සත්ත්‍ව විවිධත්වය

විකිපීඩියා වෙතින්
(සත්ත්ව විවිධත්වය වෙතින් යළි-යොමු කරන ලදි)

සත්ත්ව ලෝකය දෙස බලන විට විවිධාකාර සත්ත්ව විශේෂ අපට හඳුනා ගන්නට හැකිවේ.මේ එක් එක් සත්ත්ව කොට්ඨාශ ස්වකීය ශරීර ලක්‍ෂණ අනුව විවිධ වර්ගීකරණයනට යටත් කොට තිබේ.මෙකී සත්ත්ව වර්ගයන්ගේ විවිධත්වය අනුව ඔවුන් හදුනා ගැනීම අපේක්‍ෂා කෙරේ.

  1. පෘෂ්ඨ වංශීන්
  2. අපෘෂ්ඨ වංශීන්

සත්ත්ව ලෝකය පිළිබඳ හොඳම නිර්නායකය මෙයයි.මෙහිදී කොදුඇ‍ට පෙළක් සහිත සතුන් හඳුන්වන්නේ පෘෂ්ඨ වංශීන් ලෙසයි. කොඳු ඇට පෙළක් රහිත සතුන් හඳුන්වන්නේ අපෘෂ්ඨ වංශීන් ලෙසයි.

අපෘෂ්ඨ වංශීන්[සංස්කරණය]

  1. සිලන්ටරේටා
  2. ප්ලැතිහෙල්මින්තීස් (පැතලි පණුවන්)
  3. නෙමටෝඩා (නූල්වැනි පණුවන්)
  4. ඇනලීඩා
  5. මොලුස්කා (මෘද්වංශිකයින්)
  6. ආත්‍රෝපෝඩා (සන්ධිපාදකයින්)

සිලෙන්ටරේටා[සංස්කරණය]

  • දේහය නළාකාරය ,මෘදුය.

උදාහරණ :හයිඩ්‍රො,කොරල් මුහුදු මල ,ලොඩියා

සමහර සිලෙන්ටරේටාවන්ගේ දේහය ආකාර දෙකකි,

  1. බුහුබා අවස්ථාව
  2. මෙඩුසා අවස්ථාව

බුහුබාවන්ගේ ශරීරය නළාකාරය.එක් කෙළවරක් උපස්ථරයකට සවි වී පවතින අතර අනෙක් කෙළවර මැද මුඛය ඇත.මුඛය වටා ග්‍රාහිකා ඇත.

  • හයිඩ්‍රා hydra
  • සී ඇනිමනි Sea Anemone
  • ලොඩියා Jelly Fish
  • බුහුබාවන් අධාරකයකට සවි වී සිටින මෙඩුසා ආකාරය දිග හරින ලද කුඩයක හැඩය ගනී.
  • කොරල් පර සාදන්නේ කොරල් බුහුබාවා මගිනි

ඇනලීඩා[සංස්කරණය]

නාලාකාර හැඩයකින් යුත් මොවුන්ගේ ශරීරය සලාක වලට බෙදී ඇත.සම තෙතය.ගැඩවිලාපසේ වෙසෙන ඇනලීඩාවෙකි.

  • නෙරයිස් (පත්තෑ පනුවා)
  • කූඩැල්ලා
  • ගැඩවිලා

මොලුස්කා හෙවත් මෘද් වංශිකයින්[සංස්කරණය]

මෙම සතුන්ට උපාංග නොමැත. ශරීරය මොලොක්ය.සලාකවලට බෙදීද නොමැත.බොහෝ මොලුස්කාවන්ට ආරක්‍ෂක බාහිර කවචයක් තිබේ.මෙය නිම වී ඇත්තේ කැල්සියමි කාබනේටි වලිනි.ජලජ මොලුස්කාවන්ට සරල පෙනහලු ඇත.ස්නායු පද්ධතියසරළය සංචරණය සඳහා පේශීමය පාදය උදවු වේ.


ආර්ත්‍රොපෝඩා හෙවත් සන්ධිපාදකයින්[සංස්කරණය]

i) විශාලම සත්ත්ව වංශය මෙයයි. ii)ශරීරය ද්විපාර්ශවික ලෙස සමමිනිකය iii)හිස ,උරහිස උදරය ලෙස ශරීරවය කොටස් වලට බෙදේ, iv)සන්ධි සහිත උපාංග ඇත, v) මෘදු දේහය දැඩි කයිටිනීය බාහිර සැකිල්ලකින් ආරක්‍ෂා වේ, vi)වර්ධනය සඳහා හැව ඇරීම සමහර ආර්ත්‍රොපෝඩාවන්ගෙන් සිදුවේ.

පෘෂ්ඨ වංශීන්[සංස්කරණය]

පෘෂ්ඨ වංශීන් ප්‍රධාන වර්ග 05 කට බෙදේ

  1. මත්ස්‍යයින්(pisces)
  2. උභය ජීවීන් (Amphibia)
  3. උරගයින්(Reptilla)
  4. පක්‍ෂීන්(aves)
  5. ක්‍ෂීරපායින්(mammalia)

මත්ස්‍ය වර්ග[සංස්කරණය]

ජලජ පරිසරයක මෙසේ ජලය තුළ පහසුවෙන් පිහිනීම සඳහා ශරීරය අනාකූල හැඩයෙන් යුක්තය .චලතාපීය,ශරීරය කොර්පොතු වලින් වැසී පවතී.ජලක්ලෝම මගින් වායු හුවමාරුව සිදූවේ.වරල් වල ආදාරයෙන් පිහිනයි.

  • හෘදය කුටීර දෙකකින් සමන්විතයි
  • බාහිර කන් හෝ ඇසිපිය හෝ නැත.
  • බිත්තර වලින් බෝවේ.
  • වැඩි හරියක් මත්ස්‍යයෝ අස්ථික මත්ස්‍යයෝ වෙති.(උදාහරණඃබලයා,කෙළවල්ලා)
  • සමහර මත්ස්‍යයෝ කාටිලේඡීය මත්ස්‍යයෝ වෙති.(උදාහරණඃමෝරා,මඩුවා)

0px

උභය ජීවීන්[සංස්කරණය]

උභය ජීවීන් ජලයේ උපත ලැබූවද දිය ගොඩ දෙතකහිම වාසය කළ හැකි සත්ත්වයින්ය,සමේ කොරපොතු නැත.ඇඟිලි 05 කින් යුත් ගාත්‍රා යුගල් (පංචාංගුලිත )02 ක් ඇත.පූර්ව ගාත්‍රා කෙටි අතර අපර ගාත්‍රා යුගල් දික්ය.ශරීරයේ නියත උෂ්ණත්වයක් නැත.චලතාපීය.හෘදයෙහි කණිකා දෙකකි.කෝෂිකා එකකි.



උරඟයින්[සංස්කරණය]

උරඟයින් භෞමික ජීවිතයකට හොදින් අනුවර්තනය වී ඇත.සම කොරපොතු වලින් ආවරණය වී ඇත.සම වියලිය,බෝවීම බිත්තර වලින්සර්පයින්ට හැර අනෙක් උරඟයින්ට ගාත්‍රා ඇත.හෘදය කුටීර තුනකින් ‍යුක්තයpx]]

පක්‍ෂීන්[සංස්කරණය]

නියත උෂ්ණත්වයක් ඇත,එනම් අචලතාපිය සම පිහාටු වලින් ආවරණය වී ඇත.හාටක් ඇත දත් නැත.හෘදය කර්ණිකා දෙකකි.කෝෂිකා දෙකකි.ශ්වසනය පෙනහලු මඟිනි.පූර්ව ගාත්‍රා යුගල් පියාපත් බවට හැරී ඇත.

ක්‍ෂීරපායීන්[සංස්කරණය]

සමෙහි රෝම ඇත.දහඩිය නිපදවන ස්වේද ග්‍රන්ථිද සමට තෙල් නිපදවන ස්නේහස්‍රාවී ග්‍රන්ථිද සමේ පිහිටා ඇත ගාත්‍රා යුගල් දෙකකි.බාහිර පරිසරයේ උෂ්ණත්වය විචලනය වුවද ශරරයේ නියත උෂ්ණත්වයක් පවතී ,එනම් අචලතාපීය,හෘදය කුටීර හතරකි.ශ්වසනය පෙනහලු මගිනි.පැටවුන් බිහි කරයි.එසේ වුවද බිත්තර දමන ක්‍ෂරපායීන්ද කලාතුරකින් දක්නට ලැබේ. ඇන්ටි ඊටර් තාරාහොට ප්ලැටිපසා වැඩිහරියක් ක්‍ෂීරපායීන් ගොඩබිම වාසය කරන අතර ඩොල්ෆින් තල්මසා ජල වාසී වේ.වවුලා පක්‍ෂියෙකු මෙන් පෙනුනද පක්‍ෂියෙකු නොව ක්‍ෂීරපායි සතෙකි.

ක්‍ෂුද්‍ර ජීවීන්[සංස්කරණය]

මෙම ජීවීන් පියවී ඇසට නොපෙනෙන අන්වීක්‍ෂයක් මගින් පරීක්‍ෂා කළ යුතු ජීවීන් වේ.බැක්ටීරි , දිලීර , ඇල්ගී, ප්‍රොටෝසෝවා සහ වෛරස

  • බැක්ටීරියා
  • නීලහරිත ජීවීන්
  • ප්‍රෝටෝසෝවා
  • ඒක සෛලික ඇල්ගී
  • ඒක සෛලික දිලීර

"https://si.wikipedia.org/w/index.php?title=සත්ත්‍ව_විවිධත්වය&oldid=568527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි