ශ්‍රී ලංකාවට ආ‍‍වේණික පක්‍ෂීන්

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

පටුන

[සංස්කරණය] හැඳින්වීම.

ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට කුරුලු විශේෂ 460 ක් වාර්තා වී ඇත.ඒ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික පක්‍ෂීන් 26 ක් හඳුනාගෙන ඇත.මේ අතර ඉතා සුවිශේෂී වර්ග තුනක් ඇති බව නිගමනය කරනු ලැබ ඇත.මෙම පක්‍ෂීන්ගෙන් වර්ග නවයක් පහත රට තෙත් කලාපයේ හා කඳුකර ලාපයේපමණක්දක්නට ලැබෙන අතර තවත් වර්ග හයක් කඳුකර කලාපයේ පමණක් දක්නට ලැබේ.ඉතිරි සියළු පක්‍ෂීන් දිවයින පුරා පොදුවේ දැක ගත හැකිය.ආවේණික පක්‍ෂීන් වාසය කරන තෙත් කලාපීය ප්‍රදේශ අතරින් කිතුල්ගල,සිංහරාජ වැසි වනාන්තර, හෝටන් තැන්න, බෙල්ලන්විල සහ මුතුරාජවෙල යන ප්‍රදේශ ප්‍රධාන තැනක් ගනී.ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පක්‍ෂීන් 26 දෙනා පහත සඳහන් පරිදි දේශීය හා විද්‍යාත්මක නාමයන්ගෙන් හඳුනාගත හැකිය.


අංකය දේශීය නාමය විද්‍යාත්මක නාමය
1 ලංකා හබන් කුකුළා Galloprerdix dicarata
2 ලංකා වළි කුකුළා Gallus lafayettii lesson
3 ලංකා මයිල ගොයා Megalima flavifrons
4 ලංකා ගිරාමලිත්තා Loriculus berillinus
5 ලංකා අළු ගිරවා Psittacula caltharopae
6 වතරතු මල් කොහා Phaenicophaeus pyrrhocephalus
7 ලංකා බට ඇටි කුකුළා Centropus chorohynchus blyth
8 ලංකා පිට තඹල වන බස්සා Glaucidium castononotum
9 අළු කෑඳැත්තා Ocyceros gingalensis
10 ඉදිරිපස කහ පැහැති බාබට් Megalima flavifrons
11 හිස කළු කොණ්ඩයා Pycnontus melanicterus
12 ලංකා අරංගයා Megalima flavifrons
13 ලංකා හිස සුදු ශාරිකාවා Zoothera spiloptera
14 ලංකා වන රවියා Bradypterus palliseri
15 ලංකා අඳුරු නිල් මැසි මාරා Eumyias sordida
16 ලංකා මුදුන් බොර දෙමලිච්චා Pellorneum fuscopillum
17 රතු දෙමලිච්චා Turdoides rufescens
18 අළු දෙමලිච්චා Pellorneum fuscopillum
19 ලංකා පිලච්චා Dicaeum vinces
20 ලංකා සිතාසියා Phaeniccophaeus pyrrhocephalus
21 ලංකා කැහිබෙල්ලා Urocissa ornata
22 හිස සුදු ශාරිකාවා Sturnus albofrontatus
23 ශ්‍රී ලංකා මයිනා Gracula ptilogenys
24 කඳුකර වී කුරුල්ලා Lonchura kelaarti
25 ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා Pycnontus penicilatus
26 ශ්‍රී ලංකා රන් මුහුණත් කොට්ටෝරුවා Megalima flavifrons

[සංස්කරණය] ලංකා හබන් කුකුළා

දේශීය නාමය: ලංකා හබන් කුකුළා (Sri Lanka Spur foul)
විද්‍යාත්මක නාමය: Galloperdix bicalcarata

ලංකා හබන් කුකුළා (Sri Lanka Spur foul)

[සංස්කරණය] හඳුනාගැනීම:

ලංකා හබන් කුකුළාගේ දිග ප්‍රමාණය සෙ.මී.33ක් පමණ වන අතර තරමක් කුඩා ගන් කුකුළකුගේ ප්‍රමාණයට සමාන කළ හැකිය.ගැහැණු සතාද ඒ හා සමාන වන අතර දුඹුරු පැහැතිය.කුකුළාගේ උදරය ඉදිරිපස සුදු පැහැති දිලිසෙන කුඩා පිහාටු ඇති අතර එයට කළු පැහැයද මිශ්‍ර වී ඇත.අඳුරු පැහැති පපු පෙදෙසකින් යුක්ත වේ.පොර කටු හොඳින් වැඩී ඇත.


[සංස්කරණය] හැසිරීම් රටාව :

නිශ්චිත වශයෙන්ම මෙම පක්‍ෂියා වනගත පක්‍ෂියෙකි.ඉතා ලැජ්ජාශීලී වන නමුත් දැඩි සෝදිසියෙන් පසුවන චර්යා රටාවන් දැකිය හැකිය.හබන් කුකුළාගේ හැඬලීම ඒකාකාරී වේ.මෙම පක්‍ෂීන් ගහනය වනානතර වල ඇතැම් කොටස් වලට පමණක් සීමා වී ඇති අතර සෑම ප්‍රදේශයකම පොදුවේ දැක ගත හැකිය. හැඬලීම අසාමාන්‍ය වන අතර නාද වන කෙකර ගෑමක් ඇත.මෙය මාත්‍රා තුනකින් යුත් විස්ට්ල් එකක් ලෙස හඳුනාගත කිය.විශේෂයෙන්ම ෙපාළෝතලය මත වාසය කරන පක්‍ෂියෙකි.විවිධ බීජ, බිම වැටුණු ඇට වර්ග,කුඩා කෘමි සතුන් ආදිය ආහාර ලෙස ලබාගනී.උත්තර- දක්‍ෂිණ මෝසම්‍ සමයත් සමග බිජු දමන සමය ආරම්භ වන අතර පැටවුන් බිහි වීම ජුලි-සැප්තැම්බර් වැනි මාසවලදී සිදු වේ.මොවුන් පොළොව මත කඳු මුදුන් වල හෝ පඳුරු ආශ්‍රිතව පහුරු ගා කුඩා අතු ඉති, කොළ ආදී සුන් බුන් එකතු කොට කැදලි තනයි.සාමාන්‍යයෙන් වරකට බිත්තර තුනක් පමණ දමන අතර වතාවකට රකිනු ලබන බිත්තර ප්‍රමාණය පහක් පමණ වේ.බිත්තර ක්‍රීම් පැහැයට හුරු හෝ දුඹුරු පැහැයක් ගනී.බිත්තර කුඩා වන අතර සාමාන්‍ය දිග ප්‍රමාණය මි.මී.43.31 ක් පමණ වේ.

[සංස්කරණය] වාසය කරන ප්‍රදේශ :

දිවයිනේ සියලු භූ ගෝලීය කලාප වල විසිරී වෙසෙන හබන් කුකුළා විශේෂයෙන් දක්නට ලැබෙන්නේ තෙත් කළාප‍යේ වනාන්තර වල ය.තම වර්ගයා බෝ කිරීමට යොදා ගන්නා ප්‍රදේශ ලෙස තෙත් කළාපය සහ වියළි කළාප‍‍යේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි අතර ඇතැම් විට කඳුකර ප්‍රදේශ ද තෝරා ගනී.ඉතා දුර්ලභ ගණයේ පක්‍ෂියෙක් ලෙස නම් කර ඇත.

[සංස්කරණය] වළි කුකුළා

දේශීය නාමය: ලංකා වළි කුකුළා (Sri Lanka jungle foul)

විද්‍යාත්මක නාමය: Gallus lafayettii lesson

WALI KUKULA.jpg

[සංස්කරණය] හඳුනා ගැනීම :

ශ්‍රී ලංකා වළි කුකුළාගේ දිග සාමාන්‍යයෙන් සෙ.මී.70ක් පමණ වේ.ප්‍රමාණයෙන් කුඩා පක්‍ෂියෙකි.නමුත් කුරු ප්‍රචණ්ඩකාරී කුකුළෙකි.නිතරම සටනට සූදානම්ය.ගන් කුකුළු වර්ගයට අයත්ය.

[සංස්කරණය] හැසිරීම් රටාව:

වළි කුකුළා පොදුවේ සෑම ප්‍රදේශයකම දැකගත හැකි අතර විශේෂයෙන්ම වියළි කළාපයේ වන ගත ප්‍රදේශ වල බහුල ලෙස දැකිය හැකිය.මොහු වනයේ හෝ වනය‍ට යාබද ප්‍රදේශ වල ජීවත් වේ.වළි කුකුළාට තම ආවරණ කළාපයෙන් පිටතට යාම,විශේෂයෙන් තෙත් කාළගුණයක් සහිත දිනයකදිවත් එතරම් ආරක්‍ෂාකාරී නැත.නමුත් මොවුන් එළි පහළියට යාමට ඉතා ප්‍රිය කරති.ඇතැම් විට වනයෙන් පිට පිහිටි පාරවල් වලට පවා පැමිණේ.ආහාර ලෙස ධාන්‍ය,තෘණ වර්ග,බීජ වර්ග,විවිධ ඇට සහ මද වර්ග,විවිධ යුෂ සහිත ශාක පත්‍ර මෙන්ම දළු වර්ග ද වේයන් ඇතුළු කුඩා කෘමි සතුන් ද ලබා ගනී.කඳුකර වනාන්තර ප්‍රදේශ වල නිලු මල් සහ බීජ තිබෙන කාල වල වළි කුකුළන් එම ‍ප්‍රදේශ වලට සංක්‍රමණය වේ.අවුරුද්දේ පළමු කාර්තුව වළි කුකුළන් තම වර්ගයා බෝ කිරිමට සැරසෙන ප්‍රධාන කාලපරිච්ඡේදය වන අතර දෙවන වරට බිත්තර රැකීම අගෝස්තු-සැප්තැම්බර් අතර කාලයේදි සිදු වේ.වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය වසර පුරා සිදුවන අයුරු දැකගත හැකිය.ගසක් පාමුල හෝ ලී කඳක් අසළ පොළොව මතුපිට ඉවත ලන සුන් බුන් වලින් සකස් නර ගන්නා කැදලි තණකොළ ආදිය මගින් සඟවා තබයි.වරකට බිත්තර 2ක් හෝ 5ක් දමන අතර ඒවා ක්‍රීම් පැහැයට හුරු සුදු පැහැයක් හෝ ගම්මිරිස් පැහැය ගන්නා අතර දුඹුරු පැහැ කුඩා පැල්ලම් සහිත වේ.බිත්තරයක දිග සාමාන්‍යයෙන් මි.මී.48.35ක් පමණ වේ.

[සංස්කරණය] ජීවත් වන ප්‍රදේශ:

වනාන්තර වල,කඳුකරයේ තේ වතු වල සහ කැළෑබදව ජීවත් වන අතර බිත්තර දැමීමට විශේෂ ප්‍රදේශ තෝරා නොගන්නා බවත් ඕනෑම ප්‍රදේශයක සාමාන්‍යයෙන් ජීවත් වන බවත් දැකිය හැකිය.

[සංස්කරණය] මයිල ගොයා:

දේශීය නාමය: ලංකා මයිල ගොයා

Sri Lanka wood pigeon

විද්‍යාත්මක නාමය:Megalima flavifrons

SRILANKA MILAGOYA.jpg

[සංස්කරණය] හඳුනා ගැනීම:

කඳුකර ප්‍රදේශ වල පමණක් දක්නට ලැබෙන මෙම පක්‍ෂියාගේ දිග සෙ.මි.35ක් පමණ වේ.විශාලත්වයෙන් දේශීය පරෙවියෙකුගේ ප්‍රමාණයට සමාන වේ.දිග වල්ගයක් සහිත වන අතර ගැහැණු-පිරිමි දෙපක්‍ෂයේම පක්‍ෂීන් මෙම ප්‍රමාණයට අයත් වේ.තරුණ පක්‍ෂීන් අඳුරු පැහැයට හුරු වන අතර හිස සිට පහලට බෙල්ලේ පැත්තක සුදු හා කළු පැහැති තරංග ආකාරයේ පියාපත් ඇත.

[සංස්කරණය] හැසිරිම් රටාව :

පැහැදිලිවම වන ගත පක්‍ෂියෙකි.ආහාර බහුලව පවතින ප්‍රදේශ වල රංචු තුළ යුගල වශයෙන් ජීවත් වේ.බොහෝ විට ගස් උඩ වාසය කරන අතර ආහාර ලෙස වනයේ ඇති විවිධ කුඩා පළතුරු ,ඇට වර්ග සහ මද වර්ග ආහාරයට ගන්නා අතර බොහෝ විට කැළෑ කුරුඳු පළතුර සඳහා දැඩි රුචියක් දක්වයි. වර්ගයා බෝ කරන කාල සීමාව ලෙස පෙබරවාරි-මැයි දැක්විය හැකිය.නැවත අගෝස්තු- ඔක්තෝබර් දක්වා පවතී.පරෙවියන්ගේ මෙන් කැදලි සකස් කරයි.වනාන්තරවල අඩි 15-20ක් උස ගස් වල උඩුවියන් වල කුඩා අතු ඉති රිකිලි,කෝටු කැබලි ආධාර කරගෙන කැදලි සකස් කරයි.වරකට එක් බිත්තරයක් පමණ දමන අතර ඒවා සුදු පැහැ වේ.බිත්තර වල දිග ප්‍රමාණය සාමාන්‍යයෙන් මි.මී.38.5*28.2ක් පමණ වේ.

[සංස්කරණය] වාසය කරන ප්‍රදේශ:

වනාන්තර වල ගෙවතු වල ජීවත් වන අතර බිත්තර දැමීම සඳහා ප්‍රධාන වශයෙන් කඳුකර ප්‍රදේශ යොදා ගන්නා අතර තෙත් කළාපයේ පළතුරු හැදෙන කාල සීමාවේදී තෙත් කළාපය යොදා ගනි.මොවුන්ගේ ගහණය ඉතා කුඩා වන අතර දුර්ලභ ගණයේ පක්‍ෂි විශේෂයකි.

[සංස්කරණය] ගිරා මලිත්තා :

දේශීය නාමය :ලංකා ගිරා මලිත්තා

Sri Lanka hanging parrot

විද්‍යාත්මක නාමය :Loriculus Beryllinus

GIRA MALITTHA.jpg

[සංස්කරණය] හඳුනා ගැනිම :

ගිරා මලිත්තාගේ දිග සෙ.මී.14ක් පමණ වේ.ප්‍රමාණයෙන් ගේ කුරුල්ලකුට සමානය.ගැහැණු සහ පාරිමි යන දෙවර්ගයේම පක්‍ෂීන් එක සමාන ය.නමුත් ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා අඳුරු පැහැයක් ගන්නා අතර උගුර ප්‍රදේශ‍යේ ලා නිල් පැහැති තීරයක් දිස් වේ.තරුණ පක්‍ෂීන්ගේ හිස වටා සම්පූර්ණයෙන්ම රත් පැහැ වන අතර එසේ නොවුනහොත් දෙමාපියන්ගේ පැහැයට සමාන වේ.

[සංස්කරණය] හඳුනා ගැනිම :=

ගිරා මලිත්තාගේ දිග සෙ.මී.14ක් පමණ වේ.ප්‍රමාණයෙන් ගේ කුරුල්ලකුට සමානය.ගැහැණු සහ පාරිමි යන දෙවර්ගයේම පක්‍ෂීන් එක සමාන ය.නමුත් ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා අඳුරු පැහැයක් ගන්නා අතර උගුර ප්‍රදේශ‍යේ ලා නිල් පැහැති තීරයක් දිස් වේ.තරුණ පක්‍ෂීන්ගේ හිස වටා සම්පූර්ණයෙන්ම රත් පැහැ වන අතර එසේ නොවුනහොත් දෙමාපියන්ගේ පැහැයට සමාන වේ.==හඳුනා ගැනිම :=== ගිරා මලිත්තාගේ දිග සෙ.මී.14ක් පමණ වේ.ප්‍රමාණයෙන් ගේ කුරුල්ලකුට සමානය.ගැහැණු සහ පාරිමි යන දෙවර්ගයේම පක්‍ෂීන් එක සමාන ය.නමුත් ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා අඳුරු පැහැයක් ගන්නා අතර උගුර ප්‍රදේශ‍යේ ලා නිල් පැහැති තීරයක් දිස් වේ.තරුණ පක්‍ෂීන්ගේ හිස වටා සම්පූර්ණයෙන්ම රත් පැහැ වන අතර එසේ නොවුනහොත් දෙමාපියන්ගේ පැහැයට සමාන වේ.==හඳුනා ගැනිම :=== ගිරා මලිත්තාගේ දිග සෙ.මී.14ක් පමණ වේ.ප්‍රමාණයෙන් ගේ කුරුල්ලකුට සමානය.ගැහැණු සහ පාරිමි යන දෙවර්ගයේම පක්‍ෂීන් එක සමාන ය.නමුත් ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා අඳුරු පැහැයක් ගන්නා අතර උගුර ප්‍රදේශ‍යේ ලා නිල් පැහැති තීරයක් දිස් වේ.තරුණ පක්‍ෂීන්ගේ හිස වටා සම්පූර්ණයෙන්ම රත් පැහැ වන අතර එසේ නොවුනහොත් දෙමාපියන්ගේ පැහැයට සමාන වේ.

[සංස්කරණය] හැසිරීම් රටාව :

මොවුන් ගස් උඩ වාසය කරන අතර කිසි දිනෙක පොළොව මතට නොපැමිණේ.නිතර හුදෙකළාව සිටින බවක් දැකිය හැකි වුවත් තම රංචුවෙන් දුරස් වී නොයයි.තමා සිටින ස්ථානය රංචුවේ අනෙක් අයට දැන්වීම සඳහා නිතර හඬනැගීම සිදු කරයි.පියාසර කරන අතර මාත්‍රා තුනකින් යුක්ත වන ලෙස ට්විට්ට්විට් ...ට්විට්ට්විට්ට්විට්...යන ආකාරයේ තියුණු විස්ට්ල් හඬක් නගයි.මොවුන් ඉතා ප්‍රසන්න වන අතර සමාගමයට ලොල් බවක් දක්වයි.පළතුරු යුෂ,මල්පැණි(විශේෂයෙන්ම රතු කොට්න්) ,රා ආදිය ආහාර ‍ලෙස ගැනීමට ඉතා ප්‍රිය කරති.මෙම පක්‍ෂි විශේෂය වර්ශයේ පළමු භාගයේදී සහ ඇතැම් විට ජූලි-සැප්තැම්බර් කාල වලදී තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියේ නිරත වේ.මොවුන්ගේ ජනන ක්‍රියාවලිය විශිෂ්ඨ මට්ටමක පවතින අතර ගෝලා කාර ,දිග මි.මී.19.3*16 පමණ වන සුදු පැහැති බිත්තර දමයි.



chuj!!! XDDDD

[සංස්කරණය] වාසය කරන ප්‍රදේශ :

කැලෑ, වනාන්තර සහ ගෙවතු වලද වාසය කරන අතර රට පුරා සෑම ප්‍රදේශයකම බිත්තර දැමීම හා රැකීම සිදුකරනු ලබයි.පොදුවේ දැකිය හැකි පක්‍ෂියෙකි.





[සංස්කරණය] ලංකා අළු ගරවා

‍ දේශීය නාමය :ලංකා අළු ගිරවා

විද්‍යාත්මක නාමය : Psittacula caltharopae

Alugirawa.jpg

ශ්‍රී ලංකාවේ සියලුම පෙදෙස් වල දක්නට ලැබෙන අළු ගිරවා, විශේෂයෙන් දක්නට ලැබෙන්නේ කඳුකරයේය.අළු පැහැති හිසත්,තද නිල් හැති පෙඳයත් නිසා මෙම ගිරවුන් අන් ගිරවුන්ගෙන් පහසුවෙන් වෙන් කොට හඳුනා ගත හැකිය.සාමාන්‍යයෙන් ගස් බෙනයක බිත්තර දමන මෙම ගිරවු ජනවාරි- මැයි මස දක්වාත් ජූලි-සැප්තැම්බර් මාස දක්වාත් කාලයේදී බිත්තර දමති.මොවුන් සුදු පැහැති බිත්තර දෙකක්හෝ තුනක් වරකට දමන බව වාර්තා වේ.
















[සංස්කරණය] වත රතු මල් කොහා

දේශීය නාමය : වතරතු මල් කොහා

විද්‍යාත්මක නාමය :Phaenicophaeus pyrrhoce

WATHARATHU MAL KOHA.jpg

සියලු භූගෝලීය කළාප වල විහිද වාසය කරන රතු මුහුණැති මල් කොහා නම් පක්‍ෂියා ඇටි කුකුළා තරම් වන ,ඇස් වටා රතු හමක් ඇති දැකුම් කලු පක්‍ෂියෙකි.වනාන්තර එළි කිරීම නිසා මෙම පක්‍ෂියා ලංකාවේ වැනසී යන පක්‍ෂි ගණයට වැටී ඇත.තෙත් කළාපයේ ඉතා උස් ගස් ඇති ඝන වනාන්තර වල හා කඳුකරයේ,විශේෂයෙන් ඌව හා හපුතලේ අඩි 5000ක් දක්වා විහිදී යන වනාන්තර වල වෙසෙන මෙම පක්‍ෂියාගේ විශේෂ ගතිගුණය වන්නේ අන් කොහා පක්‍ෂීන් මෙන් වෙනත් පක්‍ෂීන්ගේ කැදලි වල බිත්තර දැමීමේ සිරිතය.ජනවාරි-සැප්තැම්බර් මස දක්වා බිත්තර ලති.කැදැල්ල පරෙවියකුගේ මෙන් ව්‍යාකූල ලෙස තනනු ලැබු එකකි.සුදු පැහැති බිත්තර දෙකේ සිට තුන දක්වා දමන බව වාර්තා වේ.









\





[සංස්කරණය] ලංකා බට ඇටි කුකුළා

දේශීය නාමය : ලංකා බට ඇටි කුකුළා

විද්‍යාත්මක නාමය :Centropus chlorohynchus blyth



Bataetiku 1 .jpg

ඝන වනාන්තර වල බට පඳුරු වලින් හෙබි පහත රට බිම් පෙදෙස් වල පමණක් දක්නට ලැබෙන බට ඇටි කුකුළා හෙවත් වල් ඇටි කුකුළා සාමාන්‍යහයන් ශ්‍රී ලංකාවේ හැමතැනකම වාගේ දක්නට ලැබෙන ඇටි කුකුළාට වඩා වෙනස් වන්නේ තරමක් කුඩා වීමත් ලා කොළ පැහැ හොටක් පිහිටීමත් යන කරුණු නිසාය.මෙම ඇටි කුකුළන් වෙසෙන වනාන්තර කපාහෙළීම නිසා මෙමඇටි කුකුළා ද ඉක්මනින් වැනසී යනු ඇත.මෙම පක්‍ෂියා ජනවාරි- ජූලි මස දක්වා කාලය තුළදී පඳුරු වල කැදලි සාදා සුදු පැහැති බිත්තර දෙකේ සිට තුන අතර සංඛ්‍යාවක් දමන බව වාර්තා වේ.










[සංස්කරණය] ලංකා අඳුරු නිල් මැසි මාරාවා

දේශීය නාමය : ලංකා අඳුරු නිල් මැසි මාරාවා

විද්‍යාත්මක නාමය :Eumyias soridida


MASSIMARA 1 .jpg

කඳුකරයේ පමණක් දක්නට ලැබෙන අඳුරු නිල් මාරාවා විශේෂයෙන් දක්නට ලැබෙන්නේ අඩි 2000-7000දක්වා විහිදී යන වනාන්තර වල හා වනාන්තරයෙන් යුතු කඳුරැලි අතරය.ගේ කුරුල්ලකු තරම් වන මෙම පක්‍ෂියා පඬුවන් පැහැයෙන් යුතු නිලට හුරු පක්‍ෂියෙකි.පෙබරවාරි-ජූනි දක්වාත්,අගෝස්තු හා සැප්තැම්බර් මාස වලත් බිත්තර දමයි.සාමාන්‍යයෙන් ගඹුරු කෝප්පයක හැඩය ගන්නා මෙම කුරුල්ලන්ගේ කැදැල්ල ගස් බෙනයක හෝ කණ්ඩියක තනනු ලබයි.වරකට බිත්තර දෙකේ සිට තුන දක්වා දමන මෙම පක්‍ෂීන් ගේ බිත්තර ළා දම් පැහැ ගැන්වෙන අතර බිත්තරයේ එක් කොණක් දම් පැහැ බවත් වාර්තා වී ඇත.












[සංස්කරණය] ලංකා කැහි බෙල්ලා

දේශීය නාමය :ලංකා කැහි බෙල්ලා විද්‍යාත්මක නාමය : Urocissa ornata


Kahibella.jpg

කඳුකරයේ හා පහත රට තෙත් කළාපයේ පමණක් දක්නට ලැබෙන කැහිබෙල්ලා විශේෂයෙන් දක්නට ලැබෙන්නේ නිරිත දිග කඳුකරයේ අඩි 7000 දක්වා විහිදී යන ඝන වනාන්තර සහිත කඳුකරයේත් ඒ අවට පහත රට තෙත් කළාපයේ වනාන්තර වලත් ය.කපුටකුට වඩා කුඩා වූද මයිනකුට වඩා විශාල වූද කැහිබෙල්ලා දැකුම්කලු පක්‍ෂියෙකි.දුඹුරුවන් හිසත් නිල් පැහැති ශරීරයත් ඇටි කුකුළකුගේ වැනි රත් පැහැති පියාපත් අග සුදුවන් නිල් පැහැ දිතු පෙඳයත් නිසා මෙම පක්‍ෂියා පහසුවෙන් හඳුනාගත හැකිය.රංචු වශයෙන් ජීවත් වීමට ප්‍රිය කරන අතර ජනවාරියේ සිට මාර්තු දක්වා කාලවල කපුටකුගේ වැනි කූඩුවක වරකට බිත්තර තුනේ සිට පහ දක්වා ගණනක් දමයි.දුඹුරුවන් පැහැ ගැන්වෙන සළකුණු සහිත කහ පැහැති බිත්තර දමන බව වාර්තා වේ.

[සංස්කරණය] ලංකා අළු කෑඳැත්තා

දේශීය නාමය : ලංකා අළු කෑඳැත්තා

විද්‍යාත්මක නාමය : Ocyceros giengalensis


Alukadatta 1 .jpg

කඳුකර කළාපයට නිතර පිවිසෙන අළු කෑඳැත්තා පහත රට තෙත් කළාපයේ වියළි ප්‍රදේශ වල නිතර දක්නට ලැබෙන පක්‍ෂියෙකි.කාක්කකු තරම් වන මොවුන් වක් වූ දිග හොට නිසාත්,අළු පැහැති පියාපත් නිසාත් පහසුවෙන් හඳුනාගත හැක.ගැහැණු පක්‍ෂියා ගස් බෙනයක සිරකර තම බිජු රැකගන්නා ආකාරය දැකිය හැකිය.අප්‍රේල්-අගෝස්තු මස දක්වා කාලය තුළදී වරකට බිත්තර එකේ සිට තුන දක්වා දමන බවත් ඒවා සුදු පැහැති බවත් වාර්තා වී ඇත.













[සංස්කරණය] පිංතූර එකතුව

WALI KUKULA.jpg HABAN KUKULA.jpg SRILANKA MILAGOYA.jpg GIRA MALITTHA.jpg WATHARATHU MAL KOHA.jpg Alugirawa.jpg Alukadatta.jpg Arangaya.jpg Bataetiku.jpg Hikalukondaya.jpg Massimara.jpg Sharikawa.jpg Wikurulla.jpg Wanaraviya.jpg Sithasiya.jpg Kahibella.jpg Salalihiniya.jpg Pilachchia.jpg Ratu demalichcha.jpg Mukalankottoruwa.jpg .kaha kan kondaya.jpg

[සංස්කරණය] මේ අඩවියත් බලන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු