ලංකා දිවයින

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී ලංකාවේ භූගෝලීය පසුබිම වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලංකා දූපත
ලක්දිව
Sobriquet: රත්නදීප

ශ්‍රි ලංකාවට අයත් ලංකා දූපත සහ අවට කුඩා දූපත් දැක්වෙන සිතියමක්
ලංකා දිවයින is located in India
ලංකා දිවයින

ඉන්දියානු අර්ධද්‍වීපයට සාපේක්‍ෂව ලංකා දිවයින
Geography
පිහිටීම ඉන්දියන් සාගරය
ඛණ්ඩාංක 7°N 81°E / 7°N 81°E / 7; 81
වර්ග ප්‍රමාණය 65,610 km2 (25,332 sq mi)
ස්ථානය 25th
මුහුදු සීමාව 1,340 km (833 mi)
වැඩිම උන්නතිය 2,524.13 m (8,281.27 ft)
උසම ස්ථානය පිදුරුතලාගල
Country
ශ්‍රී ලංකා
පරිපාලන දිස්ත්‍රික්ක 25 කි
විශාලතම නගරය කොළඹ (pop. 752,993)
Demographics
ජනගහණය 20,200,000 පමණ (as of 2012)
ඝනත්වය 323 /km2 (837 /sq mi)
ජන වර්ග සිංහල - 70%, දෙමළ - 10%, යෝනක 8%, මැලේ,
ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ

දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දූපතක් වන ලංකාව හෙවත් ලක්දිව ශ්‍රී ලංකාවට අයත් විශාලතම දූපතවේ. 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් මෙම දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km දක්වා අයත්වඇත. ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකකි.ඉන් එකක්නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති කි.මී.435 දක්වා වූ දුරයි.අ‍නෙක් ස්ථානය නම් කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ.

හින්දු පුරා වෘත්තයන් අනුව රාමාගේ පාලන කාලයේදී ඉඳි කෙරුණු රාමාගේ පාලම මඟින් ඉන්දියානු භූමිය සමඟ සම්බන්ධ වී තිබුණු බව සඳහන් වන අතර දැන් එය මුහුදු මට්ටමට උඩින් යන්තම් පෙනෙන්නට පවතින හුණුගල් පෙළක් ලෙස ඉතිරිව පවතී. පන්සල්වල වාර්තා අනුව මෙම ස්වභාවික වෙරළ තීරය කලින් සම්පූර්ණව පැවතුණු අතර දරුණු කුණාටුවකින් (සුළි සුළඟක් වැනි) 1480 දී විනාශයට පත් විය. [1]

රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා (මන්නාරම් දුපතේ තලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානධපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බන්ධ කරන වැලි කණ්ඩිය

නම[සංස්කරණය]

වර්තමානයේදී ලංකා දූපත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයත් බැවින්ද ශ්‍රී ලංකාවට අයත් ගොඩබිමින් විශාල ප්‍රමාණයක් ලංකා දූපත බැවින්ද ලංකා දූපත හැඳන්වීමේදී ශ්‍රී ලංකා යන පදය යොදාගනු බොහෝවිද දක්නට ලැබේ.

භූ‍ගෝලීය පිහිටීම[සංස්කරණය]

ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි .

දේශගුණය[සංස්කරණය]

ශ්‍රී ලංකාව උෂ්ණ කලාපීය දේශගුණයක් පවතින දූපතකි. උතුරු අක්ශාංෂ 5 ත් 10 ත් අතර පිහිටීම තරමක් උණුසුම් දේශගුණයක් දායාද කර වීමට හේතුවයි. අඩුම උෂ්ණත්වය පවතින්නේ මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. ඒ සෙල්සියස් අංශක 16 පමණ අගයකි.(මෙහි සීත සෘතු‍වේ දී දින ගණන් මීදුම පවතී) ඊසාන දිග වෙරළේ පිහිටි ත්‍රිකුණාමල නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 වේ( මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ නගී). වාර්ෂිකව ශ්‍රී ලංකාවේ දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 28 සිට සෙල්සියස් අංශක 30 දක්වා ද, රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 සිට 7 දක්වා වෙනස් වේ. සීතල අධික මාසය වන්නේ ජනවාරි මාසයයි. විශේෂයෙන් කඳුකරයේ සිටින මිනිසුන්ට මේ කාලයේ දී සිරුරේ උණුසුම රදවා ගන්නා කබා හා ‍ස්වෙටර් ඇඳීම ට සිදු වේ. මෝසම් වැසි ආරම්භ වීමට පෙර ශ්‍රීෂ්මසෘතුවේ උෂ්ණාධිකම කාලය මැයි මාසයයි.

ඉන්දියන් සාගරයෙන් හා බෙංගාල බොක්කෙන් හමා එන මෝසම් සුළං අනුව ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන කාල වකවානු 4 කි. පළමුවැන්න මැයි මැද සිට ඔක්තෝබර් දක්වා ඉන්දියන් සාග‍රයේ ජල වාෂ්පද රැගෙන හමා එන නිරිත දිග මෝසම් වර්ෂාවයි. මෙම සුළං මධ්‍යම කඳුකරයේ බෑවුම්වල ගැටී එම කඳු බැවූම් වලට ද, දිව‍යිනේ නිරිත දිග ප්‍රදේශවලට ද මහා වැසි ලබා දෙයි. නිරිත දිග මෝසම් සුළං හමන සමහර බෑවුම් ප්‍රදේශවලට මසකට මි.මි 2500 වර්ෂාපතනයක් ලැබෙන නමුත් සුළං මුවා වේ පිහිටි නැගෙනහිර හා ඊසාන දිග ප්‍රදේශවලට අඩුවෙන් වැසි පතිත වේ. අන්තර් මෝසම් කාලයේ දී එනම් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට වර්ෂාව ලබා දෙන දෙවැනි කාල වකවානුවයි. මේ කාලයේ දී කලින් කලට ඇතිවන සුළි කුණාටු ඇතිවීමට ද ඉඩකඩ තිබේ. එමෙන්ම උෂ්ණ කලාපීය වාසුළි නිසා අහස වළාකුලින් බරවෙයි. අන්තර් මෝසම් වර්ෂාවෙන් නිරිතට, ඊසානට සහ දිව‍යිනේ නැගෙනහිරට වැසි ඇද හැළේ. තුන්වැනි කාල වකවානුව නම් දෙසැම්බර් සිට මාර්තු දක්වා බෙංගාල බොක්කේ සිට ජල වාෂ්පද රැගෙන ඊසාන දිගින් ‍මෝසම් සුළං හමා එන ඊසාන දිග මෝසමයි. මේ මාසවලදී ඊසාන දිග කඳු බෑවුම් වලට මි.මි. 2500 වර්ෂාපතනයක් ලැබේ. ගං වතුර ඇති වේ. මාර්තු සිට මැයි දක්වා තවත් අන්තර් මෝසම් කාලයක් ක්‍රියාත්මක වෙයි. නිරතුරු අඩුවැඩි වෙමින් වෙනස්වන සුළඟ සමඟ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

නිරිත දිග හා කඳුකර ප්‍රදේශවල තෙතමනය අධිකවන අතර සෘතුවෙන් සෘතුව වෙනස් වෙමින් වුවද පැතිර ගිය වර්ෂාපතනයක් ඇද හැළේ. නිරිත දිග මොසම් සුළං පවතින ජුනි මාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ වයුගෝලීය තෙතමනය 90% දක්වා ඉහළ නගින අතර එම ප්‍රදේශයේ වාර්ෂික වායුගෝලීය තෙතමනය 70% පමණ වේ. අන්තර් මෝසම් සුළං හමන මාර්තු මාසයේදී අනුරාධපුර ප්‍රදේශයේ (දිවා කාලයේ) වායුගෝලීය තෙතමනය 60% පමණ වේ. එම අගය නොවැම්බර් ‍හා දෙසැම්බර් වැසි කාලපරිච්ඡෙදවලදී 79% දක්වා ඉහළ නගී. කඳුකරයට අයත් මහනුවර ප්‍රදේශයේ දහවල් කාලයේද පවතින තෙතමනය සාමාන්‍යයෙන් 70% ත් 79% ත් අතර අගයක් ගනී.

භූගෝලය පරිණාමය[සංස්කරණය]

දිවයිනේ සමස්ත භූ තලයෙන් 85% ටත් වඩා අයත්ව ඇත්තේ ප්‍රාග් කේම්බ්‍රියානු ස්ථරයටයි. එයින් සමහරක් අවුරුදු බිලියන ගණනක් අතීතයට අයත් වේ. මෙම විපරිත ගල් පෘෂ්ඨ තලය සාදන ලද්දේ කඳු නිර්මාණය වන ක්‍රියාවලි පවතින අතරතුර දැඩි රශ්මියට සහ පීඩනයකට විකාශනය වූ පැරණි රොන්මඩ ලක් වීමෙනි. භූ තැටි චලන පිළිබඳව වූ න්‍යායෙන් පැහැදිළි කරනුයේ මෙම ගල් සහ මෙයට සම්බන්ධිත ගල් බොහෝමයක් සෑදී ඇත්තේ දකුණු ඉන්දියාවේ ඇති භූ ස්කන්ධයක් වන ගොඩ්වානාලන්තයේ ආරම්භය අවුරුදු මිලියන් 200 කට පෙර සිදුවිය. පෘථිවි ප්‍රවාරණයේ දකුණු අර්ධ ගෝලයේ භූමි බෙදී වෙන්වී යාමට පටන් ගත් අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව භූ තැටියක ආධාරයෙන් ඊසාන දිගට ඇඳී යන ලදී. අවුරුදු මිලියන 45 කට පමණ පෙර ඉන්දියානු ඵූ තැටිය ආසියානු භූ ස්කන්ධය සමඟ ඝට්ටණය වීමේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පවතින හිමාලයානු කඳු වැටිය දිසු වීමට පටන් ගත් අතර එහි වැඩීම වර්තමානයේදීද සෙ‍ෙමන් සිදුවේ. ශ්‍රී ලංකාව භූමිකම්පා කිහිපයකට හෝ ප්‍රධාන ගිණි කඳු අවස්ථා කිහිපයකට ලක්විය හැක්කේ ශ්‍රී ලංකාව මෙම භූ තැටියේ මැදට ගමන් කරන නිසාය.

පුරාණ කඳුවලින් වටවූ සීමිත විපරිත ස්ථර මෙම දූපතෙහි අන්තර්ගත වේ. ගංඟා තැන්නවල් වල ඇති නිධි ද ජුරාසික් යුගයේ රොන්මඩ කොටස් දෙකක් පමණද පුත්තලම් දිස්ත්‍රික්කයේ පවතින අතර වඩාත් පුළුල් කලාපයක් වන මයෝසින හුණුගල් ඊසාන දිග වෙරළේ පවතී.ඊසාන දිග වෙරළ ගිණිකොණ දිග ඉන්දියාවේ ගැඹුරු කාවේරි ද්‍රෝණියේම කොටසකි. ගොඩ්වානාලන්තයේ කැඩී යාමේ සිට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ උස් කඳුවල සිට ගංඟා රොන්මඩ එකතු කරමින් ගලා බසී.

භූ ලක්ෂණ[සංස්කරණය]

කාලයක් තිස්සේ පුළුල්ව සිදුවන විභේදන හා පාංශු ඛාදනය හේතුවෙන් දිවයින විවිධ භූ ලක්ෂණ විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාව දර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට මෙය හේතුවී ඇත. උස මට්ටම අනුව ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප 3 ක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරය, අභ්‍යන්තර තැනිතලාව හා වෙරළබඩ තීරුව යනු ඒවායි.

ශ්‍රී ලංකාවේ දකුණු මධ්‍යම කොටස හෙවත් විෂම මධ්‍යම කඳුකරය රට මැද පිහිටා ඇත. මෙහි මධ්‍ය වන්නේ උතුරේ සිට දකුණට 65 Km පමණ ප්‍රදේශයකට විහිදෙන උස් සානුවයි. මෙම ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ උසම කඳු පිහිටා තිබේ. (උසම කන්ද වන්නේ 2524 m පමණ උස පිදුරුතලාගල කන්දයි) සානුවේ දකුණු අන්තයේ සමනල කන්දද 2543 m, බටහිරින් දිවෙන කඳු පන්තියක් හා නමුනුකුල (25036 m) දෙසට නැගෙනහිරින් දිවෙන ලෙස කඳු පන්ති පිහිටා ඇත. උස් හෙල් වල බෑවුම් වල උසින් අඩු සානු 2 ක් පිහිටා ඇත. බටහිරින් පිහිටා ඇති ‍හෝර්ටන් සානුව දළ බැවුම් සහිත හෙල් රාශියකින් සමන්විත වේ. එම සානුව උතුර දෙසට බෑවුම්ව පිහිටා ඇත. ඌව ද්‍රෝණිය තණකොළ සහිත කඳුවැටි හා ගැඹුරු නිම්න හා දුර්ග මාර්ග වලින් යුක්තය. පළල් නිම්න මඟින් ප්‍රධාන කඳු හා සානු වලින් වෙන්ම උතුරින් නකල්ස් කඳු වැටිය පිහිටා ඇත. එහි තද බෑවුම සහිත මොහොර, දුර්ග මාර්ග හා 1800 m ට වඩා උස් කඳු මුදුන් දක්නට ලැබේ. සමනල කන්දට දකුණින් වන්නට පිහිටි රක්වාන කන්දේ සමාන්තර කඳු වැටි කිහිපයක් දක්නට ලැබේ. එහි සමහරක් කඳු මුදුන් 1400 m ට වඩා උසින් යුක්ත වේ. වෙරළබඩ තැන්නට ලඟා විමට පෙර මුහුදු මට්ටමේ සිට 400 m හා 500 m උසින් පිහිටි කඳුකරයේ මොහොර හා වාසාවකාශ ගණනාවක් හමුවේ.

දිවයිනේ පෘෂ්ඨය වැඩි වශයෙන් තැනී ඇත්තේ මුහුදු මට්ටමේ සිට 30 m ත් 200 m ත් අතර උසින් පිහිටි තැනිතලා වලිනි. නිරිත දිග කඳු වැටි හා නිම්න ක්‍රමයෙන් උසින් වැඩි වී මධ්‍යම කඳුකරය හා සම්බන්ධ වීම නිසා තැනිතලාව කැඩුණු ස්වභාවයක් ගනී. මෙම ප්‍රදේශයේ සිදුවන පාංශු ඛාදනය නිසා කඳු වැටි ක්ෂය වන අතර එම සාරවත් පස කෘෂිකාර්මික ප්‍රයෝජනය සඳහා පහත් බිමවල තැන්පත් වේ. ගිනිකොණ දිග සමතලා ප්‍රදේශයේ බිම රතු ලැටරික් පස් වලින් සමන්විත වේ.එමෙන්ම ශේෂ කඳු තැනිත් තැන දක්නට ලැබේ. ගිනිකොණ දිග ප්‍රදේශයේ තැනිතලාවේ සිට මධ්‍යම කඳුකර දක්වා වු භූමියේ ස්වභාවය ක්ෂණිකව සංක්‍රණය වීම නිසා මෙම ප්‍රදේශයේදි කඳු වැටි තාප්පයක් මෙන් විහිදි තිබේ. නැගෙනහිර හා උතුරේදී තැනිතලාව සමතලාව වන අතර මධ්‍යම කඳුකරයේ සිට දිවෙන පටු දිග කලු ගලින් සැදි කඳු වලින් යුක්තය.මුහුදු මට්ටමේ සිට මී. 30 දක්වා උසට විහිදෙන වෙරළ බඩ තැනිතලාව වටා වෙරළ තීරයක් පවතියි. එම ප්‍රදේශයේ වැඩි කොටසක් දර්ශනීය වෙරළ තීරයන්ගෙන් යුක්තයි.

ශ්‍රී ලංකාවේ විවිධ පාරිසරික කලාප[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සහ වාරිමාර්ග දැක්වෙන සිතියම

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන ක්‍රම තිරණය වන්නේ, ශ්‍රී ලංකාවට ලැබෙන්නනා වු වර්ෂාපතනය මතයි. කඳුකරයත්, නිරිත දිග කලාපයත් "තෙත් කලාප" (Wet Zones) ලෙස හඳුන්වන අතර එම කලාපයට සාමාන්‍යයෙන් වසරකට 250 cm වැඩි වර්ෂාපතනයක් ලැබේ. ගිණිකොණ, නැගෙනහිර හා උතුර යන ප්‍රදේශ අයත් වියළි කලාපයට (Dry Zones) වසරකට 1200 mm - 1900 mm අතර වර්ෂාපතනයක් ලැබේ. අනෙකුත් මාස තුළදී ඉතා අඩු වර්ෂාපතනයක් දැකිය හැකිය. ශුෂ්ක කලාප (arid Zones) වන ඊසාන දිග හා ගිණිකොණ දිග කලාපවලට ලැබෙන්නේ වසරකට 600m-1200 mm වර්ෂපාතනයකි.


වියළි කලාපයේ ස්වභාවික වක්ෂලතා, ජලගැලීම්, නියගයන් ආදියට අනුවර්තනය වී ඇත. බහුතරයක් ලෙස මුදු කෑලැ දැකිය හැකි අතර එහි ඝන පඳුරු හා පතොක් වර්ග ඇත. නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඉතා සීඝ්‍ර වෘක්ෂලතා වර්ධනයක් දැකිය හැකි වුවත් මාර්තු සිට අගෝස්තු දක්වා වර්ධනය වේගය අඩුවේ. ජලය රදවා ගැනිමට ගස් පොත්ත ඉතා ඝනවන අතර පත්‍ර කුඩාය. ශාක මුදුන් එකිනෙකට බැදුනා සේ විහිදෙන අතර වියනක් සේ දැකිය හැකිය. මෙය තෙතමනය රදා පවත්වා ගැනීමට උදව් වේ. වර්ෂාපතනය නැති කල වෘක්ෂලතා දුඹුරු හෝ අළු පැහැ වන අතර වර්ෂාපතනය ඇති කල මල් ඵල හට ගනී. යාපන අර්ධවීපයේ ඉතා අලංකාර මල් වර්ග දැකිය හැකිය. මෙම ප්‍රදේශවල බුරුත, කළුවර හා මහෝගනී වැනි වටිනා ශාක වර්ග දක්නට ලැබේ.

තෙත් කලාපයේ ඇත්තේ ඉතා ඝන සාරවත් වනාන්තරය. එහි උස ගස්, පළල් කොළ, අතු සහ ඝන උඩුවියන් ඇත. උපනිවර්තන කලාපවල උන්තාංගය (altitude) වැඩි වීම සමග සදාහරිත වනාන්තර ඉතා සාරවත් වේ. කදුකර වෘක්ෂලතා උන්නතාංශය වැඩි වීමත් සමග කුරු ස්වභාවයක්ද ගනී.

කලක් ශ්‍රී ලංකාව වනාන්තර වලින් වැසී ගියත් 20 වන සියවස වන විට වනාන්තර හෝ සංරක්ෂිත වනාන්තර දැකිය හැක්කේ 1/5 පමණි. නිරිත දිග කලාපයේ පමණක් දැනට තෙත් බිම් කලාපීය වන ලැහැබ් දැකිය හැකිය. රජයද මේ කාර්යය සදහා අත්වැලක් දේ. යාල වනෝද්‍යානයෙහි අලි, මුවන්, මොනරුන්ද, විල්පත්තු වනෝද්‍යානය කුරුල්ලන්ද ආරක්ෂා කරයි. 1970 සහ 1980 ඇති වු මහවැලි ව්‍යාපාරය, 1900 km2 වු බිම් ප්‍රමාණයක් මේ සදහා වෙන් කරන ලදී.

ආශ්‍රිත අනෙකුත් දූපත්[සංස්කරණය]

මිනිස් ක්‍රියාකාරකම්[සංස්කරණය]

දේශපාලනය[සංස්කරණය]

සමස්ත දිවයින ශ්‍රී ලංකාවට අයත්ය. දිවයිනේ කොටසක දෙමළ ඊළම නමින් වෙනම රාජ්‍යයක් පිහටුවීම සඳහා බෙදුම්වාදී මතධාරීන් උත්සාහ දරමින් සිටී.

ගොවිතැන් සඳහා භූමි පරිහරණය[සංස්කරණය]

පසුගිය වසරක කාලය තුළ මිනිසාගේ වාසස්ථාන ව්‍යාප්ත වීම සිදුවුයේ ගොවිතැන් කරන ප්‍රජාව ලෙසයි.වර්ෂ 1970 දී පවා මිනිසුන් ප්‍රධාන වශයෙන් කුඩා ගම්මානවල වෙසෙමින්කෘෂිකාර්මික කටයුතු වල නියැළෙමින් ජීවත් වී තිබේ. තෙත් හා වියලි ලෙස ජලය මත රදා පැවතෙමින් සාම්ප්‍රදායික ගොවිතැන් විධි හා ජීවන රටාවන් ඇති වී ඇත. වීවගා කටයුතු සිදුවන්නේ සාමුහික ක්‍රියාදාමයක් ලෙසින්ය. සමහර විට මෙම නිවාස ප්‍රධාන පාර අසල කඩ මණ්ඩියක් සමඟ හෝ ගම තුළ කුඩා කණ්ඩායම් ලෙස පැවතිය හැකිය. කුඹුරු, නිවාස අසලම පිහිටා ඇති අතර කුඹුරු තුල උක්, පොල් වැනි අතුරු බෝග ද වගා කරයි. තල් ගස්ද තම සීමාවන්හි වගා කරනු ලබයි. පුද්ගලික නිවාස වල එළවළු වගාද පවත්වා ගනී. වැහි කාලවල සහ ඉන් පසුවද කුඹුරු, බෝග වගා වලින් පිරී පවතී.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ[සංස්කරණය]

  1. Pathirana, H.D.N.C., 1980, Geology of Sri Lanka in relation to Plate Tectonics; L. Natn. Sci. Coun. Sri Lanka v. 8, p. 75-85
"http://si.wikipedia.org/w/index.php?title=ලංකා_දිවයින&oldid=307110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි