සකෘදාගාමී
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
බුද්ධ ධර්මයේ සකෘදාගාමී යනු අර්ධ වශයෙන් සත්‍ය අවබෝධ කර ගත් පුද්ගලියෙකි. ඔහු විසින් සාමාන්‍ය මනසක් බැදෙන පළමු දම්වැල් තුන කපා දමා ඇත. හතර වන හා පස් වන දම්වැල් ද සැලකිය යුතු ලෙස දුර්වල කොට ඇත. සකෘදාගාමී භාවය සත්‍ය අවබෝධ කර ගැනීමේ අධියර 4 න් 2 වන අධියරයි.
සකෘදාගාමී භාවයට පත් වුවෙක් යලිත් එක් වරක් මනුලොව උපදිනු ඇත. එසේ නමුත් ඔහු සත්‍ය අවබෝධ කර ගැනීමේ ඊළඟ අධියර එනම් අනාගාමී භාවය ලබා ගත හොත් යලිත් මනුලොවට නොපැමිණෙනු ඇත.
සකෘදාගාමී වුවෙක් නිදහස් වන බැදීම් තුන වන්නේ
| 1. සක්ඛාය දිට්ටි - මමත්වය පිළිබද හැගීමයි. |
| 2. විචිකිච්චා - සංචය වාදි සැකය. |
| 3. සීලබ්බත පරාමාස - චාරිත්‍රහා පිලිවෙත් වලට බැදීම (සකෘදාගාමී වුවෙක් යම්තාක් දුරට දුර්වල කරන බැදීම් වන්නේ) |
| 4. කාම රාග - රාගික ආශාවන් |
| 5. ව්‍යපාද - කෙලෙස් |
සකෘදාගාමී භාවය සෝවාන් භාවය හා (කෙලෙස් හා රාගික ආශාවන් යම්තාක් දුරකට පවතින) අනාගාමි භාවය (කෙලෙස් හා රාගික ආශාවන් ප්‍රහීන කල) අතර අතර මැදි අවස්ථාවයි.