| උපන් නම |
- ෂාක් ලුවිස් ඩේවිඩ් |
| උපත |
- ප්‍රංශයේ පැරිස් වල 1748 අගෝස්තු 30 |
| විපත |
- බෙල්ජියමේ බ්‍රසල්ස් 1825 දෙසැම්බර් 29 |
| ජාතිය |
- ප්‍රංශ |
| ක්ෂේත්‍රය |
- ඇදීම හා සිතුවම්කරණය. |
| චලනය |
- නව සම්භාව්‍ය වාදය |
| සම්මානයන් |
- Prix de rome |
1748 අගෝස්තු 30 සිට 1825 දෙසැම්බර් 29 දක්වා ජීවත් වුණු ෂාක් ලුවිස් ඩේවිට් නව සම්භාව්‍යවාදයේ දැඩිව බලපෑම් කළ චිත්‍ර ශිල්පියෙකි. යුගයේ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ. 1780 දශකයේ ඔහුගේ ඓතිහාසික චිත්‍ර ශිල්පයේ නිපුනතාව Rococo විකට සම්ප්‍රදායේ සිට සම්භාව්‍ය ලුහුපෙවත හා ගොරහැඩි බව දක්වා රුචිකත්වය වෙනස් කළේය. අතීත ආධිපත්‍යයේ අවසන් භාගයේ මානසික පසුබිම එය ඔපවත් කළේය.
පසුව ඩේවිඩ් ප්‍රංශ විප්ලවයේ සක්‍රීය සහකරුවකු හා මැක්සිමීලියන් රෝබේස් පියර්ගේ මිතුරකු බවට පත් වෙයි. ප්‍රංශ සමුහාණ්ඩුව යටතේ කලාවේ ඒකාධිපතියා බවට පත් වෙයි. රෝබේස් පියර්ගේ බලය බිද වැටීම සමග ඔහු සිරගත කරන ලදී. නිදහස් කිරීමත් සමගම ඔහු ඔහු විසින‍්ම තවත් දේශපාලන ආදිපත්‍යයක් අරඹන ලදී. ඒ සමයේ ඔහු අධිරාජ්‍ය වාදි සම්ප්‍රදාය වර්ධනය කළේ උණුසුම් වැනිසියානු පැහැයන් භාවිතයෙනි. 19 වන ශත වර්ෂයේ ප්‍රංශ ශාස්ත්‍රාලීය ශාලා සිතුවම් කලාවට ප්‍රභලතම බලපෑම සනිටුහන් කරමින් ඔහුට විශාල ශිෂ්‍යයන් සංඛ්‍යාවක් විය.
පින්තූර ගැලරිය [සංස්කරණය]
|
|
|
The Anger of Achilles (1825), Private Collection
|
|