ශ්‍රී ලංකා දේශපාලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකා දේශපාලනය රැඳී ඇත්තේ ජනාධිපති නියෝජනය වන ප්‍රජාතාන්ත්‍රික ජනරජ රාමුව තුළයි. එහි ජනාධිපති රාජ්‍යයේත් ආණ්ඩුවේත් යන දෙකෙ‍හිම ප්‍රධානියාය. එසේම මෙරට දේශපාලන පක්ෂ බහු පක්ෂ ක්‍රමයකින් ක්‍රියාත්මක වේ. විධායක බලය ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක වේ. ව්‍යවස්ථාදායක බලය ආණ්ඩුව හා පාර්ලිමේන්තුව යන දෙකේම රැඳී ඇත. නිදහසින් පසු 50ක කාලයේ පක්ෂ ක්‍රමය ක්‍රියාවට නැඟීම සමාජවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගතානුගතික එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලදී. විධායකයෙනුත් ව්‍යවස්ථාදායකයෙනුත් අධිකරණය නිදහස්ව ඇත. ශ්‍රී ලංකා දේශපාකයෝ ඓතිහාසික හා දේශපාලනික වෙනස්කම් ඇති ප්‍රධාන ජනාවාර්ගික කොටස් වන බහුතරය වූ සිංහලයා ගැනත් සුළුතරය වූ උතුරේ හා නැඟෙනහිර වෙසෙන දෙමළ ජනයා ගැනත් ගැඹුරෙන් සිතා ක්‍රියාත්මක වේ.

[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ - ශ්‍රී ලංකා විදේශ සබඳතා දේශපාලනික බලවත් කණ්ඩායම්

[සංස්කරණය] ශ්‍රී ලංකා විදේශ සබඳතා

සවිස්තරාත්මකව ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමේ දී රට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් වඩා සමීප සබඳතාවයක් 1977 දෙසැම්බර් සිට එක්සත් ජනපදයත් සමඟ ඇති කරගනු පෙනිණි. විවිධාකාරයේ තානාපති සබඳතා මඟින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ස්වාධීනත්වය, නිදහස හා සංවර්ධනය, සංවර්ධනය වන රටවලට ලබා දීමේ දී ක්‍රියාකාරී වේ. නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) ආරම්භක සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකා‍ව ක්‍රියා කළේය. ශ්‍රී ලංකාව, පොදු රාජ්‍ය මණ්ඩලය දකුණු ආසියා සංවිධානය - කලාපීය සහයෝගීතාව වූ (SAARC) ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා කොළඹ ක්‍රමය යන සංවිධානවල සාමාජිකයත්වය දරයි. ශ්‍රී ලංකාව ක්‍රියාකාරී සාමාජිකත්වය නොබැඳි ජාතීන්ගේ සංවි‍ධානයේ දරමින්ම සාර්ක් සංවිධානයේ ද කලාපීය වශයෙන් සංවිධාන වීමේ වැදගත්කම සලකා බලවත් ක්‍රියාකාරීත්වයකින් ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාව IAEA, IBRD, AsDB, C, CP, ESCAP, FAO, G-24, G-77, ICAO, ICC, ICFTU, ICRM, IDA, IFAD, IFC, IFRCS, IHO, ILO, IMF, IMO, ඉන්මාර්සට්, ඉන්ටෙල්සට්, ඉන්ටපොල්, IOC, IOM, ISO, ITU, NAM, OAS (ඔබ්සර්වර්), OPCW, PCA, SAARC, UN, UNCTAD, UNESCO, UNIDO, UNU, UPU, WCL, WCO, WFTU, WHO, WIPO, WMO, WToO, WTrO. І යන සංවිධානවල සාමාජිකත්වය ද දරයි.


[සංස්කරණය] Reference

http://en.wikipedia.org/wiki/Politics_of_Sri_Lanka

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්