පුරාවස්තු - ශ්‍රී ලංකා
Wikipedia වෙතින්
පටුන |
[සංස්කරණය] හැඳින්වීම
අපගේ මුතුන් මිත්තන් විසින් කරන ලද විවිධ නිර්මාණ වලින් ශේෂ වූ ද්‍රව්‍යාත්මක සාධක පුරාවස්තූන් ලෙසට හඳුන්වනු ලබයි. තවද මේවා ආදිතමයන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට වන අතර පුරාවස්තුවක් ආකාර දෙකකින් හඳුන්වා දිය හැකිය. එනම්,
- . පුරාවස්තුවක් පිළිබඳ නෛතික අර්ථ නිරූපණය.
- . පුරාවස්තුවක් පිළිබඳ භෞතික අර්ථ නිරූපණය.
භෞතික අර්ථ නිරූපණය යටතේදී ඍජු හා වක්‍ර වශයෙන් ද ආධාර වන සාක්‍ෂි දක්නට ලැබේ. පුරාවිද්‍යා ආඥා පනත ට අනුව පුරාවස්තුවක්යනු වර්ෂ 1815 මාර්තු 02 දිනට වඩා පැරණි මිනිස් ක්‍රියාකාරකමක් හා සම්බන්ධ වු දෙයකි. එනම්, උඩරට ගිවිසුමට අත්සන් කළ දිනයයි. එසේම යම්දෙයක් වසර 100කට වඩා පැරණි නම් එය පුරාවස්තුවක් ලෙස ප්‍රකාශ කිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට ඇත. මෙය ස්වභාවයයි. මිනිස් ක්‍රියාකාරකම් මුල්කරගෙන පහළ වූ යම්කිසිද්‍රව්‍යාත්මකසාධකයක් (දෙයක්) පුරාවස්තුවක් ලෙසට භෞතික (ද්‍රව්‍යාත්මක) ව දැක්විය හැකිය. අප ආදිතමයන් වාසය කළ ගේ දොර , පරිහරණය කළගෘහ ෙඋපකරණ ආහාර වශයෙන් ගත් දෙයෙහි අවශේෂ (ඉතිරි කොටස්) පරිසරයෙහි පැවති ගහ, කොළ, සහ එවකට සිටි සතා සිවුපාවා ද මේ අතරට අයත්වේ. මෙසේ පැරණි මානවයා පිළිබඳව දැනගැනිමට හැකිවන සියලුම භෞතික සාක්‍ෂි පුරාවස්තු වශයෙන් ිරලව හැඳින්විය හැකිය.
[සංස්කරණය] පුරාවස්තුවක්හඳුනාගන්නේ කෙසේද?
පුරාවස්තු හදඳුනාගැනිම උදෙසා පුරාවිද්‍යාඥයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රම 04 දක්නට ලැබේ. එනම්,
විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමය.
- 'කාබන් 14 තාප සංදීප්ත ක්‍රමය.
- කලා නිර්මාණවල ශෛලිය අනුව.
- . නිර්මාණයේ හැඩය අනුව.
- පුරාවස්තු වටා ඇති වස්තූන්ගේ පුරාවිද්‍යාත්මක වටිනාකම අනුව
(ඊට ආසන්න වෙනත්සාක්‍ෂි පදනම් කරගෙනය.)
මෙලෙස නීර්ණය (තීරණය) කරන ලද ද්‍රව්‍යන් පුරාවස්තූන් ලෙසට හඳුනාගනී. ඒ අනුව පැරණි දාගැබ් , ශිලා ලෙඛව , පෙති පිළිම, වැව් අමුණු වැනි මහා පරිමාණ නිර්මාණවල හා කර්මාන්තවල සිට කුඩා වළං කැබලිත් දක්වා වු සියලු වස්තූන් පුරාවස්තූන් පුරාවස්තූන් වේ. නමුත් පුරාවස්තු සඳහා පවතින නිතිමය තත්වය රටින් රටට වෙනස් වේ.ඉන්දියාවේ වසර 100 ට වඩා පැරණි ද්‍රව්‍යන් වුනත් යුරෝපයේ වසර 50ට වඩා පැරණි ද්‍රව්‍යන් ද පුරාවස්තු ලෙසට ඔවුන් සළකයි.
[සංස්කරණය] පුරවස්තු සුරකින ආයතනය
ලංකාවේ ජාතික උරුමය සුරුකීමත් ඒ පිළිබඳ ජනතාැවට අවබෝධයක් ලබා දීමටත් , පුරාවස්තු සංරක්‍ෂණය කිරීමත් පැවරී තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. වර්ෂ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්‍ෂක ජනරාල් යනුවෙන් නවනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්‍යන්‍ෂක ජනරාල් වශයෙනි.වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.
ආරම්භයේදී සිටම මේවනතෙක් බොහෝ කොමසාරිස්වරු හා අධ්‍යක්‍ෂක ජනරාල්වරුන් නිල බලය දරන ලදී.
01. 1890-1912 - H.C.P. බෙල්
02۔1931-1934 - ආචාර්ය සෙනරත් පරණවිතාන
031958-1967 - ආචාර්ය C.E.ගොඩකුඹුර
04. 1967-1979 - ආචාර්ය රාජා ද සිල්වා
05. 1979-1983 - ආචාර්ය සද්ධාමංගල කරැණාරත්න
06. 1983-1990 - අාචාර්ය රෝලන්ඩ් සිලවා
[සංස්කරණය] ලාංකීය උරුමයන්
ශ්‍රී ලාංකිකයන් වු අපට ලොව ශ්‍රේෂ්ඨ යැයි පිළිගැනෙන පුරාවස්තූන් හා නොබියව තරඟ කළහැකි පුරාවස්තූන් රැසක්ම උරුම වී ඇත. ලෝතයම මවිත කරවන තරමේ විශිෂ්ට තාක්‍ෂණයෙන් යුතු පුරාවස්තුන් ද මේ අතර වේ. වාරි පද්ධතියකින් හා සෞන්දර්ය රසිකත්වය තියුණු කරවන විශිෂ්ට කලාවක් ආගමික ශික්‍ෂනයෙන් යුතු සෞභාග්‍යමත් සමාජයක් අතීතනේ උරුමකරගත් ශ්‍රී ලාංකිකයන් තරම් ජනතාවක් ලොව නොමැති තරම්ය. මෙලෙස ලාංකික උරුමයන් අපට කොටස් 04 යටතේ වර්ගීකරණය කළ හැකිය.
01.ශිලා ලේඛන
02.වාස්තු විද්‍යාව
03.මුර්ති හා කැටයම්
04.චිත්‍ර කලාව
මෙයට අමතරව අපට මෙම පුරාවස්තු,
- දේශපාලනිකව
- ආර්ථික
- ආගමිකව හා
- සංස්කෘතිකව ද වර්ග කළ හැකිය.
[සංස්කරණය] ශිලා ලේඛන
යමෙකුට අදහස් ප්‍රකාශ කිරීමට ඇති එක් මාර්ගයක් ලේඛන කලාව. මෙම ශිලා ලේඛනයන් ද පිහිටි ස්ථානය අනුව ලෙන් ලිපි, ටැම් ලිපි, ගිරි ලිපි, පුවරු ලිපි, ලෙසයි. මෙම සෙල්ලිපි මහින්දාගමනයෙන් පසු අක්‍ෂර මාලාවක් ලැබීමෙන් පසු ලියවුණු ඒවාය. මේවා කොටා ඇත්තේ ලංකාවේ පැරණිතම අක්‍ෂර මාලාව වන බ්‍රාහ්මී අක්‍ෂර වලිනි. මේවායින් පැරණි ජන සමාජයන්හි තොරතුරු හෙළිදරව් වන අතර වෙස්සලිරිය, රිටිගල, දඹුල්ල, සිතුල් පව්ව, රජගල, සහ තවත් ප්‍රදේශ වලින් හමුවී තිබේ.
[සංස්කරණය] වාස්තු විද්‍යාව
විශිෂ්ට තාක්‍ෂණයෙන් ද කලාත්මක භාවයෙන්ද යුත් අතීත උරුමයන් අතර බොහොමයක් වාස්තු විද්‍යාවට අයත් වේ. වාරි කර්මාන්තය මුල් තැනක් ගනී.මෙපලස නිර්මිත වැව් හා ජලාශ 34,000 කට වඩා අධික ප්‍රමාණයක් වන අතර තිසා වැව,පදවිය,පරාක්‍රම සමුද්‍රය හා කලා වැව නිදසුන් වේ. බිසෝ කොටුවද ඒහා සමානවම වැදගත් වේ.මැටි, දැව වැඩි කාලයක් නොපවතින ද්‍රව්‍ය වලින් අරම්භ කළ ගොඩනැගිලි තැනීමේ කලාව හා තාක්‍ෂණය වර්ධනය විය.මෙයට යාපහුව පර්වත මස්තකයෙන් සොයාගත් කාල රක්ත වර්ණ මැටි බඳුන මීට නිදසුනකි. ලොව විශාලම ගඩොලු නිර්මාණය වන ජේතවනාරාමය , කලාත්මක අංග සමුහයකගේ එකතුවක් වන සීගිරිය ,මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකළ මහල් 12න් යුතු බද්ධ සීමා ප්‍රාසාදය, අවුකන , තොළුවිල පිළිම, සඳකඩ පහණ, මුරගල, වැනි නිර්මාණ රැසකි.
සීගිරිය ලෝක උරුමයක් ලෙසට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය 1982 දී ප්‍රකාශ කරන ලදී. කාශ්‍යප රජුගේ ආලක මන්දාව වු සීගිරිය ක්‍රිස්තු වර්ෂ 07 වන සියවසට අයත්ය. එහි මාක සහැත භූමි භාගය, උද්‍යානය, දිය අගල, කැටපත් පවුර(ගී 1000කි) රජ මාලිගය (හෙක්ටයාර 1.5) සිංහ පාද දොරටුව හා ගල් තලාව වාස්තු විද්‍යාල්මක ලක්‍ෂණ සක්වයි.
- අවුකන පිළිමය
අනුරාධපුරයේ නෑගම්පහ කොරළයේ පිහිටුවා තිබේ. ක්‍රිස්තු වර්ෂ 8 වන සිය වසට අයත් වන අතර පද්මාසනය මත නෙළා ඇති මෙය මහා පුරුෂ ලක්‍ෂණයන් විදහා පාමින් උත්තම ප්‍රඥාව මුර්තිමත් කෙරේ. සමභංග (පාදයේ මහපට ඇඟිලි දෙක එක සමානව තබා ඇත.) මෙම පිළිමය හිටි පළිමයක් වන අතර උස අඩි 37.26 ක් (මීටර 11.36) වේ. සිවුර ඒකාංශ වන අතර එය තනි රැල්ලකින් යුතුවේ. ධාතුසෙන රජු දවස (ක්‍රි.ව. 459-477) කරවු කාලසේලසන්ථු පිළිම ගෙය වත්මන් අවුකන පිළිම ගෙය වේ.
උස මීටර එකක් හා පළල මීටර භාගයකින් ද යුත් පුන්කලස කැටයම් සහිත හා රහිත ලෙස නිර්මාණය කර ඇත. දිව්‍යරාජ ඔටුන්නක් හා ආභරණ ඇඳුම් ද දැනට මුරගල තුළ දර්ශනය වන කොටස් අතර හිස වටා ඇති වයි පෙණ රැසකි. පහළ වාමන රූප02ක්ද වේ.
[සංස්කරණය] මුර්ති හා කැටයම්
ලංකාවේ ඉතා විශිෂ්ට ගණයේ මුර්ති හා කැටයම් දක්නට ලැබේ.මෙහිදී සමාධි බුද්ධ ප්‍රතිමාව මුල් තැනක් ගනී.
- සමාධි බුදුධ ප්‍රතිමාව
අනුරාධපුර මහ මෙව්නාවේ පිහිටි අතර උස අඩි 07ක් පමණ වන අතර බුදුන්වහන්සේ සමාධි සුවයෙන් විඩසිටින විලාසයක් මුර්තිමත් වේ.අඩක් පියැවී ඇති දෙනුවන් ද මද සිනාවද නිසා පුතිමාවේ මුහුණට ලැබී ඇත්තේ සෞම්‍ය ගාම්භීර පෙනුමකි. බුදුරදුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඉන් මතුවී පෙනේ. ධ්‍යාන මුද්‍රාව ද ඉන් නිරූපණය වේ.
- අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව
"ගිරිදර ප්‍රතිමාව " නමින් හැඳින්වෙන යෝගී අවලෝකිතේශ්වර ප්‍රතිමාව ගම්පහ දිස්ත්‍රික්කයේ ගිරිදර ප්‍රදේශයෙන් හමුවුවකි. හිටි පිළිම ගණයට අයත් වන අතර අත් දෙකකින් යුතුව ද දකුණත අභය මුද්‍රාව හා මදක් ඔසවන ලද වම් අතේ කටක මුද්‍රාවද නිරූපළණව වේ. යටි කවෙහි ධෝතියද ඊට යටින් අන්තරාවාසිකය ද වෙයි. පයෙහි ගොප් ඇටයට මදක් ඉහළින් අවසන් වේ. උඩු කයෙහි ද උතුරු සළුව අඟවන පටු රෙදි පටියක් වේ. උඩු කයෙහි ආභරණ කිසිවක් නොමැත.හිසෙහි ඔටුන්නක් ද වේ.
ලාංකිය කැටයම් කලාවේ විශිෂ්ටත්වය පෙන්වන ස්ථානයකි. 3වන විත්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද අතර දෙල්මඩු ආචාරීන් නම් වු තැටයම් ශිල්පියාගේ දායකත්වය ලැබී ඇත. අලංකාර දැව නිර්මාණයක් වන අතර තැටයම් කලාත්මක බවින් යුක්තය. මෙහි කණුවල පේකඩ සතරකින් යුතුවන අතර සමහර කණුවල පේකඩ 02කි. මල්ලවමපොරය, හංස පුට්ටුව, භේරුණ්ඩ පක්‍ෂියා , සිංහයා , ලණු ගැටය, ඇත් නග ලිහිණියා, නළඟන සහිත ලිය වැල, ඇදී අගනා කැටයම් ඇති අතර කණුවල කැටයම් 514 ක් ඇත.
[සංස්කරණය] චිත්‍ර කලාව
ලාංකීය චිත්‍ර කලාව තුළ ඉපැරණි සිපතුවම් බොහොමයක් වන අතර ඉන් බොහොමයක් බෞද්ධ මුහුණුවරක් ගත් බව පෙනේ.
- කැලණියේ පරණ විහාරයේ සිතුවම්
- හිඳගල සිතුවම්
- අනුරපුර යුගයේසීගිරි සිතුවම්
මීට අමතරව ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ මිනිසා සම්බන්ධ තොරතුරු රැසක්ම කුරුවිට බටදොඹ ලෙන තුළින් අනාවරණය විනි. ලෙන අභ්‍යන්තර භූමිය අක්කර 35ක් වන අතර ඉන් එකල මිනිසාගේ චර්්‍යාවන් හඳුනා ගත හැක. පාංශු ස්ථර 10ක් ඇති අතර ඉන් 04 වන ස්ථරයෙහි වසර 13,000-14,000 තරම් කාලයට අයත් බැව් පෙනේ. මින් කැකුණ ඇට ද ඔළු මුවන් දඩු ලේනුන් , වළි කුකුළන් හා වඳුරු වර්ග ආදී සතුන් පිළිබඳ සාධක ද ලැබී ඇත. 1982 දී කළ කැණීමකදී ව්‍යාග්‍රයෙකුගේ ඇඟිලි පුරුකක් හමු වු අතර ඒ පිළිබඳ ව තොරතුරු 2005 දී දිංගප්පුරුවේ රැෆල්ස් (Raffels) නම් විද්‍යාත්මක ප්‍රකාශනයේ පළ විනි. මින් හමු වු මානව ඇට සැකිළි අදැන් වසර 18000 කට පැරණී බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි. අස්ථි උපයෝගී කරගෙන තැනු මෙවලම් ද වේ. ශිලා මෙවලම් දප්‍රමාළණලයන් සෙන්ටිදීටර 5ත් අඩු ප්‍රමාණයේ ඉතා පකුඩා වේ. ඒවා පොදුවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (geometic microlithics) නමිනි. තිරුවානා කහඳ මෙවලම් බෝල ,ගල් වෙරළු , සතුන් අතර ගස් බෙල්ලන් , මුහුදු බෙල්ලන්, වල් ඌරන්, මීමින්නන් ද වේ.
[සංස්කරණය] පුරාවස්තු රැකගැනීමේ වැදගත්කම
ඉපැරණියන් අප වෙත දායාද කළා වු මෙම පුරාවස්තු අනාපත පරපුර උදෙසා ආරක්‍ෂා කළ යුතුය. මේවා රැකගැනීමට අප පෙළඹෙන හේතු
රැසකි. පහත සඳහන් සංස්කෘත කියමන මෙහිදී ඉතා වැදගත් වේ.
" කලාව , සාහැත්‍ය, ඉතාහාසය, ආදී විෂයන් ගැන සංවේදී
නොවන තැනැත්තේ අං යුවළක් හා වල්ගයක් නැති
ගවයෙකු වැන්න. ඔහු තළණකොළ නොකෑම ගවයන්ගේ
භාග්‍යකි"
මිනිසා සංස්කෘතියක් සහිත එකම ජීවියාය. ඔහුට අනිකුත් සතුන් මෙන් පුරාවස්තු බැහැර කළ නොහැක. ඔහුට ඉන් ආධහාත්මික අංශයන්හි ඇසුර ලැබීම මෙයට හේතුවයි. පුරාවස්තු රැකගැනිම මනෝවිද්‍යාත්මක (මනස හා සම්බන්ධ) මුලධර්මයක් මත පදනම් වුවකි.සෑම මිනිසෙකු තුළම පුරාවස්තු හෝ අතීතය පිළිබඳ කුතුහලයක් තිබේ. " යම් අවස්තාවක නුතන හිස් කබලක් පෙන්නුව හොත් පුද්ගලයෙකු ඒදෙස පළිකුලෙන් බලයි. නමුත් වසර 34,000 ක් පැරණි බලංගොඩ මානවයාගේ හිස් කබලක් දකින්නට සැලසුවහොත් එය අතටගෙන බැලීමේ වුවනමනාවක් ඇති වේ. අතීතයත් වර්තමානයත් අනාගතයත් සම්බන්ධ යැයි කිවන මුලධර්මය තවත් කරුණකි.යම් සාජයක මිනිසෙකුට දැඩිව තම සිත හදා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් තමාට ඉතිහාසයක් නැති බවයි , නම් ඔහු නැවතත් ගල් යුගයට යාමට සිදු වේ. වර්තමානයේ අප පරැහරණය කරනුයේ අතිතයේ නිෂ්පාදනයන්හි වර්ධන තත්වයන් වේ. රෝදයේ විකාශනය සිදු වුයේ කුඹල් සකෙනි.අපගේ ඉතිහාසයේ විකෘති තැන් ප්‍රකෘති කර ඇත්තේ ඉතිහාසයේ අඩු තැන් පුරවා ඇත්තේ පුරාවස්තු මඟිනි. පැරැන්නන්ගේ ජීවන රටාව නිර්මාණශීලී පැතිනඩ හා ස්වභාවය හඳුනාගිවීමට බෙහෙවින් උපකාරී වේ. එසේම පුරාවස්තු නිසා විශාල වශයෙන්ම ආර්ථික වාසි ලබා ගත හැතිය. මෙරට ආදායමෙන් වසැළකියයුතු ප්‍රමාණයක් ලබා දෙන්නේ පුරාවස්තුවයි. විදේශ විනිමය උපයාසංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මුළුමනින්ම පදනම් වන්නේ පුරාවස්තු මතය. පුරාවස්තු ආරක්‍ෂා කර ගැනීමට රටක වෙසෙන සාමාන්‍ය ජනතාවට දායක විය හැකිය. ශ්‍රී ලංකාව තුළ පුරාවිද්‍යා ස්ථාන 2,50,000ක් පමණ වන බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින 1600 පමණ වන පිරිසට මේ සියල්ල ආරක්‍ෂා කර ගැනීමේ දැඩි වගකීමක් ජනතාවට තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන්නේ ජනතාවගේ උරුමය රැකීමට ජනතාවට සහය දීමකි.
[සංස්කරණය] පුරාවස්තු විනාශ වීමට හේතු
පුරාවස්තු විනාශ වීමට බලපාන හේතු 02කි.
- සවිඤ්ඤානිකව
- අවිඤ්ඤානිකව
අවිඤ්ඤානින බව නිසා පුරාවස්තු සහිත භූමි ස්මාරක ආදිය විනාශ කරති.නිවාස තැනීම, සංවර්ධන යෝජනා ක්‍රම, නාගරීකරණය හා විවිධසිවිල් අර්බුධ නිසා ද වේ. පැරණි බිතු සිතුවම් තිබෙන විහාරස්ථාන වල පුද්ගලයන් විසින් සුවඳ දුම් හා පහන් පූජා කිරීම නිසා හානි පැමිණේ. ඊට වඩා ප්‍රබල ලෙස සවිඤ්ඤානිකව කරන ක්‍රියාවන් නිසා සිදු වේ.
- පැරණි ස්ථාන ආශ්‍රිතව වටිනා දේ ඇතැයි යව වැරදි සංකල්පය.
- " නිදන් වදුල" පුස්කොළ ග්‍රන්ථය උපයෝගි කර ගැනීම.
- රන් ප්‍රතිමා සංකල්පය.
- මාධ්‍ය මඟින් වගකීමෙන් තොරව ගෙන යන ප්‍රචාර
පැරැන්නන් විසින් නිර්මිත පරිහරණය කළ මේ පුරාවස්තු වල විශේෂත්වය වන්නේඒවා විනාශ වුවහොත් නැවත ඇති කළ නොහැක.පුරාවස්තුවක් රැකගත යුත්තේ ඒ එකිනෙකට ආවේණික වු වටිනාකමක් තිබීමයි.
[සංස්කරණය] පිංතූරයට ඉඩක්
- මුර්ති හා කැටයම්
- සිතුවමක අසිරිය
[සංස්කරණය] මුලාශ්‍රයෝ
01.ගවේශණ කණ්ඩායම: (යාපහුව) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2001 මාර්තු 10
02.වික්‍රම ගමගේ චන්ද්‍රා : අනුරාධපර පුජනීය හා රාජකීය ස්ථාන 1995 මැයි ශ්‍රී ලංකා සංස්කෘතික ශාස්ත්‍රායනය
03.විජේසේකර නන්දදේව : පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසය 1990 .04.02 (කොළඹ)
04.මුදියන්සේ නන්දසේන : ඇම්බැක්කේ වර්ණනාව හා වෙනත් ලිපි 2002 එස්. ගොඩගේ ප්‍රකාශකයෝ
05.සිරිමල්වත්ත වාසනා : පුරාවිද්‍යාව හඳුනාගනිමු විජේසුරිය පාඨක පදනම(පුංචි බොරැල්ල)
06.www.wijeya.lk/wijeya : (2008 ජුනි, 17,ජුලි 08/10/15)
