සඳෙහි ගුරුත්වාකර්ෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
tiny globe
සඳෙහි පෘෂ්ඨයේ පවතින අරීය ගුරුත්වාකර්ෂණ විෂමතාවය

සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ඒ වටා කක්ෂ ගතවී ඇති අභ්‍යවකාශයානා මගින් නිකුත් කරන රේඩියෝ සංඥා ඇසුරෙන් නිර්ණය කොට ඇත. මෙහිදී භාවිතා කරන මූලධර්මය ඩොප්ලර් ආචරණය මත පදනම්ව ඇත. මේ ඇසුරෙන් අභ්‍යවකාශ යානය සඳහා එක එල්ලේ පවතින ත්වරණය රේඩියෝ සංඥාවෙහි සංඛ්‍යාතයෙහි සිදුවන කුඩා විස්ථාපනයන් සහ පෘථිවිය මත පවතින මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ යානය අතර පවතින දුර ප්‍රමාණය මත තීරණය කළ හැකිය. සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අභ්‍යවකාශ යානාවේ කක්ෂයට බලපෑම් කරන බැවින් මෙම දත්තයන් සඳෙහි ගුරුත්වාකර්ෂණ විෂමතා සඳහා යටියනය කිරීමට භාවිත කළ හැකිය. කෙසේ නමුත් සඳෙහි සම මුහුර්තික භ්‍රමණය හේතුවෙන් සඳ වටා අභ්‍යවකාශ යානයක ගමන් මග සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීම කළ නොහැකියි. එහෙයින් සඳෙහි ඈතින් පිහිටි ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය එතරම් හොඳින් අධ්‍යයනය කොට නැත.

සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබල ලක්ෂණයක් වන්නේ Masconවල පැවැත්මයි. මේවා සඳ මත පිහිටන දැවැන්ත ආවාට හා බැඳුණු විශාල ධන ගුරුත්වාකර්ෂණ විෂමතා වේ. මෙම විෂමතාවයන් සඳ වටා කක්ෂ ගතවන අභ්‍යවකාශ යානාවක කක්ෂයට දැඩි ලෙස බලපෑම් කරන හෙයින් මිනිසුන් සහිත සහ මිනිසුන් රහිත මෙහෙයුම් සැලසුම් කිරීමේදී සඳ සම්බන්ධව නිවැරදි ගුරුත්වාකර්ෂණ ආකෘතියක් අත්‍යාවශ්‍ය වේ. ඇපලෝ වැඩසටහනට ප්‍රථමයෙන් සිදුකළ යාත්‍රා කිරීම සම්බන්ධ පර්යේෂණ තුළ දී මෙහෙයුමට අදාළ වන ප්‍රමාණය ඉක්ම වූ පිහිටුම් දෝෂයන්ට මහුණ දීමට සිදු වූ හෙයින් මුල් වරට මෙම විෂමතාවල පැවැත්ම Lunar Orbiter යානයෙහි ගමන් මග විශ්ලේෂණයෙන් හෙළිකර ගන්නා ලදී.

සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය හා බැඳුණු Masconවල පැවැත්මට එක් හේතුවක් ලෙස එහි ආවාටයන් පිරෙන පරිදි ගලා ගොස් ඇති mare බැසෝල්ටික ලාවා ගැලුම් සැලකිය හැකිය. කෙසේ නමුත් ගුරුත්වාකර්ෂණ විචලනයන් සම්පූර්ණයෙන් පැහැදිලි කිරීම සඳහා ලාවා ගැලුම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා කබොල සහ ප්‍රාවරය අතර අතුරු මුහුණතෙහි ඉහළ නැගීමද සළකා බැලිය යුතුය. Lunar Prospector ගුරුත්වාකර්ෂණ ආකෘති මත පදනම්ව mare බැසෝල්ටික ගිනි කඳු ක්‍රියාකාරකම් සඳහා සාක්ෂි නොදරන තවත් Mascon පවතින බවට අදහස් ප්‍රකාශ වී ඇත. Oceanus Procellarum ප්‍රදේශයේ පිහිටන දැවැන්ත mare බැසෝල්ටික ගිනිකඳු ක්‍රියාකාරකම් සහිත ප්‍රදේශය ධන ගුරුත්වාකර්ෂණ විෂමතාවයක් නොපෙන්වයි.


[සංස්කරණය] සටහන්

Gravity_of_the_Moon
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්