ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය

විකිපීඩියා වෙතින්
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් එවකට එරට අග්‍රවිනිශ්චයකාරව සිටි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයකට ලක්කරනලදී. කථානායක විසින් පත්කල තේරීම් කාරක සභාවකින් මෙම චෝදනා විභාගකොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කරන ලදී. ඉන් පසුව 2013 ජනවාරි මසදී එම දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවූ අතර දින කීහිපයකට පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඇය නිලයෙන් පහ කරන ලදි.[1][2] මූල්‍ය අක්‍රමිකතා සහ අධිකරණ නඩු කිහිපයකට ඇඟිලි ගැසීම, අභිලාශ අතර ගැටුම ඇතුළු චෝදනා රැසක් සඳහා, බණ්ඩාරනායක මහත්මිය චූදිතයා ලෙස නම් කොට තිබුණද,[3] මෙම සියළු චෝදනා ඇය ප්‍රතික්ෂේප කලාය. [4] ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරෙකු වන බැසිල් රාජපක්ෂ විසින් යෝජනා කරන ලද පනත් කෙටුම්පතකට විරුද්ධ තීන්දුවක්ද ඇතුළු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට එරෙහිව නියම කරනු ලැබූ විධිතීරණ මාලාවකින් අනතුරුව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරිණි.[5] දෝෂාභියෝගය පිළිගැනීම බණ්ඩාරනායක මහත්මිය විසින් ප්‍රතික්ෂේප කල අතර කිසිම නව අග්‍රවිනිශ්චයකාරවරයෙකු හා සමග කටයුතු කිරීමට නීතිඥ කණ්ඩායම් විසින් ප්‍රතික්ෂේප කිරීම හා සමගම, සිදුවිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් පිළිබඳ ලකුණු පහල වී ඇත.[6][7][8] බණ්ඩාරනායක මහත්මියගේ මතභේදකාරී දෝෂාභියෝගය පිළිබඳ විවේචනාත්මක සහ සංවේගාත්මක ප්‍රකාශ ශ්‍රී ලංකාව තුලින් හා විදේශයන් වෙතින් නිකුත්වුණි.[9]

පසුබිම[සංස්කරණය]

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින්, බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද්දේ 1996 ඔක්තොම්බර් 30 දිනදීය.[10][11] 2011දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, අග්‍රවිනිශ්චයකාර ලෙසින් බණ්ඩාරනායක මහත්මිය පත් කලේ, 2011 මැයි 17 දිනදී විශ්‍රාම ගිය අසෝක ද සිල්වාගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි. ජනාධිපති රාජපක්ෂ ඉදිරියේ ඇය දිවුරුම් දුන්නේ 2011 මැයි 18 දිනදීය.[10][11]

දිවි නැගුම පනත් කෙටුම්පත[සංස්කරණය]

දිවි නැගුම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ගැසට් පත්‍රයෙහි පල කරන ලද්දේ 2012 ජූලි 27 දිනදීය.[12] මෙම පනත් කෙටුම් පත විසින් ශ්‍රී ලංකාවේ සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකාවේ දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කොට දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලද අතර බොහෝ ප්‍රජා සංවිධාන, බැංකු සහ බැංකු සමාජ තනන ලදි.[13] ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ යටතේ පවතින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පාලනය කෙරෙමින් සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.[14] ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, බොහෝ සංවර්ධන කටයුතු සිදු කිරීම, පළාත් සභා වෙත විමධ්‍යගත කොට තිබුණි. 2012 අගෝස්තු මසදී ශ්‍රී ලාංකික රජය විසින් පාර්ලිමේන්තුව අබියස මෙම පනත් කෙටුම් පත සභා ගත කෙරිණි.[15] කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් සතර දෙනෙක් විසින් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වුණි. අධිකරණය (බණ්ඩාරනායක, ප්‍රියසත් ඩෙප් සහ ඊවා වනසුන්දර) 2012 අගෝස්තු 27 සහ 28 දිනවලදී රැස්වූයේ පෙත්සම් විභාගකිරීමටය. ජනාධිපති රාජපක්ෂගේ තවත් සොහොයුරෙකු වන කථානායක චමල් රාජපක්ෂ, විසින් 2012 සැප්තැම්බර් 18 දිනදී ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නිර්ණයනයන් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය: පනත් කෙටුම් පත පළාත් සභා ලැයිස්තුවෙහි දක්වා ඇති කරුණු වලට අදාළ වන බැවින් නිතීගත වීමට නම් සෑම පළාත් සභාවක් වෙතම එය යොමු කොට අනුමැතිය ලබා ගත යුතු බවය. [16][17][18] පළාත් සභා නවයෙන් අටකම පාලන බලය සතු වූයේ ජනාධිපති රාජපක්ෂගේ පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) වෙත වන අතර, 2012 සැප්තැම්බර් 25 දින සහ 2012 ඔක්තොම්බර් 3 දින අතර කාලය තුලදී මෙම පළාත් සභා අට විසින් දිවි නැගුම පනත් කෙටුම් පත අනුමත කරන ලදි. ජනාධිපති රාජපක්ෂ විසින් පත් කොට තිබූ උතුරු පළාතේ ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි විසින් පනත් කෙටුම් පත අනුමත කරන ලදි. [19]

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යලි යොමු කෙරුනු අතර පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලත්වය අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සම් එකොළහක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වුණි. චන්ද්‍රසිරි මහතා විසින් පනත් කෙටුම්පත අනුමත කිරීමේ නීතිකත්වය අභියෝගයට ලක් කරමින් 2012 ඔක්තොම්බර් 4 දිනදී විපක්ෂ මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යොමු කල පෙත්සමද මේ අතර විය. [20] 2012 ඔක්තොම්බර් 18, 22 සහ 23 දිනවලදී අධිකරණය (බණ්ඩාරනායක, එන්. ජී. අමරතුංග සහ කේ. ශ්‍රීපවන්) රැස්වූයේ පෙත්සම් විභාග කිරීම සඳහාය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණයක 2012 ඔක්තොම්බර් 31 දිනදී ජනාධිපති වෙත දන්වා යවන ලදි. [21][22] ශ්‍රේෂ්ඨාධිකරණයේ නීර්ණයන කථානායක චමල් රාජපක්ෂ විසින් 2012 නොවැම්බර් 6 දිනදී පාර්ලිමේන්තුව වෙත දන්වා සිටින ලදි: 8(2) ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවූ අතර ජන මත විචාරණයකින් සම්මත කර ගත යුතුව තිබුණි; තවත් ඡේද දොළසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වූ අතර පාර්ලිමේන්තුවෙහි විශේෂ බහුතරයකින් (තුනෙන්-දෙකක) සම්මත කර ගත යුතුව තිබුණි; පනත් කෙටුම් පත පිටසන් කිරීමට උතුරු පළාතේ ආණ්ඩුකාරවරයාට බලය නොමැති අතර එබැවින් පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවෙහි විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතුව තිබුණි. [23][24][25] [26][27]

දෝෂාභියෝගය[සංස්කරණය]

දිවි නැගුම පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීර්ණයන් ජනාධිපති වෙත දන්වා යැවූ දිනට පසුදින එනම් 2012 නොවැම්බර් 1 දිනදී අග්‍රවිනිශ්චයකාර බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් එජනිස මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සන් සහිතව කථානායක චමල් රාජපක්ෂ වෙත භාර දෙන ලදි. [28][29] 2012 නොවැම්බර් 6 දිනදී කථානායක චමල් රාජපක්ෂ විසින් බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා 14 හෙළි කල අතර, මූල්‍ය තොරතුරු හෙළි නොකිරීම, බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසළකාහැරීම යන දේ එයට ඇතුළත්ව තිබුණි. [30] බණ්ඩාරනායක මහත්මිය චෝදනා ප්‍රතික්ෂේප කලාය.[31]

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව[සංස්කරණය]

දෝෂාභියෝග චෝදනා විභාග කිරීම සඳහා රජයේ මන්ත්‍රීවරුන් සත් දෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සතරදෙනෙකුගෙන් සමන්විතවූ සත් සාමාජීක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (PSC) පත් කෙරිණි. A[32] දෝෂාභියෝග චෝදනා පිළිබඳ විභාගය 2012 නොවැම්බර් 23, 2012 දෙසැම්බර් 4 දින සහ 2012 දෙසැම්බර් 6 දිනදී පැවැත්වුනු අතර එදින බණ්ඩාරනායක මහත්මිය විභාග කිරීම වෙතින් ඉවත්ව ගියාය. [33][34][35] 2012 දෙසැම්බර් 7 දිනදී විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත් වූහ. [36][37] 2012 දෙසැම්බර් 8 දිනදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙහි වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. [38] පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අධිගමනය කොට තිබුණේ බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බවත් ඇය නිලයෙන් පහ කිරීමට මෙය ප්‍රමාණවත් බවත්ය. [39][40] දේපළ ගනුදෙනුව පිළිබඳ අයෝග්‍යත්වය (පළමුවන චෝදනාව), බැංකු ගිණුම් හෙළි නොකිරීම (සතරවන චෝදනාව) සහ ඇයගේ සැමියා අදාළ වන්නාවූ අධිකරණ නඩුවක් හා බැඳි සම්බන්ධතා සම්මතය (පස්වන චෝදනාව) යන චෝදනාවලට ඇය වරදකරු බවට තීරණය කර තිබුණි. [41][42] දෙවන හා තෙවන චෝදනා වලට ඇය වරද කරු නොවන බව තීරණය වී තිබූ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉතිරි චෝදනා නවය නොසලකා හරින ලදි. [43] "එය පරීක්ෂණයක් නොව එය සවික්සුමක් විය" යැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ප්‍රතික්ෂේප කලහ. [44] පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ඉන්පසු ජනාධිපති වෙත යවන ලදි.[45]

2013 ජනවාරි 3 දිනදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ අග්‍රවිනිශ්චයකාරයාට එරෙහි චෝදනා පරික්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නොමැති අතර එබැවින් දෝෂාභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවයි.[46]

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කල අතර 2013 ජනවාරි 7 දිනදී අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අධිගමනයන් නිෂ්ප්‍රභ කෙරිණි.[47][48] මින් ඉක්බිතිව, අභියාචනාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු, එස්. ශ්‍රීස්කන්ධරාජා සහ අනිල් ගුණරත්න වෙත මරණ තර්ජන එල්ල වුණි.[49][50]

දෝෂාභියෝග යෝජනාව සහ නිලයෙන් පහකිරීම[සංස්කරණය]

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ තීන්දු නොතැකූ රජය දෝෂාභියෝගය පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන ගියේය. [51] බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව 2013 ජනවාරි 10 සහ 11 යන් දින වලදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.[52] පාර්ලිමේන්තුව විසින් යෝජනාව සම්මත කර ගන්නා ලද අතර මන්ත්‍රීවරු 155 දෙනෙක් එයට පක්ෂවද මන්ත්‍රීවරුන් 49 දෙනෙක් එයට විරුද්ධවද ඡන්දය ප්‍රකාශ කලහ.[53] දෝෂාභියෝග යෝජනාව දෝෂසහගත සහ එනිසාම එය අනීතික එකකැයි විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කලහ.[54]

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දෝෂාභියෝග යෝජනාව 2013 ජනවාරි 13 දිනදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අපරානුමත කිරීමෙන් බණ්ඩාරනායක මහත්මිය නිලයෙන් පහ කෙරිණි. [55][56] සමහරක් වාර්තා පරිදී ජනාධිපති රාජපක්ෂ විසින් බණ්ඩාරනායක මහත්මියට විශ්‍රාම යාමේ විකල්පය ලබා දුන්නද ඇය විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.[57][58]

අපරාංගය[සංස්කරණය]

පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝග යෝජනාව සම්මත කර ගැනුමෙන් පසුව වුවද, බණ්ඩාරනායක මහත්මිය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හුවා දක්වමින් පවසා සිටියේ ඇය නිලයෙන් බැහැරව නොයන බවයි.[59] නීතිඥ කණ්ඩායම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසියම් නව අග්‍රවිනිශ්චයකරුවෙකු සමග අධිකරණ කටයුතු වලට සහභාගි නොවන ලෙසටය.[60]

ජනාධිපති රාජපක්ෂ විසින් බණ්ඩාරනායක මහත්මියගේ අනුප්‍රාප්තිකයා ලෙසින් හිටපු නීතිපති මොහාන් පීරිස් නම් කරන ලදි.[61][62] ඔහුගේ නාමයෝජනාව "නිරීක්ෂණ" සඳහා පාර්ලිමේන්තු සභාව වෙත ජනාධිපති විසින් යොමු කල යුතුවුවද පත්වීම සිදු කරන්නේ ජනාධිපති විසිනි.[63] පස් සාමාජික පාර්ලිමේන්තු සභාව සමන්විත වන්නේ කථානායක, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායක, අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරන ලද තැනැත්තෙක් සහ විපක්ෂ නායක විසින් නම් කරන ලද තැනැත්තෙක් යන අය ගෙනි. පත්වීම සාකච්ඡා කිරීමට, පාර්ලිමේන්තු සභාව 2013 ජනවාරි 15 දිනදී රැස්වූ නමුත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහු විසින් නම් කල ඩී. එම්. ස්වාමිනන්දන් සහභාගි නොවූයේ ඔවුන් සභාවේ කටයුතු වලට විරුද්ධ වුනු නිසාය.[64][65] 2013 ජනවාරි 15 දිනදී පාර්ලිමේන්තු සභාව විසින් පීරිස් මහතාගේ පත්වීමට අනුමැතිය දෙන ලදි. [66]

අනුප්‍රාප්තිකයා[සංස්කරණය]

අග්‍රවිනිශ්චයකාරයෙකුගේ නව පත්වීමක් අනීතික වන නිසාත් එවැන්නක් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ඔවුන් තරයේ අදහස් කරන නිසාත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. නව අග්‍රවිනිශ්චයකාරයා පත්වීමේ අනුමැතිය වලක්වාලන සහ ඔහු නිලය භාර ගැනීම හා නිලයේ රාජකාරි කිරීම වලක්වන අතුරු තහනම් නියෝග දෙකක් ඔවුහූ බලාපොරොත්තු වූහ.[67][68] ජනාධිපති රාජපක්ෂගේ තීරණය පාර්ලිමේන්තු සභාව විසින් අනුමත කරන දිනයේම ප.ව. 12:30 ට, මහත් ආරක්ෂක විධිවිධාන යටතේ මොහාන් පීරිස් දිවුරුම් දුන්නේය. පීරිස් මහතා හැඳින්වුනේ ජනාධිපති රාජපක්ෂගේ මිත්‍ර පාක්ෂිකයෙක් ලෙසිනි.[69][70] මෙම ධුරයට නම් කිරීමට පෙර, ඔහු කැබිනට් මණ්ඩලයට ජ්‍යෙෂ්ඨ නීති උපදේශක වූ අතර මානව අයිතිවාසිකම් උල්ලංඝන සහ බලයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනා හමුවේ රාජපක්ෂ රජය ආරක්ෂා කිරීම පිළිබඳව කැපී පෙනුණි.[67] පීරිස් මහතා එහි පැමිනීමට පෙර, මෙම තීරණයට විරුද්ධව උද්ඝෝෂණය කල නීතිඥවරුන් සහ රජයට හිතැති පාක්ෂිකයන් යන දෙපාර්ශවයම හල්ෆ්ට්ස්ඩෝර්ෆ් හී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය පිටත රැස්වී සිටියහ.[68]

ඇය තවමත් නීත්‍යානුකූල අග්‍රවිනිශ්චයකාරවරයා වන නමුත්, ප්‍රචණ්ඩත්වය යෙදවිය හැකි අවස්ථාවක ඇයගේ හා ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අනතුරේ ලක්විය හැකි බැවින් ඇයගේ නිල මැදිරියෙන් හා නිල නිවාසයෙන් බැහැර වීමට තීරණය බව බණ්ඩාරනායක මහත්මිය පැවසූ අතර ඇය විසින් ප්‍රකාශ නිකුත්කිරීම පොලීසිය විසින් වලක්වාලීමට උත්සාහ දැරිණි.[69][70]

"මා පීඩාවට පත්කොට ඇත්තේ ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් සහ, අනිසි බලපෑම්වලට එරෙහිව මා පෙනීසිටි නිසාය. ... ජනතාව උත්තරීතර වන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ පාලනය පිළිගන්නා ජනරජයක නීතියේ ආධිපත්‍යය පැවතුණේ නම් මෙවැනි අසාධාරණ ලෙස මා දඬුවම් නොලබනු ඇත."[70]

රටේ බොහෝ නීතිඥයන් විසින් නීත්‍යානුකූල අග්‍රවිනිශ්චයකාර ලෙස බණ්ඩාරනායක මහත්මිය පිළිගන්නා අතර නව පත්වීම්ලාභියා පිළිනොගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ ඉල්ලා සිටිමින් ඔවුන් ලියා දක්වා ඇත.[69][70] සියළු නඩු විභාග කල් දැමුණු අතර, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මුලසුන ගැනීමට නියමිතව තිබුනු විභාගයන් විනිශ්චයකාර පී.ඒ. රත්නායක සහ විනිශ්චයකාර එස්.අයි. ඉමාම් විසින් සිදු කෙරිණි.[68]

ප්‍රතිචාරය[සංස්කරණය]

බණ්ඩාරනායක මහත්මියගේ විවාදාත්මක දෝෂාභියෝගය නිසා මිශ්‍ර ප්‍රතිචාර ලැබුණි. විවේචනය, උද්වේගය සහ පැසසුම ශ්‍රී ලංකාව තුලින් හා පිටතින් ප්‍රකාශ කෙරිණි.[71][72]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

අධිකරණයේ ස්වාධිනත්වයට සීමා පැනවීමට හා ජනාධිපති රාජපක්ෂ වෙත බලය ඒකරාශි කර ගැනීමට ගත් උත්සාහයක් ලෙසින් ‍දෝෂාභියෝගය දක්වමන් එය විවේචනය කිරීමට විපක්ෂ දේශපාලනඥයෝ, සමහරක් නීතිඥවරුන්, සමහරක් විනිශ්චයකාරවරුන් සහ සමහරක් සිවිල් සමාජ කණ්ඩායම් උත්සුක වූහ.[73][74] ඔවුන් තවදුරටත් කියාසිටියේ දිවි නැගුම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැලකීම නිසා පළිගැනුමක් ලෙස දෝෂාභියෝගය ඉදිරිපත්වූ බවයි.[75]


හිටපු අග්‍රවිනිශ්චයකාරවරු

හිටපු නීතිපති මොහාන් පීරිස් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 41වන අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා සිය කලකිරීම පල කලේය. "අග්‍රවිනිශ්චයකාරයා දෝෂාභියෝගයට ලක්කොට මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන අවස්ථාවක, ඊළඟ අගවිනිසුරු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතරින් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු පත්කලේ නම් ප්‍රශ්නය විසඳිය හැකිව තිබුණි " යැයි පවසමින් සිල්වා මහතා යෝජනා කලේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන විනිශ්චයකාරවරයෙකු පත් කල යුතු බවයි[76]

ජාත්‍යන්තර[සංස්කරණය]

 එක්සත් ජාතීන් - විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ ප්‍රකාශක, ගබ්‍රියෙලා නෝල්, 2012 නොවැම්බර් මසදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ දෝෂාභියෝගය නැවත සලකා බලා අදාල යෝජනා විමර්ශනය කිරීම "සුදුසු ක්‍රමවේදයක මූලික සිද්ධාන්ත අනුකූලව සහ සාධාරණ විභාගයක්" සහිතව සිදු විය යුතු බවයි.[77]

ගොනුව:Flag of the Commonwealth of Nations.svg

2012 නොවැම්බර් 15 දිනදී නිවේදනයක් නිකුත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩල මහා ලේකම් කමලෙෂ් ශර්මා, දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳ සිය කණස්සල්ල පල කරමින් කියා සිටියේ අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගයන්ට ගරු කල යුතු බවයි.[78] 2013 ජනවාරි 11 දිනදී තවත් ප්‍රකාශයක් නිකුත් තල ෂර්මා මහතා, "පවතින තත්ත්වය පිළිබඳ, සාමූහික වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය, ගැඹුරු කණස්සල්ල පල කරයි" යනුවෙන් කියා සිටිමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ දෝෂාභියෝගය පිළිබඳ තීරණයක් ගැනීමට පෙර මදක් නැවතී එහි ප්‍රතිවිපාක පිළිබඳ විමසිලිමත් වන ලෙසයි. [79]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අධෝසටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "සීජේ රිසීව්ස් ඕඩර් ඔෆ් රිමූවල්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 13 ජනවාරි 2013. http://www.dailymirror.lk/top-story/24956-cj-receives-order-of-removal.html. 
  2. "ප්‍රසිඩන්ට් රිමූව්ස් සීජේ". ද නේෂන් (ශ්‍රී ලංකාව). 13 ජනවාරි 2013. http://www.nation.lk/edition/breaking-news/item/14645-president-removes-cj.html. 
  3. "ශ්‍රී ලංකා චීෆ් ජස්ටිස් ෆේසස් ඉම්පීච්මන්ට් හියරින්". ඩෝන් (පුවත්පක)/ඇසෝසියේටඩ් ප්‍රෙස්. 23 නොවැම්බර් 2012. http://dawn.com/2012/11/23/sri-lanka-chief-justice-faces-impeachment-hearing/. 
  4. "රාජපක්ෂ සැක්ස් ලංකාස් ෆර්ස්ට් වුමන් සීජේ". හින්දුස්තාන් ටයිම්ස්/ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉව්ඩියා. 13 ජනවාරි 2013. http://www.hindustantimes.com/world-news/SriLanka/Rajapaksa-sacks-Lanka-s-first-woman-CJ/Article1-989141.aspx. 
  5. මැග්නියර්, මාර්ක් (13 ජනවාරි 2013). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් ඩිස්මිසස් නේෂන්ස් ෆර්ස්ට් ෆීමේල් චීෆ් ජස්ටිස්". ලොස් ඇන්ජලීස් ටයිම්ස්. http://www.latimes.com/news/world/worldnow/la-fg-sri-lanka-impeach-female-chief-justice-20130113,0,5116022.story. 
  6. බන්කෝම්, ඇන්ඩෲ (13 ජනවාරි 2013). "ශ්‍රී ලංකා ෆේසර්ස් කන්ස්ටිට්‍යුෂනල් ක්‍රයිසිස් ඈස් ප්‍රසිඩන්ට් සැකිස් චීෆ් ජස්ටිස්". දි ඉන්ඩිපෙන්ඩන්ට්. http://www.independent.co.uk/news/world/asia/sri-lanka-faces-constitutional-crisis-as-president-sacks-chief-justice-8449549.html. 
  7. ෂිහාර් අනීස්; රංග ශ්‍රීලාල් (13 ජනවාරි 2013). "ශ්‍රී ලංකාස් රජපක්ෂ රිමූව්ස් චීෆ් ජස්ටිස් ආෆ්ටර් ඉම්පීච්මන්ට්". රොයිටර් පුවත් සේවය. http://in.reuters.com/article/2013/01/13/srilanka-impeachment-idINDEE90C05R20130113. 
  8. "ශ්‍රී ලංකා චීෆ් ජස්ටිස් ශිරාණි බණ්ඩාරනායක ඊස් ඉම්පීච්ඩ්". බීබීසී නිවුස්. 11 ජනවාරි 2013. http://www.bbc.co.uk/news/world-asia-20982990. 
  9. "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් රැටිෆයිස් චීෆ් ජස්ටිසර්ස් ඩිස්මිසල් ඉන් ඉම්පීච්මන්ට් ස්ටෑන්ඩ්ඕෆ් විත් ජුඩිෂරි". ද වොෂිංටන් පෝස්ට්/ඇෂෝසිටෙඩ් ප්‍රෙස්. 13 ජනවාරි 2013. http://www.washingtonpost.com/world/asia_pacific/sri-lankan-president-ratifies-chief-justices-dismissal-in-impeachment-standoff-with-judiciary/2013/01/13/07f6b822-5d9a-11e2-8acb-ab5cb77e95c8_story.html. 
  10. 10.0 10.1 "හර් ලෝර්ඩ්ෂිප්! ෆර්ස්ට් වුමන් චීෆ් ජස්ටිස් ස්වෝන් ඉන්". ඩේලි FT. 19 මැයි 2011. http://www.ft.lk/2011/05/19/her-lordship-first-woman-chief-justice-sworn-in/. 
  11. 11.0 11.1 "ඩොක්ටර් ශිරාණි බණ්ඩාරනායක නිව් චීෆ් ජස්ටිස්". ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව). 19 මැයි 2011. http://www.dailynews.lk/2011/05/19/news02.asp. 
  12. "පාට් II දිවිනැගුම අ බිල්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1769. 27 July 2012.
  13. හෙම්මතගම, අෂ්වින් (24 ඔක්තොම්බර් 2012). "මෝ පෙටිෂන්ස් අගේන්ස්ට් දිවි නැගුම බිල්". ඩේලි FT. http://www.ft.lk/2012/10/24/more-petitions-against-divi-neguma-bill/. 
  14. වීරකෝන, ගගානි (10 ඔක්තොම්බර් 2012). "දිවි නැගුම ප්‍රසන්ටඩ් ඉන් හවුස්". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/51-14368-news-detail-divi-neguma-presented-in-house.html. 
  15. "බිස්නස් ඔෆ් ද හවුස්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 10 අගෝස්තු 2012.
  16. "පාර්ලිමෙන්ටර් ඩිබේට්ස්: ඔෆීෂල් රිපෝට්". හැන්සාඩ්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 210 (10): 1045–1069. 18 සැප්තැම්බර් 2012.
  17. "දිවි නැගුම බිල් නීඩ්ස් අපෲවල් ඔෆ් ප්‍රොවින්සල් කවුන්සිල්ස්". adaderana.lk. 18 සැප්තැම්බර් 2012. http://www.adaderana.lk/news.php?nid=19701. 
  18. බැස්ටියන්ස්, දර්ශිතා (4 ඔක්තොම්බර් 2012). "ටීඑන්ඒ මූව්ස් ටුරිස්ට්‍රේන් නොදර්න් ගවනර් ඔන් දිවි නැගුමබිල්". ඩේලි FT. http://www.ft.lk/2012/10/04/tna-moves-to-restrain-northern-governor-on-divi-neguma-bill/. 
  19. "නොදර්න් ගවනර් ගිව්ස් නොඩ් ෆෝ දිවි නැගුම". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 27 සැප්තැම්බර් 2012. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=62505. 
  20. "එස්එල් සුප්‍රීම් කෝට් ටු ඩියසිඩ් ඔන් ගවනර්ස් අපෲවල් ටු දිවිනැගුම බිල්". ටැමිල්නෙට්. 13 ඔක්තොම්බර් 2012. http://www.tamilnet.com/art.html?catid=13&artid=35656. 
  21. "එස්සී රූලිං ඔන් දිවි නැගුම බිල් ඩිලිවර්ඩ් ටු ස්පීකර්". ඩේලි FT. 1 නොවැම්බර් 2012. http://www.ft.lk/2012/11/01/sc-ruling-on-divi-neguma-bill-delivered-to-speaker/. 
  22. අජන්ත කුමාර අගලකඩ; රංජන් කටුගම්පොළ (2 නොවැම්බර් 2012). "එස්සී ඩිෂිසන් ඔන් දිවි නැගුම බිල් කන්වේඩ් ටු ප්‍රසිඩන්ට්". ද ඩේලිමිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/news/23154-sc-decision-on-divi-neguma-bill-conveyed-to-president.html. 
  23. "පාර්ලිමෙන්ටරි ඩිබේට්ස්: ඔෆීෂල් රිපෝට්". හැන්සාඩ්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 211 (8): 1045–1069. 6 නොවැම්බර් 2012.
  24. "දිවි නැගුම නීඩ්ස් ටූ-තර්ඩ් මැජෝරටි ඇන්ඩ් රෙෆරන්ඩම් ටු බී පාස්ඩ් ඉන් ප්‍රසන්ට් ෆෝර්ම්: එස්සී". ඩේලි FT. 7 නොවැම්බර් 2012. http://www.ft.lk/2012/11/07/divi-neguma-needs-two-thirds-majority-and-referendum-to-be-passed-in-present-form-sc/. 
  25. ලඩුවහෙට්ටි, නෙවිල් (11 නොවැම්බර් 2012). "දිවි නැගුම බිල් ඇන්ඩ් සුප්‍රීම් කෝට්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=65832. 
  26. "පාර්ලිමේන්ටරි ඩිබේට්ස්: ඔෆීෂල් රිපෝර්ට්". හැන්සාඩ්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 214 (1): 64–211. 8 ජනවාරි 2013.
  27. "දිවි නැගුමබිල් පාස්ඩ් විත් 107 මැජෝරිටි". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 8 ජනවාරි 2013. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=69972. 
  28. "ශිරාණි බණ්ඩාරනායක: ශ්‍රී ලංකාස් එම්පීස් ඉම්පීච්මන්ට් බිඩ්". බීබීසී නිවුස්. 2 නොවැම්බර් 2012. http://www.bbc.co.uk/news/world-asia-20164304. 
  29. "ඉම්පීච්මන්ට් මෝෂන් අගේන්ස්ට් සීජේ හෑන්ඩඩ් ඕවර් ටු ස්පීකර්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 1 නොවැම්බර් 2012. http://www.dailymirror.lk/news/23123-impeachment-motion-against-cj-handed-over-to-speaker.html. 
  30. හාවිලන්ඩ්, චාල්ස් (6 නොවැම්බර් 2012). "ශිරාණි බණ්ඩාරනායක: චාජර්ස් සෙට් අවුට් ඈස් ඉම්පීච්මන්ට් බිගින්ස්". බීබීසී නිවුස්. http://www.bbc.co.uk/news/world-asia-20222196. 
  31. හාවිලන්ඩ්, චාර්ල්ස් (9 නොවැම්බර් 2012). "ශිරාණි බණ්ඩාරනායක ඩිනයිස් ශ්‍රී ලංකා ඉම්ප්‍රොප්‍රයිරිටි චාර්ජර්ස්". බීබීසී නිවුස්. http://www.bbc.co.uk/news/world-asia-20266487. 
  32. "සීජේ ඩිසයිඩ්ස් ටු ස්ටේ ඔන් ඇන්ඩ් ෆයිට්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 11 නොවැම්බර් 2012. http://www.sundaytimes.lk/121111/columns/cj-decides-to-stay-on-and-fight-20090.html. 
  33. "ෆර්දර් හියරිංස් ඔන් සීජේස් ඉම්පීච්මන්ට් මෝෂන් ඔන් ඩිසෙම්බර් 4". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 23 නොවැම්බර් 2012. http://www.sundaytimes.lk/index.php?option=com_content&view=article&id=27242:cj-heading-to-attend-psc-sittings-lawyers-protest&catid=1:latest-news&Itemid=547. 
  34. කැළුම් බණ්ඩාර; යොහාන් පෙරේරා (5 දෙසැම්බර් 2012). "පීඑස්සී රිජෙක්ට්ස් ඔබ්සර්වර්ස්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/news/24007-psc-rejects-observers.html. 
  35. "සීජේ වෝක්ස් අවුට් ඔෆ් පීඑස්සී, අන්ලයික්ලි ටු රිටර්න්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 6 දෙසැම්බර් 2012. http://www.sundaytimes.lk/index.php?option=com_content&view=article&id=27673:cj-walks-out-of-select-comittee-proceedings&catid=1:latest-news&Itemid=547. 
  36. "ඔපෂිසන් මෙම්බර්ස් විත්ඩ්‍රෝ ෆ්‍රොම් පීඑස්සී". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 7 දෙසැම්බර් 2012. http://www.dailymirror.lk/news/24089-opposition-members-withdraw-from-psc.html. 
  37. "ඔපෂිසන් විත්ඩ්‍රෝස් ෆ්‍රොම් පීඑස්සී". ද නේෂන් (ශ්‍රී ලංකාව). 7 දෙසැම්බර් 2012. http://www.nation.lk/edition/latest-top-stories/item/13235-opposition-withdraws-from-psc.html. 
  38. "පීඑස්සී රිපෝට් ප්‍රසන්ටඩ්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 8 දෙසැම්බර් 2012. http://www.dailymirror.lk/news/24111-psc-report-presented.html. 
  39. "ශ්‍රී ලංකා ඡීෆ් ජජ් බණ්ඩාරනායක ෆවුන්ඩ් ගිල්ටි බයි එම්පීස්". බීබීසී නිවුස්. 8 දෙසැම්බර් 2012. http://www.bbc.co.uk/news/world-asia-20650997. 
  40. "ත්‍රී අවුට් ඔෆ් ෆයිව් චාර්ජර්ස් අගේන්ස්ට් සීජේ පෲවන්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 8 දෙසැම්බර් 2012. http://www.dailymirror.lk/top-story/24115-three-out-of-five-charges-against-cj-proven.html. 
  41. "ශ්‍රී ලංකන් චීෆ් ජස්ටිස් ෆවුන්ඩ් ගිල්ටි ඔන් 3 කවුන්ට්ස්". අසෝසියේටඩ් ප්‍රෙස්/නිව් ජර්සි හෙරල්ඩ්. 8 දෙසැම්බර් 2012. http://www.njherald.com/story/20293584/sri-lankan-lawmakers-conclude-judges-hearing. 
  42. වීරකෝන්, ගගානි (8 දෙසැම්බර් 2012). "සීජේ ෆවුන්ඩ් ගිල්ටි ඔෆ් ත්‍රී චාර්ජර්ස් -පීඑස්සී". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/16-19048-news-detail-cj-found-guilty-of-three-charges-psc.html. 
  43. "ශ්‍රී ලංකා චීෆ් ජස්ටිස් ෆවුන්ඩ් ගිල්ටි ඔන් 3 චාර්ජර්ස්". කලම්බු පේජ්. 8 දෙසැම්බර් 2012. http://www.colombopage.com/archive_12B/Dec08_1354979043CH.php. 
  44. ෆරිස්, හෆීල් (8 දෙසැම්බර් 2012). "ඔපොසිෂන් ටම්මබර්ස් ඔෆ් ස පීඑස්සී රිජෙක්ට් රිපෝට්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/news/24116-opp-members-of-the-psc-reject-report-.html. 
  45. "ශ්‍රී ලංකන් පාර්ලිමන්ට් රෙකමන්ඩ්ස් ඩිස්මිසල් ඔෆ් චීෆ් ජස්ටිස්". ද හින්දු. 8 දෙසැම්බර් 2012. http://www.thehindu.com/news/international/sri-lanka-cjs-impeachment-trial-report-presented-to-parliament/article4178081.ece. 
  46. "කෝට් රිජෙක්ට්ස් ශ්‍රී ලංකා ජජ් ශිරාණි බණ්ඩාරනායක ඉන්ක්වයරි". බීබීසී නිවුස්. 3 ජනවාරි 2013. http://www.bbc.co.uk/news/world-asia-20904895. 
  47. "කෝට් ඔෆ් එපීල් ක්වොෂර්ස් පීඑස්සී රිපෝට්". උදයන්. 8 ජනවාරි 2013. http://onlineuthayan.com/english-news/uthayannews/x214x2y2h1h1r2p2. 
  48. වීරරත්න, චිත්‍රා (7 ජනවාරි 2013). "එපීල් කෝට් ක්වොෂර්ස් පීඑස්සී ෆයින්ඩින්ස් ඔන් සීජේ". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=69911. 
  49. "එපීල් කෝට් ජජර්ස් ගෙට් ත්‍රෙට්නිං කෝල්ස්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 8 ජනවාරි 2013. http://www.dailymirror.lk/top-story/24844-appeal-court-judges-get-threatening-calls.html. 
  50. සමරසිංහ, ස්ටැන්ලි (9 ජනවාරි 2013). "ජජර්ස් ත්‍රෙට්න්ඩ්". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/27-21514-news-detail-judges-threatened.html. 
  51. "ලාර්ජ් ක්‍රවුඩ්ස් ගැදර් ඉන් කලම්බු ටු ඔපෝස් ඉම්පීච්මන්ට් ඔෆ් චීෆ් ජස්ටිස්". දකුණු අප්‍රිකානු ගුවන්විදුලි සංස්ථාව/රොයිටර්ස් පුවත් සේවය. 10 ජනවාරි 2013. http://www.sabc.co.za/news/a/847731004e224b7a9a69bff251b4e4e2/Large-crowds-gather-in-Colombo-to-oppose-impeachment-of-chief-justice-20131001. 
  52. රාධක්‍රිෂ්නන්, ආර්. කේ. (10 ජනවාරි 2013). "ටූ-ඩේ ඩිබේට් ඔන් ඉම්පීච්මන්ට් බිගින්ස්". ද හින්දු. http://www.thehindu.com/news/international/twoday-debate-on-impeachment-begins/article4295217.ece. 
  53. "ශ්‍රී ලංකාස් පාර්ලිමන්ට් වෝට්ස් ටු ඉම්පීච් චීෆ් ජජ්, ඩීපනිං ස්ටෑන්ඩ්ඕෆ් විත් ජුඩිෂරි". ද වොෂිංටන් පෝස්ට්/ඇසෝසියේටඩ් ප්‍රෙස්. 11 ජනවාරි 2013. http://www.washingtonpost.com/world/asia_pacific/sri-lankas-parliament-debating-impeachment-of-chief-judge-deepening-standoff-with-judiciary/2013/01/11/88a4e8ce-5be5-11e2-b8b2-0d18a64c8dfa_story.html. 
  54. ෆරීස්, හෆීල් (11 ජනවාරි 2013). "ඔපොසිෂන් කන්ටෙස්ට් රෙසලූෂන්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/news/24936-opposition-contest-resolution.html. 
  55. "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් චීෆ් ජස්ටිස් බණ්ඩාරනායක". බීබීසී නිවුස්. 13 ජනවාරි 2013. http://www.bbc.co.uk/news/world-21002642. 
  56. "ශ්‍රී ලංකාස් ෆර්ස්ට් වුමන් චීෆ් ජස්ටිස් සැක්ඩ්". ද හින්දු/ප්‍රෙස්ට් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා. 13 ජනවාරි 2013. http://www.thehindu.com/news/international/sri-lankas-first-woman-chief-justice-sacked/article4304287.ece. 
  57. ජයසිංහ, රංජික් ආනන්ද (13 ජනවාරි 2013). "ප්‍රසිඩන්ට් වෝන්ට්ස් සීජේ ටු රිටයර්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). http://www.sundaytimes.lk/130113/news/president-wants-cj-to-retire-28697.html. 
  58. "ශ්‍රී ලංකා රිටයර්ස් ෆර්ස්ට් ෆීමේල් චීෆ් ජස්ටිස්". අල් ජසීරා. 13 ජනවාරි 2013. http://www.aljazeera.com/news/asia/2013/01/201311381018800793.html. 
  59. "ගවර්න්මන්ට් කන්සිඩර්ස් නිව් සීජේ බට් ශිරාණි වෝන්ට් ගෝ". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 13 ජනවාරි 2013. http://www.sundaytimes.lk/130113/columns/govt-considers-new-cj-but-shirani-wont-go-28548.html. 
  60. "රෙසිස්ටන්ස් අගේන්ස්ට් එනි නිව් සීජේ ග්‍රෝස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 13 ජනවාරි 2013. http://www.sundaytimes.lk/130113/news/resistance-against-any-new-cj-grows-28694.html. 
  61. "මොහාන් පීරිස් නොමිනේටඩ් ඈස් නෙක්ස්ට් චීෆ් ජස්ටිස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 14 ජනවාරි 2013. http://www.sundaytimes.lk/index.php?option=com_content&view=article&id=28958:mohan-peiris-nominated-as-next-chief-justice&catid=1:latest-news&Itemid=547. 
  62. "ශ්‍රී ලංකා සීල්ස් ඉම්පීච්මන්ට් විත් නිව් ජජ්". බැංකොක් පෝස්ට්/එජන්සෙ ප්‍රොංසෙ-ප්‍රෙස්සෙ. 15 ජනවාරි 2013. http://www.bangkokpost.com/lite/news/330799/sri-lanka-seals-impeachment-with-new-judge. 
  63. බැස්ටියන්ස්, දර්ශිත (15 ජනවාරි 2013). "ප්‍රසිඩන්ට් ටු අපොයින්ට් නිව් සීජේ ටුඩේ". ඩේලි FT. http://www.ft.lk/2013/01/15/president-to-appoint-new-cj-today/. 
  64. "පාර්ලිමෙන්ටරි කවුන්සිල් ටු මීට් ටුමොරෝ ඕවර් අපොයින්මන්ට් ඔෆ් නිව් සීජේ". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 14 ජනවාරි 2013. http://www.sundaytimes.lk/index.php?option=com_content&view=article&id=28956:parliamentary-council-to-meet-today-over-appointment-of-new-cj&catid=1:latest-news&Itemid=547. 
  65. "රනිල් වෝන්ට් ගෝ". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 14 ජනවාරි 2013. http://www.dailymirror.lk/news/24978-unp-on-council-.html. 
  66. "පාර්ලිමෙන්ටරි කවුන්සිල් අප්‍රෑවිස් පීරිස් ඈස් නිවු සීජේ". ද නේෂන් (ශ්‍රී ලංකාව). 15 ජනවාරි 2013. http://www.nation.lk/edition/breaking-news/item/14652-parliamentary-council-approves-peiris-as-new-cj.html. 
  67. 67.0 67.1 රාධක්‍රිෂ්ණන්, ආර්.කේ. "ෆෝමර් ඇටර්නි ජෙනරල් ඊස් නිව් ශ්‍රී ලංකන් සීජේ". ද හින්දු. සම්ප්‍රවේශය 15 ජනවාරි 2013.
  68. 68.0 68.1 68.2 "නිව් චීෆ් ජස්ටිස් මොහාන් පීරිස්, පීසී එසියුම්ස් ඩියුටීස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 15 ජනවාරි 2013.
  69. 69.0 69.1 69.2 "නිව් ශ්‍රී ලංකා චීෆ් ජස්ටිස් මොහාන් පීරිස් ස්වෝන් ඉන් අමිඩ් ඔපෂිසන්". බීබීසී. සම්ප්‍රවේශය 15 ජනවාරි 2013.
  70. 70.0 70.1 70.2 70.3 ෆ්‍රැන්සිස්, ක්‍රිෂාන්. "ශ්‍රී ලංකන් ලීඩර් රිප්ලේසරස් චීෆ් ජස්ටිස් විත් ඇලයි". ද හෆිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 15 ජනවාරි 2013.
  71. "ශ්‍රී ලංකා පාර්ලිමන්ට් වෝට්ස් ටු ඉම්පීච් චීෆ් ජස්ටිස්". ඔස්ට්‍රේලියා නෙට්වර්ක්/එජන්සෙ ප්‍රොංසෙ-ප්‍රෙස්සෙ. 12 ජනවාරි 2013. http://www.abc.net.au/news/2013-01-12/an-sri-lanka-parliament-votes-to-impeach-chief-justice/4462056. 
  72. "ශ්‍රී ලංකා ඩ්‍රෝස් ෆ්ලැක් ඕවර් චීෆ් ජස්ටිස් ඉම්පීච්මන්ට්". ෆ්‍රාන්ස් 24/එජන්සෙ ප්‍රොංසෙ-ප්‍රෙස්සෙ. 12 ජනවාරි 2013. http://www.france24.com/en/20130112-sri-lanka-draws-flak-over-chief-justice-impeachment. 
  73. "ශ්‍රී ලංකාස් චීෆ් ජස්ටිස් ෆවුන්ඩ් ගිල්ටි". Al Jazeera. 8 දෙසැම්බර් 2012. http://www.aljazeera.com/news/asia/2012/12/2012128111252703744.html. 
  74. "ටර්මොයිල් ඉන් බිඩ් ටු අවුස්ට් ශ්‍රී ලංකන් ජස්ටිස්". ද නිව්යෝක් ටයිම්ස්/සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්. 8 නොවැම්බර් 2012. http://www.sfgate.com/world/article/Turmoil-in-bid-to-oust-Sri-Lankan-justice-4022198.php. 
  75. "ශිරාණි බණ්ඩාරනායක: ශ්‍රී ලංකා ජජ් ඉම්පීච්මන්ට් හියරිං බිගින්ස්". බීබීසී නිවුස්. 23 නොවැම්බර් 2012. http://www.bbc.co.uk/news/world-asia-20458156. 
  76. "ෆෝමර් චීෆ් ජස්ටිස් ඔෆ් ශ්‍රී ලංකා ඩිසපොයින්ටඩ් විත් ප්‍රසිඩන්ට්ස් චොයිස් ෆො ටොප් ජජ්". කලම්බුපේජ්. සම්ප්‍රවේශය 15 ජනවාරි 2013.
  77. "යුඑන් ඉන්ඩිපෙන්ඩන්ට් එක්ස්පර්ට් කන්සර්න්ඩ් ඕවර් රිපෝර්ට්ස් ඔෆ් ඉන්ටිමිඩේෂන් ඔෆ් ජජර්ස් ඉන් ශ්‍රී ලංකා". යූන් නිවුස් සෙන්ටර්. 14 නොවැම්බර් 2012. http://www.un.org/apps/news/story.asp?NewsID=43489&Cr=sri+lanka&Cr1=#.UMOhULbDLPQ. 
  78. "කොමන්වෙල්ත් සෙක්‍රටරි -ජෙනරල් කන්සර්න්ඩ් අබවුට් පාර්ලිමෙන්ටරි මූව් ටු ඉම්පීච් ශ්‍රී ලංකන් චීෆ් ජස්ටිස්". පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයය. 15 නොවැම්බර 2012. {{cite web}}: Check date values in: |date= (help)
  79. "ශ්‍රී ලංකා ඉම්බීච්මන්ට්: කොමන්වෙල්ත් සෙක්‍රටරි -ජෙනරල් කන්සර්න්ඩ් ඇන්ඩ් අර්ජර්ස් පෝස්". පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයය. 11 ජනවාරි 2013.
  80. 80.0 80.1 "සෙවන්ත් පාර්ලිමන්ට් ෆර්ස්ට් සෙෂන්". ඕඩර් පේපර් ඔෆ් පාර්ලිමන්ට්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව (222): 13–21. 9 නොවැම්බර් 2012.

බාහිර සබැඳි[සංස්කරණය]