ශාන්ත පීතර විද්‍යාලය, ඕක්ලන්ඩ්

විකිපීඩියා වෙතින්
St Peter's College, Bro O'Driscoll Building (1939, additions 1944)

ඕක්ලන්ඩ් ශාන්ත පීතර විද්‍යාලය, නවසීලන්තයේ සෙන්ට්‍රල් ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන පාසල් යන වයසේ දරුවන් සඳහා පිහිටුවන ලද කතෝලික ද්විතීයික පාසලකි. එය නවසීලන්තයේ ඇති විශාලතම කතෝලික ද්විතීයික පාසල වේ. වර්ෂ 1939 දී ක්‍රිස්තියානි සභාව මගින් අරඹන ලද මෙම පාසල 2008 වසරේ සිට සම්පූර්ණයෙන්ම පූජ්‍ය පක්ෂයට අයත් නොවන (ඓහික) සුදුසුකම් ලත් ගුරුවරුන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. මෙම ප‍ාසලෙහි සියලු ජනවර්ග වලට අයත් සිසුන් 1200 දෙනෙකු සඳහා පහසුකම් ඇත. අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් සැළකූ විට, මෙම පාසලෙහි ජේෂ්ඨ වසරවල සිසුන් සඳහා අධ්‍යාපන සඵලතාව පිළිබඳ ජාතික සහතිකය (NCEA) මෙන්ම ‍කේම්බ්‍රිජ් ජාත්‍යන්තර විභාභ (CIE) සඳහා ද ඉගැන්වීම් සිදුකෙරේ. පාසලට ජාත්‍යන්තර සිසුන් 70 දෙනෙකු පමණ බඳවා ගැනේ. පාසලෙහි ප්‍රකට ආදී සිසුන් අතරට ශ්‍රීමත් මයිකල් ෆේ (ව්‍යාපාරික හා යාත්‍රා ක්‍රීඩක) මෙන්ම කවියකු වන සෑම් හන්ට් ද ඇතුළත් වේ. ආදර්ශ පාඨය: To Love and To Serve (ප්‍රේමය හා සේවය) වර්ගය: රජ්‍යානුබද්ධිත කතෝලික පිරිමි ද්විතියික පාසලකි (7 සිට 13 වසර දක්වා) විදුහල්පති: කේ. එෆ්. ෆවුහි

බාහිර සබැඳුම්[සංස්කරණය]

www.st-peters.school.nz නිල වෙබ් අඩවිය