ශුද්ධාසනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මෙම ලිපිය රෝමානු කතෝලික සභාව
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ
StPetersBasilicaEarlyMorning.jpg
සංවිධාන ව්යූහය
පාප් තුමාශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන්
කාර්දිනල් මඩුල්ලශුද්ධාසනය
Ecumenical Councils
Episcopal polity · ලතින් සම්ප්‍රදාය
පෙරදිග කතෝලික සභාවන්
පසුබිම
ඉතිහාසය · කිතු දහම
කතෝලික ධර්මය  · අපෝස්තලික අනුප්‍රාප්තිය
සභාවේ ලකුණු / ලක්ෂණ හතර
දස පණත
ජේසුස් වහන්සේගේ කුරුසගතවීම හා උත්ථානය
ස්වර්ගාරෝහණය · දෙව් මවුන් ස්වර්ගයට ඔසවා ගැනීම
කතෝලික සභාව සම්බන්ද විවේචන
දේව ධර්මය / ඉගැන්වීම්
ශුද්ධවූ ත්‍රිත්වය (පියාණන් , පුත්‍රයාණන් , ශුද්ධාත්මයාණන්)
දේව ධර්මය · Apologetics
දේව දයාව · සක්‍රමෙන්තු
Purgatory · ගැලවීම
ජන්ම දෝෂය · සාන්තුවරුන් · Dogma
කන්‍ය මරිය තුමිය · Mariology
කන්‍ය මරියාවන්ගේ නිර්මල පිළිසිදගැනීම
ජනවන්දනාව හා දේවවන්දනාව
රෝමානු කතෝලික ජනවන්දනාව
දිව්‍ය සත්ප්‍රසාදය · Liturgy of the Hours
ජනවන්දනා වසර · Biblical Canon
සභා සම්ප්‍රදායන්
රෝමානු · ආර්මේනියානු  · ඇලෙක්සැන්ඩ්‍රියානු
බයිසැන්තියානු · අන්තියෝකියානු
බටහිර සිරියානු · පෙරදිග සිරියානු
කතෝලික දහම සම්බන්ද මාතෘකා
කතෝලික සභාව හා විද්‍යාව · Ecumenism
කතෝලික සභාව හා පරිණාමවාදය · ආගමික නිකායන්
යාච්ඤාව · සංගීතය · කලාව
046CupolaSPietro.jpg රෝමානු කතෝලික සභාව ද්වාරය


ශුද්ධාසනයේ නිල ලාංඡනය........ මෙය වතිකානු රාජ්‍යයේ නිල ලාංඡ්නයට වඩා සුළු වශයෙන් වෙනස්ය..[1]

ශුද්ධාසනය (ඉංග්‍රීසි:Holy See, ලතින්:Sancta Sedes) යනු රෝම නුවර සදහා වන රෝමානු කතෝලික සභාවේ එපිස්කෝපල් බලප්‍රදේශය හෙවත් රදගුරු පදවිය වන අතර, එහි රදගුරු ධූරය හොබවනු ලබන්නේ පාප් තුමා විසිනි . වත්මන් පාප් ධූරය දරනු ලබන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින්ය. ශුද්ධාසනය කතෝලික සභාවේ රදගුරු පදවි අතරින් ශ්‍රේෂ්ඨතම පදවිය නොහොත් මූලිකම එපිස්කෝපල් ආසනය වන අතර මෙමගින් කතෝලික සභාවේ මධ්‍යගත පරිපාලනය සිදු කරනු ලබයි. එබැවින් රාජ්‍යතාන්ත්‍රික හා අනෙකුත් විෂයෙහි ශුද්ධාසනය ක්‍රියා කරනු ලබන්නේත් සිය මතය ප්‍රකාශ කරනු ලබන්නේත් සමස්ථ කතෝලික සභාවම වෙනුවෙනි. එලෙසම මෙය අන්තර්ජාතික නීතිය විෂයෙහි තානාපති සබඳතා පවත්වා පවත්වාගෙන යා හැකි, පාප් තුමන් විසින් පාලනය කෙරෙන, ස්වාධීන අස්තිත්වයක් ලෙස හදුනා ගැනේ.[2]

සමහර අවස්ථාවලදී "වතිකානුව" යන උභයාර්තවාචී වචනයෙන් හැදින්වූවද, ශුද්ධාසනය යනු 1929 යේ සිට පැවතෙන වතිකානු රාජ්‍යය යන ආස්තිත්වයම නොවේ. ශුද්ධාසනයේ හෙවත් රෝම රදගුරු පදවියේ ඉතිහාසය මුල් කිතුනු යුගය (ක්‍රි.ව. පලමු සියවස) දක්වාම දිව යන්නකි. විදේශ රාජ්‍යයන් විසින් සිය තානාපතිවරුන් නිල වශයෙන් පත් කරනු ලබන්නේ වතිකානු රාජ්‍යයට නොව ශුද්ධාසනයට වන අතර, විදේශ රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන සදහා නිල වශයෙන් පත් කරනු ලබන පාප් තුමාගේ නියෝජිතයින් හදුනා ගනු ලැබෙන්නේ වතිකානු රාජ්‍යයේ නොව, ශුද්ධාසනයේ නියෝජිතයින් ලෙසිනි.

සියළුම එපිස්කොපල් ආසන ශුද්ධවූ ලෙස සැළකෙතත්, ශුද්ධවූ අසුන හෙවත් "ශුද්ධාසනය" යන වචනය විශේෂාකාරයෙන් යමක් සදහන් නොකොට අන්තර්ජාතික සබඳතාවන්හිදී (හා කතෝලික සභාවේ සසුන් නීතියේ[3]) භාවිතාකරනු ලැබෙන්නේනම් ඉන් හැඟවෙන්නේ කතෝලික සභාවේ මධ්‍යම පරිපාලනය සිදු කරනු ලබන රෝම රදගුරු පදවිය බව සාමාන්‍යයෙන් සළකනු ලබයි. ශුද්ධාසනය නෛතික පුද්ගලභාවය අතින් බොහෝදුරට අගාරික රාජකීය රාජ්‍යකට සමානකම් දක්වයි.

සංවිධාන ව්‍යූහය[සංස්කරණය]

පාප් තුමා කතෝලික සභාව පාලනය කරනු ලබන්නේ රෝම කියුරියාව හරහාය. රෝම කියුරියාව රාජ්‍ය ලේඛම් කාර්‍යාලයෙන්ද, විවිධ සංසද 9 කින්ද, විනිශ්චය සභා 3 කින්ද, පාප් තුමන්ගේ කවුන්සිල 11 කින්ද හා පාප් තුමන්ගේ කොමිසම් සභා 7 කින්ද යන කතෝලික සභාවේ ඉහලම තලයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන සංකීර්ණ වූ තනතුරු/ආයතන වලින් සමන්විත වේ. වතිකාන රාජ්‍ය ලේඛම් කාර්දිනල් හිමිපාණන් යටතේ පවතින රාජ්‍ය ලේඛම් කාර්‍යාලය, රෝම කියුරියාවට මඟපෙන්වීම හා එහි සම්බන්ඳීකරන කටයුතු සිදුකරනු ලබයි. වත්මන් රාජ්‍ය ලේඛම් තනතුර දරනු ලබන්නේ තාර්සීසියෝ බෙර්තොනේ කාර්දිනල් හිමිපාණන් විසින් වන අතර, එම තනතුර ශුද්ධාසනයේ අගමැති තනතුරට සමාන වේ. රාජ්‍ය ලේඛම් කාර්‍යාලයේ විදේශ සබඳතා අංශයේ ලේඛම් ධූරය දරන අගරදගුරු ඩොමිනික් මම්බර්ටි හිමිපානන් ක්‍රියාකරනුයේ ශුද්ධාසනයේ විදේශ ඇමති ධූරයට සමාන අන්දමිනි. බෙර්තොනේ හා මම්බර්ටි හිමිපාණන් දෙනම එම තනතුරු සදහා ශුද්ධෝත්තම XVI වැනි බෙනඩික්ට් පාප් තුමන් විසින් 2006 වසරේදී පත් කරන ලදි.

රෝම කියුරියාවේ ආයතන අතුරින් වතිකානු රාජ්‍ය තුලම පිහිටා ඇති එකම ආයතනය රාජ්‍ය ලේඛම් කාර්‍යාලයයි. අනිකුත් ආයතන රෝම නගරයේ විවිද කොටස් වල ස්ථානගතකර ඇති අතර ඒවාට විදේශ තානාපති කර්‍යාලයකට හිමිවන ආකාරයේ දේශභූමි බාහය අයිතියක් හිමිය.

රෝම කියුරියාවේ ආයතන අතුරින් කතෝලික සභාවේ ඉගැන්වීම් පිළිබඳ බලය පැවරෙන දේවධර්මය හා විශ්වාසය පිළිබඳ සසුන් සන්සදය, රදගුරුවරුන් පත්කිරීමේ හා ඒ ආශ්‍රිත කටයුතු සම්බන්දීකරනය පිළිබඳ බලය පැවරෙන රදගුරුවරුන් පිළිබද සසුන් සන්සදය, සභාවේ දූතකාර්‍ය පිළිබද බලය පැවරෙන ධර්මදානය පිළිබද සසුන් සන්සදය හා අන්තර්ජාතික මට්ටමේදී සාමය හා සමාජයීය ගැටළු පිළිබද කටයුතුකිරීම පැවරෙන සාමය හා සාධාරනත්වය පිළිබද පාප් තුමාගේ කවුන්සිලය ඉතාමත් ක්‍රියාකාරී ආයතන කිහිපයක් වේ.

කියුරියාවේ විනිශ්චය සභා තුන ශුද්ධාසනයේ අධිකරනමය බලතල පිලිබදව වගකීම දරයි. මේ අතරින් "සක්‍රා රොටාව" (ඉංග්‍රීසි : Sacred Roman Rota ) විවාහ ශුන්‍යකරනය වැනි සාමාන්‍ය අභියාචනා සලකාබලනු ලබයි, "අපෝස්තලික සිග්නට්‍යුරාව" (ඉංග්‍රීසි : Supreme Tribunal of the Apostolic Signatura ) පරිපාලනමය අධිකරනය වන අතර එය කතෝලික සභාවේ ශ්‍රේෂ්ඨතම නෛතික අධිකාරිය ලෙස සලකනු ලැබේ. "අපෝස්තලික චරිතශෝධකය" (ඉංග්‍රීසි : Supreme Tribunal of the Apostolic Penitentiary) ඉහත අදිකරන දෙකට වඩා වෙනස් වන අතර එය සමාකිරීම් හා පූර්ණඵළ නිකුත් කිරීම් වැනි කටයුතු සිදුකරනු ලැබේ.

වතිකාන රාජ්‍ය ලේඛම් කාර්දිනල් තාර්සීසියෝ බෙර්තොනේ හිමිපාණන්

ආර්ථීක කටයුතු පිලිබද ශුද්ධාසනීය අංශය විසින් ශුද්ධාසනයේ ආයතන/කර්‍යාල වල සියළුම මූල්‍ය කටයුතු සම්බන්දීකරනය සිදු කරන අතර, අදාල ආයතන කෙතරම් ස්වත්‍රන්තව පාලනය වුවද එම සෑම ආයතනයකම පරිපාලන කටයුතු අධීක්ෂණය හා මූල්‍යමය කලමණාකරනය සිදුවන්නේ මේ මගිනි. ශුද්ධාසනීය ප්‍රවේණි උරුම පරිපාලන අංශය මේහි ඇති ඉතා වැදගත්ම කොටස වේ. පාප් තුමාගේ වාසස්ථාන කටයුතු අංශයට පාප් තුමාගේ වාසස්ථානය වන අපෝස්තලික මන්දිරයේ කටයුතු, බැහැදැකීම් හා උත්සව (ජනවන්දනා මෙහෙයන් හැර ) වැනි දෑ සංවිධානය කිරීමේ වගකීම පැවරේ.

ශුද්ධාසනය පාප් තුමාගේ අභාවයෙන් හෝ ඉල්ලා අස්වීමකින් විසුරුවා හැරෙන්නේ නැත. ඒ වෙනුවට එම කාල පරිච්ඡේදය තුල හිස්වූ ආසනය යන අරුත ඇති "Sede vacante" (ලතින්) නම් වූ නීති මාලාවකට අනුව ශුද්ධාසනය ක්‍රියාත්මකවේ. මෙම අරාජක කාලය තුල රෝම කියුරියාවේ සියළුම ආයතන වල නායකත්වයන් (උදා: සංසද වල නායකයන්) වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වේ. නමුත් මෙහිදී සමාකිරීම් හා පූර්ණඵල පිලිබදව වැදගත් කටයුත්තක් ඉටු කරන ප්‍රධාන චරිතශෝධක හා මෙම කාලය තුලා ශා. පීතර තුමන්ගේ අසුනේ (ශුද්ධාසනයේ) ශාසනික දේපල පරිපාලනය භාර වන ශුද්ධවූ රෝම සභාවේ කාර්මලෙන්ගෝ තුමන්ගේ තනතුරු දෙක පමනක් අහෝසි වීම සිදු නොවේ. මෙම අවස්ථාවේදී ශුද්ධාසනයේ පාලනයද, එනයින් ගත් කල සමස්ථ කතෝලික සභාවේම පාලනයද කාර්දිනල් මඩුල්ල යටතට පත් වේ. මෙම කාලපරිච්ඡේදය තුල කාර්දිනල් මඩුල්ලට හෝ කාර්මලෙන්ගෝ තුමන්ට සභාවේ පරිපාලනය සම්බන්දව නව්‍යකරන හා නවතාවයන් ගෙන ඒමට ඇති හැකියාව ශාසන නීතියෙන් සම්පූර්ණයෙන්ම අහුරා ඇත.

වර්ෂ 2001 දී ශුද්ධාසනය ඉතාලි ලීරා බිලියන 422.098 (එකල ඇ.ඩො. මිලියන 202) ක අයභාරයක් ලබා ඇති අතර, ඉතාලි ලීරා බිලියන 17.720 (එකල ඇ.ඩො. මිලියන 8) ක ශුද්ධ ආදායමක් ලබා ඇත.[4]

අන්තර්ජාතික නීතිය හමුවේ තත්වය[සංස්කරණය]

ශුද්ධාසනය නූතන නීති විශාරදයින්ට අනුව හා රාජ්‍ය පරිචයේදී, සාමාන්‍ය රාජ්‍යකට සමාන හිමිකම් හා වගකීම් දරන පොදු අන්තර්ජාතික නීතියට යටත් විශයක් ලෙස හදුනා ගැනේ. වතිකානු රාජ්‍යයෙන් වෙනස් වන ශුද්ධාසනය අන්තර්ජාතික නීතිය මගින් පිහිටුවා ඇති රාජ්‍යක් වීමට සපුරාලියයුතු ස්ථීර ජනගහනයක් සිටීම, නිශ්චිතව අර්ථදැක්වූ බලප්‍රදේශයක් තිබීම, ස්ථාවර රජයක් පැවතීම හා වෙනත් රාජ්‍යන් සමග සබදතාවන්ට එළඹීම් ශක්‍යතාවක් තිබීම[5] යන සාධක සපුරන්නේ නැතත්, අන්තර්ජාතික නීතිය ඉදිරියේ එහි නෛතික පුද්ගලභාවයේ හිමිකම, විදේශ රාජ්‍යන් 178 ක් සමග තානාපති සබඳතා පවත්වාගෙන යාම, විවිධ අන්තර්ජාතික රාජ්‍ය සංවිධානවල සාමාජික රාජ්‍යක් ලෙස කටයුතු කිරීම මෙන්ම එය "ස්වාධීන රාජ්‍යන්ගෙන් සමන්විත අන්තර්ජාතික ප්‍රජාව විසින් ගරු කිරීම හා අන්තර්ජාතික නීතිය හමුවෙහි රාජ්‍යන් එකක්, කිහිපයක් හෝ සමූහයක් සමග තානාපති සබඳතා පැවැත්වීමේ හා අන්තර්ජාතික නීතිය හමුවේ ලෝක සාමය තහවුරුකරනු සදහා මෙන්ම පවත්වාගෙන යාම සදහාද අන්තර්ජාතික නීතියට යටත්ව ගිවිසුම් වලට එළඹීමේ හැකියාව ඇති විශයක් සේ සැළකීම"[6] යන සාධක මගින් තහවුරු වේ.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා[සංස්කරණය]

ශුද්ධාසනයේ විදේශ සබඳතා.      තානාපති සබඳතා      වෙනත් සබඳතා      සබඳතාවක් නොමැති

මධ්‍යතන යුගයේ සිටම රෝම එපිස්කෝපල් අසුන (ශුද්ධාසනය ) ස්වාධීන ආස්ථිත්වයක් ලෙස සලකන ලදි. වර්ථමානයේදී ශුද්ධාසයය (වතිකානු රාජ්‍ය නොවේ) ලෝකයේ ස්වාධීන රාජ්‍යන් 178 ක් සමග ද [7], යුරෝපා සංගමය හා මෝල්ටා ස්වාධීන මිලිටරි සංවිධානය සමග නිල තානාපති සබඳතා පවත්වාගෙන යන අතර පලස්තීන විමුක්ති සංවිධානය සමග විශේෂාකාර සබඳතාවක් පවත්වාගෙන යයි[8][9]. ශුද්ධාසනය වෙත පත් කර ඇති විදේශ තානාපති කාර්‍යාංශ අතුරින් 69 ක් රෝම නගරයේ පිහිටා ඇත. ශුද්ධාසනය විදේශයන්හි ස්ථීර තානාපති කාර්‍යාංශ 180 ක් පවත්වාගෙන යන අතර ඒවායින් 74 ක් අනේවාසික කාර්‍යාංශ වේ. එබැවින් ඒවායින් 106 පමන වන කාර්‍යාංශ ප්‍රමානයක් රටවල් දෙකකට, කිහිපයකට හෝ අන්තර්ජාතික සංවිධාන වෙත පත් කල ඒවා වේ. ශුද්ධාසනයේ තානාපති ක්‍රියාකාරකම් පිලිබදව, විදේශ සබඳතා අංශය හරහා රාජ්‍ය ලේඛම් කාර්‍යාලය (රාජ්‍ය ලේඛම් කාර්දිනල් හිමිපාණන් මගින් පාලනය වන ) මගින් අධීක්ෂනය සිදු කරනු ලබයි. අන්තර්ජාතිකව පිලිගත් රාජ්‍යන් 15 ක් දැනට ශුද්ධාසනය සමග තානාපති සබඳතා පවත්වාගෙන නොයයි [10].

ශුද්ධාසනය අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය (IAEA), අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය, ආරක්ෂාව හා සහයෝගීතාව පිලිබඳ යුරෝපානු සංවිධානය (OSCE), රසායනික අවිහරන සංවිධානය (OPCW) හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිලිබඳ මහ කොමසාරිස් කාර්‍යාලය (UNHCR) වැනි විවිධ අන්තර්ජාතික සංවිධාන හා කණ්ඩායම් වල සාමාජිකත්වය දරයි. මීට අමතරව ශුද්ධාසනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව, යුරෝපා කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනය, විද්‍යාව හා සංස්කෘතිය පිලිබඳ සංවිධානය (UNESCO), ලෝක වෙළඳ සංවිධානය (WTO) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) වැනි අන්තර්ජාතික සංවිධාන වල ස්ථීර නිරීක්ෂණ මට්ටමේ සාමාජිකත්වය දරයි.

සන්නද්ධ අංශ හා පොලීසිය[සංස්කරණය]

වතිකානු නගරය හා අනෙකුත් බලප්‍රදේශ අතර සබඳතාවය[සංස්කරණය]

ශුද්ධාසනය වතිකානු රාජ්‍ය සමග සමීපව බැදී තිබුනද, ශුද්ධාසනයේ ස්වාධීනත්වයට අදාල බලප්‍රදේශය කොටස් දෙකකට වෙන්ව එකිනෙකට වෙනස්ව පවතී. 1870 දී ඉතාලිය විසින් එතෙක් කලක් පැවති පාප් වරුන්ගේ රාජ්‍ය (ඉංග්‍රීසි:Papal States) අල්ලා ගැනීමෙන් පසු ශුද්ධාසනයට භෞමික ස්වාධීනත්වයක් නොතිබිනි. ඉතාලි රජයේ සමහර ජූරි සභිකයන් අන්තර්ජාතික තලයේදී ශුද්ධාසනයේ ස්වාධීනත්වය තවදුරට පවත්වාගෙන යා නොහැකියැයි වාද කලද ශුද්ධාසනය විසින් දිගටම තානපති වරුන් යැවීම, විදෙස් තානපති වරු ගෙන්වා ගැනීම හා එකල පැවති බලවත් රාජ්‍යන් වන රුසියාව,පෘසියාව හා ඕස්ට්‍රියා-හංගෙරියා අධිරාජ්‍ය වැනි රටවල් ඇතුළු විදෙස් රාජ්‍යන් සමග සිය සබඳතා දිගටම පවත්වා ගෙන යාම සිදු කලේය. තවද 1815 වියානා සමුළුවේදී ගනු ලැබූ තීරනයට අනුව, විදේශයන්ට යවන පාප් තුමාගේ නියෝජිතයන් (අපෝස්තලික තානපති වරු ) තානාපති මෙහෙවරක සාමාන්‍ය සාමාජිකයකු නොව මූලිකයා බවට අනෙකුත් තානාපති වරුන් අතර තිබූ පිලිගැනීම දිගටම පැවතිනි. ශුද්ධාසනයට සිය භෞමික ස්වාධීනත්වය අහිමිව තිබූ මෙම වසර 59 ක කාලය තුල, එය සමග එතෙක් තානාපති සබඳතා පැවැත්වූ රාජ්‍යයන් 16 ක ප්‍රමානය 29 ක් දක්වා වැඩි කර ගැනීමට හැකිවිය[11].

වතිකානු පුරවර රාජ්‍යය 1929 දී අත්සන් කරන ලද ලතරානු ගිවිසුමට අනුව "ශුද්ධාසනයේ පූර්ණ දෘෂ්‍ය ස්වාධීනත්වය තහවුරු කරනු වස්" හා "අන්තර්ජාතික කටයුතු වලදී එහි අවිවාදිත ස්වාධීනත්වය සහතික කරනු වස්" (ලතරානු ගිවිසුමෙන් උපුටාගන්නා ලදි ) ස්ථාපිත කරන ලදි. ශුද්ධාසනයේ විදේශ සබඳතා අංශයේ හිටපු ලේඛම් ජීන් ලුවිස් ටෞරාන් අගරදගුරු හිමිපාණන්ට අනුව වතිකානු රාජ්‍යයනු "පාප් තුමාගේ ආධ්‍යාත්මික ස්වාධීනත්වය (එනයින් කතෝලික සභාවේ ආධ්‍යාත්මික ස්වාධීනත්වය ) තහවුරු කරනු වස් පිහිටුවන ලද අවම භූමියක් හිමි, සහයෝගය මත රදාපවතින කුඩා රාජ්‍යයක්" වේ[12].

ශුද්ධාසනය (වතිකානු රාජ්‍ය නොවේ ) විදෙස් රාජ්‍යයන් සමග තානාපති සබඳතා පවත්වාගෙන යන අතර අන්තර්ජාතික සංවිධාන වල සාමාජිකත්වයද දරනු ලැබේ [13]. විදෙස් රාජ්‍යවල් තානාපති කාර්‍යාල පිහිටුවන්නේ වතිකානුවට නොව ශුද්ධාසනයට බලපැවැත්වෙන පරිදි වන අතර ශුද්ධාසනය වෙනත් ස්වාධීන ආස්ථිත්වයන් සමග ගිවිසුම් හා සම්මුතීන් වලට පැමිනීම සිදු කරනු ලබන්නේ ශුද්ධාසනයේම නමිනි. අවශ්‍ය වූ විටෙක වතිකානු රාජ්‍ය වෙනුවෙන් එකඟතාවයනට පැමිනීමේ හැකියාව ශුද්ධාසනයට පවතී.

ලතරානු ගිවිසුමේ විධිවිධාන අනුව ශුද්ධාසනයට කාස්ටල් ගන්ඩොල්ෆෝහි පිහිටි පාප් තුමාගේ මාලිගය ඇතුළුව රෝම නගරය තුල පිහිටි ස්ථාන 23 ක් හා රෝමයෙන් පිටත ඉතාලියේ ස්ථාන 5 ක් කෙරෙහි දේශභූමි බාහ්‍ය අයිතිය පවතී. තවද මෙම අයිතිය අන්තර්ජාතික නීතියට අනුව විදේශ රාජ්‍යන්හි ශුද්ධාසනය විසින් පවත්වාගෙන යන අපෝස්තලික තානපති කාර්‍යාල වලටද හිමිවේ.

රෝම රදගුරු පදවියේ ආසන දව්මැදුර වන ශාන්ත ජෝන් ලැටරන් බැසිලිකාවේ ඇති රෝම රදගුරු තුමා හෙවත් පාප් තුමන්ගේ නිල රදගුරු ආසනය (ශුද්ධාසනය ).

"ශුද්ධාසනය" හා "අපෝස්තලික ආසනය"[සංස්කරණය]

සියළුම එපිස්කෝපල් ආසන (රදගුරුවසම්) ශුද්ධ බවට සලකනු ලබයි. ග්‍රීක සම්ප්‍රදායික සභාවේදී "ශුද්ධ"(ἱερά) යන විශේෂණ පදය සියළුම එවැනි ආසන සදහා භාවිත කරනු ලබයි. නමුත් බටහිර සභාවේ "ශුද්ධ" යන විශේෂණ පදය භාවිතා කරන්නේ ශුද්ධාසනය හා ක්‍රි.ව 780-1803 කාලයේ පැවති නමුදු දැන් භාවිතයේ නොපවතින මායින්ස් හි අගරදගුරු වසම ( මායින්ස් හි ශුද්ධාසනය ) යන අගාරික හා සභා ලක්ෂන මුහුව පැවති පාලන ඒකකය සදහා පමනි.

ඉංග්‍රීසියෙන් "හෝලි සී"(Holy See) ලෙස හැදින්වෙන ශුද්ධාසනයේ "සී"(See) යන වචනය පැමිනියේ "සේඩේස්"(Sedes) යන ලතින් වචනයෙනි. එහි තේරුම අසුන නොහොත් ආසනය යන්නයි. එය අදහස් කරන්නේ එපිස්කෝපල් සිහසුන හෙවත් නිල රදගුරු ආසනය (Cathedra) යන්නයි. "අපෝස්තලික ආසනය" යන යෙදුම මුල් අපෝස්තුළුවරයකු විසින් ආරම්භ කරන ලද ඕනෑම රදගුරු පදවියකට යෙදිය හැක. කෙසේවුවද කතෝලික සභාවේදී "අපෝස්තලික ආසනය" යනුවෙන් විශේෂයෙන් සදහන් කර ඇති විටෙක එයින් අදහස් කෙරෙන්නේ රෝමයේ රදගුරුවරයාගේ හෙවත් පාප් තුමන්ගේ නිල අසුන හෙවත් ශුද්ධාසනයයි. එයට හේතුව වන්නේ රෝමයේ රදගුරුතුමා හෙවත් පාප් තුමා, අපෝස්තුළුවරුන්ගේ නායකයා වන ශාන්ත පීතර තුමන්ගේ අනුප්‍රාප්තිකයා බවට කතෝලික සභාව සලකන බැවිනි.

වැඩිදුර තොරතුරු සදහා බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර ලිපි[සංස්කරණය]

  1. "Vatican City (Holy See) - The Keys and Coat of Arms". Fotw.net. සම්ප්‍රවේශය 2010-08-11. 
  2. ශුද්ධාසනයේ ස්වාධීනත්වය ඉපැහැදිලිවම අන්තර්ජාතික සම්මුතීන් ගනනාවකින්ම පිලිගෙන ඇති අතර විශේෂකොටම 1929 පෙබරවාරි මස 11 වන දින අත්සන් කරන ලද ලතරානු ගිවිසුමේ 2 ඡේදයට අනුව "එයට උරුම වූ ස්වභාවයේ ලක්ෂණද, එහි සම්ප්‍රදායෙන්/ඉතිහාසයෙන් ලද තහවුරුව හා ලෝකයට එහි දූත මෙහෙවරේ ඇති අවශ්‍යතාවද හේතුවෙන් අන්තර්ජාතික තලයේදී ශුද්ධාසනයේ ස්වාධීනත්වය ඉතාලි රාජ්‍යය පිලිගෙන ඇත"
  3. සසුන් නීති සංග්‍රහය, canon 361, පෙරදිග සභාවන් සදහා සසුන් නීති සංග්‍රහය, canon 48
  4. http://www.zenit.org/article-1900?l=english
  5. රාජ්‍යක වගකීම් හා හිමිකම් පිළිබද මොන්ටෙවිඩියෝ සමුළුවේදී, 1933 දෙසැම්බර් 26 දින අත්සන් කර පිලිගත් රාජ්‍යත්වය සදහා වන සාධක
  6. Robert Araujo and John Lucal, Papal Diplomacy and the Quest for Peace, the Vatican and International Organizations from the early years to the League of Nations, Sapienza Press (2004), ISBN 1-932589-01-5, p. 16. See also James Crawford, The Creation of States in International Law, (1979) p. 154.
  7. Bilateral and Multilateral Relations of the Holy See, 31.05.2007, Botswana in 2008, Russia in 2009
  8. Bilateral and Multilateral Relations of the Holy See
  9. "Holy See and Botswana Establish Relations". Zenit News Agency. 2010-01-11. සම්ප්‍රවේශය 2010-01-14. 
  10. ඇෆ්ගනිස්ථානය , භූථානය , බෘනායි , කොමොරොසය , ලාඕසය , මාලදිවයින , මෞරිටානියාව, මියැන්මාරය , උතුරු කොරියාව , ඕමානය , මහජන චීන සමූහාණ්ඩුව , සෞදි අරාබිය, සෝමාලියාව , ටුවාලු හා වියට්නාමය . See: "Mission Impossible: Eject the Holy See from the United Nations". www.chiesa:News, analysis, and documents on the Catholic Church, by Sandro Magister. 2007-08-21. http://chiesa.espresso.repubblica.it/articolo/162301?eng=y. Retrieved 2007-10-03. 
  11. Lecture by Archbishop Giovanni Lajolo, 16 February 2006
  12. Lecture by Archbishop Jean-Louis Tauran, 22 April 2002
  13. Bilateral and Multilateral Relations of the Holy See

වැඩිදුර කියවීම[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

පොත්[සංස්කරණය]

  • La Due, William J. The Chair of Saint Peter: A History of the Papacy. (ISBN 1-57075-249-4)
  • Heribert Franz Koeck, Die völkerrechtliche Stellung des Heiligen Stuhls. Dargestellt an seinen Beziehungen zu Staaten und internationalen Organisationen, Berlin 1975
  • Heribert Franz Koeck, Holy See, in: Encyclopedia of Public International Law, Bd. 2, Oxford etc. 1995
"http://si.wikipedia.org/w/index.php?title=ශුද්ධාසනය&oldid=262762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි