ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය

විකිපීඩියා වෙතින්

Gem Trading in Sri Lanka ලංකාවේ මැණික් කර්මාන්තය සහ මුලික හැදින්වීම .

මැණික් කර්මාන්තය සබරගමුව පළාතේ ඉතා ප්‍රසිද්ධ කර්මාන්තයක් වන අතරම එය ඉතා අලංකාර කර්මාන්තයක් ාලසද හැඳින්විය හැකිය. සබරගමුව පළාතෙන්ද රත්නපුර නගරය මේ සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එනිසාම රත්නපුර නගරය හැඳින්වෙන්නේද, ලොව පුරා ප්‍රචලිතව පවතින්නේද මිණි පුරය, මැණික් පුරය හෙවත් ‘City of Gems’ ලෙසිනි.


මැණික් කර්මාන්තයේදී මූලිකවම සිදු වන්නේ ඉල්ලම් ගැරීමෙන් අගනා තත්වයක් ඇති ගල් වර්ග තෝරා ඒවා දීප්තිමත්ව ඔප දැමීම, ඔප වැටෙන ලෙස කැපීම, සහ ඒවායේ ගුණාත්මක බව සහ වටිනාකම අනුව වර්ග කිරීමයි. මෙලෙස වර්ග කල මැණික් ගල් නිල් කැට(blue sapphires), පද්මරාග(Peach sapphire), අමතේස්ත(amethysts), පුෂ්පරාග(yellow sapphire), රතු කැට(Ruby), තෝරමල්ලි(tourmalines), වෛරෝඩි(cat’s eyes) ආදී විවිධ නම් වලින් හැඳින්වේ.ශ්‍රී ලංකාවෙන් හමුවන වටිනාම මැණික් වර්ගවන්නේ නීල් මැණික් සහ පද්මරාග යන මැණික් වේ.පද්මරාග මණික පද්මාරාජ ලෙසද හදුන්වනු ලැබේ.එසේම පද්මාරාජ මණික අන්තර්ජාතික වෙළද පොලේ හදුන්වන්නේ Padparadscha sapphire  ලෙසයි.වර්ණයෙන් අඩු Padparadscha sapphire ,peach sapphire ලෙසද හදුන්වනු ලැබේ.මෙම peach sapphire engagement rings ලෙස බහුලව ඇමරිකාව කැනඩාව වැනි රටවල ප්‍රසිද්ද වේ.

ලංකාවේ ප්‍රධාන මැණික් වෙළද පොළ පවතින්නේ රත්නපුර ශවියා විදියේය.එම විදියේ දහස් ගණනක් මැණික් ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් දිනපතාම රැස් වේ.වැඩිම මැණික් ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් එකතු වන්නේ සදුදා අගහරුවදා බදදා යන දිනවලදීය.

එසේම මෙම ශවියා විදියේ gem market එක අබගහමුල ලෙසද හදුන්වයි.දැන් නම් එතන අබගහක් නැහැ.ගොඩ දෙනෙක් දන්නේ බෝගහ මුල කිවම.එම ස්ථානයේ විශාල බෝගහක් විරාජමානව සිටි.මෙමෙ බෝගහමුල වැඩියෙන්ම විකුනනේ 98% වඩා වැඩි ප්‍රතිශතයක් ඔප නොදමන ලද මැණික් ගල් වේ.ඔබට ඔප දමන ලද මැණික් ගල් බැලීම මිලදී ගැනීමට අවශ්‍යනම් දෙමුවා මාවතට යා යුතුය.එම මාවතේ වැඩිපුරම අලවි වන්නේ කපා ඔප දමන ලද මැණික් වර්ගයන්ය.ලොවට අනගිතම මැණික් සපයන ප්‍රධානම නගරය වන්නේ රත්නපුර නගරයයි.මෙම මැණික් සම්පත නිසි මිලක් ලබාගැනීමට කටයුතු කිරීම මැණික් වෙළෙන්දන්ගේ වගකීමක්.බොහෝ china මැණික් ගැනුම් කරුවන් බොහෝ අඩු මුදලට මැණික් ගැනීම රත්නපුර නගරයේදී සිදු වේ.බොහෝ අවස්ථාවන් වලදී ලංකාවේ ගැනුම් කරුවන් මිට වඩා වැඩි මිලකට මැණික් ලබාගනී.නමුත් හමේ පාට බලලා china ට අඩුවට මැණික් දෙන බොහෝ මෝඩ මැණික් ව්‍යාපාරිකයන් රත්නපුරයේ සිටි.


ශිල්පීය නිපුණත්වය ඉතා ඉහළ තත්වයක ඇති ශිල්පීන් විසින් සියළුම මැණික් කැපීමේ සහ ඔප දැමීමේ කටයුතු සිදු කරනු ලබන්නේ සාම්පුදායික ආකාරයට යන්ත්‍ර යොදා ගැනීමෙන් තොරව ඔවුන්ගේම දෑතිනි. ඉතා හොඳ තත්වයේ පවතින මැණික් කෞතුකාගාර සහ පර්යේෂණාගාර කිහිපයක්ම රත්නපුර නගරාසන්නයේ පිහිටා ඇත.