ශ්‍රී ලංකාවේ පළාත් මල්
Wikipedia වෙතින්
පටුන |
[සංස්කරණය] හැඳින්වීම
ලොව වෙනත් රටවල මෙන් අප රටේ ද ජාතික අනන්‍යතාවය හෙළි කිරීමට සංකේත රාශියක් නිල වශයෙන් භාවිත නරනු ලබයි.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය,ජාතික ගීය,ජාතික ක්‍රීඩාව,ජාතික ඇඳුම ජාතික පුෂ්පය,ජාතික වෘක්ෂය සහ ජාතික පක්ෂියා යනාදී වශයෙනි.මීට අමතරව පළාත් සඳහා නම් කරන ලද පළාත් කොඩිද පවතී. නමුත් අද වන විට පළාත් සංකේත අතරට අලුතින් එකතු වූවක් ලෙස "පළාත් පුෂ්පයන් "හඳුන්වාදිය හැකිය.
[සංස්කරණය] පළාත් පුෂ්ප තෝරා ගැනීමේ නිර්ණායක
එක් එක් පළාත පිළිබඳ සළකා බලන විට ඒ ඒ පළාතට සුවිශේෂ වූ ජෛව විවිධත්ව හඳුනාගත හැකිය.මෙම විවිධත්වය සංකේතවත් කිරීමේ අරමුණින් ඒ ඒ පළාතට විශේෂ වු පුෂ්ප පළාත් පුෂ්ප වශයෙන් හඳුන්වා දී ඇත.මෙසේ හඳුන්වාදෙන ලද්දේ "පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රවීනයන්ගේ කමිටුව" විසින් කරන ලද නිර්දේශයකට අනුව වේ.ලෝක ජෛව විවිධත්ව දිනය (මැයි 22 දා) තේමා කර ගනිමින් මෙම පුෂ්ප තෝරා ගන්නා ලදි. මෙම තෝරා ගැනීමේදි එකඟතාවයකට පත්වීමට නොහැකි වූ පුෂ්ප යෝජිත පුෂ්ප ලෙස නම් කර ඇත.පළාත් පුෂ්පයන් තීරණය කිරීමේ නිර්නායක ලෙස ඔවුන් නිර්ණායක කිහිපයක් හඳුනා ගත්හ.
- පුෂ්පය දරන ශාකයේආවේණික බව
- වඳවීමේ තර්ජනයට ලක්වී තිබීමේ තත්ත්වය
- පළාත් පරිසර පද්ධති තුළ කැපී පෙනෙන ස්වභාවය
- පුෂ්පයේ බහුවිධ භාවිතය
- ශාකය හෝ පුෂ්පය හා බැඳුණු සංස්කෘතික,ආගමික වටිනාකම
මේ ආකාරයට නිර්ණායක කිහිපයක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත,උතුරු මැද පළාත,නැගෙනහිර පළාත,මධ්‍යම පළාත,ඌවපළාත,සබරගමු පළාත,දනුණු පළාත,බස්නාහිර පළාත හා වයඹ පළාත යන පළාත් නවය සඳහා "පළාත් පුෂ්පයන් නම් කර ඇත.
[සංස්කරණය] වයඹ පළාත
- පුෂ්පය: ඇට්ටේරිය
- උද්භිද විද්‍යාත්මකනාමය: Murraya Paniculta(L)Jack
- කුලය: Rutacea
මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවක් ලෙසහඳුන්වයි.ආයුර්වේද බෙහෙත් වට්ටෝරු වලදී සුරබි,සීසප හා යාපුරං යන නම් වලින් හඳුන්වයි.ඉංග්‍රීසි භාෂාවෙන් මෙය "Dharsuubatae Neepasae" යනුවෙන් දැක්වේ. ශාකයේ ස්වභාවය ගත්විට ගස මීටර පහක් තරම් උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොළයක හැඩයට සමාන වන අතර දිලිසෙන සංයුක්ත පත්‍ර වේ. රාත්‍රි සඳ එළියත් සමඟ පිපෙන මෙම මල් සුදු පැහැයෙන් යුක්තය. මෙම ශාක ලංකාවේ පහත රට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත.විශේෂයෙන් ම පහත රට මෝසම් වැසි වනාන්තර වල සහ ගල් කුහර වල වැඩි වශයෙන් දක්නට ලැබේ.ඒ හැරෙන්නට ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව,මැලේසියාව යන ආසියාතික රටවල සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වී ඇත. මෙම ඇට්ටේරිය ශාකයේ ප්‍රයෝජන පිළිබඳ සළකා බලන විට ප්‍රධාන වශයෙන් ගෘහස්ත වගාවට සුදුසුය.අද වන විට මේවා විසිතුරු බඳුන් වගා ක්‍රමයක් ලෙස අලෙවිය සඳහා යොදාගෙන තිබේ. ශාක කඳ ගෘහ කර්මාන්ත යේ දී කැටයම් කැපීම, භාණ්ඩ න්ෂ්පාදනය යන අංශ වලට යොදා ගනියි. ශාක පොතු සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත්,පොත්තේ යුෂ ආහාර ජීර්ණය පහසු කිරීමටත් යොදා ගන්නා ඔසුවක් ලෙස නම් කෙරේ.
[සංස්කරණය] උතුරු මැද පළාත
- පුෂ්පය: ඇහැළ
- උද්භිද විද්‍යාත්මක නාමය : Cassia Fistula(L)
- කුලය: Febacae
ඇසළ මාසය හා බැඳුණු ඇහැළ මල් ඉතා අලංකාර මල් විශේෂයක් ලෙස හැඳින්විය හැකිය. "Showers of Gold" යනුවෙන් ඉංග්‍රීසි බසින් මෙම මල් හඳුන්වන අතර දෙමළ බසින් "Tirukkontai"ලෙස දක්වයි.මෙම ශාකයේ ස්වභාවය ගත් විට සාමානයයෙන් මීටර පහක් පමණ උස මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු ශාකයක පොකුරු ආකාරයෙන් වැඩුණු මල් රාශියක් දක්නට ලැබේ.මේවා පහතට නැවී මල් කිනිති ආකාරයෙන් දිස් වේ. මල් තද කහ පැහැති වන අතර පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මල් හට ගනී.ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන ඇසළ ශාකය දකුණු සහ නැගෙනහිර ආසියාවට ආවේණිකය. ඉන්දියාව, පිලිපීනය, ජාවා, මැලේසියාව යන රටවල ද ඇසළ ශාකය දක්නට ලැබේ.ඇසළ ශාකය ගෘහස්ත වගාවේදී ත්,උද්‍යාන අලංකරණයට ත් බෙහෙවින් උපයෝගී කර ගනී. සංස්කෘතික වශයෙන් ද මෙම ශාකයට විශේෂ ස්ථානයක් ඇත. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි.සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ.ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් උපයෝගී කර ගනී.
[සංස්කරණය] ඌව පළාත
- පුෂ්පය: ගුරුළුරාජ
- උද්භිද විද්‍යාත්මක නාමය :Rhynchostylis retusa Blume
- කුලය Orchidaceae
උඩවැඩියා විශේෂයට අයත් වන ගුරුළුරාජ මල් සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත පැළෑටි විශේෂයක් ලෙසද නම් කර ඇත.එමෙන්ම තර්ජනයට ලක් වූ ජීවීන් අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ 2 කාණ්ඩයට මෙම මල ඇතුළත්කර ඇත."Fox Tail Orchid" යන ඉංග්‍රීසි නමින්ද මෙම මල් හැඳින්වේ. මෙම ශාකය පඳුරු ආකාරයෙන් වැඩෙන අතර උඩවැඩියා විශේෂයට අයත් සේ සැළකේ.මල් පොකුරු ආකාරයෙන් පිහිටයි.නොවැම්බරු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ ගුරුළුරාජ මල් දක්නට ලැබේ.ඉතා දුර්ලභ වූ මෙම උඩවැඩියා විශේෂයලංකාව හැරුණු විට ඉන්දියාව,මැලේසියාව, බුරුමය, සහ ජාවා යන රටවල සක්නට ලැබේ.ලංකාවේ ඌව සහ නැගෙනහිර පළාත්වල විශාල ගස් අතර වැඩෙන ගුරුළුරාජ විශේෂය වඳවීමේ තර්ජනයට ලක් වී ඇත.ඖෂධ වශයෙන් මෙන්ම ගෘහ අලංකාරයටත් මෙම මල් භාවිත කෙරේ.
[සංස්කරණය] දකුණු පළාත
- පුෂ්පය: හීන්බෝවිටියා
- උද්භිද විද්‍යාත්මක නාමය:Obbeckia octondra
- කුලය Melastomataceae
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකයක් වූ ලෙස හීන්බෝවිටියා ශාකය හැින්වේ.මෙම ශකය පඳුරු සහිත ශාක විශේෂයක් වන අතර පුෂ්ප දම් පැහැයෙන් යුක්තය.ඉත්තක පෙති පහකින් යතු මල් කිහිපයක් දැක ගත හැක.ලංකාවේ වියළි හා තෙත් කඳුකර ප්‍රදේශ වල බහුල වශයෙන් වැඩෙන අතර මෙම ශාකය ලඳු කැලෑ අතරද මද වශයෙන් දැකගත හැක. ශාකයේ පත්‍ර හා පෙතු ඖෂධීය වශයෙන් වැදගත් වේ.විසිතුරු පැළෑටියක් ලෙස ද යොදා ගත හැක.
[සංස්කරණය] බස්නාහිර පළාත
- පුෂ්පය: සුදු නෙළුම්
- උද්භිද විද්‍යාත්මක නාමය:Nelumbo nucifera Gaerth
- කුලය :Nelumbonaceae
බෞද්ධ සාහිත්‍යයේ ඉතා උසස් පිළිගැනීමක් නෙළුම් ශාකයට පවතී.නෙළුම් මල විවිධ නම් වලින් හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ,Lotus or Sacred been" ලෙස ද දෙමළ භාෂාවෙන් "Tamaraj" නමින් ද දක්වයි. නෙළුම් ශාකය ජලජ පැළෑටියක් ලෙස හැඳින්වෙන අතර මල් සුදු හෝ රතු පැහැයක් ගනී. මේ අතර විශාල ප්‍රමාණයේ පුෂ්ප මෙන්ම තරමක පුෂ්පද දැක ගත හැක.සුදු නෙළුම් ශාකය පහතරට වියළි හා තෙත් කලාපවල බහුලව දක්නට ලැබේ.එමෙන්ම ආසියානු උෂ්ණ කලාපයේ සහ ඊසාන දිග ඕස්ට්‍රේලියාවේ ද ඇත. ඉන්දියාව,චීනය, ටිබෙටය, ජපානය යන රටවල සුදුනෙළුම් දක්නට ලැබේ.පුජනීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් බෞද්ධයන් මෙන්ම හින්දු භක්තිකයන් අතරද නෙළුම් මල සඳහා ඇත.නෙළුම් මල ඖෂධීය වශයෙන් ද වැදගත් වන අතර අල සහ බීජ ආහාර සඳහා ද යොදා ගැනේ.සිතුවම් හා කැටයම් ශිල්පයේදී ද නෙළුම් මල යොදා ගත් බව පෙනේ. මේ අනුව නෙළුම් මල ආගමික, සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් තැනක් උසුලයි.
[සංස්කරණය] මධ්‍යම පළාත
- පුෂ්පය:මහරත්මල
- උද්භිද විද්‍යාත්මක නාමය:Rhododrendran Arbareum Var Zeylanicum
- කුලය Ericaceae
ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ.දෙමළ භාෂාවෙන් මෙම මල"Billi"යනුවෙන් හඳුන්වනු ලබයි. රත් මල් වලට අයත් මෙම ශාකයේ මල් පොකුරු ආකාරයෙන් හට ගනී.ශාකයේ ස්වභාවය ගත් විට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයෙන් යුක්තය.එක මල් පොකුරක මල් විසිපහක් පමණ හට ගැනේ.පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මල් හට ගැනේ. වැඩි වශයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙම ශාකය වැඩේ.ඒ හැරුණු විට ඒ ආශ්‍රිත තණබිම් වලද මේවා වැඩි වශයෙන් ව්‍යාප්ත වේ.ගෘහස්ත වගාවට මෙන්ම ඖෂධ වශයෙන්ද මෙම ශාකය භාවිත කරේ.
[සංස්කරණය] සබරගමුව පළාත
- පුෂ්පය:වෙසක් මල
- උද්භිද විද්‍යාත්මක නාමය:Dendrobium Maccarthiae thw
- කුලය Orchidaceae
වෙසක් මල් ශාකයද ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වූ ශාකයක් ලෙස හඳුනා ගත හැකිය. මෙම ශාකය දුර්ලභ ගණයේ ශාකයකි.ප්‍රධාන වශයෙන් අධික වර්ෂාපතනයක් ලැබෙන රත්නපුර ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව හට ගැනේ.මේ වන විට මෙම ශාකය ආරක්ෂා කිරීමටද නම් කර තිබේ.මේ මල් ද උඩවැඩියා විශේෂයට අයත් වන බව සැළකේ. ශාකයේ කඳේ පහතට එල්ලෙන ආකාරයට මල්හටගනී.එමෙන්ම මෙම ශාකයද ගෘහ අලංකරණයටද අලෙවියට ද යොදා ගැනේ.
[සංස්කරණය] උතුරු පළාත (යෝජිත)
- පුෂ්පය:වල් පිච්ච
- උද්භිද විද්‍යාත්මක නාමය:Jasminum Angustifolium
- කුලය Oleaceae
ආගමික කටයුතු සඳහා යොදා ගන්නා වල් පිච්ච සිංහලයෙන් වෑකන්ද යනුවෙන් ද හඳුන්වනු ලැබේ.මෙම ශාකය වැල් සහිතව මෙන්ම පඳුරු සහිතව ද හට ගැනේ.අධික සුගන්ධයකින් යුතු මෙම මල් අතු රිකිලි අතර මල් තුන බැඟින් හට ගැනේ.මල් ශාකය පුරා පැතිරේ. පෙබරවාරි අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල මෙම මල් හට ගනියි.ප්‍රධාන වශයෙන් ම ලංකාවේ පහතරට වියළි කලාපයේ බහුලව දක්නට ලැබේ. ඒ හැරුණු කොට දකුණු ඉන්දියාවේ ද මෙය දැක ගත හැක.මෙම ශාක පූජා කටයුතු සඳහා යොදා ගන්නා අතර මුල් ඖෂධ වශයෙන් භවිත කරයි.
[සංස්කරණය] උතුරු පළාත (යෝජිත)
- පුෂ්පය:විෂ්ණුක්‍රාන්තිය
- උද්භිද විද්‍යාත්මක නාමය:Evalvulus Alsinodes(L)
- කුලය Convolvulaceae
දෙමළ භාෂාවෙන් විෂ්ණු කිරන්දි නමින් හැඳින්වෙන මෙම ශාකය ඖෂධීය වටිනාකමකින් යුක්තය. කුඩා පඳුරු ආකාරයට හට ගන්නා මෙහි මල් ඉහළට එසවුණු ආකාරයෙන් පවතී.නිල් පැහැයෙන් යුතු මෙම මල් කිනිත්තක ආකාරයෙන් ඇත.දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ වියළි හා අතරමැදි කලාපයේ පහත්බිම් ආශ්‍රිතව මෙම ශාක ව්‍යාප්තව ඇත.ඖෂධීය වශයෙන් ගත් විට පාචනයේ දී හා මානසික රෝග වල දී ද ඇදුම රෝගයටද යොදා ගනී.මේ ආකාරයට ශ්‍රී ලංකාවේ උතුරු පළාත සඳහා යෝජිත පුෂ්ප දෙකක් ඇති බව පැහැදිලිවේ.
[සංස්කරණය] නැගෙනහිර පළාත
- පුෂ්පය: ගොඩ මානෙල්
- උද්භිද විද්‍යාත්මක නාමය:Crinum Zeylanicum
- කුලය Amaryllidaceae
සිංහල භාෂාවෙන් තොලබෝ යන නමද ගොඩමානෙල් සඳහා භාවිත කරයි.දෙමළ භාෂාවෙන්' Vichamunkil" ලෙස ද සංස්කෘත භාෂාවෙන් චක්‍රාංගී,සෝමවල්ලී ලෙස ද හැඳින්වේ.තරමක් කුඩා වූ මෙම ශාකයේ මල් පුනීලයක ආකාරයට දිස්වේ.විශේෂයෙන් ම සවස් කාලයේ මෙම මල් පිපෙන අතර අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුළ හට ගනියි.මෙම ශාකය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ වියළි කලාපයේ වේ.නමුත් වැව් හා දිය කඩිති ආශ්‍රිතවත් දක්නට ලැබේ.ශාක පත්‍ර හා කඳ ඖෂධ වශයෙන් යොදා ගන්නා අතර පුෂ්ප අලංකරණය සඳහා ගනියි.මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පළාත් නවය සඳහා නම් කරන ලද පුෂ්පයන් හඳුනා ගත හැකිය.නමුත් මෙහි උතුරු හා නැගෙනහිර පළාත සඳහා මෙතෙක් තෝරා ගෙන ඇති මල් යෝජිත පුෂ්ප ලෙස දක්වයි.
[සංස්කරණය] ආශ්‍රිතයන්
1.විජය පුවත්පත- 2007/09/18 වෙනි අඟහරුවාදා, 2007/12/18 වෙනි අඟහරුවාදා
2.විදුසර පුවත්පත-2007/06/20 වෙනි බදාදා 2007/07/04 වෙනි බදාදා