නිරේඛනය

විකිපීඩියා වෙතින්
(ශුද්ධ නිරේඛණයේදී මූලික ක්‍රමවේදය වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍රිස්තුස් වහන්සේගේ දේශනාව, 1968 දී රෙම්බ්‍රෝන්ට්ගේ නිරේඛනයකි

නිරේඛනය යනු ලෝහ මතුපිටක ආරක්‍ෂා නොකරන ලද කොටස් මත අම්ලයක් යෙදීම මඟින් ඉන්ටාග්ලියෝ සටහනක් නිර්මාණය කිරීමේ කි‍්‍රයාවලියයි (වර්තමානයේදී වෙනස් වෙනස් ලෝහයන් මත වෙනස් වෙනස් රසායන ද්‍රව්‍ය යොදාගනු ලැබේ). මුද්‍රණයේ දී ඉන්ටාග්ලියෝ ක‍්‍රමවේදය අනුව කැටයම් කැපීම හා සමානව මෙම ක‍්‍රමවේදනයද වර්තමානයේදීද පුළුල්ව භාවිතා කෙරේ.

ශුද්ධ නිරේඛණයේදී මූලික ක්‍රමවේදය[සංස්කරණය]

ශුද්ධ නිරේඛණයේදී ප්‍රථමයෙන් ලෝහ තහඩුවක් (සාමාන්‍යයෙන් තඹ , සින්ක් හෝ වානේ) අම්ල සඳහා ප්‍රතිරෝධීවන ඉටිමය මාධ්‍යයකින් ආවරණය කෙරේ. අනතුරුව නිර්මාණ ශිල්පියා තම නිර්මාණයෙහි රේඛාවන් අවශ්‍යවන ස්ථානයන්හිදී නිරේඛණ තුඩක් ලෙස හැඳින්වෙන තියුණු උල් හැඩති උපකරණයක් භාවිතයෙන් ඉටි ආවරණය ලෝහය නිරාවරණය වන පරිදි සූරා ඉවත් කරනු ලබයි. ඉහළට එසවුණු ආකාර රේඛා නිර්මාණය සඳහා ඒෂොප් කටුව ලෙස හැඳින්වෙන ඇලැති ඕවලාකාර හැඩයෙන් යුත් උපකරණයක් ද පවතී. මෙම ක්‍රියාවලිය අවසානයේ ලෝහ තහඩුව අම්ල බහාලුමක් තුළට ගිල්වනු ලැබේ. තාක්ෂණික වශයෙන් මෙම අම්ල ගිල්වුම මෝඩන්ට් ලෙස හැඳින්වෙන අතර එය හැපීම යන අරුත දෙන ප්‍රංශ වදන ඇසුරෙන් නිර්මාණය වූවකි. ඇතැම් විට අම්ලයේ ගිල්වීම වෙනුවට අදාල තහඩුව මතින් අම්ල ගලා යෑමට සැලැස්වීම සිදු කෙරේ. ලෝහය නිරාවරණය වී ඇති ස්ථානයන්හිදී අම්ලය මගින් ලෝහය ඛාදනය කෙරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ස්ථානයන්හිදී ලෝහ තහඩුව තුළට ගිලී ගිය රේඛා නිර්මාණය වේ. මෙම ක්‍රියාවලිය අවසානයේ ලෝහය මත ඉතිරිව ඇති ඉටි ආවරණය සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන අතර අනතුරුව තහඩුව මත තීන්ත ආලේප කිරීම සිදු කෙරේ. ඉන්පසු තහඩුවෙහි පෘෂ්ඨය පිසදැමීම මගින් ඒමත යෙදු තින්ත ඉවත් කෙරෙන අතර එහිදී තහඩුව තුළට ගිලීගිය රේඛා තුළ පමණක් තින්ත ඉතිරි වේ.

අනතුරුව මෙම ලෝහ තහඩුව කඩදාසියක් සමග අධිපීඩන මුද්‍රණාලයක් තුළට ඇතුළත් කෙරේ. (බොහෝ වි‍ට මෙහිදී යොදා ගන්නා කඩදාසිය තෙත් කිරීම මගින් මෘදු බවට පත්කෙරේ). මෙම ක්‍රයාවලිය අවසානයේ කඩදාසිය ලෝහ තහඩුවේ රේඛාවලින් වර්ණ උරා ‍ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුද්‍රණයක් ලැබේ. මෙම ක්‍රියාවලිය බොහෝ වාර ගණනක් නැවත නැවත සිදු කළ හැකි අතර සමාන්‍යයෙන් ලෝහ තහඩුවක් ගෙවී යාමේ ලක්ෂණ සුළු වශයෙන් හෝ පෙන්වීමට ප්‍රථම මුද්‍රණයන් සිය ගණනක් ලබාගත හැකි වේ. තවද, තහඩුව මත වන නිරේඛණයන්ට මුල් ක්‍රියාවලිය භාවිතයෙන් තවත් කොටස් එක්කළ හැකි අතර එවිට අවස්ථා කිහිපයකින් යුත් නිරේඛණයක් බිහි වේ.

තවද, නිරේඛණය ඉන්ටැග්ලියෝ වැනි ශිල්පීය ක්‍රම සමග ද එක්ව භාවිතාවන අවස්ථා (උදා-රෙම්බ්‍රොන්ට්) බහුල වේ. මේ හැරුණු විට ඇක්වාටින්ට් ක්‍රම සමග ද නිරේඛණය භාවිතා කළ හැක. (උදා-ගොයා)