහ ද වර්ල්ඩ් පොලිසි ඉන්ස්ටිටියුට්. 10 (2): 47–56. JSTOR 40209305.