ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ගඟ


පටුන

[සංස්කරණය] හැදින්විම

සුන්දර වස්තු සැමදා සමිපතකි.ගංඟා ස්වභාව ධර්මයේ රමණිය නිර්මාණයකි.ශ්‍රිලංකාවේ වර්ගප්‍රමාණය හා සසදා බලන විට අප රට උරැම ලද ගංඟා සංඛ්‍යාව ඉතා අධිකයි.ලක් මාතාවගේ සුන්දරත්වය ඔප් නැංවිමට ගංඟා සමත් වී ඇත.සමහර ගංඟා දිගින් වැඩි අතර සමහර ගංඟා අඩුය.සිතල කදු මුදුන් තුළින් ආරමිභ වන ගංඟා සමිපයේ දිය උල්පත් සමග සමිබන්ධ වි ගල් තලා තුරැ ලතා අතුරින් මුළු පරිසරයම සුන්දර කරමින් ගලා බසි.මෙවැනි ලක්ෂණ වලින් යුත් ස්වභාව ධර්මයේ අපුර්ව නිර්මාණය වු ගංඟා පිළිබදව මෙමගින් විස්තර වේ.


[සංස්කරණය] ගංගාවක් නිර්මාණය වන්නේ කෙසේද?

ගංඟාවක් ආරමිභය කවදා කේසේ සිදු වුයේ දැයි ස්ථ්‍ර්‍රවම ප්‍රකාශ කළ නොහැක.මුල් කාලයේ ගංඟාවක් ලෙස හැදින්වුයේ නිශ්චිත ඉවුරැ ඇති ගලා යන විශාල ජල කඳකි.මි‍ට වසර මිලියන ගණනකට ඉහත පෘතුවිය නිර්මාණය වු සමයේ එය වුණු වු ගිණි බෝලයක්ව තිබ්ණි.එම අවධියේ දිර්ඝ කාලයක්ව පැවැති මහා වර්ෂා ඒමතට ඇද හැළුණු නිසා එය සිසිල් වි පහත් ස්ථාන පිරි මුහුදු ඇති විය. පෘතුවියේ උස් තැන්වල සිට මුහුදූ දක්වා මහා ජල ධාරා දගර ගැසෙමින් ගලා ගියේය.කල් ගත විමත් සමග මේ ජලය ගැලු මාර්ගවල ගැඹුරැ සහ පළල වැඩි ව් ගමන්මගෙහිද වෙනස්කමි සිදු විණ. දැන් බෝහෝ ගංඟා අරමිභ වන්නේ වනාන්තර සහිත කදුවලිනි.එම ප්‍රදේශවලට අනෙක් ප්‍රදේශවලට වඩා වැස්ස වැඩිය.මතුපිට වැසි ජලයත් වැඩි ජලය පොළොවට උරා ගැනිමෙන් ඇති වන උල්පත් වල ජලයත් එක්වි සැදෙනක කුඩා ජල ධාරා අතරමගදි තව තවත් ජලය ලබා ගෙන පිළිවෙලින් ඇළ දෙළ ඔය නදි ගංඟා සහ මහා ගංඟා බවට පත්වේ.

කදු මුදුන්වල රැදුණු හිම තටිටු උණු විට ඒ ජලයද එසේ ජල ධාරා සේ ගලා බැස ගංඟා තනයි.විශාල ග්ලැසියර්(Glaciers)හෙවත් හිම තටිටු කදුවල ඉහළ සිට පහළට රැටා එන විට ඒවා නිසා හැරෙන මාර්ග ගංඟා බවට පත්වේ.

මේ කවර මුලාශ්‍රයකින් ඇරඹුණත් ගඟක ආරමිභක ප්‍රදේශය පටුය.නොගැඹුරැය.ජලය ගලන්නේද සෙමිනි.එය ඉදිරියට ගලත්ම තවත් ජල ධාරා එක් වි ජලය වැඩි වෙයි.එසේම එහිදි ගමනද වේගවත් වේ.එහිදි පස හැරි සේදි යෑම නිසා එහි ගැඹුර සහ පළල වැඩි වේ.ගංඟාව මුහුදට ගලා බසින ස්ථානයට ළං වන්නට ගංඟාවක වේගය හා ගැඹුර අඩු වේ. එයට හේතුව ගං පකුලේ විශාල වශයෙන් පස් තැන්පත් වි ගංඟ ගොඩ වීමයි.ඇතැම් අවස්ථාවලදි ගංඟ ශාඛා කිහිපයකට බෙදි මුහුදට වැටෙයි.

ගංඟාවක අාරම්භය


[සංස්කරණය] ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංඟා

මධ්‍යම ප්‍රදේශයේ උස් බිම් වලින් සමන්විත වීම සහ ඒ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම යන දෙනරැන නිසා ලංකාවේ ගංඟා මධ්‍යම කදුකරයේ සිට රෝදයක නාඩියේ සිට ගරාධි විහිදෙන්නා සේ හැම දිශාවකටම විහිදි යයි.මධ්‍යම කදුකරය පර්වත සහිත වීම සහ එහි ශිඝ්‍ර බෑවුම් තිබීම නිසා මෙම ගංගා ඉහළ කොටස් වලදි තරමක් වේගයෙන් ගලා බසියි. තද වැසි සහිත කාලවල බෙහෙවින් ජලය ලබන මේවා ගල් පස් සෝදාගෙන විත් තම ගමන් මගද ගැඹුරද පුළුල් කර ගනී.


[සංස්කරණය] ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංඟා අශ්‍රිත සිතියම

ප්‍රධාන ගංඟා සහිත සිතියම

[සංස්කරණය] ලංකාවේ ප්‍රධාන ගංඟා හා ඒවායේ ආසන්න දිග

ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව

[සංස්කරණය] ප්‍රධාන ගංඟා පිළිබඳ කෙටි හැඳින්විමක්

[සංස්කරණය] මහවැලි ගඟ

ශ්‍රි ලංකාවේ දිගම ගඟයි.රත්නපුර දිස්ත්‍රිකයේ සමනොළ කදු වැටියෙන්ආරම්භ වන මහවැලි ගඟ කිලෝමීටර340දිගින් යුක්තයි.වාර්ෂිකව මහවැලි ගගෙන් මුහුදට ඇදී යන ජලස්කන්ධය අක්කර අඩි 640000ක් පමණ වෙතැයි මතයක් පවතී.මහවැලි ගඟ ගිරිතලේ පරාක්‍රම සමුද්‍රය හා සොරබොර වැව ආදි පැරණි වැව් කිහිපයක් පෝෂණය කරනු ලබයි.පැරණි පොත්වල මහවැලි ගඟ හදුන්වන ලද්දේ මහ කනදරා නදිය සහ මහා ගංඟා යන නමිනි.

[සංස්කරණය] කැලණි ගඟ

ශ්‍රි ලංකාවේ පුජනීයත්වයක් ආරෝපණය වි ඇති ප්‍රධාන ගංගාවකි.සමනෙළ කදුවැටියෙන් ආරම්භ වී කොළඹ නගරයට උතුරින් පිහිටි කාක දිවයින අසලින් මුහුදට වැටෙයි.එහි ජල වහන ප්‍රාදේශය වර්ග කිලෝමීටර් 2690ක් වේ.වාර්ෂික ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 70190000ක් පමණ වන අතර එයින් මුහුදට යන්නේ 64% පමණි. මෙරට ජල විදුලිය නිපදවීම සදහා කළක සිටම බෙහෙවින් දායක වී ඇති ගංඟාව මෙයයි.නිතර නිතර ජල ගැලීම් වල‍ට ප්‍රසිද්ධ ගංඟාවකි.

[සංස්කරණය] කළු ගඟ

කළු ගඟ රත්තපුර දිස්ත්‍රිකයට අයත් සමනළ අඩවියේ ඉදිකටුපාන අසලින් ආරම්භ වී කළුතර දිස්ත්‍රික්ය හරහා මුහුදට ටැටෙයි.ජල වහන ප්‍රදේශයේ විශාලත්වය හා වාර්ශික ලබන ජලස්කන්ධය අතින් දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණි.කළු ගඟේ ජලවහන ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2690 ක් වේ.ගංගා ධාරයට වාර්ශිකව ලැබෙන වැසි ජල ප්‍රමාණය අක්කර අඩි 962500 කි.එය වාර්ශිකව මුහුට ගලා යන ජලස්කන්ධය අක්කර අඩි 616000 කි.කළු ගඟ දරැණු ජල ගැලීම් සම්බන්ධව නරක ප්‍රසිද්ධියක් උසුලයි.

[සංස්කරණය] වලවේ ගඟ

සමනළ අඩවියෙන් ආරම්භ වී ගලා විත් අම්බලන්තොටින් මුහුදට වැටෙයි.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදිකර ඇත. ලංකාවේ ප්‍රධාන ගංඟා වලින් එකකි.දිග කිලෝමිටර් 137ක් පමණ වේ.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදි කර ඇත

[සංස්කරණය] බෙන්තරගඟ

දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කෙරෙන සිමාව සේ සැළකෙන්නේ බෙන්කර ගඟයි.දිග කිලෝමිටර් 72 කි.මෙහි අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සදහා ඉතා දියුණු තත්ත්වයක පවතී.

[සංස්කරණය] අඔන් ගඟ

අඔන් ගග මහවැලි ගංගාවේ පහළ කොටසේදී එයට එක් වන ප්‍රධාන අතු ගංගාවයි.ආරම්භ වන්නේ නාලන්ද සහ මාතලේ කදු වලිනි.වේගයෙන් ගලන ගඟක් නොවේ.එහි ගමන් මග වංගු සහිතයි.මෙහි පහළ කොටසේ කුඩා වැලි දුපත් ඇත.


[සංස්කරණය] නිල්වලා ගඟ

සිංහරාජ කදු වැටියේ දකුණු පසින් පිහිටි ගොන්ගල කන්දෙන් ගලන ජල ධාරාවන්ගෙන් නිල්වලා ගඟ ආරම්භ වෙයි.දිග කිලෝමිටර් 81ක් වේ.නිල්වලා ගගේ ජලවහන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 960 ට අයත්ය.


[සංස්කරණය] ගිං ගඟ

රත්නපුර දිස්ත්‍රිකයේ මාතර දිස්ත්‍රිකයත් අතර මායිමේ පිහිටි මිටර් 1400 පමණ උසයි .ගොන්ගල නැමති කන්දෙන් ගිං ගඟ ආරම්භ වේ.ගමන් මගේ මුලු දුර ක්ලෝමිටර් 113 ක් පමණ වේ.

[සංස්කරණය] මැණික් ගග

ඌව පළාතේ කදු වැටිවල දකුණු බෑවුමෙන් ආරම්භ වි රැහුණු වනෝද්‍යානය හරහා ගොස් යාල නම් ස්ථානය හරහා මුහුදට වැටේ.දිග කිලෝම්ටර් 114 කි.මැණික් ගග අසබඩ පිහිටි කතරගම පුදබිම නිසා එය පුජනීයත්වයට පත් වී ඇත.අවුරැද්දේ වැඩි කාලයක් මැණික් ගඟ වතුර අඩුවෙන් ගලා බසියි.

[සංස්කරණය] පින්තුර ගැලරිය




[සංස්කරණය] මුලාශ්‍ර

ශ්‍රි ලංකාවේ දිය ඇළි ගංඟා හා වනාන්තර

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න