ජාතික සංකේත - ශ්‍රී ලංකා

Wikipedia වෙතින්

(ශ්‍රී ලංකාවේ ජාතිකත්වය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය(National Identity) ප්‍රකාශ කරන විවිධ වස්තු, ලාංචන, සංකේත, ගීත හා කොඩි භාවිතාවේ මේවා අතරින් සුවි‍‍ශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ආගම ඵ් දේශයට පමනක් ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත් සිදුවීමක් හා සැබැදි සත්ව වර්ග හා ශාක වර්ග හා දේශයේ වසන විවිධ ජනවර්ග ආදී බොහෝ දෑ සැලකිල්ලට ගනු ලැබේ.

ශ්‍රි ලංකාවේ ජාතිකත්වය




පටුන

[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිහයෙහි සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය (Sign) වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත.එහි ඇති බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හෙවත් ධාරමික භාවය" නිරූපනය කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පිළිබඳව තතු දැනගැනීමට ක්ලික් කරන්න

ජාතික කොඩියේ ඇතුළත් සංකේත.

කඩුවක් අතින් ගත් සිංහයා  : නිර්භීතකම
රතු පාට පසුඉබිම  : අභිමානය
බෝපත් සතර  : ධාර්මික භාවය
තැබිලි පාට තීරුව  : දමිළ ජනතාව
කොළ පාට තිරුව  : මුස්ලිම් ජනතාව


[සංස්කරණය] ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව

ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා, ටී. බී. ජයා මහතා, ජී. ජී.පොන්නම්බලම් මහතා, ජේ. ආර්.ජයවර්ධන මහතා, ලලිත් රාජපක්ෂ මහතා, ජෝන් කොතලාවල මහතා. ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිමකට ලක් කලේ 1972 දිය. මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය නිශ්ශංක විජයරත්න විසින් වන අතර ඵයින් මෙත්තා, කරුණා, උපේක්ෂා හා මුදිතා නිරූපනය කරයි.

ජාතික පුෂ්පය

[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

  • රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
  • උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
  • බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
  • මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
  • නිල් මහනෙල් හි විද්‍යාත්මක නාමය - Nympheae Stellata
ජාතික වෘක්ෂය

[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගසය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.

  • මංගල, සුමන, රේවත, හා සෝභිත යන සිව් බුදුවරැන් බුද්ධත්වය‍ට පත් වූයේ නාගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.
  • ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා ඵවන් සවිමත් චිර පැවැත්මක් දේශයටතද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.
  • ඉතා සෞම්‍ය පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.
  • සර්ප දෂ්ටය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.
  • නා ගසෙහි විද්‍යාත්මක නාමය - Mesua ferrea
ජාතික පක්ෂියා

[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා

වළි කුකුළා

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

  • මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරන දැකුම්කලු සතකු වීම.
  • ශ්‍රී ලංකාවට ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
  • ඵඩිතර සටන්කාමී කඩිසර සතකු වීම.
  • කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.
  • වලි කුකුලාගේ විද්‍යාත්මක නාමය Ceylon jungle fowl
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

[සංස්කරණය] ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමිවී ඇත්‍‍තේ රටේ ආණ්ඩුවටය. දනට අප රටේ භාවිතා කෙරෙන රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.

රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.

සිංහයා  : නිර්භීතකම
පුන්කලස  : සමෘද්ධිය
ඉර සහ හඳ  : චිරජීවනය
ධාන්‍යකරල්  : සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය  : ධාර්මික භාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති  : පිවිතුරුබව හා උතුම්බව


[සංස්කරණය] රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දිය.එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය නිශ්ශංක විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන් ගේය.


[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ජාතික ගීය.

[සංස්කරණය] ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය

[සංස්කරණය] ජාතික ගීයේ රචක

ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලදී.(මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය ශ්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් කරන ලදී.)

[සංස්කරණය] ශ්‍රී ලංකා ජාතික ගීය

ශ්‍රී ලංකා මාතා

අප ශ්‍රි.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා

අප හට සැපසිරි සෙත සදනා ජීවනයේ මාතා

පිළිගනු මැන අප භක්තී පූජා

නමෝ නමෝ මාතා

අප ශ්‍රී.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා


ඔබ වේ අප විද්‍යා

ඔබ වේ අප සත්‍යා

ඔබ වේ අප ශක්තී

අප හද තුළ භක්තී

ඔබ අප ආලෝකේ

අපගේ අනුප්‍රාණේ

ඔබ අප ජිවන වේ

අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා

එක මවකගෙ දරු කැල බැවිනා

යමු යමු වී නොපමා

ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී......ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

[සංස්කරණය] ආශ්‍රිත ග්‍රන්ථ

  • ශ්‍රී ලංකාව-සරත් රණවීර

[සංස්කරණය] මේ අඩවිත් බලන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු