ශ්‍රී ලංකා වේ පොල් කර්මාන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Coconut 1.JPG Coconut 2.JPG

ලෝකයේ ආර්තික වශයෙන් වැඩි වටිනාකමක් ඇති ශාකයකි .පොල් ගසේ ප්‍රභවය ශාන්තිකරදුපත් වල බව මෑතදී කළ ඩී එන් ඒ පරීක්‍ෂණ වලින් පැහැදිලි වෙයි. පොල් ශාකයේ ඇති ආර්තික

වශයෙන් ප්‍රයෝජනවත් විවිධ ලක්‍ෂණ නිසා පරම්පරා ගණනක් තිස්සේ මිනිසාගේ සහායෙන‍්



ශ්‍රී ලංකා පොල් සම්බන්ධයෙන් මුල්වරට වාර්තා වන්නේ ක්‍රි.පු. 03 වැනි සියවසේදී ඉන්දීය රජු වු චන්‍ද්‍රගුප්ත වෙත ගිය රාජ දූතයෙකුගෙනි. අරක්කුද ඇතුළුව පොල් ගැන වැඩිමනක් තොරතුරු

ක්‍රි. ව. 5 වන සියවසේ සිට හමුවෙ. පොල් වගාවක් ගැන පළමු වරට සඳහන් වන්නේ1658දී

ලංකාවෙ වාසයට පැම්නි ලංදේසීහු පොල් සමිබන්ධයෙන් විශේෂ උනන්දූවක් පල කරමින්

මාතර සිට හලාවත දක්වා වෙරළබඩ ප්‍රදේශයේ පොල් වගාව ව්‍යාප්ත කළහ. 1670දී

ලංදේසීන්ගෙන් බලය ලබා ගත් බ්‍රිතාන්‍යයෝ වෙරළබඩ ප්‍රදේශයේ මෙන්ම බස්නාහිර සහ

වයඹ පළාත්වල රට අභ්‍යන්තරයේද පොල් වැවීම ආරර්‍මභ කළහ. ඔවුහු පොල් වගාවට යට වු

අක්කර ප්‍රමාණය 1860දී250000-සිට 1902 වන විට 850000 දක්වා ඉහළ නැංවුහ. පොල් ගෙඩි කොප්පරා තෙල් වියලන ලද පොල් කොහු සහ අරක්කුද ඒ කාල වල ප්‍රධාන අපනයන වෙළඳ දව්‍යයක් විය. 1880 ගණන් වල සිට 1927දී පමණ පිලිපීනයට තරඟයට එන තෙක්ම පොල් අපනයනයේ ඒකාධිකාරය භුක්ති වන්දේ ශ්‍රී ලංකාවය. නිෂ්පාදනය සැකසුම් කිරීම හා අලෙවිය යන අංශ වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් දහස් ගණනකට රැකියා සැළසේ. හෙක්ටයාර් මිලියන

0.44ක ප්‍රදේශයක් තුළ වසරකට පොල්ගෙඩි බිලියන 2-3ක දක්වා නිපදවෙන අතර ඒ භුමි ප්‍රමාණයෙන්74%ක් අක්කර 20ට අඩු කුඩා ඉඩමිය. සාමාන්‍ය වැඩිහිටියකුගේ දෛනික කැලරි අවශ්‍යවයෙන් 22%ක් සපයන පොල් ආහාරයට සුදුසු තෙල්වල මූලික ප්‍රභවය වන හෙයින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ඒක පුද්ගල‍ පොල් පරිභෝජනය සහිත රට බවට පත් වී තිබෙ. වර්ෂයකට ඒක පුද්ගල පොල්ගෙඩි පරිභෝජනය 109කි. සැපයුමි හා අලෙවි අංශය රැ. බිලියන 11.9ක අපනයන ඉපයුම් ලබා ‍‍‍‍‍‍‍ෙ

ව්‍යාප්තිය පොල් ඉඩම් වලින් 65%-70% දක්වා ප්‍රමාණයක් කුරැණෑගල පුත්තලම ගම්පහ සහ කොළඹ

යන දිස්ත්‍රික්ක වල පොල් ත්‍රිකෝණයට සීමා වී තිබේ.වගා කරනු ලබන පොල්වර්ග අතුරින්ශ්‍රී ලංකා උස් වර්ගයේ ඇති පුළුල් අනුවර්තන හැකියාව නිසා එය වඩාත්ම බහුල ලෙස වගා

කෙරෙන වර්ගය බවට පත් වී තිබේ.පෝෂණ ගුණය සහිත පානයක් වශයෙන් තැඹිලිවල ඇති

ගුණය නිසා එය වැවිලි මට්ටමේ නොවුවද රට පුරා පුළුල්ව ව්‍යාප්ත වී තිබේ.දෙමුහුන් පොල්

වැඩි දියුණු කිරීමේ විශිෂ්ට සංයෝජනයක් වශයෙන් විවධ වර්ග වල කුරැ පොල් වර්ග ගෙවතුවල

විසිරී තිබෙනු දැකිය හැකිය.පොල් පර්යේෂණ ආයතනය මේ දක්වා වැඩිදියුණු කරන ලද පොල් වශේෂ 3ක් විසිතීර්ණ වගාව සඳහා හදුන්වා දී තිබේ. ඒවා නම්

  • CRIC 60
  • CRIC65
  • CRISL98 ය.

පොල් පදනම් කරගත් කර්මාන්ත[සංස්කරණය]

පොල් මදය ආශ්‍රිත[සංස්කරණය]

  • කොප්පරා
  • අමුපොල්
  • පුන්නක්කු

‍* පොල්ක්‍රීම්

  • පොල්කිරිපිටි

පොල් කර්මාන්තය මුහුණ පාන දුෂ්කරතා[සංස්කරණය]

  • පුහුණු සේවකයින් රඳවා ගැනීම.
  • නිෂ්පාදනවල ගුණාත්මක භාවය.
  • දැඩි ප්‍රමිති පවත්වා ගැනීමේ දුෂ්කරකා
  • නිෂ්පාදන වියදම ඉහළ යාම.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]