ශ්‍රි ලංකා අලියා
| Sri Lankan Elephant | ||
|---|---|---|
| colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent " | සංරක්ෂණ තත්ත්වය | |
| විද්‍යාත්මක වර්ගීකරණය | ||
| රාජධානිය: | Animalia |
|
| වංශය: | Chordata |
|
| වර්ගය: | Mammalia |
|
| ගෝත්‍රය: | Proboscidea |
|
| කුලය: | Elephantidae |
|
| ගණය: | Elephas |
|
| විශේෂය: | E. maximus |
|
| උපවිශේෂය: | E. m. maximus |
|
| ත්‍රිපද නම | ||
| Elephas maximus maximus Linnaeus, 1758 |
||
| Range of Sri Lankan elephant | ||
ශ්‍රි ලංකානු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සසදන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකාව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකාවට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භෑමි වලට සිමා වී ඇත. උඩවලව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය අලින් නැරබීමට අගනා ස්ථානයන්ය.
පටුන |
ආහාර සහ වාසස්ථාන [සංස්කරණය]
ලංකානු අලියා ශාක භක්ෂක සතකු වන අතර තණකොල, ගස් වල පොතු, ඉදී වැටිනු පලතුරු ජාති හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාරයන්ය. විශාල පිරිමි සතෙකුට දිනකට කිලෝග්රෑම් 200 පමණ ආහාර අවශ්‍යයය. ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථන නිම්න භුමි වැසි වනාන්තරත්, කදුකර වනාන්තරත්, වියලි කලාපීය වනාන්තරත් වේ. නමුත් මෙකල කදුකර වනාන්තර වලින්, අලින් වදවී යන අතර වැඩි වශයෙන්, අලින් දැකගත හැක්කේ වියලි වනාන්තර වලය. ලංකානු අලින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී ඇත. ලංකාවෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් ඇත. 18 වන සියවස හා 19 වන සියවසේ මුල් භාගයේදී අලින් විශාල වශයෙන් දඩයම් කරන ලදි. 1999 සිට 2006 දක්වා කාලය තුල අලින් 100කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇත. අද සංරක්ෂණය නොකල ප්‍රදේශවල අලින් අත්තේ සුලු වශයෙනි. දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් සියයට 5 ත් 7ත් අතර ප්‍රමාණයකි.
අලි-මිනිස් ගැටුම [සංස්කරණය]
පසුගිය දශකය තුල ලංකාවේ අලි ගහනය විශාල ලෙස ඉහලගොස් ඇති බව සමීක්‍ෂණ මගින් තහවුරු කොට ඇත. අලින් නිසා මිනිස් ජීවිත විනාශවීම වියලි කලාපයේ සමහර ප්‍රදේශවල සුලබ සිදුවීමක් බවට පත්ව ඇත. අලින් වසින් වගා බිම් හානි කිරීමද, අලින් විසින් හානි කරන නිසා වගා බිම් අත්හැර දැමීමද සිදුවේ.
තර්ජන [සංස්කරණය]
විශාලම තර්ජනය වන්නේ වගා බිම්, නිවාස සහ මිනිස් ජීවිත බේරා ගැනීමට අලින් මරා දැමීමය. එසේම ඇතුන් දඩයම, වන විනාශය, නියගය හා කුසගින්න අනෙක් තර්ජනයන්ය.
සුරැකීම [සංස්කරණය]
චන සතුන් සුරැකීමට ජාතික වනෝද්‍යයාන හා අභය භුමීන් පිහිටුවා ඇත. කෑගල්ලේ , පින්නවල අලි අනාථගාරය ගිලන් වු අලින්ටද, අනාථ වු අලින්ටද සෙවණක් වී ඇති අතර එහි අලින් 70 පමණ වෙසෙති.
ආශ්‍රිත ලිපි [සංස්කරණය]
| Wikimedia Commons has media related to: Elephas maximus maximus |
උපන්‍යාස දෝෂය: <ref> ටැග පැවතුණත්, <references/> ටැග සොයාගත නොහැකි විය.