සංස්කෘතික ‍ප්‍රදේශ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භූගෝල ශාස්ත්‍රය ඉගෙනීමේ දි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන වචනයක් ලෙස සංස්කෘතික ප්‍රදේශ හැදින්විය හැකිය. පැහැදිලි සංස්කෘතීන් බොහෝවිට ඔවුන්ගේ භූගෝලීය ආවරණයන් රජයක් හෝ රජයක උප කොටස් ඇතුලත සීමා නොකරයි. සංස්කෘතියක් සිතියම් කිරීමට නම් අප සත්‍යවූ සංස්කෘතික ප්‍රදේශයක් හඳුනාගත යුතුවේ.සිතියම් ගත කළ පසු එම සංස්කෘතික චාරිත්‍ර, ගිවිසුම්, සන්නස් ‍හෝ යුද්ධ වලින් පනවන ලද නීති මායිම් වලට ඇත්තේ සුළු සම්බන්ධයක් බව අපට දක්නට හැකිය. සටහන් ගත කළ හැකි විවිධ වර්‍ගයේ සංස්කෘතික ප්‍රදේශ ඇත. සංස්කෘතික සිතියමක ආගම හා ර‍ටවැසියාගේ ඉතිහාසය සිතියම් ගත කිරීමේ දී එම ප්‍රදේශයේ “ඇඳුම් හා ගෘහ නිර්මාණ ශිල්පය” යම් වෙනස් හැඩයක් ගත හැකිය.

විවිධ සංස්කෘතික ප්‍රදේශ[සංස්කරණය]

සංස්කෘතික ප්‍රදේශ


සංස්කෘතික ප්‍රදේශ ,ස්ථාන හා ප්‍රදේශ මගින් භූගෝල විද්‍යාවට අවශ්‍ය කොටස් සපයනු ලැබේ. සංස්කෘතික ප්‍රදේශයක් වන්නේ සංස්කෘතියේ කාර්යයන් හා විශේෂ ලක්ෂණ මත පදනම් වු භූ‍‍ගෝලීය ඒකකයකි. භූගෝල ශාස්ත්‍රඥයින් විසින් සංස්කෘතික ප්‍රදේශ තුනක් පිළිගෙන ඇත. එනම් චාරිත්‍රානුකූල, ක්‍රියාකාරිත්ව හා ස්වාභාෂා යන ඒවායි.


චාරිත්‍රානුකූල සංස්කෘතික ප්‍ර‍දේශ


භාෂාව, ආගම හෝ ජීවන රටාව වැනි පොදු ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් සංස්කෘතික ගති ඇති මිනිසුන් වාසය කරන ප්‍රදේශ චාරිත්‍රානුකූල සංස්කෘතික ප්‍ර‍දේශ නම්වේ . එය එකක් හෝ ඊට වැඩි සංස්කෘතික ගති ඇති අන්‍යෝන්‍ය වශයෙන් සමාන ජාතින් වෙසෙන ප්‍රදේශයකි. චාරිත්‍රානුකූල සංස්කෘතික ප්‍ර‍දේශ හඳුනාගන්නා භූගෝල ශාස්ත්‍රඥයා විසින් සංස්කෘතික මායිම් සොයා ගත යුතුය. එසේ සංස්කෘතික ගති ලක්ෂණයක් පමණක් ගත්තද සංස්කෘතින් සම්මිශ්‍රණය වන නිසා එවැනි මායිම් සරල ය. මේ ‍හේතුව නිසා සංස්කෘතික රේඛා වලට වඩා සංස්කෘතික මායිම් කලාප ඇත. කල්පනාවට ගනු ලබන සෑම අතිරේක සංස්කෘතික ගති ලක්ෂණයක් සමඟම මේ කලාපද පුළුල් වේ. මක්නිසාද ගති පැවතුම් දෙකෙහිම එකම ව්‍යාප්තිය නොමැති බැවිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පැහැදිලි මායිම් වෙනුවට සියලුම ගති පැවතුම් ඇති මධ්‍යස්ථානයක චාරිත්‍රානුකූල සංස්කෘතික ප්‍රදේශ හෙළි කෙරේ. ‍මධ්‍යම ස්ථානයෙන් පිටතදී එම ලක්ෂණ විශේෂයෙන් දුර්වල වී නොපෙනී යයි. බොහෝ චාරිත්‍රානුකූල සංස්කෘතික ප්‍රදේශ තද පරිධිත ආකාරයෙන් පෙන්නුම් කෙරේ.


ක්‍රියාකාරී සංස්කෘතික ප්‍රදේශ


ක්‍රියාකාරී සංස්කෘතික ප්‍රදේශ, චාරිත්‍රානුකූල සංස්කෘතික ප්‍රදේශයේ සත්‍යතාවය වන්නේ සංස්කෘතික සජාතිකත්වයයි. එය එක්ව සිටිනවාට වඩා වෙන්වේ. වෙනසක් වශයෙන් ක්‍රියාකාරී සංස්කෘතික ප්‍රදේශය සංස්කෘතික වශයෙන් සජාතික විය යුතු නැත. ඒ වෙනුවට ‍දේශපාලනමය වශයෙන්, සමාජිය වශයෙන් ‍හෝ ආර්ථික වශයෙන් එක ඒකකයක් සේ වැඩ කිරීමට ආරම්භ කර ඇති ප්‍රදේශයකි. නගරයක්, නිදහස් රාජ්‍යයක්, භූමි භාගයක්, පල්ලියේ දියෝකිසියා හෝ ‍දේ‍වගැති තැනට අයත් ප්‍රදේශ, වෙළඳ මධ්‍යස්ථාන හෝ ගොවිපලක්, ක්‍රියාකාරි සංස්කෘතික ප්‍රදේශවලට, මංසල් ‍හෝ මධ්‍යම ස්ථාන, එහිදී වැඩ කටයුතු සම්බන්ධීකර යොමු කරනු ලැබේ. උදා: නගරශාලා, ජාතික ප්‍රධාන නගර, භුමි භාග, ඡන්ද දෙන ස්ථාන, පල්ලි, කර්‍මාන්තශාලා සහ බැංකු මේ අනුව ක්‍රියාකාරී සංස්කෘතික ප්‍ර‍දේශවලට අයත් වේ. බොහෝ ක්‍රියාකාරි ප්‍ර‍දේශ පැහැදිලිවම සඳහන් මායිම් ඇත. එය යම් නාගරික රජයකට අයත් ඉඩම් ද අතුලත්වය. එක් අධිකරණ බලය ඇති ප්‍රදේශයක් තවත් එවැනි බලයක් ඇති ප්‍රදේශයක් ‍ප්‍රාදේශීය සිතියමේ ‍රේඛාවකින් වෙන්කර පෙන්වා ඇත.


ස්වභාෂා සංස්කෘතික ප්‍රදේශ


ස්වභාෂා සංස්කෘතික ප්‍රදේශ, විශේෂ ප්‍රාදේශීය නමක් විශාල ලෙස පැතිරී පිළිගත් හා භාවිතා කරන ලද වැසියන් විසින් ජීවත් වීමට තේරුම් ගත් එකකි. සමහර ස්වදේශීය ප්‍රදේශ ‍භෞතික පාරිසරික ලක්ෂණ මත රැදී ඇති අතර, අනික් අය ඔවුන්ගේ පදනම ගෙන ඇත්තේ ආර්ථික, දේශපාලන හෝ ඵෛතිහාසික විශේෂ ලක්ෂණ මතයි. ‍බොහෝ සංස්කෘතික ප්‍රදේශ, ස්වදේශ ප්‍රදේශ සාමාන්‍යයෙන් තියුනු මායිම් නොමැත. දෙන ලද ඕනෑම ප්‍රදේශයක නිවැසියන් එවැනි ප්‍රදේශයකට වඩා වැඩි ප්‍රදේශයක පදිංචිය ඉල්ලා සිටීමට හැකිය. බොහෝ විට ක්‍රියාකාරි ප්‍රදේශ සඳහා අවශ්‍ය සංවිධාන ශක්තිය ඔවුනට නැත. ඔවුන්ව එක් නාගරීක මධ්‍යස්ථානය වටා තැබුවත් චාරිත්‍රානුකූල ප්‍රා‍දේශවල ඇති සංස්කෘතික අනෝන්‍යතාවය නිතර පෙන්නුම් නොකරති.

"http://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතික_‍ප්‍රදේශ&oldid=261922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි