ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
Sri Lanka Rupavahini Corporation-Logo.png
වර්ගය පුළුල්විදැහුම්කරු (රූපවාහිනී, චැනල් අයි, නේත්‍රා ටීවී සහ එන්ටීවී)
රට ශ්‍රී ලංකාව
උපයෝජ්‍යතාවය ජාතික
ප්‍රතිස්ථාපනය ශ්‍රී ලංකාවේ රජය (1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (ශ්‍රීලංරූවා) පණත) විසින්
අයිතිකරු ශ්‍රී ලංකාවේ රජය
ප්‍රධාන පුද්ගලයෝ මොහාන් සමරනායක (සභාපති)
දියත්කල දිනය පෙබරවාරි 14, 1982
නිල වෙබ් අඩවිය http://www.rupavahini.lk
රූප ආකෘතිය පැල්


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ( SLRC ) ( ජාතික රූපවාහිනීය ) , ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාවයි. 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදාය. ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුන මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික , තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයිමය. රාජ්‍ය රූපවාහිනී නාලිකාව ලෙසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමස්ත ශ්‍රි ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම සිය ‍සේවා ව පවත්වාගෙන යයි.

1982 පෙබරවාරි 15 වැනි දින ආරම්භ කෙ‍රෙණ විට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව මැදිරි දෙකක්, හඩ කැවීමේ මැදිරියක්, බාහිර විකාශ රථයක් හා අගලේ පටයෙහි VTR හා අගල් භාගය පටයෙහි U-Matic රේඛිය සංස්කරණ පහසුකම් සමග අංග සම්පූර්ණ ප්‍රධාන පාලක මැදිරියක් විය. 1986 හි දී ජපන් ආධාර යටතේ එහි පහසුකම් යලිත් පුලුල් කෙරිණ. එවකට මෙරට රූපවාහිනී නාලිකාවක් සතු වූ විශාලතම මැදිරිය ඉදිකෙරෙන්නේ ඒ යටතේය. නැවතත් 1998 දී ඩිජිටල් තාක්ෂණයෙන් යාවත්කාලීන ‍කිරීමට ද ජපන් රජය ආධාර කලේය. වර්තමානයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සිට රූපවාහිනී Rupavahini , අයි Channel EYE , නේත්‍රා NETHRA හා එන්ටීවී NTV , යන සිවු නාලිකා විකාශය මෙහෙයවයි. කීර්තිමත් රාජ්‍ය සේවකයකු වූ එම්.ජේ. පෙරේරා මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා විය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රී ලංකාවේ විශාලතම රුපවාහින විකාශන ජාලය වන අතර තම විකාශන කටයුතු ශ්‍රී ලංකාව පුරාවටම ව්‍යාප්ත වන වන පරිදි කරගෙන යයි. ඒ සදහා සංස්ථාව VHF , UHF යන සංඛ්‍යා තරංග දෙක උපයෝගී කරගනී .

සහෝදර නාලිකා[සංස්කරණය]

The network broadcasts services,Rupavahini, Nethra TV (which broadcasts in Tamil), Channel Eye and NTV (which broadcast in English). Since 1st January 2008 Nethra TV and Channel Eye share the same broadcast frequency. The shared channel is known as Nethra Eye. Currently, all of the network's services are only available by analog transmission. But there are plans to upgrade to digital broadcasting. From 2011 Kokawil Transmitting starts DVB-T2 for North area in Sri Lanka. There were plans to Transmit the DVB-T2 Digital Transmission all over the country in 2015. The excisting Analogous Transmission will completely cut off.

පරිපාලනය සහ අරමුදල[සංස්කරණය]

It is an autonomous corporation run by a board of directors appointed by the president. Management of the corporation is in the hands of a Director-General appointed by the president. Until 1998 there was a subscription system to earn funds by having a subscription system, so that every television owner with VHF reception has to pay government a fee yearly. After a parliament act its programming and broadcasts fundings made by television advertising and government grants.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]


සැකිල්ල:Tv-station-stub