ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය

විකිපීඩියා වෙතින්

හැඳින්වීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳව විවිධ අවස්ථාවන්හිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර, බොහෝ පිරිස් ඒ පිළිබඳව විවිධාකාරවූ අදහස් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයන් ඉදිරිපත් කර ඇති විද්වතුන් ලෙස කැමිලා ඔර්ජුලා, නීරා වික්‍රමසිංහ, සාවිත්‍රි ගුණසේකර, රාධිකා කුමාරස්වාමි, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, ජොනතන් ගුඩ්හෑන්ඩ් යන අය උදාහරණ වශයෙන් සඳහන් කළ හැක.

සිවිල් සමාජය හදුනා ගැනීම ( ඉතිහාසය)[සංස්කරණය]

බොහෝ දුරට යටත් විජිත අත්දැකීම් සහ 20වන සියවසේ පළමු භාගයේ නූතන රාජ්‍යය ඇති වීම මඟින් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ හැඩය ගොඩනගන ලද බව සඳහන් කළ හැක. 1 පූර්ව යටත් විජිත කාලය තුළ පහළ මට්ටමේ නැතිනම් බිම් මට්ටමේ ප්‍රජාවන් පන්සල්වල සාමූහික ක්‍රියාකාරකම් සඳහා සහ වාරිමාර්ග කටයුතු සඳහා සංවිධානය විය. නමුත් යටත්විජිතකරණය විසින් නව සංවිධාන මෙරටට ගෙනඑන ලදි. බොහෝ ඒවා ක්‍රිස්තියානි මිෂනාරි ක්‍රියාකාරකම් සහ සමාජ ක්‍රියාකාරකම් වලින් අවාසියට ලක් වූ ජනගහනයට ප්‍රතිලාභ ලබාදීම සදහා ගෙනගිය ඒවායින් පැණනැගුණු සංවිධාන වේ.


උදාහරණ- බැප්ටිස්ට් මිෂන් (1802) සහ මුදවා ගැනීමේ හමුදාව ක්‍රිස්තියානි සංවිධාන වලට සමානව ප්‍රතිබිම්බිත වූ බෞද්ධ හින්දු සහ මුස්ලිම් සංවිධාන, උදාහරණ ( මුස්ලිම් අධ්‍යාපනික සමාජය (1890), මහාබෝධි සමාජය (1891) සහ යන්ග් මෙන්ස් බුඩ්ස්ට් ඇසෝසියේෂන් (1898) 20 වන සියවසේ පළමු භාගයේ කොළඔ රොටරි සංවිධානය සහ රතු කුරුස සමාජය ඇතිවිය. යටත් විජිත පාලනය මඟින් ගෙන එන ලද බැරෑරුම් සමාජ සහ ආර්ථික වෙනස් වීම්වලට ප්‍රතික්‍රියාවක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාර වර්ධනය වූ බව තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. කෙසේ නමුත්, බොහෝ ව්‍යාපාර ස්වදේශිකයන්ගේ ප්‍රතික්‍රියාවන්ගෙන් පමණක් ඇති වූවක් නොවේ. නමුත් බොහෝ දුරට ඒවා බටහිර සමාජ ව්‍යාපාර මඟින් පෙළඔවීමෙන් කරන ලද නැතිනම් පොළඔවන ලද සමාජ ව්‍යාපාර වශයෙන් සදහන් කළ හැක. අමද්‍යප ව්‍යා‍පාරය විසින් 20වන සියවසේ පළමු දශකය තුළ අතිශයින් වර්ධනය වූ බේබදුකම උත්සන්න වීම සහ මත්පැන් වලින් ඉපැයූ යටත්විජිත ආදායමට ප්‍රතිවිරුද්ධතාවය දක්වන ලදි. පළමු ග්‍රාමීය සංවර්ධන සංවිධානය වන ලංකා මහිලා සමිතිය 1930 දී පිහිටුවන ලදි. 1950 සහ 1960 කෙසේ වුවත් ප්‍රාදේශීය ආණ්ඩුකරණ ව්‍යුහය සහ සංවර්ධන ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීමට භාවිතා කළ ක්‍රමවේද සහ බිම් මට්ටමේ දේශපාලන ගැටලුවල බලපෑම සහ බලමුළු ගැන්වීම මඟින් සාමූහික ග්‍රාමීය සංවර්ධන සමාජ සහ පාසැල් සංවර්ධන සමිති ක්‍රියාවට නැංවීය.


ජයදේව උයන්ගොඩ තර්ක කරන ආකාරයට එම පොදු අවකාශය තුළ සංවිධානය වීම සහ ක්‍රියාකාරීවීම ආගමික සහ දේශපාලන අධිකාරීන් මඟින් පාලනය විය. එම නිසා අනගාරික ධර්මපාලගේ ජාතික ව්‍යාපාරය සහ බෞද්ධ ආගමික භක්තිය පණගන්වන ප්‍රබෝධයක් නිර්මාණය විය. ව්‍යාපාර සමග බෞද්ධ සිවිල් සමාජයේ නිදහස ආගමික අවකාශය තුළ ස්ථාපිත විය. 1920 දී මහජන සභා ප්‍රතිස්ථාපිත කළේය. එය ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ඡන්ද බලය සහ නීති සමිපාදක දේශපාලනය සදහා පිහිටාධාර විය. තරැණ සංගම් කාන්තා සංවිධාන අමද්‍යප සමාජ සහ ආන්තීකරණය වූ කුල සංගම් 1920 දී දියුණු විය.


මෙම ව්‍යාපාර විවෘතව උඩට පැමිණීම මඟින් කමිකරු ව්‍යාපාර සමාජ සහ දේශපාලන අවකාශය භාවිතාවට පැමිණීම සිදුවිය. එංගලන්තයේ සිට ආපසු පැමිණි සමාජවාදී අදහස් සහිත සිසුන්ගෙන් සහ බොහෝ විට මධ්‍යම පංතික වෘත්තීයවේදීන්ගෙන් කම්කරු ව්‍යාපාර ආරම්භ විය. ආගමික සහ නිදහස් අරගලයේ දේශපාලන උද්ඝෝෂණ සමඟ මෙම ව්‍යාපාර සහ එහි නායකත්වය සමීපව සම්බන්ධ වීම විශේෂ ලක්ෂණයක් විය. රාජ්‍යය උපකරණීවාදය සඳහා සිවිල් සමාජයේ දේශපාලනය වම ප්‍රතික්ෂේප කිරීමක් කළේය. 3 ප්‍රජා බලමුළු ගැන්වීම් සහ සංවිධාන බොහෝ වෙනස් මාර්ගයන් ඔස්සේ රැගෙන ගොස් ඇති බව මෙහිදී අපට දැකිය හැකිය. උදාහරණ වශයෙන් ඒවා තුළ අමද්‍යප,ග්‍රාමීය, කුල ,ප්‍රජාතාන්ත්‍රික, ආගමික සහ යටත්විජිත විරෝධී මෙන්ම සමාජවාදය අන්තර්ගත විය.


බොහෝ යටත්විජිත විරෝධී අරගලවල අරමුණ සියළු ස්වදේශීය භාෂා සහ සංස්කෘතිය හඳූනා ගැනීම දෙසට යොමු වූ නමුත් නිදහසින් පසුව ශ්‍රී ලංකාව සිංහලකරණය වීම මඟින් දමිළ ජාතිවාදයට විරුද්ධ වීමකට අනුගත විය. දේශපාලන සහ සිවිල් සමාජ පාත්‍රයන් ‍යන දෙපිරිස මඟින් සිංහල දමිළ ජාතිවාදී අරගලවල සටන් සිදුවිය. උතුරු සහ නැගෙනහිර හමුදා නැගී සිටීම නැතිනම් වර්ධනය නිසා පූර්ව ව්‍යාපාර වන ගුරු සංගම්. ප්‍රගතිශීලී ලේඛකයින්ගේ සංගම්.ඒවගේම වෙළද සංගම් සහ වමේ ව්‍යාපාරය කෂය කිරීමක් සිදුවිය.

1970 දී රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ කොටසක් බවට පත්වූ අතර, 1980 දී පමණ විශාල ප්‍රමාණයෙන් විදේශීය රාජ්‍ය නොවන සංවිධාන රට තුළට ප්‍රවිශ්ට වීම සිදුවිය .

සිවිල් සමාජය වර්තමානය[සංස්කරණය]

වර්තමානයේ ශ්‍රි ලංකාවේ ප්‍රජා මුලික සංවිධාන දහස්ගණන් පැතිරෙමින් තිබේ. මෙම සංඛ්‍යාවට අවමංගල්‍යාධාර සංගම්, සමාජ තරැණ සහ ක්‍රිඩා සමාජ, ග්‍රාමිය සංවර්ධන සමාජ සහා ආගමික සමාජ අන්තර්ගතවේ. මේවායේ නායකත්වය ගත්කළ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික පුරෑෂ කේන්ද්‍රිය ආකෘතියක් සහිත අන්‍යෝන්‍ය වයන් ධනවත් සහා අවුරැදු 45ට වැඩි කෙනෙක් වේ.

පුණ්‍යාධාර සංවිධාන ආබාධිත සහා ආනාථ දරුවෝ රැකබලා ගැනිම සඳහා වන අතර ප්‍රජා පූද්ගලයින් සහ කණ්ඩායම් මඟින් පිහිටුවා ගනු ලබයි. මෙම සංවිධාන පෞද්ගලික ආධාර මත යැපෙනවා ඵසේත් නැතිනම් ජාත්‍යන්තර ඵ්ජන්සි උදව් කරනු ලබයි. හින්දු ගම්මාන වල තිබෙන ආගමික සමාජ , සමාජ සහා සුභසාධන ක්‍රියාකාරකම් සමග සම්බන්ධවේ .මුස්ලිම් ගම්මාන වල මරක්කල ප්‍රජා නිරතුරැවම ශක්තිමත් නායකත්වයක් සපයා ගනු ලබන අතර පොදු ක්‍රියාකරකම් වල සම්බන්ධිකරණය සහා පෙර වෙනත් ප්‍රජා මුලික සංවිධාන ආරම්භ කළ ක්‍රියාකරකම්වලට අවසර ලබා දිමක් සිදුකරයි. බෞද්ධ ආගමික සමාජ හින්දු සමාජවලට සමාන කමක් දක්වයි. නමුත් බොහෝ විට බෞද්ධ භික්ෂුන් නායකයෝ සහ දේශපාලන පාත්‍රකයෝ ලෙස ශක්තිමත් භුමිකාවක් රැගෙන තිබෙනු දක්නට ලැබේ. වාර්තා වලට අනුව දහසක් පමණ ක්‍රියාකාරි වෙළද සංගම් බොහෝ දුරට දේශපාලන පක්ෂ සමග ශක්තිමත් ලෙස සම්බන්ධ වි ඇත. එක් මුලාශ්‍රයකට අනුව දක්වතොත් ආසන්න වශයෙන් සාමාජිකයන් 40000කින් පමණ සමන්විත වෘත්තිය සංගම් 40කින්ද සහා ආසන්න වශයෙන් 30000ක් පමණ පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා සහ ව්‍යාපාර ඇතුළත් මණ්ඩල 40ක් ද රට තුළ ස්ථාපිතව පවති.

සිවිල් සාමාජය තුළ රාජ්‍ය නොවන සංවිධාන[සංස්කරණය]

බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ විමත් සමග රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රි ලංකාව තුළ ඉදිරිපත් විම සිදුවිය. මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය නොවන සංවිධානයන්ගේ වර්ගිකරණයක් ඉදිරිපත් කළහොත් එකි සංවිධානයන්ගේ විශේෂතා ලක්ෂණ 3ක් ඉදිරිපත් කළ හැකිය.

  • ජනවාර්ගික අර්බුදයන්ගෙන් දැවෙමින් පවතින රටවලට මානුෂිය අවශ්‍යතා සදහා සේවය කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන.
  • විශාල හා හොදින් ව්‍යාප්ත වු ජාතික රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රාජ්‍යයට හෝ රාජ්‍යයට ඌණ පුරකයක් සමග දුප්පත්කම අඩුකිරිමේ ව්‍යාපෘති

වලට මැදිහත් වි තිබේ.

  • සංඛ්‍යාත්මකව සඳහන් කළ නොහැකි කුඩා රාජ්‍ය නොවන සංවිධාන සමහර අවස්ථාවල ප්‍රජා මුලික සංවිධාන ලෙස හදුන්වනු ලබන අතර බිම්මට්ටමේ ග්‍රාමිය සංවර්ධනය සදහා මැදිහත් වි ඇත. IRED සංවර්ධනය පිළිබද රාජ්‍ය නොවන සංවිධානයන්ගේ නාමාවලියට අනුව 1900 සිට 1990 දක්වා මෙරට පැවති රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව පහත සදහන් වේ.
  • 1900 ට පෙර -3
  • 1901-1920-5
  • 1921-1930-6
  • 1931-1950-13
  • 1951-1960-21
  • 1961-1970-18
  • 1971-1977-43
  • 1978-1983-62
  • 1984-1990-109

අතිතයේ පැවති රජ්‍ය නොවන සංවිධාන[සංස්කරණය]

  • වේස්ලි මිෂනාරි සමාජය 1814
  • චර්ච් මිෂනාරි සමාජය 1818
  • බෞද්ධ පරමවිඥාර්ථ සමාජය 1880
  • තරුණයින්ගේ ක්‍රිස්තියානි සංගමය 1882
  • තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමය 1882
  • විවේකානන්ද සංගමය 1902
  • රාමක්‍රිෂ්ණා මීසම 1929
  • මුදවා ගැනිමේ හමුදාව 1883
  • මුස්ලිම් අධ්‍යාපන සමාජය 1890
  • මහ‍බෝධි සංගමය 1891
  • තරැණ බෞද්ධ සංගමය 1898
  • ශාන්ත ජෝන් ගිලන්රථ සංගමය සහ සේවක සමුහය 1906
  • ලංකා සමාජ සේවා ලීගය 1915
  • ලංකා බෞද්ධ සම්මේලනය 1919
  • හින්දු අධ්‍යාපන කමිටුව 1921
  • කොළඹ රොටරි සමාජය 1929
  • ලංකා මහිලා සමිතිය 1930
  • රතු කුරැස සමාජය 1936
  • ලංකා රතු කුරැස සමාජය 1949
  • පවුල් සංවිධාන සංගමය 1959


මෙරට දේශිය මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන[සංස්කරණය]

  • සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
  • විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
  • කොත්මලේ එෆ්එම් ප්‍රජා ගුවන්විදුලි සේවය
  • මාර්ග ආයතනය
  • මත්පැන් සහා මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරැ ඒකකය
  • ජනවාර්ගික අධ්‍යයනයන් පිළිබද ජාත්‍යන්තර කේන්ද්‍රය
  • ආසියානු පදනම
  • සර්වෝදය
  • රොටරි-ශ්‍රි ලංකාව
  • ශ්‍රි ලංකා ගුවන්විදුලි සංගමය
  • ලංකා ජන සංගනන සේවය
  • කාන්තා අරමුදල-ශ්‍රි ලංකා
  • ශ්‍රි ලංකා මෙතෝදිස් දේවස්ථානය
  • ජගත් සම්මුතිය -ශ්‍රි ලංකා
  • පාරිසරික ජනමාධ්‍යවේදින්ගේ ආසියා-පැසිපික් සම්මේලනය
  • කාන්තා අධ්‍යාපන සහා පර්යේෂණ කේන්ද්‍රය

රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන[සංස්කරණය]

  • ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධන සංවිධානය ( 04-04-2005)
  • මුදවා ගැනිම සහ සංවර්ධනය සදහා අරමුදල ( 25-04-2005)
  • සෞඛ්‍ය තත්ව පදනම ( 07-04-2005)
  • ලංකා මිතුරු ශිෂ්‍යත්ව පදනම (30-03-2005)
  • ලංකා මාතෘ හා ළමා සහයෝගි පදනම (07-04-2005)
  • ලංකා මුදවා ගැනිම හා සංවර්ධනය (15-04-2005)
  • මර්සි ලංකා (31-03-2005)
  • මිතුරුවෙල( 08-04-2005)
  • ලංකා සමාජ සහ සංස්කෘතික සංවිධානය(30-03-2005)

පින්තුර ගැලරිය සිවිල් සමාජය බලමුළු ගැන්විම[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  • Orjula,Camila.2005.Peace & Democracy in South Asia “Dilemmas of Civil Society aid:Donors,NGOs & the Quest for Peace in Sri Lanka, Goteborg University, Sweden.