ශ්‍රී ලංකාවේ දියඇලි
සානුවක හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි.ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.
බඹර කන්ද ඇල්ල [සංස්කරණය]
මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දියඇල්ලයි.උස මීටර් 265කි.බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පාරේ කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පාරේ සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත
දියළුම ඇල්ල [සංස්කරණය]
ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ.ශ්‍රී ලංකාවේ උසම දියඇළි දෙකම පිහිටා ඇත්තේ සුන්දර හපුතලේ කඳු අතරින්ය. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.
ලක්ෂපාන ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.
ඩන්සිනන් ඇල්ල(පුඩළුඔය ඇල්ල) [සංස්කරණය]
ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළුඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු මෙම මනරම් ඩන්සිනන් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328(මීටර 100) පමණ වේ.--දමිත් මලින්ද (talk) 11:03, 19 මැයි 2012 (යූටීසී)
ඇබර්ඩින් ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.
ඩෙවෝන් ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිණි.එඩ්වඩ්බාන්ස් නම් ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත.මෙනිසා මෙම නම ලැබුණි.
ශාන්ත ක්ලෙයාර් ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ජෙනිෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.
දුන්හිඳ ඇල්ල [සංස්කරණය]
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මීටර් 63 පමණ උසය.බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මීට ,දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ලෙස නම ලැබුණු බවත් පැවසේ.කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වීම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.
රාවණා ඇල්ල [සංස්කරණය]
බදුල්ල දිස්ත්‍රින්නයේ පිහිටා ඇත.උස කිලෝමීටර් 49 පමණ වේ.රාවණා ඇල්ල හා බල්ලාකටුව යන නමින් හැඳින්වෙන කුඩා නදියෙන් මෙම ඇල්ල නිර්මාණය වේ.ඇල්ල වැල්ලවාය මාර්ගයේ උඩුහාවර ගම්මානයේ මෙම ඇල්ල පිහිටා ඇත.
දුවිලි ඇල්ල [සංස්කරණය]
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 39 පමණ වේ.පළල් දියඇල්ලකි.දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.පහළට ඇදවැටීමේදී සියුම් දුවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයාමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත.බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.
බෝපත් ඇල්ල [සංස්කරණය]
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 30 පමණ වේ.දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත.කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කරයි.
බේකස් ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ය.උස මීටර් 20 පමණ වේ.බෙලිහුල් ඔයේ ශාකාවකින් නිර්මාණය වේ.නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්‍රිසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත.
කිතුල්ගල ඇල්ල [සංස්කරණය]
කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල නගරයට නුදුරැව මෙය පිහිටා ඇත.උස මිටර් 15කි.උනාලු කන්දේන් පටන්ගෙන කැළණි ගඟට එක්වන ගරන්කිති ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.කිතුල්ගලට සමීප බැවින් මේ නමින් හැඳින්වේ.
මානාවෙල ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 23කි.මානාවෙල ඔය හා බුවැලිපොළ ඔය යන නම්වලින් හැඳින්වෙන ඔයවල්වලින් මේ ඇල්ල නිර්මාණය වේ.
ඒල්ජින් ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් උස මීටර් 25කි.දඹගස්තලාව ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඒල්ජින් නම ලැබුනේ අසල තේ වත්තක නම හෙයිනි.තලවකැලේ බදුල්ල දුමිරිය මාර්ගයේ යන විට මේ ඇල්ල දර්ශනය වේ .
ගැරඬි ඇල්ල [සංස්කරණය]
රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 46කි.ජලය හිඟ කාලයට දුර සිට බැලුවිට මේ ඇල්ල පෙනේන්නේ බෑවුම් ගල් තලාවක් දිගේ පහළට බහින ගැරඬියෙකු ලෙසනි.
නානු ඔය ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 60ක් පමණි.නානු ඔයේන් මෙම දිය ඇල්ල නිර්මාණය වේ මෙහි විශේෂත්වය නම් හෙල්මළු හෙවත් ලියදි සහිත බෑවුමක් ඔස්සේ ගලාහැලෙන බැවිනි
යකා ඇඬු ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත මීටර් 61ක් පමණ උසය.බුදුන්වහන්සේ ශ්‍රි පාද ලාංඡනය පිහිටු විම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුනු නිසා ඊට මෙම නම ලැබි ඇත.
නවරත්තන ඇල්ල [සංස්කරණය]
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ .උස මීටර් 110කි.වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසළක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.මේ ඇල්ලට මෙම නම ලැබි ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජනිධානයක් මේ ඇල්ල අසළ ඇතැයි යන විශ්වාසය නිසයි.
මාපනාන ඇල්ල [සංස්කරණය]
රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත එළිඔයෙන් මෙම ඇල්ල නිර්මාණය කරයි.ඇල්ල හාත්පස මාපනාන ,මාවනාන යන නම් වලින් විශාල තේ වතු යායක් ඇත.
කුරුදු ඇල්ල [සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත .උස මීටර් 206කි.කුරුදු ඔයෙන් නිර්මාණය වේ.නුවරඑළිය නගරෙයේ සිට කිලෝමීටර් 30 පමණක් දුරකින් පිහිටා ඇත.කුරුදු ඔය බෑවුම් බිමක් ඔස්සේ වේගයෙන් පැමිණ ඇල්ල සාදමින් පහළ ගැඹුරු ද්‍රෝණිකාවකට කඩා හැලේ.
මනං ඇල්ල [සංස්කරණය]
රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ රත්නපුර මාර්ගයේ ඇහැලිය ගොඩ පසු කර රත්නපුර දෙසට යනවිට කිලෝමීටර 1 1/2 පමන යනවිට රත්නපුර පනදුර මාර්ගයට පිවිසිය හැකි පිවිසුම් මාර්ගයක් හමුවේ එම මාර්ගයේ කුරුගම්මොදර දෙසට කිලෝමීටර 4 යනවිට ඉහල කන්ද ග්‍රාමය හමුවේ එම ඉහල කන්ද ග්‍රාමය කුරුදු තානායම ඉදිරියෙන් අති මාර්ගයේ ගියවිට ඉහල කන්ද වතු යායෙන් මෙමෙ සුන්දර දිය ඇල්ලට පිවිසිය හැක
මේ අඩවිත් බලන්න [සංස්කරණය]
ආශ්‍රිත ග්‍රන්ථ [සංස්කරණය]
01)ශ්‍රී ලංකාවේ දිය ඇලි ගංගා සහ වනාන්තර-සරත් රණවීර
