ෂඩ් ප්‍රථමක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ගණිතයෙහි, ෂඩ් ප්‍රථමකයක් යනු ඒවායේ අගය 6කින් එකිනෙක හා වෙනස් වන ප්‍රථමක සංඛ්‍යා (p, p + 6) යුගලයකි. නිදසුනක් ලෙසින්, 5 සහ 11 යන සංඛ්‍යා දෙකම ප්‍රථමක සංඛ්‍යා වන අතර ඒවා අතර වෙනස 6 ක් වෙයි. p + 2 හෝ p + 4 යන්නද ප්‍රථමක වේ නම්, එවිට ෂඩ් ප්‍රථමකය ප්‍රථමක ත්‍රිත්වයක කොටසක් වෙයි.

"ෂඩ් ප්‍රථමක" යන්නට ඉංග්‍රීසි වදන වන "සෙක්සි ප්‍රයිම්" "sexy prime"යන්න ලිංගිකත්වයට හෝ අනුරාගයට හෝ කිසිම සම්බන්ධයක් නොදක්වන අතර, එය සංඛ්‍යාව "හය " "six" යන්නට ලතින් වදන වන : "sex" "සෙක්ස්" යන්නෙන් පැන නැගී ඇත.

පටුන

[සංස්කරණය] n# අංකනය

මෙම ලිපියෙහි භාවිතා වන විධි ප්‍රකාර, n# යන්නෙන් අදහස් වන්නේ (n සංඛ්‍යාවට අඩු හෝ සමාන) ≤ n සියළු ප්‍රථමකයන්ගේ ගුණිතය 2 · 3 · 5 · 7 · … වෙයි.

[සංස්කරණය] සමූහන වර්ග

[සංස්කරණය] ෂඩ් ප්‍රථමක යුගල

500 ට අඩු ෂඩ් ප්‍රථමක (OEIS හි A023201 සහ A046117 යන අනුක්‍රමයන්) වන්නේ:

(5,11), (7,13), (11,17), (13,19), (17,23), (23,29), (31,37), (37,43), (41,47), (47,53), (53,59), (61,67), (67,73), (73,79), (83,89), (97,103), (101,107), (103,109), (107,113), (131,137), (151,157), (157,163), (167,173), (173,179), (191,197), (193,199), (223,229), (227,233), (233,239), (251,257), (257,263), (263,269), (271,277), (277,283), (307,313), (311,317), (331,337), (347,353), (353,359), (367,373), (373,379), (383,389), (433,439), (443,449), (457,463), (461,467).

මැයි 2009 දිනය වන විට, දැනට දන්නා විශාලතම ෂඩ් ප්‍රථමකය සොයා ගන්නා ලද්දේ කෙන් ඩේවිස් විසින් වන අතර එහි සංඛ්‍යාංක 11593 ක් තිබිණි. මෙම ප්‍රථමක යුගලය (p, p+6), p = (117924851×587502×9001#×(587502×9001#+1)+210)×(587502×9001#−1)/35+5 සඳහා විය.[1] 9001# = 2×3×5×...×9001 යනු ප්‍රථමකාරෝපිතයකි, i.e. (9001 ට අඩු හෝ සමාන) ≤ 9001 ප්‍රථමක වල ගුණිතයයි.

[සංස්කරණය] ෂඩ් ප්‍රථමක ත්‍රිත්ව

වඩාත් විශාල පරිවාරයන් වෙත ෂඩ් ප්‍රථමක විස්තීරණය කල හැක. p + 18 සසාධකයක් වන පරිදී (p, p + 6, p + 12) යන ප්‍රථමක ත්‍රිත්ව හැඳින්වෙන්කේ ෂඩ් ප්‍රථමක ත්‍රිත්ව ලෙසිනි. 1000 ට අඩු එවැන්න (A046118, A046119, A046120) වන්නේ:

(7,13,19), (17,23,29), (31,37,43), (47,53,59), (67,73,79), (97,103,109), (101,107,113), (151,157,163), (167,173,179), (227,233,239), (257,263,269), (271,277,283), (347,353,359), (367,373,379), (557,563,569), (587,593,599), (607,613,619), (647,653,659), (727,733,739), (941,947,953), (971,977,983).

අප්‍රේල් 2006 දිනය වන විට කෙන් ඩේවිස් විසින් සොයා ගන්නා ලද දැනට දන්නා විශාලතම ෂඩ් ප්‍රථමක ත්‍රිත්වයෙහි, සංඛ්‍යාංක 5132 තිබිණි:

p = (84055657369 · 205881 · 4001# · (205881 · 4001# + 1) + 210) · (205881 · 4001# - 1) / 35 + 1.[2]

[සංස්කරණය] ෂඩ් ප්‍රථමක චතූර්ථ

ෂඩ් ප්‍රථමක චතූර්ථයන්හී (p, p + 6, p + 12, p + 18) පළමු ප්‍රථමකයන් ඒවා දශාංශ නිරූපණය අනුව දැක්වූ කල 1 න් අවසන් වන ඒවා විය යුතුයි ( p = 5 යන්න සහිත චතූර්ථය හැර). 1000 ට අඩු ෂඩ් ප්‍රථමක චතූර්ථ (A023271, A046122, A046123, A046124) වන්නේ:

(5,11,17,23), (11,17,23,29), (41,47,53,59), (61,67,73,79), (251,257,263,269), (601,607,613,619), (641,647,653,659).

2005 නොවැම්බර් වන විට, ජෙන්ස් ක්‍රෑස් ඇන්ඩර්සන් විසින් සොයාගන්නා ලද දැනට දන්නා විශාලතම ෂඩ් ප්‍රථමක චතූර්ථයෙහි සංඛ්‍යාංක1002 තිබිණි:

p = 411784973 · 2347# + 3301.[3]

2010 සැප්තැම්බර් වන විට කෙන් ඩේවිස් විසින් p = 23333 + 1582534968299 සහිත 1004-සංඛ්‍යාංක චතූර්ථයක් සොයාගත් බව ප්‍රකාශයට පත් කෙරිණි.[4]

[සංස්කරණය] ෂඩ් ප්‍රථමක පංචක

පොදු අන්තර 6 ක් වන සහ පද පහක් සහිත සමාන්තර ශ්‍රේණියක , 6>5 බැවින් සහ සංඛ‍්‍යාවන් දෙක සාපේක්ෂීය ප්‍රථමක වන බැවින්, එක් පදයක් 5 න් බෙදිය හැකි විය යුතුය. එබැවින්, එකම ෂඩ් ප්‍රථමක පංචකය (5,11,17,23,29) වන අතර ෂඩ් ප්‍රථමකයන්හී මීට දිගු අනුක්‍රමයන් නෙපවතියි.

[සංස්කරණය] මෙය බලන්න


[සංස්කරණය] ආශ්‍රිත

  1. කෙන් ඩේවිස්, "11593 ඩිජිට් සෙක්සි ප්‍රයිම් පෙයාර්". Retrieved 2009-05-06.
  2. ජෙන්ස් කේ. ඇන්ඩර්සන්, "ද ලාජස්ට් නෝන් CPAP-3". Retrieved 2009-01-27.
  3. ජෙන්ස් කේ. ඇන්ඩර්සන්, "ජයිගැන්ටික් සෙක්සි ඇන්ඩ් කසින් ප්‍රයිම්ස්". Retrieved 2009-01-27.
  4. කෙන් ඩේවිස්, "1004 සෙක්සි ප්‍රයිම් ක්වඩ්රප්ලට්". Retrieved 2010-09-02.
"http://si.wikipedia.org/w/index.php?title=ෂඩ්_ප්‍රථමක&oldid=180584" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්